Thursday, August 7, 2014

හීනය හැබෑවක් වුණොත්......????




එහේ මෙහේ දඟකරන
සිත් දෑළ ක්ෂිතිජ ඉම
පුරා එබිකම් කරන
සොඳුරු රුව ඔබගෙමද..........

ලොවම නිදි සුව විඳින
සීත රෑ නිදි යහන
තනි රකින සොඳුරු රුව
හිමිදිරිය ඔබෙ නොවෙද............

ලොවේ නෙතු වසා නුඹ
හනික එන මයෙ ළඟට
තනි රකින යහනෙ හිඳ
අද නාවෙ ඉඩ මදිද..........

මට මගේ යැයි කියා
උරුම වුණු තනිකමට
ළඟින් හිඳ තනි රකින
නිල් දෙඇස මයෙ නේද..............

පියුව විට නෙතු පියන්
කනට කොඳුරා කියන
ආදරයෙ සුපෙම් ගී
ඇත්තක්ද මට බයයි...........

පින්සාර සිහින සොඳ
රන්සාර වදන් බැඳ
හුදකලා මයෙ හිතෙහි
රජ වෙන්න හැමදාම............


කාංචනා චන්ද්රසේකර



35 comments:

  1. හා හා...

    ජ ය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විදානේ............

      Delete
  2. පද ටික අපුරුයි ,හිනත් හැබෑ වෙනවා ඉදහිට උත්සාහය නිසා ...පින්තුරේ දැක්කාම මං හිතුවෙ ඩ්‍රැකියුලා කතාවක් කියලා :D

    ReplyDelete
  3. ස්තුතියි ඇගයීමට.......

    අනේ මම කොයිතරම් මහන්සියෙන් හෙව්ව පින්තූරයක්ද.....ඇයි ඒ ගෑල් ළමයා ඩ්‍රැකියුලා වගේද සහෝදරයො.....

    ReplyDelete
    Replies
    1. නැත්තං බෙල්ල හිල් කරන් ලේ බොන්න හදයිද

      Delete
    2. හ්ම්......... දැන් ඉතින් මොකක්ද මම කියන්නෙ.........

      Delete
    3. අවංකවම මාත් හිතුවෙ ඩ්‍රැකියුලා කියලා. හම්බෝ!!! ;D

      Delete
    4. මම ඒක දැම්මෙ ටිකක් ආදරණීය පින්තූරයක් කියලා හිතලා.මගේ ඇස් පේනවා අඩුයිද දන්නෙ නැහැ.........

      Delete
  4. පියවි ආදරයට වඩා හීන ආදර හරිම ලස්සනයි මාතලන්.......

    ReplyDelete
  5. ලස්සනයි පද ටික ගී පවුරෙ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සංචාරකයො..........

      Delete
  6. පෙම් හැඟුම් සදාතනිකයි. ප්‍රේමය අත්නොවිඳි සිත මරු කතරක්.

    ReplyDelete
    Replies
    1. එකඟයි ඔබත් එක්ක.ඇගයුවාට ස්තුතියි.........

      Delete
  7. හැබැවෙන්න හීන දක්කිනම ඕන.. අපිත් ඉතින් එහෙම තමයි..

    ReplyDelete
    Replies
    1. හීන නම් දකිනවා දිනේෂ්.ඒත් සමහර හීන හැබෑවක් වෙයි කියලා බය හිතෙනවා.....

      Delete
  8. ශෘංගාරය උතුරනවා. නිර්මාණයනම් උපරිමයි. මට නිකං පේනවා පේනවා වගේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝෂ්...ඒ කියන්නෙ චිත්ත රූප මැවෙන ආදරයක් මම කුරුටුගාලා.නිර්මාණය උපරිමයෙන්ම රසවින්දාට නැවතත් ස්තුතියි..........

      Delete
    2. අනිවාරෙන්ම. ඒක හැමදාමත් එහෙමනේ ගී පවුරේ. ඒකයි ඔබේ නිර්මාණකරනයේ විශිෂ්ඨත්වය.

