Thursday, July 31, 2014

අසංක ඔබට අපේ සුභපැතුම්...............



අලුත් ඉරකින් නැගෙන පැතුමෙන් සතුටු වී ඔබ සිනා වෙන්න
අලුත් නැකතට දකුණු පයගෙන සිනා මුහුණින් ඇතුළු වන්න
අලුත් ගෙදරට අලුත් මුහුණින් අලුත් පැතුමන් එකතු වෙන්න
අලුත් නුවරින් ආපු දිරිඇති පුතෙකු ලෙස ගෙයි සැරිසරන්න.............

මුදල් යහමින් සතුට සමගින් නිතර අත මිට සැරි සරත්වා
නිදහසේ සුව සමග මුහුවුණු සිනා රැළි මුව නැගී එත්වා
උතුරනා කිරි රැල්නගා ගෙන නිවස ආරක්ෂා කරත්වා
ගැමුණු තෙජබල වීර පැරකුම් සිංහ සෙයියාවෙන් සිටිත්වා............

රුවෙන් අගඇති ගුණෙන් පිරිපුන් සිරිකතක් හෙට ලැබෙනවා
කිරි සිනා හඬ කොමල වදනින් ගෙදර සතුටින් පිරෙනවා
හිතේ ඇති පැතුමන් දිනා ඔබ රජෙකු ලෙස සැරිසරනවා
එහෙව් ගමනට අපි හැමෝමත් එක සිතින් සුභ පතනවා...........


කුරුටු ගෑ ගී පවුරේ සහෘදයෝ.



පසුවදන - කුරුටු ගෑ ගී පවුරේ අසංක ගයාන් අබේසිංහ සහෝදරයා අලුත් නිවසට සුභ මොහොතින් 2014-08-01 දින පිවිසීම නිමිතෙන් වූ අපගේ සුභ පැතුමයි.

43 comments:

  1. සුභ පැතුම්..... වල් කෙන්ජියා ගෙන්.... :) '''

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජියෝ අපිත් එක්ක එකතු වුණාට....................

      Delete
  2. මගේනුත් සුභ පැතුම් :))) අසංකට ..කවියක්ම ලියන්න තිබුණා නම් හරි අගෙයි ..
    [අර රූපේ දැකලා කෙල ගිල්ලෙ නෑ ;)))) ]

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදර.....................

      හෙට අලුත් ගෙදරට යන අසංකට සුභපතන්නට අපිත් එක්ක එකතු වුණාට..................

      Delete
  3. අපෙත් සුබපැතුම් පුතා.

    ReplyDelete
    Replies
    1. ඒ් කියන්ෙන් ඔබතුමා අපිව අදුරගත්තා ෙන්ද?????

      ස්තූතියි.............................

      Delete
    2. අසංක වගේම ඔබ සියලුදෙනාම වාසනාවන්ත දරු කැලක් බව මා හඳුනා ගෙන සෑහෙන දවසක් වෙනවා

      Delete
  4. හෙට දින ගෙට ගෙවදින ඔබට නිවසට පා තබන මොහොතේ ගෙතුලට ගෙන යන සතුට පවතීවා දිවිතුරා ...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ෙරහානී අසංකට සුභ පතන්නට අපිත් සමග ඒකතු වුණාට..........

      Delete
  5. ගෙට උවමනා මල්ටි පර්පෝස් ඉක්විප්මන්ට්/මැෂින් එකක් අරගෙන නැද්ද??

    ජය වේවා

    ReplyDelete
    Replies
    1. හරියට හරි ෙද්ශකයා ෙපායින්ට් ඒක අල්ලගත්තා. අපිත් තාම ට්‍රයි කරනවා සහයක් ෙදන්න. ෙකා් වුවමනාවක් තියනවා කියලයෑ........

      Delete
    2. මං හිතුවේ එහෙමවද්දෝ කියලා.. කොහොම නමුත් කොල්ලා තාම වාසනාවනතයි...

      Delete
    3. ඒක හරි.................

      තාමත් වාසනාවන්තයි විදානේ. ඒත් කට්ටිය දගලන විදිහට හෙට අනිද්දා ම අමාරුවේ දායි කියලත් හිතෙනවා. තාම වේකන්ට්.............

      Delete
    4. අසංක වාසනාවන්තයා.. අපි තමා බං අවාසනාව බලෙන්ම කරේ දාගත්තේ.. හැක්..

      Delete
  6. අසංක සුබපැතුම් ඔබට... කිරි පැණි උතුරණ නිවසකට...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විදානේ...................

      අසංකගේ ජීවිතේ වැදගත් වෙලාවක සුභ පතන්නට අපිත් එක්ක එකතුවුණාට..........

      Delete
  7. නව නිවස කිරියෙන් පැණියෙන් සතුටෙන් හිතේ සැනසීමෙන් ඉතිරේවා!!!!!!!

    අපිත් හදවතින්ම සුබ පතනවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රියා.....................

      එදත් අදත් හෙටත් අපිත් එක්ක ඉන්න අපේ මිතුරන්ගේ සුභ පැතුම් ඔහුට දෙන්න හොදම ක්‍රමය මේක තමයි කියලා හිතුවා. ඉතින් ඒ සුභ පැතුමට අපිත් එක්ක එකතු වුණාට ස්තූතියි ප්‍රියා....................

      Delete
  8. සිනා බෝ වේවා...
    සුභ පැතුම් අසංකයො...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් සංචාරකයා................

      එන්න බැරියැ ඒ පැත්තෙත් සංචාරයක්..........

      Delete
    2. සංචාරකයා කිව්වට මයෙ ඇත්ත නමත් අසංක.. :D

      Delete
  9. Replies
    1. ස්තූතියි දමිත්..............................

