Saturday, March 15, 2014

අළුගෝසු සිතිවිලි.......................







හඬන කිරිකැටි පුතුගෙ කඳුළැලි
සවන රිදවන විටදි නිවසෙදි
ලේ බිඳක් නැති කෘෂව ගිය අඹු
දරණ වෑයම දොවන්නට කිරි................


පොද වැස්සටත් මහ වැස්සටත්
කියා වෙනසක් නොහී තෙමෙනා
දිරා ගිය අතු වහල හැමදෙස
මේඝයන් ගෙන දේය බියකරු...............


නැතය සතුටක් සිත්හි රැඳුනේ
වෙළයි අඟ හිඟ කප්පරක් සේ
ගොරහැඬි නද එන රේඩියො හඬ
දුනිය මට මගෙ සිතට සැනසුම..............


ගෙල සිඳින්නට අළුගෝසුවකු ව
ගෙවන බැව් රන් කාසි පොදි බැඳ
අනේ දැනුනා සිතට සැනසුම
බැඳෙමි අළුගෝසුවා ලෙස මම................



අළුගෝසු තනතුර නැවත පුරප්පාඩු වෙි.


කුසට අහරක් නැතිව ගෙව්වත්
පුතුණි කිරිකැටි කිරට හැඬුවත්
මගේ පණ මට බැරිය කිසිවකු
ගෙල සිඳින්නට ලබනු කහවනු...................


වරද කෙරුමුත් දනන් බෝ දෙන
දිටිමි මම පසුගිය නොබෝ දින
ලැබෙන කහවනු සිහිනයෙන් මම
බලෙන්  හිතට දුනි අළුගෝසුකම..................


අළුගෝසුවා වුවත් මගෙ සිත
පිරී ඇත මනු දමින් ඉතිරෙන
පවට ඇති බිය සඟවාන හැම දින
සිඳින්නට ගෙල නොහැක මා හට...............


පුතුගෙ රන් කිරිකැටි සිනා මුව
රැගෙන දෙයි මට අමා සුවයම
පුතුනි බැහැ මට සිඳින්නට ගෙල
අදින් පසු මම ඔබේ තුරුලට....................


කාංචනා චන්ද්‍රෙස්කර





22 comments:

  1. හ්ම්..හරිම ලස්සනයි..අළුගෝසුවා කියන වචනෙ රළුකම අඩුකරපු කවි පන්තියක්.
    පලවෙනිම කවිය කියවපු ගමන් මට අර තිත්ත කරවිල කාපු දරුවො මතක් උනා

    ReplyDelete
    Replies
    1. ආ මේ මට මේ බ්ලොග ෆලෝ කරන්න දෙන්නෙ නැනේ..

      Delete
  2. අළුගෝසුවා කියන්නෙත් අපි වගෙම තවත් මනුෂ්‍යෙයක්නෙ සාෂා...ඔහුගෙ මිනිස්කම අකුරු කරන්න හිතුවා.

    බොහොම ස්තුතියි මේ පැත්තටත් ආවට...............

    ReplyDelete
  3. ඔබ මෙය පොස්ට් කරන්නට කලියෙන් අලුගෝසු මහත්තමයට පෝස්ට් කලා නේද?...
    ඒක තමයි එයා ලියුමක් ලියල ගෙදර ගියේ.
    ..
    හැඩ කවි ටික....
    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. කොහොම වුණත් විදානේ අළුතින් බඳවාගත් අළුගෝසුවාත් රැකියාව හැරදාලා ගියානෙ.ඔහුගේ නික්ම යාමෙන් පස්සෙ ලංකා ඉතිහාසයේ පළමු වතාවට විදේශිකයන් දෙදෙනෙක් මේ තනතුරට ඉල්ලුම් කරලාලු.ඕස්ට්‍රේලියන් ජාතිකයන් දෙදෙනෙක්.......

      ස්තුතියි විදානෙ..............


      Delete
  4. Replies
    1. අළුගෝසුවා කියන නම රළු වුණත් අපි වගේම තවත් මනුෂ්‍යෙයක්........

