Wednesday, July 2, 2014

හෙදියන්ගේ පිකට් ඉවරයි...... දැන් බබාලා පිකට් කරන වේලාවයි.........



දමා දමා                     සද්දෙ දමා
අප රවටනු                සිතනු එපා
බෙහෙත් ගන්න           ආව දනා
වලට දමා                  මරනු එපා

අපි යන්නේ කොයි පාරේ 
බිබිලෙ මාමා ගිය පාරේ ................

හිතලා බලව්        කවුද දෙන්නේ
පඩිය ගන්න       සල්ලි දෙන්නේ
අපි ආවම       මොකද වෙන්නේ
දොර වහගෙන    උඹලා ඉන්නේ

නිදහස කෝ නිදහස කෝ
සෞඛ්‍යයට නිදහස කෝ ................

වයෝවෘද්ධ             අම්මා පියා
බඩදරුවෙක්        ඉන්න කෙනා
තුවාල වී                     ආපු දනා
මැරුණොත් ගත     හැකි ද දිනා

අපිට ඕනේ ඇමති කෙනෙක්
කොන්ද තියෙන පිරිමි කෙනෙක් ................

ලක්ෂ ගණං          පඩි ගන්නවා
කන්න නැතුව     අපි මැරෙනවා
ලෙඩට බෙහෙත්   ගන්න යනවා
අපේ කරේ             උං නටනවා

විලි ලැජ්ජයි විලි ලැජ්ජයි
මෙහෙම එව්වෝ ගැන ලැජ්ජයි ................

පඩි ඉල්ලුවා           එදා පොටේ
සල්ලි දුන්නා       කඩලා කැටේ
ගහගන්නවා        මෙදා පොටේ
වටකරගෙන         දෙමුද බැටේ


කසුප් අනුරාධ


පසු සටහන - මෙය පිකට් වලදී කෑ මොර දෙන තාලයට කියවන්න. මැදින් ඇති අළු පාට කොටස් ඒ තාලයට ම කියැවිය හැකිය.ඒවා කළුපාට ඒවායේ ඒකාකාරී බව කැඩීමට සහ පිකට් එකේ ආතල් එක වැඩි කර ගැනීමට යොදා ගන්නා අනුපූරක කොටස් ය. මේ පිළිබද ව පැහැදිලි මදිනම් ළඟම ඇති රෝහලට ගොස් නිකරුණේ කාලය ගත කරන නර්ස් කෙනෙක්ගෙන් අසා දැනගන්න...............

මෙම කවියට පාදක වූ මාතලන්ගේ පහත දැක්වෙන් අලුත් ම පෝස්ටුුව ගැනත් මතක් කරන්න ඕන.

http://maathalan.blogspot.com/2014/07/deadly-unions.html
.

59 comments:

  1. \\බුදුන් දහම් සඟ තෙරුවණ වැඳ අවසර රුගෙන සියල්. අසන් මහතුනේ අනාථ රටක ගැයෙන විරිදු සුරල්..//

    නන්දා මාලිනිගේ කේන්තියට කියන විරිඳු තාලෙන් හරි අපූරුවට රසවින්ද මේ කවි පෙල.

    \\අපිට ඕනේ ඇමති කෙනෙක්
    කොන්ද තියෙන පිරිමි කෙනෙක්//

    අන්න ඒ ටික තමයි මට මේ නිර්මාණය තුල මුණගැසුනු වටිනම කියමන. කාලීන ප්‍රශ්න වෙනුවෙන් ඔබේ කවිසිත මෙලෙස අවදි කිරීම ගැන ඔබට මගේ ප්‍රණාමය ගී පවුරේ. මෙය තමයි කලාකරුවා අතින් සිදුවිය යුතු සමාජ මෙහෙවර.යුතුකම. වගකීම. ඔබේ ගී පවුර ඒ යුතුකම මනාව ඉටුකරනවා.



    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝෂ්.................

