Monday, September 16, 2013

සදා ලෙංගතුය ඔබ මගෙන් දුරක වුව .............................



සීත මීදුමක දැවටිලා ඔබ
ළංවුණා මගේ සිහිනයට මොබ
පපුතුරෙහි ඔබේ රැඳුනු උණුසුම
දැනුන සඳ වැටහුණා පියවි බව ..............

සඳේ හිමිකම පතා නුබ ගැබ
හඬා වැටුණ ද ඉකිගසා ගෙන
අහස් හිමි මගෙමයි පතාගෙන
සඳත් වැළපෙයි ලොවට රහසින ........

සඳ බැසයන සඳ අහස හැරදමා
අහස සේම සඳ හඩයි ඉකිගසා
ඔබට සේම මට දැනෙයි හද පුරා
හැරයා යුතු බව සිහින බිඳ දමා ...........

ඔබේ හද උණුසුමට ළං වෙමින් පියවි ලොව
විඳි සුවය පැරදුනා සිහින ලොව උණුසුමට
ගතින් නොවෙතත් සිතින් වුණ සැනසුමට
සදා ලෙංගතුය ඔබ මගෙන් දුරක වුව .............................


කාංචනා චන්ද්‍රසේකර

.

3 comments:

  1. හ්ම්...හ්ම්..

    ReplyDelete
  2. එහෙම කිව්වේ ඇයි?????

    ReplyDelete
    Replies
    1. රස වින්දෙමි යන අර්ථයෙන්.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...