හිතට දැනුණු සෙවිල්ලේ
නෙතු පියවා නිදැල්ලේ
වියෝව වූ ඇසිල්ලේ
මං හැඬුවා සඳැල්ලේ
ඈ කොහි අත ගියේදෝ
අන් සතු වී නොවේදෝ
මගේ වරද කියාදෝ
නිති විමසුම් වුණේදෝ
ඉතින් කුමක් දැන් කරම්
ඉවසූ හැටි මං දනිම්
තවත් මෙසේ බැරි තරම්
පුරමි මමත් මහණ දම්
වෙනත් ළඳක් හිතේයා
ගිනි අවුලා සිටීයා
මහණ හිතුම් කැලේයා
මට නියවා ගියෝයා
-අසංක ගයාන් අබේසිංහ-
"දමා යන්නට ෙනාහැකි මිහිමත ඒකම සම්පත ඔබම පමණයි"
ReplyDeleteඒකනේ පූසෝ...හැක්...
Deleteඑක අගනක් නැතිවිට දුක් ලතැවුල්ලේ
ReplyDeleteතව අගනක් දුටුවිට සිත සැනසිල්ලේ
ගයියො උඹත් මේ සක්වල බිම් අල්ලේ
මහණ වුනොත් සාසනයත් වලපල්ලේ....
හැක්...
ජයවේවා!!!
අපි වගේ අහිංසකයොන්ට විමුක්තිය උදා කර ගන්න නොදෙන්නෙ උඹල වගේ එවුන්ම තමා...හැක්...හැක්...
Deleteස්තුතියි දුමියෝ...
++++++++
ReplyDelete+++++++++++++ ස්තුතියි...
Deleteසංක්රාන්තියක අභිමුව... හරිම ලස්සනයි
ReplyDeleteබොහොම ස්තුතියි එරන්දි...
Deleteහැක්.. හැක්.. මොනව උනත් දෙවෙනියට ආපු කෙල්ල නිසා සාසනේ බේරුනා.
ReplyDeleteසාසනේ බේරුනා...මං අහුවුණා...උඹට සතුටුයිද දැන්...හැක්...හැක්...
Deleteමගෙ යාලුවෙක් මහනවෙන්ඩ ගිහින් මළා.
ReplyDeleteහොඳ වෙලාවට.
Deleteදකින දකින මල් පස්සේ යන්න නම් එපා.
ReplyDeleteගිහින් වැඩ වැරදුණු අත්දැකිම් සහිතව කියනව වගේ මනෝගෙ කියමන නම්...හැක්...හැක්...
Deleteඈ බං දැං මගේ වගේම උඹලගෙත් පවුලේ කචල්ද? වැඩිය පේන්න නැත්තේ.. හැක්
ReplyDeleteපවුල් විතරක්යැ බං හැමදේම උඩුයටිකුරු වෙලා වගේ...ගමේ ගියෙ නෑ මාස ගාණකින්...රහයි ජීවිතේ...හැක්...හැක්...
Deleteසමුද්රඝෝෂ විරිතට නොලියවුණු කොට සඳැස්...!!! ඒකත් අපූරුයි
ReplyDeleteමොකක්ද යකෝ ඒ...සමුද්රඝෝෂ...බුදු අම්මෝ...මම දන්නෙ නැතෝ...
Deleteනියමයි..... ඊළග කෑල්ල තවත් රසවත්..........
ReplyDeleteකාගෙ කෑල්ලද...හැක්...හැක්...
Deleteආ මල්ලිලා කොහොමෙයි ඉතින්. බ්ලොග් පෝස්ට් කියෙව්වට කොමන්ටුවක් කොටාගන්නවත් වෙලාවක් නෑ ඉතින්.
ReplyDeleteනිර්මාණය එල
අපිටත් පෝස්ටුවක්වත් කොටාගන්න වෙලාවක් නෑ මචං...ඒකයි මේ පරක්කු...
Deleteගොඩ දෙනෙකුට මඟ ඇරිච්ච ලස්සන කවියක් තියෙනවා මෙතන
ReplyDeleteඋඹටවත් ඒක අහුවෙච්චි එක ලොකු දෙයක් බං...බොහොම ස්තුතියි ඉයන්...
Deleteඒ ලඳ ගියාම තව ලඳක් ,මේ ලඳත් ගියොතින් තව ලඳක්... ඒ ලඳත් ගියොතින් තව ලඳක්...ඒකත් නරක නැ :)
ReplyDeleteගෑණු ළමයි පාරේ යන බස් වැනිය...
Deleteඑකක් වැරදුණොත් අනෙකෙහි යා හැකිය...හැක්...හැක්...
විහිළුවට හොඳේ...නැත්තම් මාත් එක්ක වනිතා විමුක්තිකාමීන් ෆයිට් එකට එයි...
මරු..මරු...
ReplyDeleteමරේ මරු...ස්තුතියි ඉන්දරේ...
Deleteසාසනේ බේරුනානෙ ඇති යන්තන්...
ReplyDeleteඉක්මනට ලස්සනට ලියලා...
සාසනේ බේරුනානෙ ඇති යන්තන්...
ReplyDeleteඉක්මනට ලස්සනට ලියලා...
සාසනේ බේරුනානෙ ඇති යන්තන්...
ReplyDeleteඉක්මනට ලස්සනට ලියලා...
ළදක් නම් ලෙඩක් එතන ඇත...
ReplyDelete