නෙතු සන් කළේ ඔබ
කිම මියුලැසි
පිටුපා ගියත් මට
අමතකව නෑ දැන්
ගිනිගන්න නෙතු අග
කඳුලක්ව නිතරම
හමුවේද... නොමවේද...
ඔබ යළි තවත්...
නෑ උරුම මේ ලොව
සැනසුම් පවන්
සුවඳ රොන් බිඟු රස කෝ
නිදි නැති යමේ
ආදරේ වේදනා
විරහ ගී සරසලා
දියවෙලා යයි මගේ
තුණු යම ඉතින්...
රෑ අහසෙ තරු පමණයි
තනියට මගේ
තරුපතිද නිති හිනැහෙයි
ඔච්චමට වගේ
ආදරේ වේදනා
සඳ කිරණෙ දියවෙලා
ගලා යයි ජීවිතේ
හුස්මට උඩින්...
අසංක ගයාන් අබේසිංහ
නෙතට අගුළු දා කදුලැලි මැකුවාට
ReplyDeleteපොතට වද දිදී කුරුටුව රැව්වාට
ගතට හිරිගඩුව සරදම් මැව්වාට
හිතට දුකයි ඇය මා ළග නැතුවාට
ජයවේවා!!!
අම්මට සිරි...මූට ගිය කල...මේකත් නරකම නෑ...බොහොම ස්තුතියි දුමී...
Deleteඑවන්නෙයි අහසට, මෝඩ ඉර දෙවියා. හැක්
ReplyDeleteහා හා එවහං එවහං...
Deleteඇයි කුරුටු මේ තරම් විරහව ගැනම ලියන්නෙ
ReplyDeleteහිටහංකො ඊළඟ එකෙන් දෙන්න ජම්බු...හැක්...
Deleteනෑ බං ඉතින් අරක්කු කියන්නෙ කටට රස බීමක් නෙවෙයි වුණත් බිව්වට පස්සෙනෙ වැඩේ දැනෙන්නෙ...විරහවත් එහෙම තමා...ඒක දුක වුණාට තියෙද්දිත් අමුතු ආතල් එකක් තියෙන්නෙ...
ලස්සනයි අසංක....
ReplyDeleteමේ අසංක කොහොමත් ලස්සනයි තමා ළමයෝ...හැක්...හොඳ හැන්ඩියා...
Delete:) :) I mean the poet...
Deleteහෙහ් හෙහ්
DeleteBuh...Buh...Just a Joke...
Deleteහි හී..I know I know...
Deleteනෙතු ගිනි ගන්නවනං අග කඳුලක් තියෙන්නෙ කොහොමද වාෂ්ප වෙලා යන්නැතුව. හැක්..
ReplyDeleteනියමයි.
උඹව තමා වාෂ්ප කරල දාන්න ඕන...ස්තුතියි ප්‍රසා...
Deleteගීතයක් සේ මතුවෙයන්
ReplyDeleteනොසිතු වෙලාවක
හීනයක් සේ ඉපදියන්
තනි වු විරාමෙක
මා හැර දමා ගිය මියුලැසි..
හෙට දිනක් පෙර මගක්
අරමුණක් නැති ගෙවෙන දිවියේ..
ඉසිඹුවක් ලෙස හෝ...
ගෙවුනු රස බර මතක මතුකර හිනහියන්
මා හැර දමා ගිය මියුලැසි..
හිනෙහෙමින් වැලපෙමින්
තුටු සිතින් පෙම් පිරු සමයේ
සලකුනක් ලෙස හෝ..
පුරුදු ඉමිහිරි සිහින සමඟින් දැවටියන්
මා හැර දමා ගිය මියුලැසි..
ගායනය - අසංග ප්‍රියමන්ත පීරිස්
නියමයි මචං...
Deleteඅපූරුයි...
ReplyDeleteඉන්දරයා 'අපූරුයි' කියන කෑල්ල කොහෙ හරි ලියල සේව් කරල තියල වගේ...හැමදාම අඩුවක් නැතුව අපූරුයි කෑල්ල කොපි පේස්ට් කොරනවද කොහෙද...හැක්...
Deleteහා හා ඉතින් ස්තුතියි බොලං...
තනියට තරු හෝ ඉන්න එක ලොකු දෙයක්.
ReplyDeleteතරු හැමවෙලේම පේන එකත් අමාරුයි බං...
Deleteමේ හොඳිං කියන්නෙ, යලට මහට නැතුව එකදිගට බ්ලොග් එක ලියාපියව්. මං නරක මිනිහ කියන්න එපා පස්සෙ අරී
ReplyDeleteමගේ යාළුවෙක් එක දිගට බ්ලොග් ලියලා මලා .....
Deleteමේ අබුද්දස්ස කාලෙ හරිහමන් කිසිම අදහසක් ඔළුවට එන්නෙ නෑ ඉවාන් අයියේ...ඉහි...ඉහි...ඉතින් ඔළුව එකලසක් කරගන්න උදව් කරපන්කෝ බනින්නේ නැතුව....
Deleteපිටුපා යන්නද ඔබ
ReplyDeleteහිනැහී මා වෙත ආවේ
නැතුව නැතුව...බොහොම ස්තුතියි ට්‍රාන්ස්...මෙහෙම පිටුපෑවොතින් ට්‍රාන්සර් වෙන තමා වෙන්නෙ...හැක්...
Deleteආයි මක්කැයි ඉතිං.. ෆට්ටම තමයි!!
ReplyDeleteපට්ට ස්තුතියි...
Delete