Saturday, July 12, 2014

එන්න යන්න පන්සල් ....................



හසරක් නැති මේ සසරේ සැඟවුණ - සැනසුම වෙත යන පාර වසා
අතොරක් නැති මේ කටෝර සමාජෙ - නිරතුරු රැව්දෙයි විසල් මුසා

එබැවින් හිමියනි ඔබගේ දහමින් - සනසාලනු වස් මගෙ මනසා
පිහිටක් සොයමින් යන මග දුටුවේ - පුරවරයකි මගෙ නෙත් ගවසා

ඇතුළත් වුණු කළ ඒ පුරවරයට - දැනුණේ හිරියකි සිත දවටා
පෙනුණේ මා මෙහි කුරා කුහුඹුවෙකි - සිතුනේ අසරණ වූ විලසා

මහල් ගණන් ඇති ප්‍රසාදෙකි මේ - මැද මිදුලේ තේජස් පානා
ආලෝකෙන් මත්වී ඇති කොත් රජු - දැක මගෙ ඇස් ගිනිකන වැටුණා

පසෙකින් අපාය පසෙකින් දෙව්ලොව - සාදා සැදැහැතියන් උදෙසා
උයනකි සතුන්ගෙ සිරවී ඇති එහි - පණ ඇති උන්ගේ නෙත් දිලෙනා

පිං කරනට ලැදි බැතිමත් පරපුර - යා යුතු පැහැදිලි මගක් ඇතේ
ඒ මග දිගට ම මුදල් හදල් හා - පඬුරු පාක්කුඩම් දිය යුත්තේ

විහාර බුදුගෙය බෝධිය දාගැබ - දුටුවේ නැත කිසිදා මෙලෙසින්
ඒ හැමතැන දැන් අමුතුම හැඩයකි - නිසසල සුවයන් නසන ලෙසින්

පර්යන්තෙක නවතා ඇති රථයකි - දුටුවන් සැමගේ මන බඳිනා
ඒ අසලම ඇති මාලිගයක් බඳු - ආවාසය දැක මුව ඇරුණා

සියල්ල විකිණෙන ආතුර සමාජෙ - බුදුදහමත් විකිණෙනු දුටුවා
බහුරූ කෝළම් විසූක දස්සන - ධර්මය ගිලගනු බව සිතුවා

බුදුහිමිගේ දහමේ ඇති හරයන් - අද කොහි ඇත්දැයි මට සිතුනා
ධර්මයෙ නොපිහිටි අනුගාමිකයන් - දැක සිත නිබඳ ව කලකිරුණා

යකඩ මල්ලටත් ගුල්ලො ගැසූ කල - හාල් මල්ල ගැන කුමන කතා
බුදුදම විනාශ වන කල මෙතැනත් - පුහුදුන් අප හට වෙයි විපතා

ඇලෙන්නට ම මේ නිමි නැති සසරට - මෙතැනින් උඩගෙඩි දෙයි සොඳිනා
නිවන්න සිතාන ආවත් මගෙ සිත - සියල්ල විරුද්ධ බව දැනුණා

බුදු හිමි වදාළ සියල්ල කණපිට - පෙරළී ඇති යුගයක් වනසා
අයැද සිටිමි වඩිනා ලෙස නැවතත් - ලොව්තුරු හිමියනි ලොව සනසා


අසංක ගයාන් අබේසිංහ



පසුවදන - බුද්ධ දර්ශනය පිළිගන්නා මා විසින් මෙම නිර්මාණය සිදු කිරීමට හේතු වූයේ නිර්මල බුදු දහමේ ඇති හරය වර්ථමානයේ අමු අමුවේ විනාශ වනු දැක ඇතිවූ සංවේගයයි. එබැවින් මෙය අන්තවාදී අදහසක් හෝ ආගම්වාදී අදහසක් දරන්නා වූ ප්‍රකාශයක් ලෙස නොසලකනු මැනවි.....................

