Wednesday, August 6, 2014

ඔහොම යං....... ඔහොම යං........


















දවසක් දා හැටන් පැත්තෙ යන බසයක්
සෙනග පටෝගෙන යනවා කට කපලා
දුනු කැඩෙන්න ඔන්න මෙන්න වී තිබුණත්
ලෝඩ් කරයි තව තව කොන්දොස්තර මලයා

බසය ඇඹරි ඇඹරී යන ලතාවට
කඳු පල්ලම් වංගු ගන්න රටාවට
දෙයියො සිහිවෙලා ඇත එහි මගියන්ට
කොයි වෙලාවෙ යයිදෝ මරු තුරුල්ලට

ඔන්න මෙහෙම යන අතරේ බස් රථය
මහ කැම්බැල්ලෙකි බස් රථයේ ඉදිරිපිට
රියදුරු තැන අඬ ගහනව කොන්දොස්තරට
කොන්දොස්තරත් දැන් යනවා ඉදිරියට

ඕයි ඕයි මේ ඉලව්වෙ බ්‍රේක් නැත
රියදුරු කියයි කොන්දොස්තර මල්ලියට
දාඩිය දමා බයවී දැන් දෙන්නාම
ඇස් ලොකු කරල බැලුවේ මගි රොත්ත දෙස

බුදු සන්තෝ අපි නම් දැන් ඉවරමය
උඹල දෙන්න පරිස්සමින් නොගිය කොට
දෙයියනෙ අපිත් දැන් යන්නේ මරණයට
ගිනි රාමෙට විලාප දෙයි මගී රැළ

බසය දැන් දුවයි කස කස ගා පිම්මේ
රියදුරු බ්‍රේක් පාගයි මර බිය මැද්දේ
බ්‍රේක් නාහනා මේ තඩි බස් රථය
දැන් දැන් යන්නෙ කාසල්රි ජලාශෙට

යකෝ මෙතන ඉන්නෙ නැතුව බලියගෙන
කරපිය මොකක් හරි දැන් මේ ප්‍රශ්නයට
රියදුරු බනී කොන්දොස්තර මල්ලියට
ඉතිං බැස්සෙ ඌ බස් ෆුට් බෝඩයට

මොකක් කරන්නද අන්තිම වෙලාවේ
කොන්දොස්තර මලයගෙ හිත අමාරු වේ
කළ යුතු වෙයි මගෙ ජොබ් එක මේ මොහොතෙත්
එහෙම හිතල ඌ කෑ ගැහුවා මෙලෙසින්

හා.....හා.... පුළුවන් අය එල්ලෙන්න.... පුළුවන් අය එල්ලෙන්න....

නගින්න.... නගින්න.... කාසල්රි.... කාසල්රි.... කාසල් රීරීරී.......

(මා අසා තිබූ කතාවක් කවියට නැගීමකි.... කතාව සහ සිදුවීම් මනඃකල්පිතයි )

අසංක ගයාන් අබේසිංහ

31 comments:

  1. යකෝ වතුරෙ ගිලිල නෙවෙයි හිනා කාල මැරෙනවා..............

    කා ස ල් රි.... කා ස ල් රි .....

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. ආතා ගේ කවි ස්ටයිල් එක වගේ....

      Delete
    2. බොහොම ස්තුතියි විදානයෝ.... කොහොමත් දැන් ඉතින් අපි උඹලා ආතලා තමයි.....නැද්ද මං අහන්නේ...හික්ස්.... ජය වේවා.............

      Delete
  2. නියමයි!!!!

    වැඩ අධික නිසා එන්න බැරිවුනා....පසුගිය පෝස්ට් ටික දැක්කා...ඒ සියල්ලක්ම එකට අරන් ඔබට සුභ පතමි!!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරූ.... ගොඩක් වැඩ මැද්දේ හරි ඔබ අපිව දිරිමත් කරන්න නිතරම එනවානේ....ඒක කොයිතරම් දෙයක්ද..... බොහොම ස්තුතියි ඔබේ සුබ පැතුම් වලටත්........

      Delete
  3. හහ් හා.. මරු අසංකයො මේකනං..
    ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියනවනෙ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සංචාරක මහත්තයෝ........ ඔව් ඔව් ඒක නම් ඇත්ත.... ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනෙ අපි ගොඩක් දෙනාගෙ..........

      Delete
  4. සුපිරි ඈ......!

    //කාසල්රි.... කාසල්රි.... කාසල් රීරීරී.......//

    හිනා කාලා මැරෙනවා බන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිමෝ... ගොඩ කාලෙකින් මේ පැත්තේ....අපිව එපා වුනාද ඈ.... කොහොම උනත් ඔබේ හිනාව අපේ සතුටයි..............

      Delete
    2. එපා උනේ නෑ... කුරුටුව සහ ලගදි ෆලෝ කරපු බ්ලොග් කීපයක් රෝලේ අප්ඩෙට් උනේ නෑ,,,,,, ඒ නිසයි පොස්ට් මග ඇරුනේ. දැන් හදාගත්තා. ඒ වෙනුවෙන් සමාව බාජනෙකට දාන්න හොදේ.... බේසමකට උනත් කමක් නෑ.

      Delete
    3. එහෙමයි.... එහෙමයි.... නිමෝ.... ඔන්න අපි සමාව බැරල් එකකටම දාගත්තා හොඳේ....

      Delete
  5. එල කතාව.............

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි පකිස්...ඔබත් මෙහෙ ආවෙ ගොඩ කාලෙකින් වගේ නේද....එන්න..එන්න... හැමදාම සාදරෙන් පිළිගනිමු.......