      Delete
  9. පට්ට
    බොක්කටම දැනුන..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ් වෙනදා වගේම නිර්මාණය උපරිමයෙන්ම වින්දාට...

      Delete
  10. ගොඩක් ලස්සනයි නංගි ඔයාගෙ නිර්මාණය... කොහොමත් ඔයාගෙ නිර්මාණ වල තියනවා අමුතු ලෙංගතු ගතියක්... ගැමි ගතියක්.... අවංක ගතියක්..... අපි ගොඩක් දෙනා මහප්‍රාණ විදිහට ජීවත් වුණාට හදවතේ හැඟීම් කියන්නේ ඇත්තටම ඒව නෙවෙයි... අපි ගොඩක් අය ඒවා පිළිගන්න කැමතිත් නැහැ... බොළඳයි කියල හිතෙනවා ඇති... ඒත් හදවත තමයි අන්තිමට ඉතුරු වෙන්නේ මොකුත් නැතිවෙන කොට... මයෙ දෙයියො, මයෙ අම්මා, මයෙ වස්තුව, මයෙ ඇත්තො.... මේ වචන වුණත් අවංක විදිහට ආදරෙන් පාවිච්චි කරද්දි දැනෙන්නෙ කොයි තරම් සතුටක්ද....ඔයාගෙ නිර්මාණ දිවියට ආශිර්වාද කරනවා..... තවත් එකක්...මීට ඉස්සර මගේ නිර්මාණෙට ඔයා දාපු කමෙන්ට් එකට මගේ උත්තර දාලා ඇති....වෙලාවක් තිබුණොත් බලන්න...

    අසංක

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ ඇගයීමට....

      මම කලින් පෝස්ටුවෙ කමෙන්ටුව කියෙව්වා......

      ඇත්ත අයියෙ මහප්‍රාණ විධියට ජීවත් වුණාට අපි ඇතුළෙ ආදරණීය සංවේදී මිනිසුන් ඉන්නවා.හිත හොඳ වෙද්දි සමහර විටක ආදරයත් අපිව පෙළනවා.තනිවෙද්දි තමයි තනිකම දැනෙන්නෙ.තනි මකන හින වලට මිනිස්සු මේ තරම් ආදරේ ඒ හින්දා වෙන්න ඇති.එකාකාරී ජීවිතයට හීනයක්වත් නැත්තම් ජීවිතේ ටිකක් එපා වෙනවා.උදේට ලෑස්ති වෙලා ඔෆිස් දුවනවා දවසම වැඩ වැඩ.සැනසීමක් ඇත්තෙ නෑ.සැනසීමක සේයාවක් නොපෙනෙද්දි හීන වලට මිනිස්සු ළං වෙනවා.පියවි ලෙංගතුකම් මැකීයන ලෝකයක හීන ලෙංගතුකම් ඇතිවීම සාමාන්‍යය දෙයක් කියලයි මම නම් හිතන්නෙ.....

      මහප්‍රාණ මිනිසුන්ගේ ජීවිත වලට තියන එකම සැනසීමයි අකුරු කළේ.ආයෙම ස්තුතියි අයියෙ නිර්මාණය ඇගයීමට.....

      කාංචනා

      Delete
  11. සිහින තමයි මිනිස්සුන්ව ජීවත් කරවන්නෙ. (ඒ තමා මගෙ අර මෙව්ව එක)
    අපූරයි. ලස්සනයි................

    ReplyDelete
    Replies
    1. එකඟයි සිතුම් ඔබත් එක්ක.........

      ස්තුතියි රස වින්දාට

      Delete
  12. සරල තරමටම අපූරුයි. ලස්සනයි කාංචනා පද ටික.!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චතුරංග..

      අර ගෑල් ළමයා ඩ්‍රැකියුලා වගේ පේන එක නිර්මාණය රසවිඳින්න බාධාවක් වෙයි.ඒ පින්තූරය නොබලා නිර්මාණය රස විඳින්න........

