Friday, November 8, 2013

ආත්මාර්ථකාමීත්වය......













ඉසුරුමුණි ඔහු
ඉසුරුමුණි ඈ
මේතරම් ප්‍රේමයක්
ආදරයක් කොහෙන්
යැයි
දහසක් කිවිවරුන්
සැලමුතු ප්‍රේමය
සමකරනා
මේ යුවළ
සැබෑම ප්‍රේමයේ ආදරයේ
ප්‍රතිමූර්තියද?
නැත නැත
එය මුලාවකි. මායාවකි.
ඔවුන් කොටුකර
එය ප්‍රේමය....
සැළමුතු ප්‍රේමය..
යැයි කීම
ආත්මාර්ථයකි.
නොපෙනෙන්න‍
නොදැනෙන්න
පියවි ලෝකයට
ඇය ඔහු ගැනත්
ඔහු ඇය ගැනත්
සැක කරන්නට ඇත
දහස්වර...
ගල්තලාවක ඔවුන් තබා
නොතෙරපන්නට
මේ වන විටත්
ඔවුන් වෙන් වී
බොහෝකලක් වනු ඇත

හසිත හර්ෂණ

7 comments:

  1. සැළමුතු ප්‍රේමය..යැයි කීම ආත්මාර්ථයකි.
    ඇත්ත තිත්තයි

    ReplyDelete
    Replies
    1. ඒත් අපි බාරගන්නවෙන්නේම තිත්ත වූ ඇත්තම වීමයි අවාසනාව..ස්තුතියි අසීමාන්තික අදහස් දැක්වීමට

      Delete
  2. එසේනම් සදාතනික පෙමකට ලොවේ ඉඩක් ඇත්තේම නැතිද...?

    ReplyDelete
    Replies
    1. අපි සදාතනික ආදරයක් හොයන්නේ වෙනස් වන ලෝකයක ඉදගෙන.මනෝජ් ඒ ලෝකේ සදාතනික වූ ආදරයක් නෑ කියලයි මගේ අදහස.... ඔබට ස්තුතියි අදහසක් දැක්වුවාට.අපිව දිරිමත් කරනවාට

      Delete
  3. Replies
    1. කළුවර හීනය..ස්තුතයි ඔබටත්

      Delete
  4. සැක නොකරන ප්‍රේමවන්තයෝ සහ ප්‍රේමවන්තියෝ ඉඳීද? ඔවුනොවුන් ප්‍රේමයෙන් බැඳෙන්න බැඳෙන්න ඔවුනොවුන් දෙසම සැකයෙන් හා අවිශ්වාසයෙන් බලති. ඒ එකෙක් අනිකාව හැර දමා යැයි බියෙන්ය.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...