Tuesday, July 29, 2014

මට හොරෙන් ඉදි වන මගේ ගෙදර............




උණු කඳුළු හිර දෙඇස
හිරි වැටුණු හද සසල
පණ නැතිව ගිය ගතම
කිති කවයි මයෙ ඇඟම........

පෙරුම් පිරු ජීවිතය
විසිරිලා පාමුලම
හිරවෙලා හදවතම
නැවතිලා මයෙ දිවිය........

පොතේ හුන් බිරිඳක්ව
 උන්නු මා පෙර දිනක
නුරා සුව ඈ සමඟ
වින්ද බව අමතකද...........

ගතින් බෝ නික්මිලා
ගොසින් හැර මා දමා
සිතින් ඔබ යන යුරා
කෙලෙස අදහම්ද මා........

සෙනෙහයේ රන් යදම්
ලිහිල් වී දිය වෙලා
ඔබෙන් මා පැතූ ලොව
වෙන තැනක ඉදි වෙලා.......

ස්නේහයේ
සප්ත ස්වර
බොඳ වෙලා විසිරිලා
අලුත් හිරු එනතුරා
මග බලා හිඳිමි මා.........


කාංචනා චන්ද්‍රසේකර



38 comments:

  1. ඔබෙන් මා පැතූ ලොව
    වෙන තැනක ඉදි වෙලා.......

    මෙන්න මේ දේ ඉවසගෙන් ඉන්න එක තමා අමාරුම දේ

    ReplyDelete
    Replies
    1. ඉවාන් අයියත් එක්ක සපුරා එකඟ වෙමි.

      Delete
    2. ඉවාන් ඇත්තටම ඒක හරිම අමාරු දෙයක්.දහසක් බලාපොරොත්තු බිඳිලා යද්දි......හිතන්නත් අමාරුයි...

      ස්තුතියි අදහසට........

      Delete
  2. "උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා
    සංවේගය ඉවසමි මම කඳුළු හලාලා
    ඔබගෙන් තව පැල්පතකට එළිය ගෙනේවා
    මට දුන් දුක වෙන හදවතකට නොදැනේවා

    ඔබේ දෙනෙත් අභියස එක රුවක් මැවේවා
    ඉබේ සැලෙන සිත මින්පසු වෙනස් නොවේවා
    අගේට දිවි කුසලානයෙ මිහිර පිරේවා
    මගේ දුකත් ඔබෙ සන්තෝසයට හැරේවා

    අව්වෙහි ඇති සැඩ රැස් මාලා අඩුවේවා
    ගව්වෙන් ගව්වට සුවිසල් මැදුරු මැවේවා
    දුක දොම්නස බාධක කම්කටොලු දැවේවා
    සිහිනෙන්වත් පීඩාවක් ඔබට නොවේවා"

    ඔය අතරෙ අන්න එහෙම හිතල හිත හදාගන්න පුලුවන් අයත් ඉන්නවා. ඒත් මේ නිර්මාණය තුල කැටිවුන වේදනාවනම් දරාගන්න හරිම අමාරු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සඳුමල් හැමෝටම එහෙම හිත හදා ගන්න අමාරු වුණත් ඒ හැකියාව තියන අය ඉන්නවා.වෙන මාළිගා හදන්න අර අදින අය එහෙම කරන ඒවා ප්‍රායෝගික සමාජයේ සුලබයිනෙ.ලියන මගේ පැතුම මේ වේදනාව මෙලොව කිසිවකුට හිමි නොවන්න කියන එක.........

      ස්තුතියි අදහසට........

      Delete
  3. අපි මේ හිතාගෙන ඉන්න හැමදේම ඒ විදිහම නෙමෙයි. අපි දකින හැම දේම ඒ දකින දේම නෙමෙයි. අපි කරන කියන හැම දෙයකදීම තවත් අමතර සැලසුමක්, ඒ කියන්නේ අපිට මේ මොකුත් නැතිවුනොත් ඊළගට මොකද වෙන්නේ කියලත් හැමවෙලේම හිතන්න වෙනවා. ඒ හැමදේටම මුහුණ දෙන්න තරම් අපේ හිත් හයිය වෙන්න ඕන. හැමවෙලේම හැමදේම වෙනස් වන සුළුයි. ඒ ඇත්ත කොයි කාලෙටත් එකයි.

