Tuesday, February 4, 2014

‍හෙට දින පාර්ලි‍මේන්තුව ?...................



පබා ඕෂධී අනර්කලී
ගීතා රුවන්ති ජින්ජර්
රඟයි දැක්මන් විලාසිතා
බලයි අපි ‍ලොබ බැඳන්........

සිංග්ලිෂ් වදන් වැල්
‍තෙපලමින් චාටු බස්
කරයි අපටම මුසා
රවටමින් එහි ඉඳන්..............

මැකියා‍වෙල්ලි‍ගේ කුමාරයා
lion fox  න්‍යායන්
ඇරිස්‍‍ටෝට්ල් ප්‍ලේ‍ටෝ
තියා ‍නොදනියි ‍අද ගැනත්...........

ර‍ටේ ‍හෙට ගැන වුනත්
‍ගොතයි පද ‍දෙක තුනක්
නදීෂා ඉඳන් තාලයක්
‍‍දේවි කදිමට නළඟනන්.............

රඟන දැක්මන් විලාසිතා
‍ගොතන බයිලා හැඩ දමා
රඟන නැටුමන් බල බලා
අපිත් ඉඳීවිද සැනසිලා............


කාංචනා චන්ද්‍රසේකර

10 comments:

  1. වෙනසක් නෑ... දැන් ඉන්න විකට නළුවෝ ටික්ස කොරන්නෙත් ඒකමනේ..

    ReplyDelete
    Replies
    1. මම කියන්න ගියෙත් මේකම තමයි.දැන් කියලාත් වෙනසක් නැහැ නේ.රටේ තියෙන උත්තරීතම ආයතනයේ ඉන්නේ රටේ ඉන්න අංක එකේ හොරු,මිනීමරුවෝ,කුඩුකාරයෝ,කප්පම්කාරයෝ,මැරයෝ,තක්කඩින් සහා මෝඩයෝ ටික.

      Delete
    2. ඒක ඇත්ත මාතලන් රටේ හැටියටනේ පාලකයොත් නේද????

      Delete
    3. ඔව් මනෝජ්,

      ප්ලේටෝ සහ දේශපාලන විද්‍යාවේ පියා වුණ ඇරිස්ටෝටල් පවා කිව්වේ රටේ ඉන්න බුද්ධිමත් ම පිරිස දේශපාලකයෝ කරන්න ඕනේ කියලා. ඒත් අද ඒකට වෙලා තියෙන දේ තමයි මේ.

      Delete
  2. පාර්ලිමේන්තුව ලස්සන වෙලාවත් ඒවිනේ අඩුම ගානේ..

    ReplyDelete
    Replies
    1. ලස්සන පාර්ලි‍මේන්තුවක් අපිට ‍මොකටද දි‍නේෂ්................

      Delete
  3. ජාතික කපටි සුට් වලට මොකද වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒවා කපලා අමුඩ මහනවා.

      Delete
  4. රටම පිස්සන් කොටුවක්...පිස්සෝ රජ වුනාම ජනතාව නිකන්ම පිස්සෝ වෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව් අරූ. ‍මෙ‍හෙම ගි‍යොත් අපිටත් පිස්‍සෝ ‍වෙන්න ‍වෙයි ළඟදීම.........

      Delete

Related Posts Plugin for WordPress, Blogger...