Saturday, July 26, 2014

ඇත්තට ම ඒක මාර අමාරුවක්......................



අපි නොදන්න මල් කොච්චර නම්
පිපිලා පරවෙලා යනවා ඇත්ද?
ඒත් අපි ආදරෙන් බලාගත්ත ගහක
පීදුනු කැකුළක් පරවෙනවා දැක්කා ම
හිතට දැනෙන්නේ දුකක්.................

අපි නොදන්න සියොතුන් කොච්චර නම්
අපිව පහුකරගෙන පියාඹනවා ඇත්ද?
ඒත් හැමදාම ඉස්සරහා මල්ගහට එන කුරුල්ලෙක්
දවස් කීපයක් ම ඒ දිහා නොබලා යන්න ගියාම
හිතට දැනෙන්නේ වේදනාවක්................

අපිට නොදැනෙන්න සුළඟ කොච්චර නම්
ඈතින් හමලා යනවා ඇත්ද?
ඒත් හැමදාම ඇඟේ දැවටුන සිසිල් සුළඟක්
වැව් ඉස්මත්තෙදි අපිව මගහැරලා හැමුවාම
හිතට දැනෙන්නේ කණගාටුවක්................

අපි නොදන්න කී දෙනෙක් නම්
අපි දිහා නොබලා යනවා ඇත්ද?
ඒත අපි ආදරය කරන කෙනෙක් 
එක පාරක් අපිව නොදැක්කා වගේ ගියාම
හිතට දැනෙන්නේ පාළුවක්.................

අපි නොදන්න කී දෙනෙක් නම්
අපිත් එක්ක තරහා වෙනවා ඇත්ද?
ඒත් අපේ බිරිඳ හරි පෙම්වතිය හරි
එක දවසක අපිත් එක්ක තරහා වුණාම
හිතට දැනෙන්නේ මාර අමාරුවක්.................

ඇත්තට ම ඒක මාර අමාරුවක්..................


තුෂාර විතාරණ


.

27 comments:

  1. හ්ම්ම් :( :( :(
    ඇත්තටම ඒක මාරම අමාරුවක්. හැබැයි ඉතින් තරහා වෙලා ඉදලා යාළු උනාම ඔක්කොම අමතකයි.

    මරු තුෂාර, පද ටික.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මහවරුසාවට පසුව නැගෙන සඳ වගේ ද????

      Delete
  2. ඔයාගේ ආරාධනාව දිගේ ඇවිත් කියෙව්වා!! :) :)
    අගෙයි!!
    (Y) (Y)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහන්................. දෙපැත්තක ලියැවුණාට එකම දේ තමයි.. අපි හැමෝම එකම ගමනක යන ජීවිත කියලා තේරෙනවා.

      ආවට ස්තූතියි..............

      Delete
  3. පාට ගොඩකින් වර්ණවත් වුණු ලෝකයක පොඩිම පොඩි පින්සල් පහරක් හොඳටම ඇති නේද අපිව දුකට පත් කරන්න..
    පද ටික ලස්සනයි..

    ඒක නෙවේ.. මෙච්චර කල් මේ පැත්තට ඇවිත් කවි රස විඳල ගියාට අදයි දැනගත්තෙ ගී පවුර කුරුටු ගාල රසවත් කරන්නෙ දහ දෙනෙක්ගෙ එකතුවකින් බව.. :D

    ReplyDelete
    Replies
    1. කතාව නම් ඇත්ත සංචාරකයා....................... අපේ ළගින් ම ඉන්න අය කරන පොඩි වෙනස්කමක් වුණත් අපිට දැනෙන්නේ මහා ලොකුවට.. එ් අපි එයාලගෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන හින්දා වෙන්න ඇති......

      ඔව් ඔව් අපි දහදෙනෙක් මේකේ ලියනවා... කට්ටිය ම වෙනස් වෙනස් අංශ වල වැඩකරනවා. සමහරු තාම කැම්පස්.... ඒ හින්දා විවිධත්වයක් ගෙන එන්න පුළුවන් වෙලා තියෙනවා කියලා අපි හිතනවා..................

      ස්තූතියි අදහස් දැක්වීමට...............

      Delete
  4. ඒ අමාරුව සදාතනික නැහැ ඇත්තටම !

    ReplyDelete
    Replies
    1. සදාතනික නෑ තමයි.....

      ඒත් සෑමා පුංචි වෙලාවකට හරි ඒ දේ දැනුන ම දරා ගන්න අමාරුයි... කොහොමත් ඒ දේවල් සදාතනික නෑ තමයි. ඒවා බත්මුට්ටිය ඉදෙනකල් විතරයි කියනවානේ....................

      ස්තූතියි සෑමා

      Delete
  5. මට නම් එහෙම නැහැ බං ......
    මොකද මන්ද........
    පපුවෙ මවිල් නැති එව්වන්ට එහෙමලු කියනව.....
    සම හරක් කෙල්ලො නම්.......
    අනේ......... මන්ද බං ........

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ඒ කියන්නේ කෙන්ජියාගේ පපුවේ මවිල් නෑ................

      Delete
  6. ඕකට බේත් තියනවා වයින් ඉස්ටෝෂ් වල … :D
    නම කිව්වත් ඇති සමාදාන වෙනවා ,,

    ReplyDelete
    Replies
    1. යකෝ කොහෙන් ගියත් එන්නෙම එතන්ටනේ...........

      Delete
  7. එහෙනම් ඒ අමාරුවත් කොච්චර ලොකු අමාරුවක්ද කියලා තේරුනාද?