      Delete
  10. මගෙනුත් සුභ පැතුම්.අපිට තාම බැරිවෙච්ච එකේ කවුරුහරි හැදුවා කියන්නෙ හොදයි නෙ *^_^*

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලියා....................

      වැඩියෙන් ම සුභ පතන්නට ඕනේ ඒ නිසායි...........................

      ස්තූතියි මේ පැත්තට ඇවිත් අපිත් එක්ක එකතු වුණාට...

      Delete
  11. පුදුම සතුටක් මේ කවි ටික දැක්කම..

    දැන් ඉතින් තව තෑගී ගෙනියන්න ඕන වෙන එකක් නෑ..... :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත මාතලන්........

      අපිට තියෙන කණගාටුව අපේම සහෝදරයෙක්ගේ වැදගත් වෙලාවක අපිට එතන ඉන්න බැරිවෙන එකයි. මොනවා කරන්නද මාතලන් රැකියා විසින් අපේ ජීවිත අපෙන් උදුරගෙන නේද?????

      Delete
  12. ඇත්තෙන්ම මුලු හදවතින්ම සුබපතනවා අසංකට. තමන්ගෙම කියල සොඳුරු නිවහනක් ගොඩනඟාගන්නෙක අද කාලෙ ජීවිතේ ලබන ඉතාම ලොකු ජයග්‍රහනයක්.

    දිවිගමනට සුබාසිරි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝෂ්...............

      මේ වගේ වෙලාවක අපිත් එක්ක එකතු වුණාට ස්තූතියි. අපි හැමෝම එකතු වෙලා අද සිද්ධ වෙන අසංකගේ ජීවිතේ වැදගත් ම අවස්ථාවක දී අපි ඔහුට සුභපතමු....................

      Delete
  13. ඔන්න මගෙනුත් සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්...........................

      Delete
  14. සිනා බෝ වේවා... :)
    ජයෙන් ජය අසංක යො...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්..................

      අපේ ප්‍රාර්ථනයත් ඒකම තමයි. හැම වෙලාවෙම හිනා වෙලා ඉන්න අසංකගේ ජීවිතය ම සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියන එකයි අපේ ප්‍රාර්ථනයත්........................

      Delete
  15. සුබ පැතුම්...!
    වැඩේ සර්ව සම්පුර්ණ වෙන්න නම් ශ්‍රීයා කතක් ගෙන්නත් වේවි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්.......................

      අපිත් එක්ක හැමදාම එකතු වෙන අපේ මිතුරන් මේ සුභ පැතුමට එකතු කරගන්න තමයි අපි අසංක වෙනුවෙන් මේ කවිය පළ කළේ.... ඒ සමග එකතු වීමට ස්තූතියි. අසංක තාමත් උත්සවයේ කටයුතු වල ඇතැයි සිතමි. එනිසාදෝ තාමත් ඔහු මෙම පෝස්ටුව දැකනැති බව පෙනේ....... දුටු විට හැමදෙනාට ම ඔහුගේ ස්තූතියත් පළකරාවි.........

      Delete
  16. දහඩිය , කඳුළු , බාධක මැද සැබෑ කරගත් සොඳුරු බලාපොරොත්තුවට හෘදයාංගම සුභපැතුම් !!

    කරදර - බාධක , කඳුළැලි කිසි, ලං නොමවෙන
    සාමය , සතුට , සැනසුම නිති රජ කරන
    දිව්‍ය මාළිගයක් වේවා, ඔබේ නව නිවහන
    සුභ පැතුම් ගෙනෙමි මෙසේ, හද පත්ලෙ ඉපදුන !!!

    මට පොඩි ප්‍රශ්නයක් ????

    දහසක පැතුම් මැදින් තැනූ කැදැල්ලේ
    කුරුල්ලා තවමත් ඇයි නිදැල්ලේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සදරු.........................

      අසංක අදයි බ්ලොගය බලලා තිබුණේ. ඔහුට පුදුමයි. කතා කරලා කිව්වේ බ්ලොග් එක අපේ පවුල වගේ දැනෙනවා කියලා. කට්ටිය වෙනුවෙන් ම අසංක ඉක්මනින් ම අදහසක් පළකරාවි. ඔහුට හරිම සතුටුයි කට්ටියම මේ වෙනුවෙන් එකතු වුණාට...............

      ඉතින් ඒ වෙනුවෙන් අපි සමග එකතු වුණ ඔබටත් බොහොම ස්තූතියි සදරු...........................

      Delete
  17. අඩෝ බොක්කෙන්ම මගේ සුභපැතුම් මස්සිනේ.. දෙයියනේ කියලා නැගපං අඩියෙන් අඩිය.. !!!!
    අලුත් ගෙදර වාසනාවන්ත කැදැල්ලක් වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පත්තරයෝ...............

      ඔය හදවතින් ම දෙන ආශීර්වාදය වෙනුවෙන්ම තමයි අපි මේ කවිය දැම්මේ.................. ස්තූතියි පත්තරයා.........

      පත්තරයා සීරියස් දාපු පළවෙනි කමෙන්ටුව විදිහට මෙම කමෙන්ටුව ඉතිහාසගත වෙනවා නේද????

      Delete
  18. ජීවිතේ ලොකු කඩඉමක් ජයගත්තු අසංකට මගෙනුත් සුභපැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇලෙක්සන්ඩර් අසංකට සුභ පතන්නට අපිත් එක්ක අත්වැල් බැදගත්තාට......................

      Delete
  19. ඔන්න අපෙනුත් සුබ පැතුම් :::::::)

    ReplyDelete
    Replies
    1. ධනුෂ්................... තෑන්ක්ස්...........

      Delete

Related Posts Plugin for WordPress, Blogger...