Monday, February 3, 2014

අසම්මතයේ සොඳුරු වග.............................



සිහින් සිරිපොද වැටෙන වැහි බිඳු
හීන් සැරයෙම වියළිලා
සොඳුර ඔබ මා බැඳුණු අත් වැල්
අපිට නොදැනිම ගිලිහිලා................

සොඳුරු අහඹුව මැව්ව අරුමය
අසම්මතයේ පැටලිලා
සදා ඔබ ළඟ රැඳී ඉන්නට
 නොහී මගෙ සිත පෑරිලා....................

එදා සෙනෙහෙන් බැඳුන වග තුග
ගලේ ඇඳි ලෙස ලියවිලා
මගේ නෙත් තුළ ඔය සොඳුරු බව
සිරවෙලා මට හැඬීලා......................

අගුළු ලා තද කර පතමි මම
හදේ කොනකටවත් එපා
අගුළු සිඳ ඔබ යදම් හී සර
හදෙහි කිමිදෙන රඟ සුබා..................

කාලයේ රුදු බව ඔබව මට
කළත් අහිමිව සැහැසිකම්
මගෙ නෙත් පියවෙන නිමේෂෙත්
දුවයි මසිතට ඔබව නම්.....................


කාංචනා චන්ද්‍රෙස්කර 

4 comments:

  1. හිතුවත් සදා ඔබ මගේම
    කර ගන්නට
    ඔබට ඇවැසි නොවූ
    මගෙ සෙනහස
    ලොව තුළ වල්මත්ව...

    සිහිනෙකිය, එම සැනසුම...
    සදාමිහිරකින් සිත තවනා..
    සැනසුමේ මළගෙදර..
    පතා ඔබට සදා ජය..
    රැඳී හිඳින්නම්....
    පෙනෙන නොපෙන දුරක......

    අනේ හරිම ලස්සනි කාංචනා චන්ද්‍රසේකර අක්කි,

    මට නම් ඔයා තරම් හොඳට කවි ලියන්න බැහැ තමයි. පුලුවන් විදිහට දෙපදයක් ගැට ගැහුවා. මේ පංචි නංගියා ලියපු දේවල් කැතම කැත නම් මට සමාවෙන්න...

    ඔයාව හැමදාම ආදරෙන් හා ගෞරවයෙන් මගේ බ්ලොග් අඩවියට පිළි ගන්නවා. අපි එකම පවුලේ සහෝදර සහෝදරියන් විලස හැමදාම සෙනෙහසින් මෙලෙසින්ම රැඳී හිඳිමු....

    මගේ වැරදි අඩුපාඩු කියලා දෙමින් මේ අහිංසක අවංක පුංචි නංගියාගේ ලිපිවල අඩුපාඩු පෙන්නලා දෙමින් මගේ ම ලොකු අක්කි වෙලා හැමදාම මගේ බ්ලොග් එකේ මා එක්කම රැඳිලා ඉන්නය කියලා ඔයාට මම ඉතාම ගෞරවයෙන් හා ආදරයෙන් ආරාධනා කරනවා අක්කි....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට.........
      ලොකු ඇගයීමක් කරලා මගේ කවියට.අපිත් ගොඩ වෙන්නම් ඔබේ බ්ලොග් අඩවිය පැත්තට....

      Delete
  2. ///කාලයේ රුදු බව ඔබව මට
    කළත් අහිමිව සැහැසිකම්
    මගෙ නෙත් පියවෙන නිමේෂෙත්
    දුවයි මසිතට ඔබව නම්.....................///

    සහතික ඇත්ත.....
    ලස්සන කවියක්..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විදානේ ඔබගේ ඇගයීමට...........

      Delete

Related Posts Plugin for WordPress, Blogger...