    'මහා වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි - නොක්කාඩුවට පසුව ඔබේ වත ඒ එලියට වැඩියෙන් එළියයි' කියලා, සෝමතිලක ජයමහ කිව්වෙත්,

    https://www.youtube.com/watch?v=jknjg85X4m8

    'මහ වැස්සක් බිමට හෙලා - නිදහස් වූ අහසක් සේ
    ඔබ නිසොල්මනේ එපා හිඳින්න - ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න' කියලා සුනිල් එදිරිසිංහ කිව්වෙත්, ඒ නිසා තමයි.

    https://www.youtube.com/watch?v=0OrSt18xyFQ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරකයෝ .......................

      ගීත දෙකම නියම විදිහට ම අර්ථය දෙනවා. ඇත්තට ම අගේ ඇති ගීත දෙකක්. අර්ථය සමානයි.... ඒ ගීත දෙකේ ම කියැවෙන කතා දෙකම ඇත්ත තමයි.... ඒ වෙලාවට දැනෙන හැගීම විස්තර කරන්න අමාරුයි... ඒ නිසා ඒක මාරම අමාරුවක් තමයි විචාරක

      Delete
  8. පට්ටම අමාරුවක් තමයි.
    ඉක්මනට හොඳ කරගන්න ඕන උනොත් එකම බෙහෙත පරාජය බාරගැනීම තමයි

    ReplyDelete
    Replies
    1. අන්න හොදට අත්දැකීම් තියෙන කොල්ලෙක්.....

      ඇත්ත ජීවන, හොදම ක්‍රමය නම් ඕක තමයි. ඒත් ඉතින් හැමදාම පරාජය භාරගන්න ගියාමත් ඒක පුරුද්දකට යනවා. අන්තිමට අපි මානසික ව කොච්චර විදවනවාද කියලා අනෙක් පාර්ශවය තේරුම් ගන්නේ නැහැ. ඇත්තට ම වැඩ කෝටියක හිර වෙලා ඉන්න වෙලාවට එහෙම වුණාම ඉතින් එපා වෙනවා..................

      Delete
  9. ඇත්ත...ඇත්තට ම ඒක මාර අමාරුවක්...... ඒක කොච්චර අමාරුද කියලා අත්විඳලම බලලන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. ඔව් තුශානි....................

      වෙන කවුරු අපිව ගණන් ගත්තේ නැතත් ළගම ඉන්න අය එහෙම කරාම ඒක මාර විදිහට දැනෙනවා... වෙන කවුරු අපිත් එක්ක තරහා වුණත් ගෙදර ම කෙනෙක් තරහා වුණාම විතරයි ඒක අපිට වේදනාවක් වෙන්නේ........................

      Delete
  10. :(( එහෙම උනාම දුකයි තමා..ඒත් ඉතිං ආයෙම යාළු උනහම හිත් වෙනදටත් වඩා ලං වෙලා වගේ දැනෙනව . ;)

    ReplyDelete
    Replies
    1. හ්ම්..................... දිලිනි

      ඒ කියන්නේ නෝක්කාඩුවට පසුව ඔබේ වත ඒ එළියට වැඩියෙන් එළියයි කියලානේ................ ඒකත් ඇත්ත තමයි.... ඒ ළං වීම ආයෙම දවසක් දෙකක් තියෙද්දි පරණ විදිහට ම හුරු වෙනවානේ.... එතකොටත් එපා වෙනවා........................

      Delete
  11. අපි නොදන්න කී දෙනෙක් නම්
    අපිත් එක්ක තරහා වෙනවා ඇත්ද?
    ඒත් අපේ බිරිඳ හරි පෙම්වතිය හරි
    එක දවසක අපිත් එක්ක තරහා වුණාම
    හිතට දැනෙන්නේ මාර අමාරුවක්.................

    අයේ ඉතින් අපි වෙන මොනවා කියන්නද ,ඔය කුරුටුස්ලා මැ කියලා තියෙන්නේ ඇත්ත ඇති සැටියෙන්ම

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඉවාන් මචං......................

      අපි දන්නවා ඉතින් ඕවා ඉවාන්ලට එහෙම නියමෙට තේරෙනවා කියලා.. ඇත්තම කියනවානම් ඉතින් මේක අපි ළියුවට තමන් ලියුවා වගේ ගොඩක් දෙනෙකුට දැනේවි කියලා හිතුවා....................

      Delete
  12. තුශාර.....තරහ වෙන්න එපා...ආපහු කියවලා බලන්න...මොකක්ද මේ...උඹ ලියපු දේවල් ආපහු කියවලා බලපන්....චේතනාව ඕකේ...කවීත්වය කොහෙද ගියේ... මේ මට හිතෙන හැටි...මම කවියෙක් නෙවේ..මට නම් මේක අකුරු ගොඩක් විතරයි...තරහද?

    ReplyDelete
    Replies
    1. නෑ..................... අරූ.

      කොහෙත්ම තරහා නැහැ.. හැම දෙයක්ම හැම කෙනෙක් ම වෙනස් විදිහටයි දකින්නේ. ඔබ දක්වන අදහස් තුළ තිබෙන්නේ ඔබේ දැක්ම, කැමැත්ත, අත්දැකීම්. මට ඒක වැරදියි කියන්න බෑ...

      අදහස් දැක්වීමට බොහොම ස්තූතියි අරූ..........................

      Delete
  13. ඒ අමාරුව ගැනනම් ඉතින් කියන්න ඕන තරම් දේවල් තියෙනවා.. ලස්සනයි කවි පෙල..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්.................... ඒ අදහස් අපිව දිරිගන්වනවා.............

      Delete
  14. දන්නා අය නොදන්නා වගේ මඟ හරිනකොට එකත් මාරම අමාරුයි තමයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...