රූපය - ගොසිප් ලංකා අඩවියෙන්

51 comments:

  1. මෙක නම් එලකිරිස් ..දැන් බුද්ධ දර්ශනයක් කියලා එකක් දන්නෙ නෑනේ,කියන්න ඕන සේරම කියලා ...

    සියල්ල විකිණෙන ආතුර සමාජෙ - බුදුදහමත් විකිණෙනු දුටුවා////

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරයෝ...............

      ඇත්ත ඕක තමයි. පෝය දවසේ වුණත් කියන්න වෙන්නේ ඕක තමයි. මොනවා කරන්න ද කණගාටුයි. ඒත් ඇත්ත ඕක........

      Delete
    2. කතාකරල වැඩක් නෑ. අපේ ගමේ පන්සලේ බුදු ගේ එන්න එන්නම ජර ජීර්ණ වෙලා යනවා. හෙට අනිද්දා කඩන් වැටෙයි. ඒත් ආවාස ගේ? ඒක ඊට සාපේක්ෂව සීඝ්‍රයෙන් දියුණුවෙනවා. දැන් තට්ටු දෙකයි. තනිකර රෙස්ටුරන්ට් එකක් වගේ.

      Delete
    3. හා හා . ආවස ගේ කියන්න එපා සෝලි තියෙයි.

      " අසපුව "කියහං.. මොකෝ ඉන්නෙ තවුසො නේ !!!

      #%&@* %@$& … !!!!

      Delete
    4. අනේ මංද බං, මුන් තවුසොදො බමුණොද කියලා.

      Delete
    5. @ මනෝෂ්, පත්තරේ................

      ඔන්න ඕක තමයි අලුත් ම ප්‍රවණතාවය. හෝටලයක් වගේ එකක් හදාගෙන ඒකට ඔය නම දාගෙන සැප ගන්නවා. මේවට පළ දෙන්න ගත්තාම යන්න තැනක් හොයා ගන්න වෙනවා ෂුවර්.............

      Delete
  2. ගී පවුරේ... ඇත්තමයි ගී පවුරේ මේ නිර්මාණයේ විශිෂ්ඨ බව ගැන කියාගන්න වචන නෑ මට. වර්ථමානයේ බුදු දහමට අත්වෙලා තියෙන ඉරණම ගැන මටත් තියෙන්නෙ ඔන්න ඔය අදහස් ටිකමයි. ඒත් ඔබ මේක කවියකින් මේ ඉදිරිපත් කරල තියෙන ආකාරයනම් අපූරුයි.

    ඇත්තටම මේක කවියකට වඩා ගීතයක් විදියට දකින්න මං හරි කැමත්යි. මං ඒක රසවින්දෙත් එහෙමයි. මතක් උනා ම්මට නන්දා මාලිනීගෙ උපාසකම්මා ඉපදුන හීන කුලේ ගීතය. තව දකින විට පංසලක් ගීතය.

    විරෝදාකල්ප ගීත කලාවෙ ගී පවුරෙ මෑඅ ළකුණත් නොමැකෙන පියසටහනක් විදියට දැනෙනවා මට. අනේ හැකිනම් මේක ගීතයක් කරන්න. මේක මේ බ්ලොග් ලෝකෙන් එලියටත් ගෙනියන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝෂ්....

      ඔබේ අදහස් අපිව දිරිගන්වනවා... කියාගන්න බැරි තරම් ශක්තියක් ඒ අදහස තුළ අපිට දැනෙනවා. ඇත්තට ම අපි අදහස් කරපු දේ ඔබ ඒ විදිහට ම දැකලා තියෙනවා මනෝෂ්... පහුගිය දවස් කිහිපයේ ගොඩක් වැඩ වැඩි වුණ නිසා බ්ලොගය පැත්තට එන්න වුණේ නෑ.....

