Monday, July 21, 2014

නොවෙමි රාමා නොවෙමි සිදුහත්.....................



තුමුල බල ඇති රජෙකු නොවෙමිය
දැසි දසන් සහපිරිවරින් විත්
රැගෙන යන්නට මගේ විජිතෙට.....
එහෙත් හැක රැක බලාගන්නට
සතුට හා දුක බෙදාගත්විට........................

පෙරුම් පිරු සිදුහතුන් නොවෙමිය
ආත්මෙන් ආත්මය පතා විත්
යශෝදර පෙම් පුවත කියනට....
එහෙත් හැක මියෙනා තුරා මට
දමා නොගොසින් ඔබව රැකුමට.......................

ලොවම හෙල්ලූ රාම නොවෙමිය
මනෝලෝකෙක කතාවෙන් විත්
වඳුරු සහයෙන් රැගෙන යන්නට....
එහෙත් හැක මට තවත් කෙනෙකුට
ඩැහැගන්න බැරි වෙන්න රැකුමට.......................


තුෂාර විතාරණ


.

70 comments:

  1. රිද්මෙට නොගැලපෙන වචන තැනින් තැන සෙට් උනත්. සුපිරි අදහසක් තියෙන සිතුවිලි පන්තියක්. මම නම් හරි කැමති ! :) 

    ReplyDelete
    Replies
    1. මුලින් ම ස්තූතියි මදාරා.....................

      ඇත්තට ම කවිය එකම තාලයකට සඳැස් ඇතිව නොලියා තාලය කඩන්න මටත් වුවමනා වුණා. ඒකයි එහෙම ලියුවේ. බොහොම ස්තූතියි අදහසට................

      Delete
  2. අපිට කාගෙවත් ආදර කතා වෙන්න ඕන නෑ.. තමුන් තමන් වෙලා ආදරේ කරන්න පුළුවන්නම් අන්න ඒකයි වටින්නේ..

    ReplyDelete
    Replies
    1. නියම අදහසක් දිනේෂ්................. ආදරය කරද්දි ඔන්න ඔය විදිහ තමන්ගේ ම අදහස් එනවා තමයි.... මං හිතන්නේ දිනේෂ්ටත් එහෙම වෙන්ටෑ............

      Delete
  3. වැල් වටාරම් නොකිය තනි වචනයක් කිව්වොත් උඹ තරහ ද''''''''!? ..................
    ආසයි''''''''! ................................................................

    ReplyDelete
    Replies
    1. එළ වචනය....................... මං වචන දෙකක් කියන්නම් අවුලක් නෑනේ..........

      අහන්නත් ආසයි.............................

      Delete
  4. වෙනස් ආරක සිතුවිල්ලක්. අගෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ............................ ඔබේ අදහසට බොහොම ස්තූතියි.....

      Delete
  5. Very nice poem Thushara....... heart feels very much....... cannot explain what is in my heart when reading this....... some deep feeling is going across the whole heart... and also.... the statement which is in the picture is very hearty and true......... anyway this whole thing filled up my eyes with tears.........

    From.......

    White Man

    ReplyDelete
    Replies
    1. thank you.... thank you...... your words help me to think again and again. And also it help me to achieve more and more creating writings.......

      Delete
  6. හ්ම් හ්ම් වෙනස්ම විදියක අදහසක් ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරයෝ....................

      Delete
  7. දැන් ඉන්න අයට ඕවා කියලා හරි යන්නේ නෑ. බොරුවට හරි සල්ලි තියෙන් බව පෙන්නන්නම් ඕන. ඒ කාළේ කෙල්ලෝ තමයි දුප්පත් අහිංසක කොල්ලන්ට පෙම් කළේ. අද කෙල්ලෝ එහෙම නෑ.

    ReplyDelete
    Replies
    1. අනිවා එක්කෝ ට්ට්‍රේලක් තියෙන්න ඕනේ ,නැත්තම් කුංෆු පුළුවන් වෙන්න ඕනේ .. හැබැයි ඒත් කාලෙකට කලින් දැන්නං අඩු ගානේ ප්‍රිමියෝ එකක් වත් තියෙන්න ඕන

      Delete
    2. @මාතලන්...............

