Tuesday, August 9, 2016

ඔබට සුභ ගමන්......!!!





මිනිසුන් හිනැස්සීම අමාරු වැඩකි...
මිනිසුන් හැඬවීම ලෙහෙසි වැඩකි...

ඔබේ ජීවිතය තිබෙන තුරා මිනිසුන් සිනහ ගැස්සවීය...
එලෙසම ඔබේ මරණයෙන් මිනිසුන් ගැඹුරින්ම හැඬවීය...

අති සාර්ථක නළුවාණෙනි... ඔබට සුභ ගමන්...!!!





-කුරුටු ගෑ ගී පවුර-

22 comments:

  1. ඉතා කණගාටුදායක සමු ගැනීමක්.
    ඔහුට නිවන් සුව පතමි !

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දුකයි...ඒත් මරණය අපි කාටත් පොදුයි...

      Delete
  2. ///මිනිසුන් හිනැස්සීම අමාරු වැඩකි...///
    එවන් අමාරු වැඩක් එක දිඟට කල ඔබට සුභ ගමන්...!!!

    ReplyDelete
    Replies
    1. ඔව් එය එසේම වේවා...!!!

      Delete
  3. අද හොයලා බලන්න ගියේ. මොකෑ උනේ...?

    ReplyDelete
    Replies
    1. විජය නන්දසිරිට නම් පපුවේ අමාරුව...
      කුරුට්ටො ගැන නම් කතා කරන්නවත් එපා...අපේ ජීවන රටාව සහමුලින්ම අවුල් වෙලා මාතෙ...

      Delete
    2. ඇයි බං උඹලා ලියන්නෙත් නෑ.. අර විදානයා ලියන්නෙත් නෑ.. මදාවියා ලියන්නෙත් නෑ.. මගේ ෆෝන් එකේ නම්බරුත් නෑ...

      Delete
    3. හැමවෙලේම බ්ලොග් ලෝකෙ හැමෝම දිරිමත් කරන ඔබට අපේ අවංක උපහාරය...ඇත්තටම මේ වචන අපිට මහා ශක්තියක්...අඩු ගානෙ අපි උන්නද මලාද හොයන්න දෙමව්පියො වගේ ඔබ වැනි අයෙක් ඉන්න එක...ළඟදීම නිර්මාණත් එක්ක එනවා අපි...

      Delete
    4. මටත් මේක අහන්න නිතර හිතුන. කුරුට්ටෝ ලියන්නේ නැත්තේ මොකද කියල. ඒත් අර විභාග වැඩ හෙම තියනවයි කියල ගිය වතාවේ කිව් නිසා ඇහුවේ නැත්තේ.

      Delete
  4. මුනුත් නලුවන්දැයි ඇසිය යුතු අද කාලයේ නලුවන් අතර සිටි හාස්යෝත්පාදක රංගනය යනු කුමක්දැයි නිවැරදිවම දැන සිටි දුර්ලබ ගනයේ සැබෑ නළුවෙකි.
    ජුගුප්සා ජනක හැසිරීම් ලිංගිකත්වය වැනි බාල වැඩ නොකොට සැබෑ හාස්‍ය රසය මිනිසුන්ට බෙදා දුන් සැබෑ දක්ෂයෙකි.
    එතුමාට දුගතියෙන් තොර සසර ගමනක් කෙලවර අමා මහ නිවන් සුව පතමි !

    ReplyDelete
    Replies
    1. එතුමාට දුගතියෙන් තොර සසර ගමනක් කෙලවර අමා මහ නිවන් සුව පතමි !
      ++++

      Delete
    2. එය එසේම වේවා...!!!

      Delete
  5. Replies
    1. අපිත් එසේ පතන්නෙමු...

      Delete
  6. විජය නන්දසිරි කරපු තව හොඳ වැඩක්.. කුරුට්ටෝ නින්දෙන් ඇහැරවපු එක.. ඒ මොකෝ බං හැබෑට උඹලට උනේ?

    ReplyDelete
    Replies
    1. හොඳ මිනිස්සු මියගියායින් පස්සෙත් හොඳ වැඩ කරනව

      Delete
    2. ඇත්තටම ඒකෙන්ම තේරෙනව නේද විජය කොයි තරම් මිනිසුන් අතර හිටියද කියල...

      කියල වැඩක් නෑ බං හිතාගන්නවත් බැරි තාලෙට අපේ ජීවන රටාවල් මේ දවස්වල අවුල් වෙලා...ඒකයි නිර්මාණයක්වත් ඔළුවට එන්නෙ නැත්තෙ...ඒත් තාම ගේම අත ඇරල නෑ...නව තාලෙන් නව ජවයකින් ආයෙමත් එනවා...

      Delete
    3. ඉක්මනින් වරෙල්ලා ...

      Delete
  7. දරාගන්න බැරි පුදුම දුකක් ඇති වුණා. ඒ නිසා අද ගල්කිස්සට එතුමාව බලන්න ගියා. අවසන් ගෞරවය දැක්වුවා. තාමත් කඳුලු එනවා.......
    සසර ගමන නිමා වන්නට පෙර යලිත් වරක් හෝ අප අතර ඉපදේවා!!!
    ඉසූ

    ReplyDelete
  8. ආදරනීය එතුමාට නිවන් සුුව.....

    ReplyDelete
  9. සොඳුරු මිනිසකුගේ නික්ම යාම... එතුමාට නිවන් සුව පතනවා...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...