      මෙම කවිය ගීතයක් විදිහට ගේනන කියන ඔබේ අදහස ඉතා වැදගත්. අපි මේ බ්ලොග් සගයින් අතරින් ම ඒකට සහයෝගයකුත් ලැබේවි ද කියලා බලමුකෝ...................

      Delete
  3. එකෙන්ම එකඟයි කියනවා හැර කියන්න දෙ‍යක් නෑ. +++++++++++++ පට්ට කවිය. ඇත්තටම නියම‍යි.

    ReplyDelete
    Replies
    1. පන්සල් ගියැයි ?? ඊයෙ පෝයනේ :D

      Delete
    2. පත්තරේ මංනං හැම පෝයටම නොවරදාවාම පංසල් යනවා.. මොකද එදාට හාන්දුරුවෝ ගාව විතරයි කොට කෑල්ලක් හරි තියෙන්නේ..

      Delete
    3. @ ප්‍රියා.........

      ස්තූතියි අදහස් දැක්වීමට. එය අපිට ශක්තියක් ප්‍රියා.....

      Delete
    4. @ පත්තරේ, විදානේ....

      පත්තරේ විදානේ පන්සල් යන හේතුව කියලා තියෙනවා ඔන්න. පත්තරේ පෝයට ඒ පැත්තට යනවා කියන්නේ ඇයි???

      Delete
    5. විදානෙයො . වැඩිය පංසල් යන්ඩෙපා. ඔය කොල්ලො කට කැඩිච්ච කතා කියයි තොට :D

      කුරුට්ටො . මං ඉතිං සැදෑවත් බෞද්දයනේ බං. .හැක්

      Delete
    6. @ පත්තරේ..........

      හ්ම් ................ හ්ම්............. අපි දන්නවා... අනික් කට්ටියත් නිතරම වාගේ කියනවා දැකලත් තියෙනවා... ඇයි පත්තරේට බැරි පෝය දාට පෝදින වැඩසටහනක් දාලා අපේ කට්ටියට ධර්මය ටිකක් කියලා දෙන්න..................

      Delete
  4. " සියල්ල විකිණෙන ආතුර සමාජෙ - බුදුදහමත් විකිණෙනු දුටුවා
    බහුරූ කෝළම් විසූක දස්සන - ධර්මය ගිලගනු බව සිතුවා"
    සංකල්ප රූප මැවෙනවා සහෝ නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වැව්....................

      අපි හැමෝම මේ විකාර රූපී ක්‍රමයට එකඟ නැති නිසා මේ කවිය හැමෝට ම තමන් ලියුවා වගේ දැනෙනවා. සමාන අදහස් තියෙන තැන් වලදී එහෙම තමා වැව්.. ස්තූතියි අදහස් දැක්වීමට.............

      Delete
  5. අති විශිෂ්ඨ නිර්මාණයක්... අසංක !!

    " ධර්මද්වීපය " යැයි කියාගන්නා අපේ රට තුළ " බුදු දහමට " අත්වෙලා තියෙන ඉරණම හරිම ශෝචනීයයි, කණගා‍ටුවට කරුණ, ගමේ පන්සල අමතක කරලා බහුතරයක් උදවිය යන්නෙත් මේ වගේ තැන් වලටමනේ.... දැන් පන්සල් යෑමත් විනෝද චාරිකාවක් වෙලා.

    අනෙක් පිළිලය,,

    බුදුහිමියන්ටත් කලියුගයේ
    දෙවියන්ගේ පිහිටයි බුදුන්ටත්
    දෙවියන්ගේ පිහිටයි ...//

    හැකිනම් ඒ ගැනත් ලියන්න..

    කථා කලයුතු දේවල් ගැන නිභයව කථා කරමින්, නිර්මාණකරනයේ යෙදෙන ඔබ ඇතුළු " කුරු‍ටු ගෑ ගී පවුරේ " සියළු දෙනාට ගෞරවණීය ප්‍රණාමය ...!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සඳරු....................

