Saturday, June 29, 2013

එදා නොකී ජන කවි


පැල් කවිය

වැට මොට බඳිනවද අලි පෙරලා            යන්ට
දළු මොට දානවද සත්තුන් හට              කන්ට
අල මොට එරෙනවද මීයන්                හාරන්ට
පැල මොට රකිනවද දෑහම            පියවෙන්ට

කරත්ත කවිය

කුර ගෙවිලා ගොං අඩමානෙට              යන්නේ
පටි ගෙවිලා රෝදෝ බාගෙට               යන්නේ
සඳ ගෙවිලා අඩ සඳනේ                    පායන්නේ
කල් ගෙවිලා අපි තංගල්ලට                යන්නේ


පාරු කවිය

පාරුව පාවෙනා මේ මහ                   ජලකදට
හිතේ දුක කියන්නද මං                   මාළුන්ට
ඉර බැහැ ගිහිං කලියෙන් තව රෑ        වෙන්ට
වරෙං තව එකෙක් වත් එගොඩට        යන්ට

 
තුෂාර විතාරණ

.

3 comments:

  1. අසංක

    එදා කවි වල තිබ්බ පද, ගීතවත්බව ගැන අපි කතා කරන්නම ඕනේ කියලා හිතෙනවා. අද අපි දකින ගීත වලට වඩා දියුණු පද්‍ය සාහිත්‍යයක් අපේ ගැමියෝ ගාව තිබ්බා

    ReplyDelete
  2. මට හිතෙන විදිහට කවිය සරල වෙන තරමට සුන්දරයි. ඒ සුන්දරත්වය මේ කවි වලත් තියෙනව.

    සිතුම් සයුර

    ReplyDelete
  3. හෂාන්

    සිතුම් කියන කතාවේ ලොකු ඇත්තක් තියෙනවා. ඒක එදා ගැමියන්ගේ ජීවන ක්‍රමය හා සම්බන්ධ‍ වුණ දෙයක්. ඒ මිනිස්සු හරිම සරලයි. කන බොන දේ සරලයි. අවශ්‍යතාවයන් හරිම සරලයි. ජීවන ක්‍රමය ම හරිම සරලයි. ඒ නිසා ඔවුන් කතා කරපු විදිහත් හරිම සරලයි. ඒකයි ගැමියන්ගේ තොලින් ගිලිහුණු කවිත් හරිම සරල වුනේ.

    අපි ගැන හිතන්නකෝ. අපි අනවශ්‍ය විදිහට අපේ ජීවිත කොච්චර සංකීර්ණ කරගෙන ද ? ඒ නිසා අපේ හැම දෙයක් ම සංකීර්ණ වෙලා. අන්තිමට අපි අපි කරන කියන දේ අපිට නොතේරෙන තරමට ම සංකීර්ණ වෙලා. අපි මේ මායාවක ජීවත් වෙන්නේ කියලයි මටනම් හිතෙන්නේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...