      කතාව ඇත්ත. දැන් කෙල්ලෝ බලන්නේ කොල්ලාගේ ජොබ් එකයි තියෙන වත්කම් ගැනයි විතරයි. කොල්ලා මිනිහෙක් නොවී රිළවෙක් වුණත් කමක් නෑ........................ ඒකනේ ගොඩක් තැඹිලි ගෙඩිවල කපුටෝ වහලා ඉන්නේ............. හැක්

      Delete
    3. @ ඉවාන්........................

      ඒ කියන්නේ ඉතින් ඩයනා නැති වුණ දුකටනේ............... කුංෆු අජන්තයා එක්ක තියෙන තරහා තාම ඉවර නෑ වගේ.. කමක් ඉවාන් අක්කාකෙනෙක්නේ............. තව ඩිංගෙන් ලැම්බට් එවනා නෙව...

      Delete
    4. රෙන්ට් අ කාර් එහෙකින් කාරෙකක් ගත්ත කියහං .… ටැප් වතුරෙං දුවන්ඩැයි ???

      Delete
    5. කියලා වැඩක් නෑ... ගස්වලින් කඩනවා කියලැයෑ..............

      Delete
  8. මතකද දුෂ්‍යන්ත් ගෙ සිංදුවකුත් තියෙනව..
    මේ වගේ නම් නෙවෙයි...
    වෙනස්
    සත්පිරිවර මැද කුමට වඩින්නේ...///
    සිංදුවෙ මුල නං මතක නෑ...
    අගෙයි සිංදුව වෙනස්ම වෙනස් අපූරු අදහසක්

    ReplyDelete
    Replies
    1. සත් පියුමන් මත නුඹ අඬ සඳකි... තමයි සිංදුවේ මුල ! ;) 

      Delete
    2. ඉත්තූතියි ඇ...

      Delete
    3. ස්තූතියි මහේෂ්.................

      ඔබේ අදහස් දැක්වීමට සහ එකතු කිරීමට....... හැමදාම ඇවිත් අපිව දිරිගැන්වීමට බොහොම ස්තූතියි

      Delete
    4. @ මදාරා..............

      ස්තූතියි දැක්වූ සහයෝගයට. මං කිව්වේ මහේෂ්ට...................

      Delete
    5. පානා සෙනෙහස, ඇල්මෙන් ඉඹගෙන...
      ඉන්න නුඹට බැරි නම්....
      කීවා නාහන, සිත වාවාගෙන...
      අඳුරෙම මම ඉන්නම්....

      විෂ ඝෝර සර්ප විමනේබිය නැද්ද බොහොම ළඳුනේ
      තනි කමෙන් නිදන නුඹගේකටු ඇනෙයි ද සිරි යහනේ

      සත් පියුමන් මත නුඹ අඩ සඳකි
      ගැස්සෙන නුඹෙ ළැම මට මල් දමකී
      සත් පිරිවර මැද කුමට වඩින්නේ
      ගැස්සෙන මයෙ ළැම මොටද බලන්නේ

      නානාවිද දුනු හී මානාගෙනනුඹට මසිත පිදුවත්
      සේනා මොකටද නුඹෙ ඔය උණුසුමවෙන කෙනකුට නොමදෙන් මං
      නුඹ මංත්‍රි දේවි වේ නම් වෙස්සන්තර මම වෙන්නම්
      සුන්දර නෑ එය එතරම් සොඳුරිය දැං සිතන තරම්....

      රචනය - වසන්ත දුග්ගන්නාරාළ
      සංගීතය - ඉරාජ්
      ගායනය - දුශ්‍යන්ත් වීරමන්

      Delete
    6. ස්තූතියි පත්තරේ...................

      සම්පූර්ණ ගීතයම අපිට කියලා දුන්නට... ඇත්තටම දුකා කියන්නේ හොද වචන මාලාවක් තියෙන පද රචකයෙක්........... ගීතය ලස්සනයි තමයි.........

      Delete
  9. රෝමියෝ ජුලියට් ලා, හේමන්ත දුෂ්මන්තිලා , සාලිය අශෝකමාලා, දස්කොන් ප්‍රමිල ලා තාම ඉන්නවා කියලා හිතනවද?

