Wednesday, March 12, 2014

අහෝ දෙවියනි........................




අහෝ දෙවියනි 
බලනු මැන අද
මෙවන් ලොවකට
 වූ විපාකය...............

බුදුන් වැඩි රට
උතුම් දේශය
අමිල බුදු බණ
 නිතර ඇසෙනා...........

ඔබේ පිහිටම
අයැද මනුයා
තවත් මිනිසෙකු 
ගෙල සිඳින්නේ..........

සරණ කොයිබද
මෙහෙව් මනු ලොව
කිළි පොළා යයි 
රුහිරු දහරා.............

එකෙකු පාගා
එකෙක් නැගෙනා
සියළු      ජනයා
මඩෙහි  එරෙනා...........

කැපිලි කෙටිලිද
පගා මණරම්
සවන් රිදවන 
තරම් ගැරහුම්...........

හිතන්නට ඇත
තවත් කොතරම්
නිරා දුකවත්
වෙයිද සැනසුම්...........


ඉසුරිකා චූලරත්න
 

10 comments:

  1. මේක ඇත්ත. ඒත් නම් හරිද දන්නෙ නෑ.
    ඉන්දියාවෙයි ලංකාවෙයි රටවල් දෙකේ සිරකරුවන් සිරකරල තියෙන්නෙ ලිං හාරලා ඒ තුලට දාල. ඉංදියාවේ සිරකරුවන්ගේ ලිං කණ්ඩිය ලග මුරකරුවෙකු මුර කරයි. නමුත් ලංකාවෙ සිරකරුවන් රදවා ඇති ලිදේ මුර කරුවෙකු ස්ථාන ගත කර නෑ. ඒ මක් නිසාදැයි ඉන්දීය බලධාරියෙකුට ශ්‍රී ලංකා බලධාරියා පවසා ඇත්තෙ ලංකාවේ සිරකරුවන් ඉන්න තැනක මුරකරුවන් අවශ්‍ය නැති බවයි. ඒ එක් සිරකරුවෙක් පැනයාමට උත්සාහ දැරුවොත් පහළින් සිටින අනික් සිරකරුවන් ඔවුන්ගේ කකුල් වලින් ඇද මග අවුරණ බවය.එසේ තිබියදී කිසිම සිරකරුවෙකුට පැන යාමට හැකියාවක් නැතිබව ඔහු පැවස්වේය

    ReplyDelete
    Replies
    1. මමත් මේ කතාව අහලා තියනවා......

      ස්තුතියි වැව් අදහස් දැක්වුවාට........

      Delete
  2. අපේ මජර ආකල්ප සහමුලින්ම වෙනස් වෙන්න කල්පයක්වත් යයි ඉසුරිකා.

    ReplyDelete
    Replies
    1. එහෙම ගිහින් හරි වෙනස් වෙන දවසක් එවි අරූ අයියා.ඒ දවස එනකං බලාපොරොත්තුවෙන් ඉමු...:)

      Delete
    2. ඇත්ත මනෝජ් දවසක් ඒවි අපිට.එතකල් බලාගන ඉමු. අරූ කියනවා වගේ ඒකට කල්පයක් යයි..............

      Delete
  3. කතාව ඇත්ත ...රටකට ගිය කලක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තට ගොඩවුණාට......

      Delete
  4. තුෂාර අයියාMarch 14, 2014 at 11:05 PM

    ඔබේ නම දාලා තිබුණට අද තමයි මේ පැත්තට කවි ලියන්න පටන් ගත්තේ නේද??? ඇත්තට ම ලස්සනයි ඉසුරි............

    ඔබෙත් අපෙත් බ්ලොග් එකට ඔය කවි දිගින් දිගට ම ලියන්න කියලා ඉල්ලන ගමන් ඔබේ ‍බ්ලොග් දිවියට සුභ පතනවා.
    ඔබේ නිර්මාණ එළිදක්වන්න සහ රසවිදින්නන් වෙත ගෙන යෑමට මේක ඉතාමත් සාර්ථක ක්‍රමයක්. බ්ලොග් සගයින් අතර රසවින්දනයක් සහිත බොහොමයක් නිතරම අපි එක්ක ඉන්නවා. ඇත්තට ම සතුටුයි ඔබේ නිර්මාණ මේ සමග එකතු කරාට. දිගට ම ලියාවි කියලා බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  5. ඇත්තටම දැන් මේවා නොවුනොත් අපිට අපේ රට හදුනා ගැනීමටත් නොහැකි වේවි.

    ReplyDelete
  6. කොච්චර බණ කිව්වත් ඒව අහන්නෙ කවුද? වයසට ගිය අපේ අම්මලයි තාත්තලයි. තරුණ හෝ මැදිවිය ගැන හිතුවොත් වැඩියෙන්ම බණ අහන්නේ කාන්තාවෝ. පෝයට පන්සලකට ගියත් වැඩියෙන් ඉන්නෙ ගෑනු. ඒත් සමාජයේ දූෂණ වංචා මිනිමැරීම් හොර තක්කඩිකම් (පස් පව්) 99% ක්ම කරන්නේ පිරිමි. එහෙනම් බණ කියන්නම්වාලේ කියල හරියන්නෙ නෑ. හාමුදුරුවරු අවශ්‍ය පුද්ගලයන්ට ග්‍රහනය වෙන අයුරින් බණ දේශනා කළ යුතුයි. ඇත්තටම මේක මහ පුළුල්ව සාකච්ඡා කළ යුතු මාතෘකාවක් ඉසුරිකා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...