      ස්තුතියි

      Delete
  5. දැන් අළුගෝසු කියන නම වෙනස්කරල කෙනෙක් බන්දගන්න හදනවලු.

    ReplyDelete
  6. ඒක නම් හොඳ අදහසක් තමයි. මොකද අළුගෝසුවා කියන නමත් ටිකක් අමානුෂිකයිනෙ..............
    ස්තුතියි අදහස් දැක්වුවාට............

    ReplyDelete
    Replies
    1. නම අමානුෂිකයි වැඩේ මානුෂිකයි එහෙමද?

      Delete
  7. මාක්ස්වාදී දෘෂ්ටිය තුල ගුලිවී ඇති අපූරුව. රස්සාවක් නැති නිසා අලුගෝසුකම තෝරගෙන. ඕස්ට්‍රේලියන්කාරයො ඉහල වැටුප් තිබෙන රස්සා දාල මෙහෙ කම්කරු ශ්‍රේනියෙ රස්සාවකට ඇවිත්. කෙනෙක් මේවගෙ රැකියා තෝරගන්න වෙනත් හේතු තිබෙනවා කාංචනා.
    මට මතක් වෙනව අශෝක හඳගමගෙ තනි තටුවෙන් පියාඹන්න සිනමා සිත්තම. මාක්ස්වාදීන් ඒක පුරුෂ පීඩනය නිසා කාන්තාවක් පුරුෂයෙකු සේ හැසිරුනා කියල තර්ක කළා.ඒත් ඒකට වෙන හේතු තිබෙන බව වෛද්‍යවරු පෙන්වා දුන්නා.
    ඒ ගැන ඇහුවොත් කියන්නම්

    ReplyDelete

  8. මේ මම මාතලන්ගෙ ලිපියකට දාපු කොමෙන්ට් එකක්. මේ මාතෘකාව යටතෙ නිර්මාණයක් කරන කොට මානුෂිකව කරන්නකො. වික්ටර් හියුගෝ කළා වගේ.කුලියට මිනීමරන බඩගැත්තරයෙක් වීරයෙක් නොකර.

    "මට ඕක කියද්දි මතක් වෙන්නෙ දැයට කිරුළෙ එල්ලුම් ගහ. 80% 90 % ක් එල්ලුම් ගහට පක්ෂයි කීවට මම ඒ සංඛ්‍යාලේඛන පිළිගත්තෙ නෑ. ඒත් එදා තමා දැන ගත්තෙ එල්ලුම් ගහට මාර සහයෝගයක්නෙ තියෙන්නෙ. එතන තිබුන තමන්ගෙ අදහස් ලියන්න කියල. එල්ලුම් ගහට විරුද්ධව ලිව්වෙ මම විතරද කොහෙද? එල්ලුම් ගහ ගැන හුඟ දෙනෙක් තුල තිබෙන නොදැනුවත්කම මීට හේතුව.
    ඇත්තටම එල්ලුම්ගහට නියම කරපු කෙනා මැරි මැරී උපදිනව. නමුත් ආයුධ පෙන්වන්න යන එකාට එහෙම කේස් එකක් නෑ. ඌ මරණ බව දන්නෙ ජිප් එකට නැගට පස්සෙ. නමුත් අරක ඉතා ම්ලේච්ඡයි.

    ඒ වගේම එල්ලන දිනයේ කරන අධිරංගනයත් සිරකරුවාට දැඩි පීඩනයක්.බරකිරීම ආදියද ඇතුළුව.
    එසේම එල්ලූ පසු මළ මුත්‍රා ශුක්‍රාණු පිටවෙනවා. මුහුණ විරූපී වෙනවා. දිව එළියට එනවා. ඇස්ගෙඩි එලියට එනවා. බොහෝ විට විනාඩි දහයක් පමන දගල දගලලායි මැරෙන්නේ.බොහෝ විට එල්ලුම් ගහ ලඟට ගෙනියන්න ඉස්සර නිළධාරීන් විසින් සිරකරු ගහල ගහල බාගෙට මරනවා.ඒ කතාව කිව්වෙ නිළධාරියෙක්මයි ලංකාදීපෙ තිබ්බෙ.