    ReplyDelete
    Replies

    1. //එහෙත් හැක මට තවත් කෙනෙකුට
      ඩැහැගන්න බැරි වෙන්න රැකුමට.......................//

      අමාරුමනම් ඉවාන්ට දුනනම හරි බොහොම හොඳට පරිස්සං කරලා දෙනවා.. බොක්කෙන්ම

      Delete
    2. @ ඉවාන්..............

      ඔන්න විදානේ නං පරිස්සම් කරන්නේ දෙන්නේ ඉවාන්ටලූ... භාර ගන්නවාද?????

      Delete
    3. @ විදානේ..............

      යකෝ කියලා තියෙන්නෙම වෙනඑකෙක්ට අල්ලන්න දෙන්නැතුව රකිනවා කියලා... ඉතින් ඉවාන්ට දුන්නා කියන්නෙත් අනාථයිනේ.... මං කිව්වේ ඉවාන් අහිංසකා වුණත් සින්දුවේ අර්ථයම ඉවරයි නේ...

      Delete
    4. ඉවාන්ට දුන්නට කවියේ එන අර්ථෙට කිසිම හාණියක් නොවන බව දිව්රා ප්‍රකාෂ කල හැක...... හැක් හැක් හැක්...

      Delete
    5. ඔන්න ඉවාන් විදානයා ඔබේ චරිතය සහමුලින් ම ඝාතනය කරා........... අපි නම් දැක්කේ නැහැ වගේ ඉන්න පුළුවන්. ඒත් අනික් අය දැක්කාම අනේ මන්දා ඉවාන් මචං....

      Delete
    6. ආයෙ මක්කද හුළඟක් වත් වදින්ඩ දෙන් නෑ ඉවානයා. … ගෙදර ඉන්නවට වඩා පරෙස්සං. ඕ යේස්.

      Delete
    7. @ ඉවාන්.................

      මචං විදානයා විතරක් නෙමෙයි. මෙන්න පත්තරයත් ඒකට එකතු වෙලා... මොනව ද මේ කියන කතා ...................

      Delete
  10. කළුනිකද මොකක්ද එක හොයනවා වගේ අමාරුයි ඔහොම උන්ව අද කාලෙ හොයන එකත්.

    පද ටික අපූරුයි තුෂාර,

    ReplyDelete
    Replies
    1. කළුනික හොයන එක අම්මපා පහසුයි....... අපි වගේ සුපිරි කොල්ලෙක් ඉතින් වෙන කොහෙන්වත් හොයනවා බොරු තමයි නේද?

      ස්තූතියි අගය කිරීමට

      Delete
  11. මොකෑ බොලන්ලා දැන් වැඩිය ලියන්නැත්තෙ??

    ReplyDelete
    Replies
    1. අට දෙනෙක් ඉන්නවනේ වෙලාව මදි ඇති.. හැක්..

      Delete
    2. ඒ වුණාට බලපල්ල තුෂාර ය යි අසංකයයි විතරනෙ ලියන්නෙ

      Delete
    3. @ ප්‍රියා.........

      මාර කේස් එක වුණේ......... පහුගිය ටිකේ ම මාර විදිහට බිසී වුණා... ඇත්තම කතාව නම් ජොබ් එක වෙනසක් කරා. ඉතින් සියල්ල වෙනස් වුණා. කණපිටු පෙරළුනා. දැන් ඉතින් ටිකක් හරි

      Delete
    4. මොකක් අටදෙනාම ජොබ වෙනස් කලාද?

      Delete
    5. අට දෙනාටම මාර කේස්එකක්ද උනේ?
      අට දෙනාම බිසී උනාද?
      අට දෙනාම ජොබ් එක වෙනස් කළාද?
      අට දෙනාගෙම සියල්ල වෙනස් උනාද?
      අට දෙනාගෙම කණපිට පෙරළුනාද?
      අට දෙනාගෙම දැං ඉතිං ටිකක් හරිද?

      Delete
    6. @ ප්‍රියා.....

      බලහංකෝ අහපු ප්‍රශ්ණයට උත්තරයක් දුන්නා ම අනික් උන් දෙන්නා මැරෙන්න හදනවානේ.... මොකද කියන්නේ උත්තර දෙන්න ද එපාද???

      Delete
    7. @ විදානේ.............

      @ ඉවාන්.............

