Friday, September 13, 2013

හීන පාට කරන්න එන්න ................................



සිහින කොදෙව්වක අතරමග මුණගැසුණ
සොඳුරු නෙත් මගේ හද මන බැඳුණ
එදා මෙන් අදත් සිත සුවය දෙන
මන්මත් කරයි මහද මොහොතකට සමවැදුණ ..............................

සමනලුන් රොන් සොයා පියඹලා ඇදෙන ලෙද
ඔබ මා ත් පියඹුවා නිශායම හීන ලොව
එළිවෙද්දි තටු සිඳී සිහින බොඳ වූ සඳ
හිටිවනම මියැදුනා සොඳුරු පෙම අපේ ළඟ ......................

ඔබේ මුදු උණුහුමට ලංවෙමින් සිහින ලොව
පාට පෙව් සිත්තමම මැකී ගොස් අදුරු ‍වුව
ඔබ මගෙන් දුර ගොසින් හැර දමා සිහින ලොව
යළි එන්න සොඳුර ඔබ අපෙ සිහින සිත්තමට .................................

කාංචනා චන්ද්‍රසේකර

.

6 comments:

  1. nice writings kanchana

    ReplyDelete
    Replies
    1. ඔබගේ දිරිගැන්වීමට ස්තූතියි

      කාංචනා

      Delete
  2. මිහිරි කවිපෙලක් කාංචනා. හීන පාට කරන්න එන්න වෙන්නේ නැහැ පාට පෙට්ටිය ඉවරවෙලා. කළුයි, සුදුයි විතරයි ඉතුරු.

    ReplyDelete
  3. ඒ පාට හොදටෝම ඇති. බොහොම ස්තූතියි ඔබේ අදහසට .............................

    කාංචනා

    ReplyDelete
  4. අපි හැමදාම නොතිත් බලාපොරොත්තුවකින් ජීවිතය ඉදිරියට ගෙන යනවා. හරියට ඔබ ඔබේ පෙම්වතා ගේ පුනරාගමනය බලාපොරොත්තු වෙනවා වගේ

    ReplyDelete
    Replies
    1. ඔබේ කමෙන්ටුවට ස්තූතියි සිතුවිලි.

      කාංචනා

      Delete

Related Posts Plugin for WordPress, Blogger...