      ඇත්තට ම මේක ලියුවේ පිකට් වලදී අර කියව කියව කෑ ගහන ඒවගේ තාලෙට කියවන්න. ඒවගෙදීනේ

      කපා කපා කෑලි කපා
      අප නවතනු සිතනු එපා

      වගේ ඒවා කියැවෙන්නේ. අපි ඉතින් දන්නේ කැම්පස් කාලේ කරපු නිදහස් අධ්‍යාපන පිකට් ගැන විතරනේ.... කොහොමත් නන්දා මාලනීගේ ඔය විරිඳු වලට ම එකතු කරපු විරිදු ටිකක් ලියන්නත් හිතේ තියෙනවා.. බලමු ඉදිරියට...

      ඔබ කියු කතාව හරියට ම හරි මනෝෂ්.. ඇත්තට ම අපි උත්සහ කරනවා හැම පැත්තකට ම විහිදුනු රසවින්දනයක් එක්කම යථාර්තයත් සමාජගත කරන්නට.. කොහොමත් ඇස් කන් තියෙන මිනිහෙක්ට මේ වෙන දේවල් දිහා ඇස් ඇරගෙන බලාගෙන ඉන්න බෑනේ...

      අපි පොඩි ඉල්ලීමකුත් කරන්න ද ? මනෝෂ්ට පුළුවන්නේ රටේ දැන් දැන් ඇතිවෙන සිදුවීම් එක්ක ඔබේ ගීත සංකල්පනා සම්බන්ධ කරන්න. ඒක කොහොම කරන්න ඕනෙද කියලා මටනම් හිතන්න අමාරුයි. ඒක ඔබට හිතන්න පුළුවන්නේ... ඉල්ලීමක් විතරයි. ඔබේ දේශපාලනය කුමක්දැයි අප හාරාඅවුස්සන්නැති සේම, එය අපට යුතු වැඩක් ද නොවන බව අපි දනිමු...

      Delete
    2. හ්ම්....නරක නෑ අදහස. ඇත්තටම අගුලු වැටිච්ච සුනිල්ලා, නන්දලා නිසා අපිට ඒ දේ කරන්න වෙන්නෙ එයාලගෙම පැරණි ගී වල සහයෝගය අරන් තමයි. ඔවුන්ගේ හඬ එදාටත් වඩා නැඟිය යුතු අද, ඔවුන් ඒක මඟඇරල ඇස්කන් පියාන ඉන්නවා.

      මං හිතන්නෙ ලියැවුනු පුංචි දේවල් වලින් මගේ දේශපාලන දැක්ම පිළිබඳ අදහසක් ඇති ගී පවුරට..

      Delete
    3. හ්ම්................... ඔබේ මතවාදය ගැන අදහසක් නැතුවා නෙමෙයි. ඒත් මනෝෂ් ඔබේ දේශපාලන දැක්ම ගැන ප්‍රශ්ණ කරන්න හරි ඒ ගැන උපදෙස් දෙන්න හරි අපිට සදාචාරමය අයිතියක් නෑ. අපි සදාචාර සම්පන්න දේශපාලනයක් නොකර මහතැන් වලින් ඒක බලාපොරොත්තු වෙන්න හරි ඔවුන්ගේ හැසිරීම් විවේචනය කරන්න හරි බෑනේ...

      නන්දා සුනිිල්ලා ගැන නම් දුකයි තමයි. වාහන පර්මිට්, ලැප්ටොප් සහ බැංකු ණයට කට වහගත්තු කලාකරුවෝ ඉස්සරහා ඉතින් ආය මොන කතාද මනෝෂ්.... තාම කතා කරන අය ඉන්නවානම් ඒ අතලොස්සයි. ඒත් ඒ හඩ සමාජගත වෙන්න මාධ්‍යයක් නම් නෑ....

