Sunday, September 8, 2013

අදත් තරහා වෙලා ......................



ඊයේ තරහා වුණේ
තවම කිසිම සද්දයක් නෑ..............

හැමදාම ඔහොමයි
පුංචිම පුංචි දේකට තරහා වෙනවා.
එදා වෙනකල් මං කරපු හොද ඔක්කොම ඉවරයි.
මේ ලෝකේ ඉන්න
කාලකන්ණිම මිනිහා මං කියලා කියනවා.
ඒ විතරක් යෑ,
ඊ‍ට පස්සේ මං උන්නද මලාද බලන්නේ නෑ.................................

කොච්චර තරහා වුණත් කමක් නෑ.
මාව පේන්න බෑ කියලා කිව්වක් කමක් නෑ.
මට බැන්නත් කමක් නෑ.
මං ගැන කාට මොනවා කිව්වත් කමක් නෑ.................

ඔච්චර ම තරහයි නම්,
මට ගැහුවත් කමක් නෑ.
ඒත් මදිනම් මට වෙඩි තියලා මැරුවත් කමක් නෑ.............

හැබැයි මට පේනනම බැරි,
මෙච්චර රින්ග් කරලත්,
ෆෝ‍‍න් එක ගන්නැති එක ...............................

තුෂාර විතරණ

.

4 comments:

  1. හැමෝට ම ඔහොමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇනී,

      හැබැයි හැමෝම හිතනවා වගේ මට තමයි මේක වැඩිම.........

      Delete
  2. අහෝ දුකකි...
    රටට විපතකි...

    තරුණයො ආදරෙන්
    අන්ද වෙලා...
    දේශපාළුවො රට කනවා


    ආදරණිය "චේ"
    නැගිටපන් සොහොනෙන්
    අවදි කරපන්
    තරුණ මොල ගෙඩි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...