Saturday, December 28, 2013

නදීෂා හේමමාලිගේ නව සොයා ගැනීම ........


මෙච්චර කල්
පාර්ලිමේන්තුවට ‍හරි පළාත් සභාවට හරි යන්න
සුදුසුකම් කීපයක් ම තිබ්බා.............

එක්කෝ ..............
දෙන්නෙක් තුන්දෙනෙක් බාවලා තියෙන්න ඕනේ
නැත්තං..................
ගංජා කුඩු බිස්නස් කරන්න ඕනේ
ඒත් නැත්තං...........
ගෑණු හත අටක්වත් රේප් කරලා තියෙන්න ඕනේ
තව ..............
මැරයෝ තිහ හතලිහක් වටේ පිටේ ඉන්න ඕනේ
ඕනේ නං................
බුකී, මඩං, කසිප්පු බිස්නස්, බාර්
තිබ්බත් ගැලපෙනවා........................

ඒත් හදිස්සියේ ............
ඇරිස්ටෝටල්, ප්ලේටෝ, සොක්‍රටීස්
විතරක් නෙමේ............
හොබ්ස්, මැකියාවෙල්ලි, මාක්ස්
‍වගේ ම ............
නැපෝලියන්, ඇලැක්සැන්ඩර්, සීසර්
එක්ක ............
වොෂින්ටන්, ලිංකන්, හිට්ලර්
ඇයි .............
ගාන්ධි, මැන්ඩෙලා, ලූතර් කිං
පවා...........
මිනීවලෙන් නැගිටලා
පරණ දේශපාලන පොත් පෙරළ පෙරළා
හෝ ගාලා කියවනවාලූ ............

ඔවුන් විශ්මයට පත්වෙලා
මේ පුංචි ‍ශ්‍රී ලංකාවේ කෙල්ලෙක්
අලුතෙන් ම සොයාගත් අපේක්ෂක සුදුසුකම හින්දා
එ් තමයි
වේසකම....................................

26 comments:

  1. යකෝ නෙලනව කියලා මෙහෙමත් නෙලන එක හරිද මචෝ

    ReplyDelete
    Replies
    1. මෙහෙම නෙලලා මදි. නෙලන්න ඕනේ පක්ෂවල අයටත් එක්ක. පබා දාගෙන ඇදගෙන නාගත්ත මදි වෙලා වගේ.දැන් පාර්ලිමේන්තුවේ පළාත් සභාවල නීති හදන්න නම් වෙන එකක් නෑ. නිල් චිත්‍රපටි නම් අගේට කරගත හැකි වෙයි. ඔය ඉන්න ඇමතිලා ටිකත් චිත්‍රපට අධ්‍යක්ෂණය ගැන පාඨමාලාවක් කරා නම් අගේට ගැලපෙනවා.

      Delete
  2. Replies
    1. හපුච්චියේ කියන්න වෙන්නේ දැන්ම නෙමෙයි රෙහානි. මෙයාලා වැඩ පටන්ගත්තම...............

      Delete
  3. ඔන්න කිවුව සුද්ද සින්හලෙන්ම නේද

    ReplyDelete
    Replies
    1. අනිවා දමිත්,

      ඕක කරන්න උන්ට පුළුවන් නම් අපි කිව්වම මක් වෙනවාද? මේකට දාන්න ඕනේ තරම් පොටෝ තියෙනවා. ඒත් ඒවා දාන එක අපේ බ්ලොග් එකට හරි නැති නිසා දැම්මේ නෑ.

      Delete
  4. mekanam patta machan... kiyanna ony de niyametama kiyala tiyanawa.... eththatama ape rate godak unta pissu, balapan oki dinannedda kiyala...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනී ඔබේ අදහස් දැක්වීමට

      Delete
  5. දෙන්නෙක් තුන්දෙනෙක් බාවලා තියෙනල
    ගංජා කුඩු බිස්නස් කරන,
    ගෑණු හත අටක්වත් රේප් කරලා තියෙන,
    මැරයෝ තිහ හතලිහක් වටේ පිටේ ඉන්න,
    බුකී, මඩං, කසිප්පු බිස්නස්, බාර් තිබෙන,
    ..එකෙයි,
    වේසකමෙයි,
    වෙනස මොකක්ද?


    ReplyDelete
    Replies
    1. ඇත්ත විදානේ,

      ඒත් අපි උත්සහ කරන්න ඕනේ දේශපාලනඥයන්ගේ වැරදි අඩු කරන්න මිසක් අලුත් වැරදි එකතු කරන්න නෙමෙයි නේද? හැබැයි සමහර නියෝජිතයන්ගේ හැටියට නදීෂා හොදයි තමයි. ඒත් පබා වගේ ම තමයි නේද?

