Sunday, September 15, 2013

මගේ දෑස් පින්කර ඇති අපූරුව...................................... හැමර් එකක් දකින්නට තරම්,



නුවර සිට කුරුණෑගලට ගියෙමි.
පෙර නොදුටූ විරූ
අමුතු ම අමුතු හිඟන්නන් රැළක්
දෙපස මහමගෙහි
සිඟමනේ යෙදෙත්,

කුණු දූලි බැඳුනු වැරහැළි වෙනුවට
සුදුම සුදු පිරුවට ඇඳ,
දැලි ගෑ මුහුණු තිබු හිඟන්නන්
පුයර තවරා පිරිසිදු ව,
ළඟින් යනකොට ඔක්කාරෙට ආ
ගත පුරා කොලෝන් පුසුඹ විසිරෙත්........................

හැළුණු මල කෑ දත් තිබූ හිඟන්නන්
කිරිම කිරි පෑ දත් විරිත්තා,
අත්කඩාගෙන බිම වැතිර හුන්
අබ්බගාතයන් සරත අත ඇවිදිත්,
වාරු දුන් සැරයැටිය ආගිය අතක් නැත
පණ ආ අත කනේ ඔබාගෙන
කාටදෝ බුදුසරණ යදිත්.....................

දෑත් එක්කොට හිසනවා
හිස් දෑත් පෙන්වූ හිඟන්නන්
නීල හරිත හෝ රක්ත පෑ ගෑ
කොළ බුරුත්තක් දෙන අපූරුව
”පිනට යමක්” ”කන්න යමක්” කී කටින්
මටත් එකක් දෙන්න කියතී.........................

හිඟන්නන් දැක මග හැර ගිය
මිනිසුන් හැරි හැරී අලූත් හිඟන්නන් නරඹත්,
මගදෙපස හට් ගසා උන් නැගැ
සින්දු කිය කිය හිඟමනේ යෙදෙත්..........................

දෙතුන් දොහකින් මුන්ට හිඟමන් දුන් කල
දෑහැට නොපෙනී අතුරුදහන් වන
මේ හිඟන්නන් ආයේ කවදා දකිත්දෝයි
මිනිසුන් හිත් පුරා මුන්ගේ රූපේ විඳගනිත්..............................

හිටිවනම හෝන් ගසාගෙන
හමුදාව තුවක්කු පෙන්වාගෙන
අඳුරු කළ වීදුරු වලින් වසා
මහ හිඟන්නා රැගෙන ඉගිලූණි............................

ආපසු හැරී බැලූවෙමි.
මමත් පළමු වතාවට
හැමර් එකක් දැකගතිමි
මගේ දෑස් පින්කර ඇති අපූරුව
කුරුණෑගල යන්නට තරම් ..............................

තුෂාර විතාරණ

.

13 comments:

  1. සුපිරිම නිර්මාණයක්... කාළින නිර්මාණයක්...

    ReplyDelete
  2. බොහොම ස්තූතියි මාතලන්,

    අද මං ඇත්තට ම කුරැණෑගල ගියා. මං දැකපු විකාර කොහොම හරි කියන්න හිතුවා.

    තුෂාර විතාරණ

    ReplyDelete
  3. නියමයි,,, අද තමා මුලින්ම අවේ දිගටම එන්නම්

    ReplyDelete
    Replies
    1. ඔබව සාදරයෙන් පිළීගන්නවා.

      Delete
  4. ඇත්තටම මරු .... මට මැවිලා පේනවා අපේ එවුන් හමර් වල ගිහින් චන්දෙ හිගන හැටි

    ReplyDelete
    Replies
    1. නියමෙට ම බලන්න පුළුවන් ඒ පැත්තේ ගියානම්. අපි කාටහරි බොරැවක් කිව්වම කොච්චර ලැජ්ජා වෙනවාද පාරේ බැහැලා යන්නත්. ඒත් මුන් බුරැතු පිටින් බොරැ කරලා විලි ලැජ්ජාවක් නැති ව ලක්සෙට කොඩිය දාගෙන යන අපූරැව. එහෙව් අයගෙන් බලාපොරොත්තු වෙන්න තියෙන්නෙත් ඒ දේම තමයි. හැබැයි ප්‍රශ්ණෙ තියෙන්නේ උන්ට ලැජ්ජාවකුත් නෑ. මිනිස්සුන්ට ලැජ්ජාවකුත් නෑ. කොහෙවත් ඉන්න අපිට තමයි මේ නාඩගම් පෙනෙද්දි ලැජ්ජා.

      Delete
  5. නියමයි.නියම නිර්මාණයක්.
    මෙහෙට පාර පෙන්නුවේ මාතලන්.

    ReplyDelete
    Replies
    1. ආවට බොහොම ස්තූතියි. ඔබේ අඩවියක් තියෙනවනම් අපිට ත් කියන්න අපිත් එන්න කැමතියි

      Delete
  6. repeat වෙන රැවටීම....

    ReplyDelete
    Replies
    1. රිපීට් වෙන රැවටීම සහ රැවටි රැවටී රිපීට් වීමේ ආතල් එක විදීම

      Delete
  7. //දෑත් එක්කොට හිසනවා
    හිස් දෑත් පෙන්වූ හිඟන්නන්
    නීල හරිත හෝ රක්ත පෑ ගෑ
    කොළ බුරුත්තක් දෙන අපූරුව
    ”පිනට යමක්” ”කන්න යමක්” කී කටින්
    මටත් එකක් දෙන්න කියතී..........//

    බොහොම අපූරුවට ලියලා තියෙනවා. මුද්‍රිත මාධ්‍යයට දාන්න අදහසක් නැද්ද?

    ReplyDelete
  8. ඔබේ අගය කිරීම අපට ඉතා ම වැදගත්. බොහොම ස්තූතිවන්ත වෙනවා ඔබ දෙන ශක්තියට. ඇත්තට ම ඒ තරම් දුර හිතුවේ නෑ. පාර පෙන්නන්න පුළුවන් නම් අපි උත්සහ කරලා බලමු.

    ReplyDelete
    Replies
    1. තුශාර.......මගේ හිතවතෙක් ඉන්නවා මාධ්‍ය හා ගණුදෙණු කරන. මම අද ඊ මේල් එකක් දැම්මා. උත්තරයක් ආපුවහාම බලමු.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...