Tuesday, September 17, 2013

යදියා...




පදික වේදිකාවේ යදියෙක්
දෙන්න සතයක් නෑ
අතපාන කොට
පිටුපා යන්නත් බෑ
උපාධි සහතිකය දුන්නා
යදියාට දයා සිතින්
කීයක් හරි ගන්න
නෙත සිදීගිය වියලිදෑස
හැරුණා මදෙසට
ඔලොගුවට අතදමා
කුණු තැවරුණු
පොඩිවී ගිය යමක්
පිරිනැමුවා මට
කීයක් හරි ගන්න
පී.එච්.ඩී
සහතිකය......


ඩබ්ලිව්.ටී වීරසිංහ

3 comments:

  1. වීරේ.......අපි කුමක් කරමුද??

    ReplyDelete
  2. ම් අපරාදෙ ඒකවෙනුවට වෙන හොද ප්ලාස්ටික් තහඩුවක් දුන්න නම් හරි..
    උපාදි සාහතිකයට වඩා ඝනකම් නිසා ඒක වැදගත් වෙන්න තිබුනා..

    ReplyDelete
  3. ඇත්ත කතාව. අද දැන උගත් කමට උරැම තැන මහපාර තමයි. අපි කැම්පස් ගිය දවසේ ඉදලා ම මහපාරට බැහැලා පුරැදු වු‍ණ දේ වටින්නේ ඒකයි. ඒක උගතුන්ගේ වැරැද්ද ද නැත්තම් රටේ කරැමෙද කියලා හිතන්න ඕනේ නේ ද? උපාධිය හිගන්නට දෙන්නත් පී.එච්.ඩී කාරයන් හිගා කන්නත් හේතුව ඒක නේ ද ?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...