    ReplyDelete
  4. ගරු කරනවා ඔබෙගේ අදහසට. ඇනී.වෙනස් වෙන ලෝකයක ආදරය වෙනස් නොවෙයි කියලා කියන්නේ කොහොමද?අපි හිතන හැම දේම නම් නිවැරදි නොවන්න පුළුවන්......ශක්තිමත් හිතකට පුළුවන් ඒක දරා ගන්න.අමතර සැලසුම් ගැන හිතලා කරන්න පුළුවන් නම් හොඳයි.නමුත් සාමාන්‍ය මිනිස්සුන්ට ආදරය වගේ දේකදී එහෙම කරන්න අපහසුයි කියන එක තමයි මගෙ නම් අදහස.........

    ස්තුතියි ඔබට.......

    ReplyDelete
    Replies
    1. මම මෙතන අමතර සැලසුම කියලා අදහස් කළේ මේ ආදරය හරි වෙන දෙයක් හරි කවදහරි නැතිවුණොත් මොකද කරන්නේ කියලා හිතලා තියන එකටයි...ඒකෙන් මම කියන්නේ නැහැ අඩමානෙට හැමදේම කළ යුතු බව...කිව්වේ මේ හැමදේම නැතිවන සුළු බව සිහි තබාගෙන ඕනවට වඩා උද්දාම නොවී උපේක්ශාවෙන් හැම දෙයක් එක්කම ගනුදෙනු කළ යුතු බව...

      Delete
  5. හ්ම්ම් අපි පතපු අපේ ලොව අපේ නෙවේ කියන එක තරම් දුකක්.

    ReplyDelete
    Replies
    1. හිතන්නවත් අපහසුයි........
      ඒත් මුහුණ දෙන්න උනොත් කරන්න වෙනවානෙ ප්‍රියා නේද?නැත්තම් ඉතින් කලින් ඇනී කීව වාගේ සැලසුම් සහගතව ආදරය කරන්න ඔීනි.නැත්තම් ඒක දරා ගන්න අපහසු තරම් දුකක් තමයි...........

      Delete
  6. කෝ මා පැතූ ඔබෙ ආදරේ .. ;(

    ReplyDelete
  7. මොනව කරන්නද තව ගෙයක් හදාගන්න තියෙන්නේ සිමෙන්ති ගණන් යන්න කලින්

    ReplyDelete
    Replies
    1. ඒක තමයි හැක් ඉක්මනින් හදන්න ඔිනි.දැන්ම පටන් නොගත්තොත් මැරෙන්න කලින් හදාගන්න බැරිව යනවානෙ..........

      Delete
  8. ‍ක‍වු‍ද ‍මේ ‍අ‍ලුත්‍ ‍ඉ‍ර ‍කි‍යන්‍‍නේ ? ‍ජී‍වි‍ත‍ය‍ට ‍එ‍ක‍තු ‍‍වෙ‍යි ‍කි‍ය‍ලා ‍හි‍ත‍න ‍අ‍ලුත්‍ ‍කෙ‍නෙක්‍‍ද? ‍එ‍හෙ‍ම ‍නම්‍ ‍එ‍යත්‍ ‍ක‍ලින්‍ ‍කෙ‍නා ‍ව‍ගේ ‍නො‍වෙ‍යි‍ද ? ‍ම‍ට ‍හි‍තෙ‍න‍වා

    ReplyDelete
    Replies
    1. ස්තූතිය යසස් අදහස් දැක්වීමට.............

      ඇත්තට ම කියනවානම් යසස්, මේ කවියෙන් කියන්න උත්සහ කරන්නේ අලුත් ම ඉරක් ගැන නෙමෙයි. ලෝකෙට තියෙන්නේ එක ඉරයිනේ. ඉතින් අලුත් ඉරක් කියන්නේ දවසක් ඉවර වෙලා ආයෙම පායන ඉර. ඉතින් හෙටවත් හොද වෙයි කියලා බලන් ඉන්නවා............. බලමු උත්සහ කරලා............................

      Delete
  9. ගතින් ඉන්නට නැතත් ලංවී
    සිතින් යන්නට එපා වෙන්වී
    ඔබෙන් තොරවූ ලෝකයක්
    සිතා ගන්නට බෑ... සිතා ගන්නට බෑ...

    ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි
    ඔබේ වදනින් ලොව අසන්නෙමි
    නවාතැන ජීවන මගේ...
    ඔබේ සෙවනැල්ලයි... ඔබේ සෙවනැල්ලයි...

    ගතින් ඉන්නට..

