Wednesday, September 25, 2013

මහ ඇමතිලා වැඩ අරඹලා .........................



අත් කකුල් පුටු සමතලා කර
බුලත් කොළයක් වඩමලා
හතර අත එය කරක කරකා
හැම ගොනාට ම දික් කළා
ඉහ වහා ගෙන වල ඉහාගෙන
හිතේ හැටියට කා නටන්නට
බලා හුන් ටික එක් කළා ...................

මහ ඇමතිලා වැඩ අරඹලා................


එදා ඉඳ නිල් පෑය ගාගෙන
පෝස්ටර් කටවුට් බැනර්
ලයිට් කණු, ගස්, ගල් පුරාවට
අලවලා බලයට ගෙනා
නිල් ආණ්ඩුවෙ නිල් වසාගෙන
හතර අත කොළ තවරලා
ගමේ මිනිහට ආසනෙත් නෑ
මෙහෙට පැරිෂුට් බස්සලා
පක්ෂෙ මිනිහට ඇමතිකම් නෑ
ඇපත් නෑ ගෙදරට කළා ...................

මහ ඇමතිලා වැඩ අරඹලා ...................


අපේ එකෙකුට කොහෙන් දෙන්නද
ජොබ් උන්ගෙ උන් උස්සලා
ඉන්ටකූලර් උන් ව නග්ගන්
අපිට දුම් දා ගෙන ගියා
පක්ෂෙ හින්දා අපිට තැලූ උන්
අද ගමේ පොරවල් වෙලා
අතින් කාගෙන කඬේ ගිය අපි
බලූ වෙලා අද බලූ වෙලා ...................

මහ ඇමතිලා වැඩ අරඹලා ...................

ඡන්දෙ ගනිනට කලින් හංගපු
ඡන්ද කොළ මළු උර ගනන්
පන්ති අස්සෙන් මතුවෙලා අද
කියනවා මැතිවරණ ප‍්‍රතිඵල
ඔව්වා මෙනවා ද හොඳම එව්වා
හෙට අනිද්දට කරනවා
ගෑණු වැඩ කර කර හිටපු අය
දකී අපි හෙට දාන වැඩ කිඩ
හැමර් මොකට ද මල්ලිලා
ලැම්බොගිනි අපි ගේනවා ...................

මහ ඇමතිලා වැඩ අරඹලා ...................

මැද පළාතේ මහ ඇමතිකම
ලොකුයි වැඩියෙන් අගමැතිකම
පුතා රජ කරවන්න මහ තැන
අත්හරී දිව රාජ සම්පත
පුතේ උඹටත් හැකියි හෙට සිට
මහ රජෙක් ලෙද සැරදෙවන්නට
ඉදින් හොඳ හැටි තෝරලා උඹ
මිනිස් පුළුටක් දකින්නට නැති
හොඳම කන්දක් බලාපන්
ඊට පස්සේ අප්පා වාගේ
කෝටි ගානක් යට කොරාලා
කන්දෙ සුරපුරයක් හදාලා
දෙවැනි අම්බුළු රජ වෙයන් ...................................

තුෂාර විතාරණ

.

1 comment:

  1. ඉතින් තුෂාර පුරුදු විදිහටම විවෘත මනසකින් දේශපාලන ලෝකය දිහා බලනවා. ඔයාගේ ලියවීම් මම ඉතා උනන්දුවෙන් කියවනවා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...