      Delete
  6. විදානේ කියන එකත් හරි..
    අනිත් එක මිනිස්සුත් ඉතින් මේ අයට චන්දෙ දෙනවනේ ..
    අන්තිමේ එකත් හරියට සුපර් ස්ටාර් තරගයක් වගේ වෙයි නෙහ්..

    ReplyDelete
  7. යකෝ මුන්ට ජන්දේ දෙන්නේත් මේ අප අතරෙම ඉන්න අය නේද? ඉතින් මුන්ව දාන එවුන්ට නොවේ ගහන්න ඕන ජන්දය දෙන එවුන්ටයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසත් ඇත්ත තමයි.

      Delete
  8. ඕක කලින් කීප වතාවක්ම ඔප්පු කරල තියන එකක් ආයි‍බෝවං....

    ReplyDelete
    Replies
    1. ඇත්ත රාජ්,

      ඒත් ප්‍රශ්ණය තියෙන්නේ ඒ දේ ආයෙත් ආයෙත් සිද්ධ වෙන එකයි. රටේ මිනිස්සු මෙච්චර ම අවිචාරශීලී ද කියලා හිතෙනවා.

      Delete
  9. සැර වැඩිද මන්ද...ඒත් කමක් නැහැ මේව නොකිය බැහැ.අපෙත් කටවල් වෙව්ලනව මේ දේවල් දැක්කම..

    ReplyDelete
    Replies
    1. උමේෂ් ස්තූතියි අදහසට,

      ඇත්ත ඕකනේ. ඕකට වෙන කියන්න වචනයකුත් නෑනේ. අනික ඕක හොද සිංහල වචනයක්නේ. සාහිත්‍ය කෘති වලත් ඔය වැඩේට කියන්නෙ ඔය වචනයමයි.

      Delete
  10. කොය සුදුසුකමේ හැටියට අනිවා දිනන්නම ඕන..

    ReplyDelete
    Replies
    1. ඇත්ත දිනේෂ් ඒකනම් අනිවාර්යෙන් ම වෙනවාම තමයි.

      Delete
  11. දැන් ඉන්න හොරුන්ගේ සහා මුන්ගේ වෙනසක් නැහැ.සමහර විට මේ ඉන්න තක්කඩින්ට වඩා මේලා හොද වෙන්න බැරි නැතිද.?

    ReplyDelete
    Replies
    1. ඉන්න කට්ටියගේ හැටියට ඒක ෂුවර්. ඒත් මනෝජ් ප්‍රශ්ණෙ තියෙන්නේ රටේ මේ තියෙන ප්‍රශ්ණ වලට පිළිතුර හැටියට විපක්ෂයේ තේරීම නදීෂා ද

      Delete
    2. නදීෂා එක තේරීමක් විතරයිනේ සහෝදරයා.අනික ඇය ඉදිරිපත් වන්නේ මහා ඇමැති අපේක්ෂිකව ලෙස නොවේනේ.

      Delete
    3. මනෝජ් මම ඔබ කියන එක ප්‍රතික්ෂේප කරනවා ම නෙමෙයි. ඒත් ඇය නියෝජනය කරන්නේ එක මිනිහෙක් ව නෙමෙයි. ලක්ෂ ගානක් ජනතාව නියෝජනය කරලා වැඩ කරන්න අපි යවන්නේ නදීෂා ව ද කියලා ප්‍රශ්ණයක් ඇත්තෙම නැත් ද?

      ඇය මහඇමති අපේක්ෂිකාව නොවන බව ඇත්ත. මහඇමති නොවන අපේක්ෂකයන්ට ඕනේ ම කෙනෙක් ව දාන්න පුළුවං කියලා අපිට කියන්නත් බෑනේ ද ?

      ජනතාව නියෝජනය කරන්න නදීෂා දන්නේ මොනවද? පබාගෙයි නදීෂාගෙයි වෙනස මොකක් ද?

      මිනිස්සු ඡන්දෙ දෙන එකනම් ෂුවර්. ඒත් දේශපාලන පක්ෂයක් විදිහට ඇය ව තෝරන පක්ෂයට මීට වඩා සමාජ වගකීමක් තියෙනවා ඒකට නිසි කෙනෙක් ව දාන්න. ප්‍රසිද්ධිය උකස් තියලා ආසනයක් දිනනවා කියන එක නියම දේශපාලනය නෙමෙයි.

      Delete
  12. ස්තූතියි නිර්මලා,

    ඔබටත් සුභම සුභ නව වසරක් පතනවා. හැබැයි ඔය ඔක්කොම දේවල් වෙයි කියලානම් හිතන්න අමාරුයි නේද

    ReplyDelete
  13. ඇයි ගැනු ඔය තරම් වේස

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...