    ඔබේ ඇසුරින් යලි උපන්නෙමි
    ඔබේ දැකුමෙන් දිවි ගෙවන්නෙමි
    සදාතන ජීවය හදේ...
    ඔබේ හසරැල්ලයි... ඔබේ හසරැල්ලයි...

    ගතින් ඉන්නට..

    ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
    පද රචනය : කුලරත්න ආරියවංශ
    සංගීතය : රෝහණ වීරසිංහ

    මට මේව්වා උනේ මේ ගීය... හප්පේ කාන්චනා කියන නම දැක්ක කල්..

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ ටිකක් වැඩ වැඩි වුණා විදානේ............

      දැන් දිගට ම ලියන්නම්.. ඉතින් විදානේට මෙව්වා වුණ ගීතයත් ලස්සනයි. ස්තූතියි ඒක එකතු කරාට.................

      ආදරය කියන්නේ මාර දෙයක්. ඒක විවිධ විදිහට දකින්න පුළුවන්. දුක වේදනාව විතරක් නෙමෙයි සතුට සහ තෘප්තියත් ඒ තුළ තියෙනවා. අපි ඒවා සමග කරන ගණුදෙනුව තමයි ආදරය කියන්නේ. නේද විදානේ???

      Delete
  10. මළා මේ මක්කෙයි වෙන්න යන්නෙ ඈ...

    කවිය නං පට්ට කාංචනා...
    සුපිරි.. ජයවේවා

    ReplyDelete
    Replies
    1. සුතුතියි මහේෂ්.......

      අලුත් ඉරක් පායන එක හොඳ නැද්ද ඉතින්???

      Delete
  11. ජීවීතේ ගෙනියන්නේ හීන. හීන කුඩු උනාම. ජීවිතෙත් කඩා වැටෙනවා. ඒත් ඉතින් තව හීන දකින්න තහනමක් නෑ නේ. මාත් පොඩි සින්දු කෑල්ලක් කියන්නම්..

    වැටි වැටි අවිදින මගේ පුංචි පුතා හැංගුනදෝ..
    ඔන්න මං අල්ලන්නට එනවා දැන් ඔට්ටුයිදෝ..

    ReplyDelete
    Replies
    1. ඔව් මාතලන් හීන දකින්න නම් තහනමක් නැහැ තමයි.හැබැයි කලින් හීනෙට වඩා ලස්සන හීනයක් දැක්කොත් විතරයි අපි දිනන්නෙ.නැත්තම් ආයෙමත් අපිම පරාජය වෙනවා...........

      Delete
  12. තුෂාර විතරණJuly 30, 2014 at 10:33 AM

    කාන්චනා..........................

    මුලින් ම කියන්න ඕනේ කවිය නම් ලස්සනයි..... ඇත්තට ම වෙනදා ඔබේ කවි තරම්ම ලස්සනයි... ඒත් අදහස ගැනනම් ටිකක් ගැටළු සහිතයි. සමහර වෙලාවට අපි ඉක්මන් වෙලා හිතන දේවල් හැම දේම හරි නැහැ කියලා අපිට ම තේරෙන්නෑ. ඒත් අපි දකින පැත්තකින් විතරයි දෙයක් විග්‍රහ කරන්නේ. අනෙකාගේ පැත්තෙන් බැලුවොත් ඒ ප්‍රපංචය ම බොහෝ දුරට වෙනස් කියලා අපිට තේරෙයි. ඉතින් පුළුවන් තරම් මධ්‍යස්ථව හිතන්න කියලයි මං නම් යෝජනා කරන්නේ.....................

    අනික අළුත් ඉරක් දිහා බලාගෙන ඉන්න ගොඩක් දෙනෙක් ඒ ඉර පායපුවාම තමයි ඒකේ රඟ තේරුම් ගන්නේ. තිබ්බ ඉර කොයිතරම් හොදද කියලා අපිට තේරෙන්නේ එතකොට. අනික තමයි තමන් සතුව තියෙන දේ වටිනාකම තේරෙන්නැති එක අපේ මිනිස් ගතියක්. ඒ තුළ නැති දේවල් හොයනවා විතරයි. ඒත් ඒක නැතිවුණ දවසට එ්කේ අගය තේරෙනවා. ඒත් එදාට ඒ දේ අපි ළඟ නැහැ............................

    .....................පසුතැවීම.....................

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුෂාර.....

      මධ්‍යස්ථව හිතන්න උත්සාහ කිරීම නම් හොඳයි තමයි.අලුත් ඉරක එළිය වැඩි නොවෙයි කියලා අපි කොහොමද තුෂාර තර්ක කරන්නේ???