      ඒ කතාව ඇත්ත. ඒකම තමයි මේ වගේ සම්පත් අධික තැන් ඇති වීමටත් හේතුව. ඒ අනවශ්‍ය සම්පත් විසින් භෞතික දේ ප්‍රතික්ෂේප කරලා ආපු අයටත් භෞතික දේ කෙරෙහි වැඩි ඇල්මක් හදනවා. ඒත් සඳරු ඔබ කියනවා වගේ ම ගමේ පන්සල එන්න එන්න ම පිරිහෙනවා. ඊට පස්සේ ගමේ පන්සලේ හාමුදුරුවරු එන්න එන්න ම අඩුවෙලා එක්කෙනෙක් වෙනවා. ඒ හාමුදුරුනමත් ක්‍රමයෙන් පන්සල අත්හරිනවා. අන්තිමට ගමේ මිනිස්සුන්ට ගමේ පන්සලත් නැති වෙලා යනවා. මිනිස්සු ධර්මයෙන් ක්‍රමයෙන් ඈත් වීමට හේතු ඕවා තමයි....

      Delete
  6. මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනනවා ,බුදු හාමුදුරුවනේ ..ඇත්ත නේද

    ReplyDelete
    Replies
    1. පන්සල් පල්ලි කෝවිල් හැම තැනම ඇත
      බුදුවරු දෙවි වරුත් ඒ තුල වැඩ වෙසෙත
      යතිවරු නමට පහණක් දල්වන සිරිත
      පෝ දින පමණි අන් දිනවල මතක නැත .… !!!

      Delete
    2. @ ඉවාන්, පත්තරේ............

      බොහොම ස්තූතියි අපේ නිර්මාණයේ අගය වැඩි කරමින් ඔබ විසින් එකතු කරන්නා වූ මේ අදහස් වලට................

      Delete
  7. මං මේ සෙරෙප්පු දෙකක් ගන්න පංසලට යනවද බාටා එකට යනවද කියලා කල්පනා කරේ … !!!!!!

    ReplyDelete
    Replies
    1. බාටා එකට වඩා ඩිසයින් තියෙනවා. පරණ ඒවට අලුත්වා මරුකරලත් දෙනවා. පන්සලටම ගියානම් හරි.

      Delete
    2. අපි නං ඕවට නෑ ඕං..

      Delete
    3. පත්තරේ..................

      අන්න යනවානම් තැන...

      Delete
  8. බුදුහිමිගේ දහමේ ඇති හරයන් - අද කොහි ඇත්දැයි මට සිතුනා
    ධර්මයෙ නොපිහිටි අනුගාමිකයන් - දැක සිත නිබඳ ව කලකිරුණා

    ගොඩක් ලස්සනයි මේ නිර්මාණය.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රවීන්....................

      Delete
  9. වර්ථමාන බුදුදහමට වෙලා තියෙන ඇබැද්ධීය නියමෙටම කවියට නඟලා..
    හැමතැනම වෙන්නෙ ඕක. පන්සල දවසින් දවස දියුණු වෙනවා.. හැබැයි බුදු දහම එන්න එන්න පරිහානියට පත් වෙනවා..
    දොඩම්පහල ශ්‍රී රාහුල හාමුදුරුවො දවසක් ඇහුවා ලංකාවෙ හදල ඉවර කරපු පන්සලක් තියෙන්නෙ කොහෙද කියල..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංචාරකයා................

      ඇත්තට ම හාමුදුරුවෝ අහපු කතාව ඇත්ත. හැමදාම හදනවා. ඒත් ලොව සියල්ල නැසෙන සුළුයි කියලා තමයි මිනිස්සුන්ට කියන්නේ..........