      උත්සහයක් දරලා බලමු. ඇත්තට ම ඔවුන්ගේ පැරණි ගී වලින් කියැවෙන බොහොමයක් දේවල් අදටත් එහෙම්මම වලංගුයි. ඒක තමයි මනෝෂ් දේශපාලනයේ හැටි. හැමදාම වෙන්නේ එකම තමයි....

      Delete
    4. "ඔබේ සිනා ළඟ - නෙත නැවතුනදා "

      ඕං ඕකයි කලාකාරයන්ට උනේ,

      (කොහොමදෑ මගෙ විචාර සත්තිය . මනෝශ් උබේ හුටප්පර විචාර වාගෙද කියහං මගෙ විචාරෙ. . :D )

      Delete
    5. සිනහවට වසඟ වෙලාද බං දෑත් ශක්තිමත් කරන්නෙ.? මම හිතන් හිටියෙ රැවුලට වසඟ වෙලා කියලා. :)

      Delete
    6. @ පත්තරේ

      ආ.............. අදනම් පරක්කු නැහැ නෙව...

      Delete
    7. @ ප්‍රියා....

      සිනාවට නෙමෙයි අත් දෙක උඩදදා... තොල් පෙරලං කියවනට වසග වෙලා........

      Delete
    8. ඔබේ සිනා ළඟ නෙත නැවතුනුදා.......
      ඔබේ කතා ළඟ සිත නැවතුනදා.........
      මට මා අමතක වුනී.........
      මේ කලා ලෝ තලයේ.......
      මට මා අමතක වුනී........

      කුමටද උපමා ඉතිහාසේ උන් ගායකයන්ගේ....
      කුමටද විප්ලවයේ පෙම් සැමරුම් පෙම් පාරදීසෙන්..
      ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේ මා...
      ඉමක් නිමක් නැත අප හදවත් තුල පෙම් සිතුවිලි බෝමා.....

      ඔබ ගැන පෙම් සිතිවිලි බෝමා..

      ආයුබෝවේවා රහ මජාණෙනි,
      වාසනා වේවා..
      තවත් කලක් අප කා... දැමුමට
      දෑත් ශක්තිමත් වේවා...!!

      ********************************

      පත්තරයෝ උඹ නම් පට්ට..

      Delete
    9. ප්‍රියෝ..ඔය රැවුල ගැන කියනවානම් ප්‍රභාකරන්ගේ රැවුලයි මහරජාණෝගේ රැවුලයි දෙකම එක වගේ!!

      Delete
    10. අම්මටහුඩු , ප්‍රවීණ ගීත රචක .

      මනෝෂ් සඳුමල්

      පට්ටයි ඈ !!!!

      Delete
    11. සඳුමල් ඇත්තට ම ඔය රැවුල කියන්නේ ලංකාවේ දේශපාලනය තුළ දැවැන්ත වෙනසක් කරන්න පුළුවන් සාධකයක්. විපක්ෂ නායකතුමාටත් ලොකු රැවුලක් තිබුණානම් බලන්න තිබුණා ආණ්ඩුව පෙරළන හැටි....... හැක්............

      Delete
  2. //වටකරගෙන දෙමුද බැටේ// ;)

    කොන්ද තියනවා වගේ පේන අයගෙත් කොන්ද නැතිවෙනවනේ ටික දවසක් යද්දී....ඒකයි අවුල...

    නියමයි කසුප්....මං පොඩ්ඩක් කෑ ගහලා එහෙම බැලුවා පිකටින් තාලේ .... :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙහානි,

      දැන් ඉතින් මිනිස්සුන්ට පොඩි දරුවන්ට එහෙම වෙලා තියෙන්නේ පිකට් කරන්න තමයි. ඉතින් අපි කියලා ඒකට සහයක් දෙන්න එපැයි. ඒකයි මේ ටික ලියුවේ.

      කෑ ගහලා බැලුවානම් එළස්.. ඇත්තට ම අතේ බෝඩ් එකක් එහෙමත් එල්ලගෙන කෑ ගැහුවානම් නියමෙට එයි......

