Monday, July 1, 2013

නීතියේ ආධිපත්‍යය - සොරුන් ඇල්ලීම



සිදු පිට නැගී ආ රන් කගක්
ලේ පිපාසයෙන් සිඳී අහිංසක ජීවිතයක්
මහ දවල් මහ සෙනගක් වුව ද මහමගෙහි
දුටුව එ‍කෙකුදු නොවේ. මිනිස්කම පලාගිය.

බෝතලයට යටවී සිතට කියූ කල බෙරි බැව්
නැගුණු සිත තුළ කාම ගිනි
කුමරි බඹසර ඉකිබිඳියි. ඈ ගත තෙමී කඳුලින්
නොමැත දක්නට අයෙක්. සඳුද සැඟවී
තරු සොයයි සැඟවෙන්න යුතු තැන්.

උහුලාගනු නොහී කුස තුළ නැගුණු ගිනි
නිවාගනු වස් හොරටම නොව ගත් ඉන්
කෙසේ නිවනෙම් ද කුස ගිනි ලයේ ගිනිගත්
දුටුවේ එකෙකිය. හඹා එන කැලකිය.


තුෂාර විතාරණ

.

1 comment:

  1. ඇත්ත මේක තමයි සමාජ යතාර්ථය

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...