Saturday, February 22, 2014

විවාහය..................





කාපට් මාර්ගයක
දෙපසින්ම ව්හිද යන
ශ්වේත රේඛා යුග්මයන් සේ
එකිනෙකට මුහුණලත්
කිසිම දින හමු නොවන..........
දෙමසකට වතාවක්
හමුව සැලසුම් කරන
සයිබර් අවකාෂයේ
හැඟීම් ගනුදෙනුව..............
මිනිත්තු දෙකක් දිනකට
සුව දුක් විමසා බලන
දහසකුත් ඉදිරියේ
දිව්රා ගිව්සගත්.............
ඔබට මා ද නැති
මටද ඔබ ද නැති
පොතේ පමණක් ම ඇති
හිතෙහි කිසිදා නොරැඳි..............
ලොවට බියෙන්
සුරුවම් කරන
අකුරු හතර
වි.......වා..........හ.......ය


කාංචනා චන්ද්‍රෙස්කර

11 comments:

  1. සතුට, සැනසුම මුදල් වලින් ම හොයන පරම්පරාවේ විවාහ ජීවිතය ඇත්තටම ඔය වගේ..

    ජය වේවා!!!

    ReplyDelete
  2. ඇත්තෙන්ම මේක ලොකු සමාජ ඛේදවාචකයක්.email,skype හරහා කෙරෙන හඟීම් ගනුදෙනු තාක්ෂණිකයි.අද විවාහයත් තාක්ෂණික වෙලා කියලයි මගෙ නම් හැඟීම.හැම දේම මුදල් වෙන ලෝකයක විවාහයත් මුදල් වීම සාමාන්‍ය දෙයක්නෙ.ඒත් ඒ තුළින් බිහි වන ප්‍රශ්න බොහෝ විය දරුවන්ගෙ ජීවිත පවා විනාශයන්ට ඇද දමනවා...

    ස්තුතියි අදහස් දැක්වීමට.......






















    ReplyDelete
  3. පොතේ පමණක් ඇති විවාහනම් එන්න එන්නම ප්‍රශ්ණයක් වෙනවා තමයි. විවාහය ඊට වඩා සුන්දර විය යුතුයි. මමනම් පොත එතරම් සලකන්නේ නැහැ. සමහර ලිපි රාජකාරිවලට අවශ්‍ය දෙයක් මිසක් හදවතින් බැඳී සිටීමයි යුතු.

    ReplyDelete
  4. ඒක ඇත්ත අරූ.විවාහය සුන්දර විය යුතුයි.ඒත් අද රැකියා සහ මුදල් වැනි කාරණා එහි සුන්දරත්වය හොරාගෙන.හිතේ නැති පොතේ ඇති විවාහයන් බිහි වෙන්නෙ එතනදි..මේ දුරස්ථ වීම් උපේක්ෂාවෙන් දරාගන්න මිනිස්සුන්ට අපහසුයිනෙ..........

    ස්තුතියි අදහස් දැක්වුවාට.......

    ReplyDelete
  5. අවශ්‍යතා අසීමිත වෙන කොට, ජීවන බර වේගයෙන් ඉහල යනකොට මිනිස්සුන්ට සල්ලි වැඩි වැඩියෙන් හොයන්න වෙනව. ඉතින් කරන්න දෙයක් නැති කමට වගේම හැඟීම් පැත්තක දාල සල්ලි පස්සෙ දුවන පුරුද්ද නිසාත් පවුල කියන තැනින් කැඩිල කෙනෙක් ඈතට යනවා.
    තමන්ගෙ වයිෆ් එක්ක වත් ටිකක් නිදහසේ කතා කරන්න වෙලාවක් නැති, ගමනක් බිමනක් යන්නෙ නැති, වැඩ මත්තෙම නහින අයත් ඉන්නව.. ඒ පුංචි දේවල් ගැන මිනිස්සු නොහිතුවට, සමහර විට එයින් ඇතිවෙන පරතරය ආයේ කවදාවත් අඩු කරන්න බැරි වෙන්නත් පුළුවන්.

    ඔබ කිව්ව වගෙ ලොකුම බලපෑම වෙන්නෙ දරුවන්ට.

    ReplyDelete
    Replies
    1. ඇත්ත චන්දන.දුරස්ථ වීමෙන් ඇතිවන පරතරය මුදලින් කිසිදාක ගණනය කරන්න අපහසුයි.ජීවිතයේ සොඳුරු මානසික කාරණාවන්ගෙන් මිනිස්සු ඈත් වීම සුලභ වෙලා කියලයි මගෙ නම් අදහස.තාක්ෂණික හැඟීම් හුවමාරුවකට වඩා විවාහය සොඳුරු කාරණාවක් වෙද්දී එහි ප්‍රතිගාභයන් නිරායාසයෙන්ම දරැවන්ට ලැ‍ෙබනවා. නොවැළැක්විය හැකි කාරණාවන් නිසා දුරස්ථ වුවත් ඔවුන්ගෙ හදවතින් විවාහයේ රැඳී සිටින්න තරම් වගකීම් සහගත වෙනවා නම් පුශ්න ගොඩක් අවම කර ගත හැකියි.

      ස්තුතියි මේ පැත්තට ගොඩවුණාට...........

      Delete
  6. මේක නං නියම කතාවක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකයා.ලොවට බියෙන් රකින විවාහයනට වඩා හදවතින් විඳින විවාහයන් බිහි වෙනවා නමි දරුවන්ගෙ ජීවිත පවා සුරක්ෂිත වෙනවා.අවාසනාවකට අද තත්වය ටිකක් වෙනස්වේගන යනවාදැයි විටක හිතෙනවා.විවාහය අකුරු හතරකට සීමා නොවුණු හෘදයාංගම බැඳීමක විය යුතුයි කියන එන තමයි මගෙ නම් අදහස.............

      Delete
  7. ලස්සන අදහසක් ..

    ReplyDelete
  8. ස්තුතියි උමේෂ්..................





    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...