      Delete
    2. // පොඩ්ඩක් කෑ ගහලා එහෙම බැලුවා පිකටින් තාලේ .... //

      හා ඒක තමා අහස ගොරවනව වගේ ඇහුනෙ. මං හිතුවා ඉන්ටසිටි කෝච්චි දෙකක් රේස් යනවා කියල රෙහානි නංගි මචං :D

      Delete
    3. @ රෙහානි,
      අද ඇහැලියගොඩ පැත්තෙන් බල්ලෝ උඩුබුරුලන හඬක් ඇහුණා ඒත් මං බැලුවා මොකද කියලා..... ජය වේවා!!!

      Delete
    4. රෙහානි...........

      පත්තරයයි, විදානෙයි මොනව ද මේ කරන චෝදනා....

      Delete
  3. යූනියනුත් ප්‍රබලයි. ඊට වඩා ප්‍රබලයි අමාත්‍යාංශය. ජනතාව ප්‍රබලවෙන තාක් ඔය ප්‍රශ්න ඔහොමම තියෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක හරි අරූ...............

      මේක ජනතාවාදී රටක් වුණාට මේකේ දෙයක් කරන්න බැරි ජනතාවට විතරයි. ජනතා පරමාධිපත්‍ය ද මොකක්දෝ එකක් තියෙනවා කියලා ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක කරාට මොන පරමාධිපත්‍යයක් ද බෙහෙත් ටිකක් වත් ගන්න බැරිව.

      මෙතන තියෙන ලොකුම ගැටළුව තමයි අරූ මේ රටේ රාජ්‍ය සේවකයින් දන්නෑ මෙයාලට පඩි ගෙවන්නේ කවුද කියලා .මෙයාලා හිතාගෙන ඉන්නේ සෞඛ්‍ය අමාත්‍යතුමා ගෙදරින් ගෙනත් දෙනවා කියලා. ජනතාව ගෙවන බදු වලින් පඩි ගන්න සේවකයින් කියන්නේ ජනතාවගේ සේවකයෝ කියලා දන්නෑ. ඔය බෙහෙත් ගන්න එන දුප්පත් අහිංසක අම්මලා තාත්තලා තමයි ඔය ලක්ෂ ගානක පඩිය දෙන්නේ කියලා මේ රෝහල් වල අය දන්නේ නෑ.

      කණගාටුව කියන්නේ අරූ ඒක ගැන කතා කරන්න ජනතාව මේ ගැනත් දන්නේ නෑනේ... ඉතින් කාට කියන්න ද මේවා........................

      Delete
    2. සම්මජාතියෙ වෙන් නෑ .. ඕං ඉබ්බොංගෙ විංග්ස් කියල අර චිකන් පාට්ස් වගෙ කඩවල් වල විකුනන්ඩ තියෙයි අනාගතේ.. ඒක සුවර් . අරක අන්සුවර් . ඕ යේස් !!!

      බඩට ඇඟිල්ලෙං ඇනල කිචි කවපු ගමං ගෙදර ගිහිං කොත්තමල්ලි උගුරක් තම්බං බොන්නං සෑර් කියයි.. බේත් නං කොහෙං ගන්ඩ බැරිද..නැද්ද මං අහන්නෙ. ඇපොයිතිකරිල ඉන්නෙ ඒකටනෙ.!!!!

      Delete
    3. චිකන් වින්ග්ස් වගේද....ඉබි වින්ග්ස්? ඒකනේ උඹ ඉණ්ජිනේරුවෙක් නොවී පත්තරයෙක් වුනේ..හා හා Love your thoughts!!!!

      Delete
    4. බැන්න නේද මට ඉංගිරීසියෙං :D

      Delete
    5. අන්තිමට ප්‍රභලයා වෙන්නේ කැරපොත්තා...

      Delete
    6. @ පත්තරයා............