      දැන් අපි ඔය ප්‍රශ්ණ වලට උත්තර දෙන්න ම ඕනේද??????
      අපි මේ ඇත්තට ම යි අහන්නේ හරිය????

      Delete
    8. මම නෑහැවුවට, උන් දෙන්නට තිබ්බ ප්‍රශ්ණෙ මටත් තිබ්බා.

      ඇයි බොලවු අට දෙනෙක් එන්න එකේ එකෙක් හරි ගේම ඇදන් යන්න එපැයි.

      ලියන් ආපු බ්ලොග් පාළු වෙන්න දෙන්න එපා. (අපේ ඒවා වගේ :D )

      Delete
    9. දැන්නම් ඉතින් උත්තර දෙන්න ම වෙනවා...........

      ඔන්න එකෙක්වත් තරහා වෙන්න බෑ හරිය.........

      විදානේගේ ප්‍රශ්ණ වලට පිළිතුරු
      අට දෙනාටම මාර කේස්එකක්ද උනේ? ඔව්
      අට දෙනාම බිසී උනාද? ඔව් ඇයි?
      අට දෙනාම ජොබ් එක වෙනස් කළාද? ඔව් එහෙම වෙන්න බැරිද
      අට දෙනාගෙම සියල්ල වෙනස් උනාද? ඇයි සැකද?
      අට දෙනාගෙම කණපිට පෙරළුනාද? ඔව් ගේමද??
      අට දෙනාගෙම දැං ඉතිං ටිකක් හරිද? ඇයි නෑ වගේද???

      ප්‍රශ්ණ සියල්ලට ම පිළිතුරු සපයා ඇත. තවත් ප්‍රශ්ණ ඇත්නම් අසනු මැන.. අපි සැදී පැහැදී සිටිමු......................

      Delete
  12. /ලොවම හෙල්ලූ රාම නොවෙමිය
    මනෝලෝකෙක කතාවෙන් විත්
    වඳුරු සහයෙන් රැගෙන යන්නට....
    එහෙත් හැක මට තවත් කෙනෙකුට
    ඩැහැගන්න බැරි වෙන්න රැකුමට......................./

    එච්චරයි වෙන්න ඕන...
    වෙනස් ආරක කවියක්....


    ජ ය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ.................... උපරිමෙන් ම ......

      ඇත්තට ම අපිට හැමදෙයක් ම කරන්න බැහැ තමයි. ඒත් අපිට පුළුවන් උපරිමයෙන් ම අපි බිරිදව, පෙම්වතියව රැකගන්නවා නෙවැ.... ඉතින් එහෙම කරද්දිත් නිකං අවුල් යන කතා කිව්වා ම මෙහෙම කවි ලියන්න වෙනවා විදානේ..... හා නැද්ද මං අහන්නේ ...............

      Delete
  13. එහෙත් හැක මට තවත් කෙනෙකුට
    ඩැහැගන්න බැරි වෙන්න රැකුමට......................./
    කව්රු නොව්නත් මේ ටික පුළුවන් නම් හරිනේ
    ලස්සන kaviyak

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිළිණි.................

      ඇත්තට ම කාන්තාවක් හැටියට ඔබ දරන මතය ගැන උපරිම ස්තූතියි ප්‍රකාශ කරනවා. ගැහැණියක් පිරිමියෙක්ගෙන් මූලිකව ම බලාපොරොත්තු වෙන දේවල් ගොඩක් ඇති. ඒත් පිරිමියෙක් විදිහට දෙන්න පුළුවන් මූලික ම දේවල් වල සීමාවක් තියෙනවා. පිරිමියෙක් මුලින් ම තමන්ගේ කාන්තාව රැක ගැනීම ගැන හිතනවා. ඊළගට ඇයගේ සුවපහසුව ගැන හිතනවා. ඒ වගේ ම අනාගත බලාපොරොත්තු ගැන හිතනවා. සාමාන්‍යයෙන් පිරිමියෙක් මෙහෙයවන්නේ කාන්තාවක් තමයි. ඒක කවුරු නෑ කිව්වත් එහෙම තමයි. ඒත් ඉතින් පිරිමියෙක් හැටියට අපි දෙන්න උත්සහ කරන දේට එහා දෙයක් ඇය බලාපොරොත්තු වුණාය කියලා අපිට කරන්න දෙයක් නැහැනේ...... අපි පුළුවන් දේ ඇය වෙනුවෙන් කරලා තියෙනවා.

