Monday, March 10, 2014

නොයිඳුල් සඳවතියට ඇරයුමක්..................



දෙනෝදහසක් යදින සුසුවඳ
දෙනෝ දහසක් පතන සැනසුම
නන් දෙනා ඔබෙ පතන සිසිලස
මටම විතරක් ලැබෙනු කෙලසද...................

දිනෙන් දින පඬු පොවන නුබ ගැබ
පඬු පොවන තරු එළිය විඳ විඳ
ලොවම සොයනා ඔබේ සිසිලස
නොපතමිය අද සිහිනෙකිඳු මම................

ඉඳුල් වන ඔබෙ පාට දැක දැක
හූල්ලනු මිස නොදැක ඒ වග
සඳේ ඔබගේ ඉඳුල් සිසිලස
සමාවනු එය නොපතමිය මම......................

සඳේ කැළුමන් දුටුව පෙර දින
සිපගතිමි එය වශී විලසින
විඳින බව අන් අයද සිසිලස
කෙලෙස අමතක කරන්නෙම් මම..................

ඈත කඳුකර ගිරි ශිඛර මැද
තනිව හුන් සඳ මෘගයන් මැද
පුර පොහොය දා පමණක්ම වන
මගේ දිවියම අමාවක වුව..................

බෙදන්නට නම් ලොවට කැල්මන්
සිඹින්නට ඇයි කළේ සරදම්
විඳින්නට නම් ඔබේ රුදුකම්
කියනු මැන මට මගේ නොපනත්............


චතුරිකා චන්ද්‍රෙස්කර

17 comments:

  1. ස්තුතියි රස ව්න්දාට.....................

    ReplyDelete
  2. හැඩයි,අපි තනියම අයිති කර ගන්න හැදුවත් හැමෝටම පොදු දේවල් කොයි තරම් තියෙනවාද හරියට මේ පුර පෝයදා සද වගේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මනෝජ්.හැම ‍ෙදයක්ම තනියම අයිති කර ගන්න
      අපිට බැහැනෙ..........

      Delete
  3. අගෙයි දිලිනියෝ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ශානු...................

      Delete
    2. ශානු පැටලුනා නේද? මේ දිලිනිගේ කුරුටු පොත නෙමේ..මේ සෙට් එකේ කුරුටු පවුර.

      Delete
    3. හැබෑ නේන්නම්.......කොහොම නමුත් අගෙයි කියල කියන්න නොවෑ ඕනෑ උනේ

      Delete

  4. //ඉඳුල් වන ඔබෙ පාට දැක දැක
    හූල්ලනු මිස නොදැක ඒ වග
    සඳේ ඔබගේ ඉඳුල් සිසිලස
    සමාවනු එය නොපතමිය මම................//

    ඇත්තමයි..

    පද පේලිය කියවලා ටික වෙලාවක් ගල් ගැහිලා වගේ බලන් හිටියා........ ඒ තරම් හිතට වැදුනා කවි පෙළ..

    ජය වේවා!!!
    පුළුවන්නම් ගොඩවෙලා යන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි........ඒ පැත්තට ගිහින් එන ගමන්............

      Delete
  5. බොහොම අගෙයි....බොහොම අගෙයි...

    චතුරිකායි, කංචනායි අක්කයි නංගියිද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරූ........ඔව් අක්කයි නංගියි අපි දන්නා.දෙන්නම චන්ද්රසේකර හින්දා ගෙස් කරන්න ඇත්තෙ මයෙ හිතේ...........

      Delete
    2. එහෙම තමයි හිතුවේ. අනික චතුරිකා සහ කාංචනා කිව්වාම මම හිතුවා දෙමව්පියෝ එක ලඟින් යන නම් දෙකක් දාලා බව.

      Delete
  6. ලස්සනයි කවි පෙල..

    ReplyDelete
  7. ස්තුතියි දිනේෂ්............

    ReplyDelete
  8. හැබැයි අපි හිතින් හිතාගන්න දේවල් වලට වඩා සැබෑවට ම තියෙන දේ ගොඩක් වෙනස් හොදේ...........

    ReplyDelete
  9. සමහර තැන් වලදි ඔබ කියන දේ හරි එබිකම්.ඒත් ගොඩක් විට අපි හිතා ගන්න දේවල් හරි..........

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...