Saturday, September 28, 2013

පෙනෙන නොපෙනෙන දුරක සිට ..........................


නිදි නැතිව දෙනෙත් යුග ‍
වෙහෙසෙද්දි ..........................
රැය පුරා මුදු තාල
හැඩවෙද්දි ..........................
ඒ හඩට ඔබේ බඳ
නැළවෙද්දි ..........................
මගෙ බඳත් නැළවුණා මුදුතාල
හැඩවෙද්දි ..........................

ඔය දෙනෙත මයෙ නෙතට
යා‍ වෙද්දි ..........................
ආදරයේ සුපෙම් සුව
වැගිරෙද්දි ..........................
මගේ බඳ ඔබෙ බඳට
ළංවෙද්දි ..........................
මන්මත් වුණා මහද මොහොතකට
මුමුණද්දි ..........................

පෙනෙන නොපෙනෙන දුරක සිට
හමුවෙද්දි ..........................
දහසකුත් තරු පොකුරු මා/ඔබ වෙතට
ළංවෙද්දි ..........................
මත් වූ ඔය දෙනෙත් මා සමග
යා වෙද්දි ..........................
සත්තමයි සොදුර ඔබ මගේ මයි
එළිවෙද්දි ..........................

කාංචනා චන්ද්‍රසේකර

.

4 comments:

  1. සිතින් සිත හැගී ඇත...
    හදින් හද බැඳී ඇත....
    ගතින් ගත වෙලී ඇත...
    දිනෙන් දින ගෙවී ඇත....

    ReplyDelete
  2. ස්තූතියි සිතුවිලි,

    ලස්සන කවි පද ටිකකුත් පෙළගස්වලා තියෙන්නේ .......

    ReplyDelete
  3. ලස්සන පබැඳුමක්..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රෙහානි,

      ඔබේ අදහස් දැක්වීම් අපට දිරිගැන්වීමක්.

      Delete



Related Posts Plugin for WordPress, Blogger...