Monday, March 24, 2014

අසම්මත විරාමය......................


                                                                                                                                                     




අමතකව ගිය
අතීතය වල්මත්ව
සීත රෑ යමදි
සිහිනෙකින් ළං වෙලා......
ලෝකයට වසන් කර
සීත  වූ මගෙ දෙතොළ් 
උණුසුමෙන් සනසවා
 අර අදියි දුවන්නට හනික........
කතා කළ නිල් දෑස
මගෙ නෙතුළ සඟවලා
හසුව පෙම් සුළඟකට
මගෙ දෙතොළ වියළිලා..........
පැයක වැඩ විරාමය
අතරමග නවතලා
ඔය දෙතොළ කී රහස
රහසින්ම ළං වුණා.........
නෙතුළ සැඟවූ ව දෙය
දුටිමි මා සැක හැරම
ගලන ඒ ආදරය 
විඳ ගතිමි සිත් සේම......
ලෝකයට වසන් කර
වින්ද ඒ හද සිසිල
දෙතොල් මත තියා ඔබ
පැන ගියා පෙර සේම..........
ඔබගෙ හිස් ආදරය
රිදවලා මගෙ කොපුල 
අසම්ම්ත විරාමයම
 සිරකළා සිහිනයක...........


කාංචනා චන්ද්‍රසේකර


.

20 comments:

  1. සිතට සුව දෙන අසම්මත විරාමයක්…

    ලස්සන‍යි පබැඳුම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චතුරංග......අසම්මත හීනයක්.........

      Delete
  2. දෙන්න එපා ඉඩක් හිතට අසම්මතයට

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත වැව්......අදහසට ස්තුතියි

      Delete
  3. අසම්මත හිනය එකම එක මොහොතකට විතරක් හිත සනසාවි.. ඊට පස්සේ ඉතින්...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ප්‍රශ්නෙත් ද්නේෂ්..............

      Delete

  4. //ලෝකයට වසන් කර
    වින්ද ඒ හද සිසිල
    දෙතොල් මත තියා ඔබ
    පැන ගියා පෙර සේම..........//

    අසම්මතයේ සම්මතය...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අසම්මතයේ සම්මතය සොයන මිනිසුන් කොයිතරම් ඉන්නවාද විදානේ..ස්තුතියි අදහසට

      Delete
  5. අසම්මත හැමදෙයකම සම්මත දෙයක් තියෙනවා නේද...?

    ReplyDelete
    Replies
    1. එකඟයි ඔබත් එක්ක...............

      Delete
  6. ලස්සනයි කවිය.:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන....

      Delete
  7. ඇත්තටම මොකක්ද අසම්මතය කියන්නේ..??

    ReplyDelete
    Replies
    1. සම්මත යැයි පිළිනොගන්නා හැම දෙයක්ම අසම්මතය නේද........

      Delete
  8. අසම්මත හැමදෙයක්ම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත උමේෂ්. ඒ හින්දා වෙන්න ඇති මිනිසුන් මේ තරම් අසම්මතය පසු පස දුවන්නේ........

      Delete
  9. සම්මත අසතුටට වඩා අසම්මත සතුට රස විඳින අයත් ඉන්නවා. මොන දේ වුනත් සම්මතයේ අසතුටින් ඉන්නවාට එතැනින් ඉවත්වීම නම් වරදක් නැහැ. මේ කියන දේ මගේ අදහසයි.

    ReplyDelete
    Replies
    1. සම්මතයේ සතුට තියන අයත් අසම්මතයේ සතුට හොයන තැනයි ප්‍රශ්නෙ තියෙන්නෙ අරූ..ඔබ කියනවා වගේ සම්මතයේ අසතුටින් ඉන්නවාට වඩා එතනින් ඉවත් වීම තමයි වඩා හොඳ.සම්මත අසතුටට වඩා එයින් ඉවත් වෙලා අසම්මතය සම්මතය බවට පරිවර්තනය කර ගන්න හැකි නම් සමහර විට එය සාර්ථක වෙන්න ඉඩක් තියනවා කියන එකයි මගෙත් අදහස........

      Delete
  10. අසම්මත පෙමින් හැකිතාක දුරස්වෙලා හිටියනම්.. අන්න මිනිස්සු!

    ReplyDelete
  11. දුරස් වෙලා ඉන්න පුළුවන්නම් ඇත්තටම හොඳයි මනොෂ්.අද තමයි ඔබව මේ පැත්තෙදි දැක්කෙ.සාදරයෙන් පිළිගනිනවා ඔබව ගී පවුරට..........

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...