Friday, November 1, 2013

සබරගම් මහ බඹා....


 සබරගම් මහ බඹා
දැමුණු නොදැමුණු
සුදු කලු මිනිසා ............
මවා පෙන්වන දසුන නුඹ මැයි
සබරගමු මහ බඹගේ කෝලම
වරෙක අවි දරනා
වරෙක සිල් රකිනා
නුඹගේ අනුරුව මැයි ................
සබරගම් මහ බඹුගෙ කෝලම
වරෙක පොහො දා සදක්මැයි මුව
වරෙක ගිනිගත් යවට සේ මැයි
ක්‍රෝධය වෛරය දැල්වෙන
දෙබඩි මිනිසා නුඹයි ..............
සොදුරු දෙවියා රුදුරු රකුසා
වසන්නෙ නුඹ ගත සිතේ මැයි
එළිය අදුර සැනෙකින් පෙන්වන
ඉන්ද්‍රචාපය නුඹයි
නුඹගෙ අනුරුවමැයි
සබරගම් මහ බඹුගෙ කෝලම
දෙබඩි මිනිසා නුඹයි............


ඩබ්.ටී වීරසිංහ

4 comments:

  1. හරිම ලස්සන කවියක්...........

    ඕක සබරගමුවේ අයගේ ලක්ෂණ පෙන්වන සබරගමුවට ම විශේෂිත අංගයක් නේද????

    ඕකෙන් පෙන්වන්නේ සබරගමුවේ අයගේ හැටි නේද????

    කොහොම වුණත් සෑම මිනිසෙකු තුළ ම ඔබ කියූ අයුරට ම මේ සුදු කළු පැති දෙක ම තියෙනවා. අපි චර්යාවෙන් මේවායේ අඩු වැඩි භාවිතාවන් කරනවා. ඒකයි එක මිනිස්සු ජාතියක් නරක වෙන්නෙත් තව ජාතියක් හොද වෙන්නෙත්. හැබැයි අපි දන්නෑ අපි තුළ මේ දෙකම තියෙනවා කියලා.

    තුෂාර විතාරණ

    ReplyDelete
  2. මහ බඹාට මුනු දෙකයි

    ReplyDelete
    Replies
    1. ඔව් දමිත්,

      ඒ දෙක දෙවිදියක් නේ. එකක් හරිම ලස්සන අහිංසක මූණක්. අනික යකෙක්ගේ වගේ භයානක දරුණු මුහුණක්. මේක සබරගමුවේ පෙරහැරවල් වල දී සුවිශේෂී අංගයක් විදිහට දකින්නට පුළුවනි.

      Delete
  3. හරිවැඩේ ! මේ අගනා නිමැවුම දුටුවෙ දැන් නේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...