      අනේ මන්දා.......... මේවා කියවනවා වැඩි ද කියලත්... එකම දේත් ලියැවිලා ඇති. ගණන් ගන්න එපා.........................

      Delete
  14. දැන් කාලෙ රාවනාඅල නැ බලෙන් අරන් යන .ඉතින් රකින්නෙ කුමට.ඉන්න සිතල රාවනා ගවට යනව මිසක්.මොනව කිවුවත් වත පෙන්නන තරමට තමයි සිත නවතින්නෙ. (වත = වත්කම )

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව. බොහොමයක් ගැහැණු මුලින් ම බලන්නේ පිරිමියෙක්ගේ ගතිගුණවත්, හොද හිතවත් ගැන නෙමෙයි... සල්ලි, වාහන සහ වත්කම් විශේෂයෙන් ම රැකියාව. ඉතින් එහෙම සමාජයක ඔවුන්ට හම්බෙන්නෙත් ආත්මාර්ථකාමී ඇය ගැන හිතන්න වෙලාවක් නැති. ඇය ගැන හොයන්න අවශ්‍යතාවයක් නැති පිරිමින් තමයි. ඒත් ඇත්ත තේරෙන්න ගත්තාම වෙන්න ඕන දේ වෙලා ඉවරයි. අන්තිමට සල්ලි වත්කම් තියෙයි මිනිහෙක් හෝ ආදරයක් නැහැ..... අද වෙනකොට උසාවි වල තියෙන නඩත්තු දික්කසාද නඩුවල වැඩිවීම බලන්න. ඒවා කාගේ නඩුද කියලා බලන්න. ඇත්තට ම දමිත් මේ දේවල් වලට වගකියන්න ඕන තැන් කීපයක් ම තියෙනවා. ඒත් අපේ මිනිස්සු මේවා නොදන්න, නොදැක්ක ගානට ඔහේ උඩබලාගෙන ජීවත් වෙනවා......................

      Delete
    2. වතට වත

      අතට තිත.… !!

      Delete
    3. හ්ම්................. හ්ම්........................

      Delete
  15. මිත්‍රයා....ෙකාෙහාමද අපි අෙප් අය යැයි හිතාෙගන ඉන්න අය රැක ගන්ෙන.....ඒ් ෙබාරු වලට වැටුෙනාත් හැමදාම හිතින් දුක් විදින්න ෙව්වි ජීවත්ව ඉන්නතුරු

    ReplyDelete
    Replies
    1. වැව්.................

      ටිකක් හිත අවුලෙන් වගේ කතාව කියලා තියෙන්නේ... හ්ම්........ අපි කතා කරමු මේ ගැන...

      Delete
  16. මං ඔන්න නෝනටත් ලින්ක් එක යැව්වා.මේක කියවන කොට ඒක මං එයාට කිකයනවා කියලමයි හිතෙන්නෙ................

    ReplyDelete
    Replies
    1. ඇත්ත ම කතාව කියනවානම් මල්,

      මමත් මේක ලියුවේ මගේ නෝනාට.... ඇත්තට ම හැම නෝනා කෙනෙක් ම එතකොට එකවගේමද?????

      Delete
    2. නෑ .. ඉද හිට ඩයන වගේ ඩයලුත් ඉන්නවා බං :D

      Delete
    3. ඩයනා කිව්වේ ඉවාන්ගේ ඩයනාද?????

      Delete
  17. රජෙක් නොවුණත් රජෙක්ට වඩා වැඩි බලයක්
    සිදුහත් නොවුණත් සිදුහත්ට වඩා වැඩි අධිශ්ථනයක්
    රාමා නොවුණත් රාමාට වඩා වැඩි ශක්තියක්
    පෙම්වතෙක්ට තියෙන්න ඕනේ තමයි.

    ReplyDelete
    Replies
    1. මනෝජ්................

      මුලින් ම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට..... ඒ වගේ ම ඔබ විසින් අදහසත් වැදගත්. මං හිතනවා අත්දැකීමෙන් ම කියපු දෙයක් වෙන්න ඇති කියලා...............................