      යකෝ බැනලා තියෙන්නේ ඉංග්‍රීසි කැල්ලේ නෙමෙයි සිංහල කෑල්ලේ.................

      Delete
    7. @ විදානේ............

      ඔය ඉබ්බයි කැරපොත්තයි ආවේ කොහොමෙයි එතකොට මෙතෙන්ට....

      Delete
  4. මේක මරු මට ඕන වෙලා තිබුනා කාටුන් එකක් අඳින්න, බඩෙන් පොඩි එකෙක් එනවා කකුල් දෙක විතරක් එලියේ. එක කකුලක් නෑස් නෝනා කෙනෙක් අදිනවා. අනික මිඩ් වයිෆ් අඳිනවා. දොස්තර සද්ද නැතිව බඩ කපනවා. අඳින්නත් පුළුවන්. ඒත් පොටෝ ගහලා අප්ලෝඩ් කරන ඒවා තමයි ලෙඩ..

    ReplyDelete
    Replies
    1. අඳින්ඩ දෙයක් නෑ බං. තව ඩිංගක් ඔහොම ගියොත් ඉස්පිරිතාලෙකදි පොටෝ එකක්ම ගත්තහැකි .. අප්ලෝඩ් කරන්ඩ විතරයි තියෙන්නෙ. තව දවස් දෙකක් ඉවසලා හිටහං මං කියනවට .!!

      Delete
    2. හෙක්...හෙක්.... කියල වැඩක් නැහැ...සුද්ද...

      Delete
    3. මාත් මේ ලමයෙක් හදන්න බලාගෙන ඉන්නේ මුංගේ ඇණකෝටා ගැනිල්ල ඉවරවෙනකං..

      Delete
    4. @ මාතලන්...........

      පට්ට අදහස... මාතලන්ගේ ඉස්පිරිතාල විස්තරේ තමයි අද උදේම කියෙව්වේ. මට මේ ගැන ලියන්න වුවමනාවක් තිබ්බට අදහසක් ආවේ නෑ. ඒක ගොඩක් විට එන්නේ අමුතු විදිහට. සමහර වෙලාවට කන ගමන්, සමහර විට බස්එකේදී කොහෙදි ආවත් ඒක එනකල් ම මුකුත් කරන්න බෑ. මට ඕනෙවට ඒක උපද්දන්න බෑ... ඒ කියන්නේ සීසර් කරලා ගන්න බෑ.. ඉතින් අද මාතලන්ගේ කතාව කියවද්දිම මට ඒක ආවා.. ඉතින් සංකල්පනාවේ මූලික අයිතිය මාතලන්ට ම දීලා කයිය ලියුවා............

      ස්තූතියි අෑ...................

      Delete
    5. @ පත්තරේ.... විදානේ.....

      පත්තරේ ෂුවර් අපේ විදානයට ලංකාවෙදි නම් කවදාවත් ළමයෙක් හදන්න වෙන්නෑ.............. පනහක් ඔට්ටුයි....

      Delete
  5. ඉස්සර වෙලාම කොන්දක් ආනයනය කරමු. ඊට පස්සේ බලමු ඒ කොන්ද බද්ධ කරන්න සුදුසු එකෙක් ඉන්නවද කියලා.

    ReplyDelete
    Replies
    1. සෑර් ,කොන්දත් එක්ක පුරුස නිමිත්තකුත් ඕඩර් කරන්ඩ මතක ඇතුව. මොකෝ මුංගෙ ඒව තියෙන්නෙ නිකං සිගරැට් ෆිල්ටර් වාගෙ පොඩි කෑලි .. ඔය දෙකම පොල් පිත්තකට අමට්ටල ගත්තනං මීට වඩා හොඳ ඇමතියෙක් හදාගත්තහැකි .. ඕ යේස් !!!

      Delete
    2. ඇයි උඩු රැවුල... අමතක උනාද... අමතක කලාද...?