      Delete
  10. ඔබේ නිර්මාණය ගීතයක් වගෙයි. කවියකට වඩා එහි ගීතවත් ලක්ෂණ අඩංගුයි කියල මට හිතෙනවා.. ඒ එක්කම, දෑසට පේන මානයේ තියෙන, දෑස් වලින් බලන මානයේ තියෙන දේට වඩා දෙයක් මම මෙතන දකිනවා.. ඇත්ත.. පන්සල පන්සලක් කියන අපේ හිතේ තියන දේට වඩා වෙනස්. ඒ එක්කම මම දකින්නේ භික්ෂුව අපි දකින ඒ භික්ෂුවට වඩා වෙනස් කියන එක.. මෙතන මම දකින වෙනස කොටස් දෙකයි.. එක.. භික්ෂුන් සිල්වත් කියල හිතන්න කරුණු තියනවා. ඒත් ආරණ්‍යගත භික්ෂුන් වගේ, දනකට සීලයකට වඩින්නේ නෑ. ඒ වුනත් මිනිස්සු යනවා. වන්දනා කරනවා. නමුත් එකසේ ම පන්සලත් වැදගත්.. ගමේ පන්සලෙන් මිසක් පාංසුකුලේ දෙන්න මේ හිමිවරු ගෙන්නන්න බෑ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇලෙක්ස්..........

      ආරණ්‍යගත භික්ෂූන් විතරක් නෙමෙයි අපේ පන්සල් වල ඉන්න සිල්වත් භික්ෂූන් අතලෝස්සක් ඉන්නවා. ඒ බව මේ කවියෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් අද වන විට සමාජය නොමග යන යුගයක පන්සලත් නොමග යනවා නම් ඇත්තට ම කවුද මේ සමාජයට පාර පෙන්නන්නේ ...........???

      Delete
  11. කියන්න ඕන හැම දෙයක්ම නිර්මාණය තුලම තියෙනවා.. අද හැම දෙයක්ම ඉහලම ලංසුවට අලෙවි වෙනවා.. ඉතින් මේ ගැන කවර කතාද..

    ReplyDelete
    Replies
    1. ඇත්ත දිනේෂ්.............. හැම දෙයක් ම සල්ලි පස්සේ දුවන යුගයක සමාජයට සත්‍ය පෙන්නන්න ඕනේ පිරිසත් ඒ පස්සේ දුවනවා.....

      Delete
  12. This is a enjoyable drawing activity that shows you ways to draw Todd from the hit ToddWorld tv sequence!


    My webpage: party supplies stores nj

    ReplyDelete
  13. සුපර්බ්...
    එදා මට කීවෙ මේ ගැන නේද...
    පට්ට අසංකයො...
    පටේ පට්ට
    නිරුවත වහගන්න කාලයක් එයිද උන්නහේලට

    ReplyDelete
    Replies
    1. ඔව් මහේෂ්.......... එදා කිව්වේ මේක ගැන තමයි...

      ස්තූතියි අදහස් දැක්වීමට. ඇත්ත ම තත්වය මේක තමයි ඔබත් කිව්වා වගේ ම

      Delete
  14. කාලෝචිත දෙයක් වටා ගෙතුනු අපූරු පද වැලක්..

    පන්සල කියන්නේ මිනිස්සුන්ට ධර්ම මාර්ගය පෙන්නලා දෙන තැන. එතනිනුත් හරි මාර්ගය පෙන්නන්නේ නැත්නම් අනාගතය කොයි වගේ වෙයිද කියලා හිතන්නත් අමාරුයි..

    ReplyDelete
    Replies
    1. ඔව් තුශානි................

      මෙතන තියෙන ලොකුම ගැටළුව ඕක තමයි. සමාජය වැරදි මාර්ගයක යනවා නම් ඒ බව පෙන්නලා දෙන්න තියෙන තැන තමයි පන්සල කියන්නේ. ඒත් අද ආගමට මුවාවී කරන්නා වූ මේ දේවල් නිසා සමාජයට හරි මාර්ගය පෙන්නලා දෙන්න තැනක් නැති වෙනවා. ඒ අය වැරදි කර කර අපිට හරි පාරේ යන්න කියන්න බෑනේ.................