      Delete
  18. රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි
    සාලිය මාලා ගාමිණී චීත්රා කිසිලෙසකින් හෝ නොවෙමු අපි
    අප පෙම හමුවේ ඔවුන් ළදරුවෝ ආදරයේ රන්කිරි කට ගෑ
    .
    පියවි ලොවේදී ඇතිවෙනතුරු අපි සිනාසෙමු
    සිහින ලොවේදී රෑ තුන් යාම අපි සිනාසෙමු
    ගතින් නොබදුනත් දිවිය පුරා අපි සිනා සෙමු ....සිනාසෙමු
    රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි
    .
    අරුනලු සිඹ සිඹ සුර්යකාන්ත මල සිනාසෙතේ
    සඳකැන් සිඹ සිඹ කොඳමල් සඳ හා සිනාසෙතේ
    හිරු සඳු කුමටද අප හද මල් නීති සිනාසෙතේ ....සිනා සෙතේ
    .
    රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි
    සාලිය මාලා ගාමිණී චීත්රා කිසිලෙසකින් හෝ නොවෙමු අපි
    අප පෙම හමුවේ ඔවුන් ළදරුවෝ ආදරයේ රන්කිරි කට ගෑ
    .
    රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි
    සාලිය මාලා ගාමිණී චීත්රා කිසිලෙසකින් හෝ නොවෙමු අපි
    .
    ගායනය :- අමරා රණතුංග

    ආදර තුලදී කිසිවිටෙකත් අපි වෙනත් අයගේ ප්‍රතිරූපයන් අනුකරණය හෝ අනුගමනය නොකල යුතුයි. එමෙන්ම වෙනත් අයගේ ආදර කතාවලට අපේ ආදරය ආදේශ කොට හෝ සමාන කොට අපහාස නොකල යුතුයි. මොකද.. මේ ලෝකෙ හොඳම ආදර කතාව තමන්ගෙ ආදර කතාවයි. ඒකයි අර කියන ආදරයේ සංකේත බඳු ආදරවන්තයින් ළදරුවෝ වගේ පේන්නෙ.

    ගී පවුරේ සමාවෙන්න. පහුගිය ටිකේම බ්ලොග් වලින් හුඟක් ඈත හිටියෙ. ඒ නිසාම කමෙන්ට් කරන්න ගොඩක් පරක්කු උනා.

    ReplyDelete
    Replies
    1. පද රචනය.....චන්ද්‍රසේන රංගේ

      Delete
    2. ඒක මතක් කරපු එකනම් ලොකු දෙයක් අරූ අයියේ. ඇත්තමයි පදරචනය කාගෙද කියල හොයාගන්න බැරුව හිටියෙ.

      Delete
    3. @ මනෝෂ්..............

      ස්තූතියි ගීතය එකතු කළාට. ඒ වගේ ම අදහස් දැක්වීමට.. පසුගිය දවස් ටිකේ අපිත් ටිකක් බිසී වුණා. ඒ නිසා ඇත්තට ම බ්ලොග් පැත්තට එන්න බැරිවුණා. ඉතින් කට්ටියගෙන් ඒකට මාර කේස්.........

      ඉතින් මනෝෂ්. අපේ අර වැඩෙත් දැන් ඉතින් ටිකක් කල් යයි. ටිකක් නෙමෙයි. සමහර විට ගොඩක්.. ඒතරම් වෙනසක් වුණා පහුගිය ටිකේ....

      @ අරූ..................

      ස්තූතියි ගීතයට අනුපූරකයක් එකතු කරාට.... ඒක ගීතයේ විතරක් නෙමෙයි අරූ කවියෙත් අර්ථයට එකතු කිරීමක් හැටියටයි අපි දකින්නේ...........

      Delete
    4. ඒකනෙ ගී පවුරේ.. බලමුකො අපි ඉතින් වෙලාව ඉඩ පහසුව තියෙන විදියකට එහෙනම්.

      Delete
    5. ඔව් මනෝෂ්........... ඉඩ ලද වෙලාවක හමුවෙමු..................

      Delete
  19. අමරණීය ආදර කතා ඉතිහාසයේ කොයිතරම් නම් තියෙනවද .... අපූරු පදවැල් ටිකක් ... ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි.................

      ඔබේ අදහස් අපිව දිරිගන්වනවා....... බොහොම ස්තූතියි.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...