      Delete
    3. විචාරක......

      කතාව නම් ඇත්තම තමයි... කොන්දක් ෂවර් එකට ම ආනයනය කරන්න වෙනවා. ඊට පස්සේ ඒක තියන්න පත්තරේ කියනවා වගේ පොල්පිත්තක් වුණත් නරක නෑ මයෙත් හිතේ...

      @ මාතලන්..........

      හ්ම්................ ඒකත් එපැයි... ඒත් ඇමතිලාට ඒක නැතුවන් පුළුවන් නේද,,,??

      Delete
    4. එතකොට සාටකේ එපැයිද..?

      Delete
    5. ඒක හරි හෙට අනිද්දා බෙල්ලේ වැල දාගන්නත් මොකක් හරි තියෙන්න එපැයි නේද???

      Delete
  6. ඇත්තටම ජනතාව බිල්ලට දීල පිකට් කරන ඒක හරිම වැරදියි.නමුත් මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට කව්රුත් කන්දෙන්නේ නැත්තනම් එයාලාටත් වෙන වකරන්නම දෙයක් නැතිවෙන්න පුළුවන්. තමන්ගේ විෂය ගැන දැනුමක් තියන ප්‍රශ්න ඇතිවෙන්න කලින් ඒවාට පිළියම් කරන්න පුළුවන් පාලකයෝ අපේ රටෙත් හිටියනම් හොදයි කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තරිඳු අදහස් දැක්වීමට....

      කතාව ඇත්ත. ඒත් තරිදු හැමදාම මේ සෞඛ්‍ය සේවයේ ප්‍රශ්ණ සහ ස්ට්‍රයික්.. කවදාවත් විසදෙන්නෑ. හැමදාම මිනිස්සු බිල්ලට දීලා ප්‍රශ්ණ විසද ගන්නවා. කවදාද මේක ඉවර වෙන්නේ....

      ඔබ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා...

      Delete
  7. අන්තිමට පොඩි එවුන් කියයි මෙන්න මෙහෙම එතකොට හැමෝටම කර කියාගන්න දෙයක් නැතිවෙයි...

    කපා කපා කෑලි කපා - අප වලකනු සිතනු එපා..
    ලේ හැලුනත් පාර දිගේ - අපේ ගමන අපි යනවා...
    අපි යන්නේ කොයි පාරේ - ප්‍රභාකරන් ගිය පාරේ..
    අපි යන්නේ කොයි පාරේ - උමා මහේෂ් ගිය පාරේ..


    කෙල වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ඔහොම කියන දවසට දැන් ඇහැ කණ පියන් ඉන්න උන් දත කට පූට්ටු ක‍රන් ඉඳී.…

      Delete
    2. @ විදානේ / ප්‍රියා

      ෂැහ් නියම පදටිකනේ විදානේ.. ඉස්සාට තාම මතක ඇති පඹහින්න හන්දියේ ඔරලෝසු කණුව කණුව වටේ පිකට් කරපු හැටි...

      කියලා වැඩක් නෑ ප්‍රියා... හෙට අනිද්දාම ඒ දවස එනවා. ෂුවර්

      Delete
  8. Replies
    1. ස්තූතියි ප්‍රියා............... ඔය වචන ටික තමයි ඉතින් අපේ සතුට.....

      Delete
  9. මරුනෙ ඇහ්.. පිකට් එහෙකට කියාපු පද ටික.. :D

    ReplyDelete
    Replies
    1. එළ එළ..............

      සංචාරයක් යන ගමන් කිය කිය යන්න බැරියෑ නේද???

      Delete
  10. හැමෝම ප්‍රභලයි, සමාන්‍ය ජනතාව ඇරෙන්න.. ඉතින් අනික් දේවල් ගැන කවර කතාද..

    ReplyDelete
    Replies
    1. ඒක හරි දිනේෂ්..............