      Delete
  15. මෙව්වා ගැන කියල වැඩක් නෑ කුරුටු.. අද විකුනනන්න පුළුවන් නං ඕන රෙද්දක්..
    බුදු දහමත් එතනට අදාලයි...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත විදානේ............ දෙමාපියන් විතරක් නෙමෙයි දරුවොනුත් විකුණන සමාජයක්නේ......... ඉතින් ඒ අය ආගම ටිකක් විකුණ ගත්තා ම මොකෑ කියලා හිතහදාගන්න පුළුවන් නම් ලොකු දෙයක්........... හැක්

      Delete
  16. කාලයට තාලයට ඔබින නියම කවියක් ..අපූරුයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිණි......

      මේදේ පන්සල තුළ විතරක් නෙමෙයි හැම තැනක ම මේ විදිහට ම පැතිරිලා. අපි හිතනවා මේ දේවල් කතා කිරීම අපේ වගකීමක් කියලා. ඒ තුළින් සමාජයට පණිවුඩයක් ගනියන්නයි අපි උත්සහ කරන්නේ...........

      Delete
  17. I believe this is among the so much significant info for me.
    And i am happy reading your article. But want to statement on some common issues, The site taste is wonderful, the articles is
    in point of fact great : D. Just right job, cheers

    Here is my web blog - perscription drugs anxiety ()

    ReplyDelete
  18. While these changes are excellent, a couple of additional moves
    would have been more fun. He wakes up the next day uninjured and joins the Battlefront
    but finds that he is oddly drawn to Angel. The best example of this type of toys are mario plush toys, pokemon and donkey kong.

    The characters are quite visually appealing with extremely large,
    doe-like eyes and spiky or long hair. These days more people are interested in their own personal growth.



    Feel free to visit my page create your own anime character

    ReplyDelete
  19. If you wish for to get a good deal from this
    post then you have to apply such methods to your won blog.



    Review my blog legal highs - www.legaldrugsforsale.com -

    ReplyDelete
  20. First off I want to say superb blog! I had a quick question in which I'd like to ask if you do not mind.
    I was interested to know how you center yourself and clear your thoughts prior to writing.
    I've had difficulty clearing my mind in getting
    my ideas out. I do take pleasure in writing however it just seems like the first 10 to 15 minutes are usually wasted
    just trying to figure out how to begin. Any ideas or hints?
    Cheers!

    Here is my weblog: legal drugs in amsterdam

    ReplyDelete
  21. Thanks for thhe gopod writeup. It if truth bbe told used to be a amusement account it.
    Glance complex to far introduced agreeable from you!
    However, how could we bee in contact?

    Stop by my blog - weed eater (http://liftreklama.ru/node/504081)

    ReplyDelete
  22. I'm curious to find out what blog system you have been using?
    I'm having some minor security problems with my latest
    blog and I'd like to find something more safeguarded.
    Do you have any recommendations?

    Take a look at my weblog: CPA Evolution Review - CPA Evolution Bonus

    ReplyDelete
  23. Hi would you mind letting me know which web host you're using?
    I've loaded your blog in 3 different browsers and I must say this blog loads a lot quicker then most.
    Can you recommend a good internet hosting provider at a
    reasonable price? Kudos, I appreciate it!

    My site; hairstyles scranton ()

    ReplyDelete
  24. You might have really old wiring in your house which can also cause this to happen with any appliance - not just a fan.
    A lot of people put emphasis on to the items to go on the walls and perhaps even items
    such as bedspreads and knickknacks. Financial planning applies to every aspects
    of our lives, not just retirement. This excellent
    performance of the motor makes it 1 of probably the most cost-efficient fans at the level of its price
    and style range. Living in your house may have become boring
    to you, just because it looks the same.

    Also visit my homepage - ceiling fans with lights

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...