      Delete
  6. මාවත එක පාරක් කන්දක් පහලට පෙරලුනා.
    කලවානේ ඉඳල සිංහරාජයට යනකොට කොස්වත්ත පාලම ලගදි.
    හොඳ වෙලාවට වැලිගොඩදාන තොටුපොළකට වැටුනේ.
    වට දෙකාමාරක් පෙරලුනා.
    මම කලේ ඇස් වහගත්තු එක
    එහෙම කරන්න ඕනත් නෑ පට්ට කරුවලයි
    බාගෙට පෙරලනකොට ලයිට් නිවුනා බැටරිය ගැලවිලා

    ReplyDelete
    Replies
    1. ගොඩක් කණගාටු වෙනවා ඔබේ අත්දැකීම ගැන.... ඒ වගේම ගොඩක් සතුටුයි ඔබට අද අපිත් එක්ක මේ විදිහට ඉන්න පුළුවන් විදිහට බේරුණු එක ගැනත්...ඇත්තටම....බොහොම ස්තුතියි ජීවන ඔබේ අත්දැකීමත් අපිට කියලා අපේ විහිළුවටත් සම්බන්ධ වීම ගැන........

      Delete
  7. හි.. හි.. අපූරු අදහසක් ...

    ReplyDelete
    Replies
    1. හි....හි....මෙන්න තුෂානි අපෙනුත් ඔබට අපූරු ස්තුතියක්.... හි....හි.....

      Delete
  8. :D මමනං කලින් අහලා තිබුනේ නෑ...
    ජෝක් එකට යටින් රස්සාව ගැන ලොකු කතාවකුත් තියෙනවද මන්දා :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බීට්ල් මේ පැත්තෙ ආපු එක ගැන මුලින්ම... ඒ වගේමයි ඔබ මේ ගැන අළුත් පැත්තකිනුත් හිතලනේ..... ඒ ඇත්ත තේරුම් ගත්තු එකම කොයි තරම් දෙයක්ද.....අපි මැරෙන්න ගියත් අපේ රස්සාවම කර කරද ඉන්නේ....මේකනම් අපි හැමෝටම ගැටළුවක් තමයි අද සමාජේ...කිසිම ගැලවීමක් නෑ වගේ අපිට බීට්ල්....එහෙම නේද....

      Delete
  9. හැක් හැක් විහිළුවක් වුනත් කතාව නියමයි ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරයා ඔබට..............ඔබ අපිට ශක්තියක්........

      Delete
  10. පට්ට ඈ...
    හිනා කෝටියයි...
    හිහික්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ්.... ඔබේ හිනාව අපිටනම් කෝටියකටත් වඩා වටී.............

      Delete
  11. මං හොතුවෙ කොන්දොස්තර කොලුව ෆුට් බෝඩ් එකට ඇවිත් එතනිනුත් බිමට පැනල බේරෙයි කියල. හිනා කාල මැරෙනවා අන්තිම ටික කියවද්දි.

    මට මතක්වෙන්නෙ බදුල්ලෙ ඉඳල බුදුගේකන්ද යන බස් එක. තාම ලංකාවෙ බහුතරයක් කඳුකරයේ ගම්මානවල ප්‍රවාහන තත්වය මේක තමයි. ගමේ බස් එක කියන එක දැන් හරි සුන්දර සංස්කෘතියක්.

    කවදත් වගේ කාලීන සිදුවීම්, ඇසූ දුටු දේ ගැන ඔබේ නිර්මාණ හැකියාව උපරිමයි.

    සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. හැමදාමත් අපේ නිර්මාණයක් පාසා අපිව දිරිමත් කරන සගයා...මනෝෂ්....ගොඩක් ස්තුතියි ඔබට... ඇත්තම තමයි...ඔබේ අත්දැකීම කිව්වම මටත් මතක් වුණේ ගමේ සුන්දර පරිසරය මැදින් අපි යන සවාරිය....ඒ ජීවිතේ කොයිතරම් සුන්දරද අප්පා...

      Delete
  12. හිහ් .........

    හැබැයි මං අහලා තියෙන්නේ ඔය වගේ වෙලාවට පොඩි කාසි මල්ල විසි කරලා පන කඩන් දුවපු කොන්දොස්තරලා ගැන...

    ReplyDelete
    Replies
    1. හික්ස්....ඒකනම් ඇත්ත තමයි රෙහානි....ඒ අතින් මේ උන්නැහේ නම් ටිකක් සාධාරණයි වගේ නේද...අනිත් අයව දාලා ගියේ නෑනෙ නේද.....ගොඩක් ස්තුතියි රෙහානි ඔබේ පැමිණීමට.... දිරිමත් කිරීමට......

      Delete
  13. හෙහේ,අන්න නියම සේවකයෝ.බස් හිමියා වාසනා කරන්න ඕනේ ඔහොම කොන්දොස්තර මල්ලිලා ලබන්න..:D

    ReplyDelete
    Replies
    1. ඒක හරි මනෝජ්..... ඇයි බස් හිමියො විතරක්... මගියා ????..... ස්තුතියි ඔබට මේ පැත්තෙ ඇවිත් නිර්මාණය රස වින්දට.............

      Delete
  14. මරු සීන් එක මම කලින් අහලා තිබුනේ නෑ.. බුවාලගේ හැටි ඉතින් ඔහොමමනේ.. ඉඩ තියෙනවනම් යන්නේ කොහේ හරි මොකො එල්ල ගන්නනේ බලන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒක හැබැයි දිනේෂ්.... මැරෙන්න හරි කමක් නෑ පුළුවන් තරම් ලෝඩ් කරගන්න තමයි ඕන..... ස්තුතියි දිනේෂ් මේ පැත්තෙ නිතරම ඇවිත් අපිව දිරිමත් කරන එකට....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...