      Delete
    2. පද ටික රස විදීමට ඒ පින්තූරය ප්‍රශ්ණයක් නොවේ!!!

      Delete
  13. හ්ම්..හ්ම්...වැඩේ ටැපලුනා වගෙයි....මම කියන්න ගියේ කලින් පෝස්ටු කියවන්න කියලයි...පෝස්ටුව කියලා ඒක වචනෙන් කියවුණාට සමාව යදිනු ලබමි...ඔන්න එහෙනම් මම ඉස්සෙල්ලා ඔයාට දීපු දෙවෙනි උත්තරේ මෙතන ආයෙ දාන්නම්කෝ....

    ඔයාගෙ අදහසට මම සම්පූර්ණයෙන්ම එකඟයි නංගි...... විශ්වාසය නැති තැනක නම් ආදරයක්, විවාහයක් නෙවෙයි යාළුකමක්වත් තියාගන්න හොඳ නෑ.... ඒ තරම් හිත රිදෙන දෙයක් විඳවන්න වෙන දෙයක් නම් කාටවත් වෙන්න එපා කියලයි පතන්නේ... ඒ තරම් අමාරුයි විශ්වාසය නැතිවුණාම.......මගේ කවියේ මම විශ්වාසය කියන දේ විශේෂයෙන් නොකිව්වේ ආදරය කරන දෙන්නෙක් ගොඩක් වෙලාවට විවාහ වෙන්නෙ විශ්වාසය තියන හින්දා කියල හිතූ නිසා ( සමහර විවාහ නම් තියනවා ගනුදෙනුවක් බිස්නස් එකක් විදිහට විතරක් කරන... ඒවා ගැන නම් නෙවෙයි මෙතන කියන්නේ). ඒ තුළ ඇතිවෙන්න පුළුවන් ප්‍රශ්න කතා නොකර මහ ප්‍රශ්න කරගන්න එක ගැන මම ගොඩක් හිතුවා..... කොහොම වුණත් ඔයාගෙ මතයට මම සම්පූර්ණයෙන්ම එකඟයි නංගි....ගොඩක් ස්තුතියි ඔයාට....ඔව් අපි සුබ පැතුම් එක් කරමු ආදරණීය සමාජයකට....

    අසංක

    ReplyDelete
  14. ටිකක් ගණන් නිසා තමයි වටිනාකමත් වැඩි.ආදරේ සිහිනයක් වෙලාම තියෙන්නේ නැහැ.

    ReplyDelete
  15. ස්තුතියි මනෝජ් අදහස් දැක්වුවාට.සිහිනයක් නොවුණොත් හොඳයි ඉතින්.............

    ReplyDelete
  16. තුෂාර විතාරණAugust 8, 2014 at 5:08 PM

    කාංචනා ලස්සනයි කවිය............ කාටද දන්නෑ ලියුවේ...............

    ReplyDelete
  17. හ්ම්..........ලියුවේ හීනයකටනෙ...

    ස්තුතියි ඔයාටත් තුෂාර

    ReplyDelete
  18. >> පියුව විට නෙතු පියන්
    කනට කොඳුරා කියන
    ආදරයෙ සුපෙම් ගී
    ඇත්තක්ද මට බයයි........... <<.....................
    ඔව් නංගියෝ ඔය බය මටත් දැනෙනව .........
    අනර්ග සිතිවිල්ලක් අපුරුවට අකුරු කරල ..........

    ReplyDelete
    Replies
    1. ඔව් කෙන්ජි අයියෙ මේ අත්දැකීම් අඩු වැඩි වශයෙන් අපි හැමෝම විඳිනවා.ඒ හින්දා ඒ වගේ නිර්මාණත් එක්ක ළං වෙන්න අපිට පුළුවන් වෙලා...
      ස්තුතියි අදහස් දැක්වුවාට............

      Delete

Related Posts Plugin for WordPress, Blogger...