Tuesday, July 23, 2013

හදක් සහ පෙමක්






ලොවක් දුටුවේ - නෙතක් තුළ වූ
සඳක් දුටුවේ - වතක් තුළ වූ
සිතක් සෙව්වේ - මලක් වැනි වූ
වරක් සිතුවේ - මදක් ගැන වූ

හදක් පැතුවේ - හදක් නොවෙදෝ
බිඳක් දැ‍නුනේ - සිතක් තුටු වූ
සුවක් දැනුනේ - ලයක් නැළ වූ
පෙමක් දැනුනේ - නිමක් නොම වූ

නෙතක් හැඬුවේ - ලොවක් නැති වූ
වතක් මැරුණේ - සදක් නොම වූ
මලක් වූයේ - සිතක් නැති වූ
හදක් රිදුනේ - වරක් නොම වූ

හදක් දුටුවේ - හදක් හැඬවූ
සිතක් බිඳුනේ - බිඳක් නොම වූ
ලයක් තැවුනේ - සුවක් නැති වූ
නිමක් දුටුවේ - පෙමක් නොවෙදෝ


- අසංක -

.

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...