    මරණ දඩුවම දීමට ඉතාම ම්ලේච්ඡම ක්‍රමයක් ලෙස එල්ලා මැරීම හදුන්වන්න පුළුවන්.මම හුඟක් තොරතුරු දැනගත්තෙ මානව හිතවාදී මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ සිළුමිනට ලියපු ලිපි පෙළකින්.

    ම්ලේච්ඡත්වය කරා රටක් ලෙස අප යායුතු නෑ.

    මැරීම වරදක්යයි රජය කියයි.රජය ඒ වරද පෙන්වා දෙන්නේ කෙසේද ඒත් මැරීමෙනි- වික්ටර් හියුගෝ "

    ReplyDelete
  9. බොරු තර්ක වැඩක් නැහැ. අපූරු නිර්මානයක් කාංචනා.....

    ReplyDelete
    Replies
    1. ඔවු මැරීම ඝාතනය රසවිඳින්නට ලියපු එකක්.
      හිට්ලර්ගේ යුදෙව් සංහාරයත් මෙහෙම කවියට නගන්න කාංචනාට අවස්ථාව උදාවේවා.හිට්ලර් ලගෙ හෙයින් රික් හිම්ලර්ලගෙ, ජොශප් මෙන්ගෙල් ලගෙ පුද්ගලික ජීවිතවල දුෂ්කරතා ඉන්ටනෙට් එකෙන් හොයා ගන්න පුළුවනි. ලස්සන කවියක් ලියන්න කාංචනා.

      Delete
    2. යකෝ......නිර්මාණ තියෙන්නේ සුන්දරත්වය, ප්‍රේමය, ශෘංඝරත්වය පමනක් ලෝකයට කියන්න නෙමේ. දුක ,සතුට, කඳුළ ,විරහව, වෛරය මේ සියල්ලම ප්‍රබන්ධ, නිර්මාන ලෙස මිනිසුන් වෙතින් එලියට එනවා. ස්ටීරියෝ ටයිප් පොරවල් තමයි, තමන්ගේ කූඩුවේ හිරවෙලා, මුළු ලෝකයම තම කූඩුවට දාගෙන හිර කරන්න හදන්නේ.
      ////රස්සාවක් නෑ කියල අලුගෝසු කමට යන්නෙ කවුද. ලෝක ඉතිහාසයෙවත් එහෙම ඔය රස්සාවට ගිය එකෙක්වත් නෑ. ///////

      මේ ලංකාවේ පළවෙනි අළුගෝසුවා නෙමේ. මීට කලිනුත් හිටියා......යකෝ......අළුගෝසුවාවත් මේ නිර්මාණයත් නෙමේ ගැටළුව.. මාමාට කියලා තොන්ඩුව අයින්කරවගනින් නීති පොතෙන්.

      සියඹලා කනකොට පොත්ත ගලවලා කාපන්....නැත්නම් දිරවන්නේ නැහැ.

      Delete
    3. ඔබත් එක්ක එකඟයි අරූ........
      මේක නිර්මාණයක්.අළුගෝසුවාගේ හෘදය සාක්ෂියයි මා මේ උපකල්පනය කරන්නෙ.............

      Delete
    4. ස්තුතියි අරූ ඔබට........අදාල තැන රිප්ලයි එක දාන්න බැරි වුණාට කණගාටුයි.........

      Delete
  10. ලස්සන නිර්මාණයක්.. බොහොම අගෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන............

      Delete
  11. කුරුටු ගෑ ගී පවුර කියන්නෙ මම වරද්දන්නෙම නැතිව එන තැනක්. කාංචනා කියන්නෙ දක්ෂ කලාකාරියක්. මම ඇයගේ නිර්මාණ රසවිදිනව. ඒ තුල හිතන්න දේවල් තිබෙනව.ඒ නිර්මාණ බුද්ධි කලම්බනයට හේතු වෙනවා. හැබැයි එන හැම වෙලාවකම එල,පට්ට නිර්මාණ කිය කිය කොමෙන්ට් කරන්න මට හිත දෙන්නෙ නෑ.එතන ඒකාකාරී බවක් තිබෙනවා.