      මේ රට යකාට ගිහිල්ලා. දේශපාලනයේ මූලධර්මයන් භාවිතා කරන්නේ මිනිස්සුන් ව අන්දන්න විතරයි. දැන් තියෙන දේශපාලනය ඇතුළේ ජනතාව කියන්නේ ඒ තරම් වැදගත් සාධකයක් නෙමෙයි. ඊට වඩා දේශපාලනය තුළ වැදගත් සාධක දැන් ගොඩක් තියෙනවා.....

      Delete
  11. සාමාන්‍ය ජනතාව තමන් ගැන තියාගෙන ඉන්න හීන මාන ආකල්ප නැති කලා නං...
    පටු ආත්මාර්තයට වඩා විසල් පරාර්තයක් ගැන හිතුව නං මේ අයට දුවන්න වෙන්නෙ රෙදි නැතිව

    ReplyDelete
    Replies
    1. \\සාමාන්‍ය ජනතාව තමන් ගැන තියාගෙන ඉන්න හීන මාන ආකල්ප නැති කලා නං...//

      අන්න එහෙනම් අපේ රටත් කේතුමතී නුවරක්!!

      Delete
    2. @ මහේෂ්..........

      ඕක තමයි සීයට සීයක් ඇත්ත. ඒත් මහේෂ් මිනිස්සු තමන්ගේ අයිතීන් සහ ශක්තීන් සල්ලි ඉස්සරහා තනතුරු ඉස්සරහා අනාගත ප්‍රයෝජන ඉස්සරහා තමන්ගේ ජීවිතය පාවාදීලා තියෙන්නේ. දැන් ඉතින් මේ ක්‍රමය වෙනස් කරන්න ටිකක් අමාරුයි. හැබැයි බැරි නෑ.....................

      Delete
    3. @ මනෝෂ්............

      ඔව් මනෝෂ්... හැබැයි මිනිස්සු එතෙන්ට ගෙනියන්න නම් අපි එයාලාට මතක් කරලා දෙන්න වෙනවා ඔවුන් සතුව තියෙන දේවල් සහ දැන් දැන් ඒවා ගසාකමින් තියෙනවා කියන එක. ඒක තේරුම් ගත්තොත් සමහර විට සමහර දේවල් වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා....

      අනික් මනෝෂ් මේ දේ වෙනුවෙන් අපිටත් ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. බලමු අපි එකතු වෙලා යමක් කරමු මේ ගැන...

      Delete
  12. මගේ මුල් කමෙන්ටුව සුදු වෑන් එකකින් උස්සලා වගේ

    පට්ට පද ටික ..
    සිරි ලංකා පුරේ මේ ...

    ReplyDelete
  13. ජිවිත රකින්න ඉන්න වුන් ජිවිත එක්ක සෙල්ලම් කරනවා.හැමදේම අනික් පැත්තට වෙන රටක්නේ පුදුම වෙන්න දෙයකුත් නැහැ ඉතින්.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ මනෝජ්......

      ඒ මිනිස්සු බිල්ලට ගන්නේ රෝගීන්. ඉතින් පඩියට මිනිස්සු සුව කරලා ගත්ත පිං ටිකවත් ඉතුරු වෙයියෑ. ඔවුන්ටත් වෙන්නේ ඊළග ආත්ම වල හොස්පිට්ල් වල බෙහෙත් නැතුව බඩ ගාන්න වෙනවා............ ෂුවර්......

      Delete
  14. අහල තියනවාද සුද්දගේ ක්‍රමේ? Divide and rule.. සරලවම රටක ප්‍රශ්න තියෙන තරමට පාලනය ලේසියි.. මේ ඒකද?

    ReplyDelete
    Replies
    1. හරියට හරි.........................

      දෙමළ ප්‍රශ්නය ඉවර වුණ ගමන් ම මුස්ලිම් ප්‍රශ්නයක් එන්නෙත් ඕකනේ..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...