      ඔබටත් මටත් මේ දුක උරුම නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්කො.......

      Delete
  13. ඔබට යන්නම ඔනැනම් ඔබ යන්න තින් නික්මි
    මෙ කාමරයෙ පුරා රැදුන සුවදත් අරගෙන
    ----------------------------------------------------------------------
    මුඩ් ෆික්ස් කරන්න ගන්න ජින්ගෙර් බිස්කට් එකක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තට ම දමිත් විවාහ ජීවිතේ කියන්නේ ජින්ජර් බිස්කට් කන්ටේනරයක් ළඟ තියාගෙන කරන්න ඕන දෙයක් තමයි.................

      ස්තූතියි අදහස් දැක්වීමට..................

      Delete
  14. ආ.................... ඔය කාන්චනාත් ඇවිල්ලා තියෙන්නේ.... ඇයි දැන් වැඩිය ලියන්නැත්තේ. දිගට ම ලියන්න. ඔබේ ආරයේ කවි කියවන්න අපි ආසයි. ඉතින් නිවාඩු වෙලාවට කවියක් එහෙම දාන්න අමතක කරන්න එපා.......... හරිය...

    ReplyDelete
    Replies
    1. ඔව් ඇනී කාලෙකින් තමයි පද ටිකක් කුරුටු ගෑවේ.විභාග 2ක් අත ළඟ හින්දා ටිකක් කාර්ය බහුලයි.ඒත් පුළුවන් වෙලාවට කුරුටු ගාන්නම්.ස්තුතියි මගේ නිර්මාණ ඇගයුවාට.............

      Delete
  15. අපි දකින හීන වල අපි පතන අය වෙනුවට වෙනත් අය හිටියාම හිතට දුකයි.
    එක මහා මුස්පේන්තු අඳුරු හැඟීමක්.හැබැයි ඉතින් අලුත් ඉරක් පායලා ආවම ඔය ඔක්කොම හරි යාවි තමයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මනෝජ්.අපි කොච්චර ආදරය කළත් ඒ අයගෙ හීන අපි ළඟ තියෙන්නෙ මූනිච්චාවට විතරක් කියලා දැනෙන වෙලාවල් තියනවානෙ.අපේ හීන තව අය හොරකම් කරනවා.සදහර විටක අපේ හීන ඔවුන් උගසට තියනවා...........

      ස්තුතියි අදහස් දැක්වීමට.......

      Delete
  16. // ස්නේහයේ
    සප්ත ස්වර
    බොඳ වෙලා විසිරිලා
    අලුත් හිරු එනතුරා
    මග බලා හිඳිමි මා.........// අලුත් ඉරක් අලුත් ආරම්භයක් ලබා දේවී... ලස්සන පද වැල් ටිකක් ...

    ReplyDelete
    Replies
    1. අලුත් ඉර ඔය කියන ලස්සන අරගෙන ආවොත් හොඳයි නේද???

      ස්තුතියි ඔබටත්......

      Delete
  17. /////ඔබෙන් මා පැතූ ලොව
    වෙන තැනක ඉදි වෙලා.......///////////

    මෙන්න මේක තමයි දරාගන්න්ම බැරි. අත්මාර්ථකාමී සිතීමක් වෙන්න ඇති. නමුත් දරාගන්න බැහැ. මටත් ඔය අත්දැකීම දැනිලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ආර්මාර්ථකාමී සිතිවිල්ලක් තමයි අරූ.අපේ අපේ කියලා තියාගන්න අය අපේ නෙවෙයි කියලා දැනෙන එක කොයිතරම් වේදනාවක්ද..........

      ස්තුතියි අදහසට......

      Delete
  18. ආදරය වේදනාව හුඟක් ලගම තියෙන දෙයක්නේ.. අපූරුයි කවි පෙල..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ් කවිපෙළ ඇගයුවාට........

      Delete
  19. ම්ම්ම්...... හොද සිතිවිල්ලක්.......
    ඊයෙ ඉදලම හිතුව මොකක් ද ලියන්නෙ කියල.......
    මොකද.....ඔය අත්දැකීම් ලබලත් මට සැහැල්ලුවෙන් ඉන්න ඇහැකි නම් අනිත් එවුන්ට මොකද බැරි කියල මං ආත්මාර්ථකාමී ලෙසට සිතන නිසාද මන්ද.... බං ......

    ReplyDelete
  20. එහෙම ඉන්න විධිය අපිටත් කියලා දෙන්නකො කෙන්ජි...........

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...