    මෙහෙම නිර්මාණයක් මම කාංචනාගෙන් කොහෙත්ම බලාපොරොත්තු වුනේ නෑ. ඇයගේ අනෙක් නිර්මාණ වල මානව දයාව වැගිරෙනවා. මේක මේ කුලියට මිනීමරන බඩගැත්තරයෙක් ගැන ලියපු එකක්නෙ. රස්සාවක් නෑ කියල අලුගෝසු කමට යන්නෙ කවුද. ලෝක ඉතිහාසයෙවත් එහෙම ඔය රස්සාවට ගිය එකෙක්වත් නෑ. ඒ අයගෙ ජීවිතකතා කියවපුවම ඔවුන් තම රැකියාවෙන් ලබා ගත් ආශ්වාදය පෙන්වල තිබෙනව. මේ රස්සාවට සමහරු එන්නෙ වැඩි වැටුප් ලබන රැකියා අත ඇරල.
    ඕස්ට්‍රේලියන් ජාතිකයඔ දෙන්නෙක් මේකට ඉල්ලුම් කළා. ඒ අය එන්නෙ ඒ රටේ විශාල වැටුප් ලැබෙන රැකියා අටහ් ඇරල මෙහෙ කම්කෞ පඩියකට. එතකොට දුප්පත්කමට මේ රස්සාවට එනව කියන කතාව බොරු නේද?

    මීට සම්බන්ධ රාජකාරි කරන අය පවා මේ ගැන කියන කොට සතුට මුසුවුන නො ඉවසිල්ල මූනෙන් බේරෙන හැටි මාධ්‍ය සාකච්ඡාවලට ගිය අය කියල තියෙනව.පුදුම උනන්දුවෙන් රහ කර කරලු කියනව කියන්නෙ

    ReplyDelete
    Replies
    1. යකා...........මට අවශ්‍ය වුණේ අළුගෝසුවා සාධාරණීකරණය කරන්න නෙවෙයි.මම මේ පද කුරුටු ගෑවේ රැකියාව හෙැර දාලා ගිය අළුගෝසුවාට.ඔහු රැකියාවට බැඳෙන්නට ඇත්තේ පටු අරමුණකින් වෙන්න පුළුවන්.නමුත් ඔහු රැකියාව හැර දාලා ගියා.ඒකට බලපාන ලද ඇත්ත දන්නෙ ඔහුගේ හෘදය සාක්ෂිය පමණයි.මම ඔහුගේ හෘද සාක්ෂිය උපකල්පනය කරනවා විතරයි.රැකියාවට බැඳුනෙ කහවනු නිසා කියන කාරණය මම මේකෙදි අවධාරණය කරනවා.යකා නිර්මාණකරණය කියන්නෙ ඒක.අරූ කියනවා වගේ හැම ක්ෂේත්‍රයක්ම ආවරණය කරන්න නිරිමාණකරැවකුට හැකිවිය යුතුයි.උත්සාහ කරන්න මේ නිර්මාණය නිර්මාණයක් විධියට දකින්න.

      ඔබ කියනවා වගේම මට හිට්ලර්ගෙ සංහාරයත් පබඳින්න පුළුවන්.

      බොහොම ස්තුතියි ඔබගේ අදහස් වලට...........


      .


      Delete
  12. යකා.....උඹ හොඳයි. මනෝ ලෝකය තුල වචන හරඹයකට. ඔය කුණුහරප සළු පිලිවලින් එලියට ඇවිත් මනුස්සයෙක් හැටියට හෙලිවැල්ලන් හිටපන්..ඒ හෙලිවැල්ල හරිම නිර්ව්‍යාජ්යයි. කකා කියනදේ හරි. උඹ පිස්සු යකෙක් නෙමේ මෝඩ යකෙක්. හෙලිවැල්ල හොඳයි...සීතාම්බර සළුවට වඩා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...