Monday, January 11, 2016

කොටහළු ගෙවල් වලට පැන - ගල් බෝතල් හිඟන..............



සිවිල් අැඳුම් ලා ගෙන
කොටහළු ගෙවල් වලට පැන
ගල් බෝතල් හිඟන
හිඟන්නන් පිරිසකිය බිහිවන

මේ හිඟන්නන් දුටු තැන
මිනිසුන් තමන්ට ගහගෙන
උඩ තට්ටුවට නැගගෙන
කොල්ලො පනී ජනෙල් කඩාගෙන

දුක ඉපිද හිඟන්නන් ගැන
දැන දැනම ඉරි කපාගෙන
පිනට දහමට ලැදි මහා ජන
මොණර කොළ දී මොවුන් සනසන

වේ නම් ගෙදර දොර ප්‍රශ්ණ
හිඟන ගුබ්බෑයමට ගිය තැන
මොණරු ගෙන ප්‍රශ්ණ විසඳන
ඕනෙනං රෑ ගෙටත් රිංගන

වටලනවා නං හොදම තැන
කුඩ්ඩො මැරයෝ රැළක් ගැවසෙන
අයුතු ජන රාශියක් සිදුවන
තැනකි දියවන් පොකුණ මැද්දෙන

නොවී ලැජ්ජා තැන තැන
තම හිස කෙලින් කරගෙන
වැදූ අම්මට පිං පතාගෙන
ප්‍රකාශකයිනි ගෙදර යනු මැන........................


කසුප් අනුරාධ


.

99 comments:

  1. පොලීසියට එල්ල කරන මෙවැනි මඩ ප්‍රචාර සත්‍යයෙන් තොරයි..

    මීට පොලිස් මාධ්‍ය ප්‍රකාශක..

    ReplyDelete
    Replies
    1. දණ්ඩ නීති සංග්‍රහයේ මොන වගන්තියට අනුවද????????

      Delete
    2. ෙමාන දන්ඩද??

      Delete
    3. දණ්ඩ ද????? අර කැබ් ඒකේ කතාව කියන්නද??????

      Delete
    4. දණ්ඩ දනී (කැලේ ගිහින් නිදි වැරුවා කැකුණ සඳුන්)

      Delete
    5. අණ්ඩ පනී...................

      Delete
  2. මෙව්වා අමූලික බොරු. මාත් එදා ඇඹිලිපිටියේ හිටියේ...
    මට මෙහෙම දෙයක් මතක නෑනේ...


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මතක තියෙයියැ ඉතිං මගුල් ගෙදරින් බීල කන සාක්කුවෙ දාගෙන ඉන්නකොට. හැක්...

      Delete
    2. එතකොට තල්ලු කරේ මාෂල්වත්ද??

      Delete
    3. පහුවදා උදේ ගියපු වාහනේ අයියා කථාකරල කව්වා..
      "මල්ලි මං වාහනේ සර්විස් එකට දැම්මා" කියලා.. හැක් හැක්

      Delete
    4. ඉන්ටීරියර් ටිකක් අවුල් වගේ දැනුණා කියලා කිව්වා කියලත් කියහං........

      Delete
    5. හැක්.. දැං හිතාගත්තැකි වෙලා තියෙන දේ.

      Delete
    6. මුකුත් මහ දෙයක් වෙලා නැහැ........ ඉන්ටීරියර් ටිකක් සුද්ද කරාලු............ ඒච්චරයි..........

      Delete
    7. කාපට් හේදුවට ගඳ යන් නෑ . ඕ යේස්

      Delete
    8. හත්තිලව්වයි............. විදානෙට වෙච්චි වැඩේ කවුරුවත් කිව්වාද?????? මේ තාම සිද්ධිය ගෙදරින් ඒහෙම දන්නෑ.... පත්තරේ දාන්න ඒපා යකෝ..... පව් අහිංසකයා....

      Delete
  3. ඇඹිලිපිටිය තියෙන්නෙ ලංකාවෙද බං...? එහෙම පැත්තක් නෑනෙ බං මෙහේ...

    ReplyDelete
    Replies
    1. මේ අනික. ගේම ඉල්ලල හැංගිල ඉඳල යන්තං පෙට්ටියෙ ඇණ ගලෝගෙන ඇවිල්ල ඉන්නෙ.

      Delete
    2. ගේම ඉල්ලුවා විතරයි උඹලා කෙලින්න ගත්තනෙ මාවිල්ආරුවට ගහනවා වගේ...

      Delete
    3. ux ys;qfja uf,a uQ lsh,d'''' vS

      Delete
    4. ඔක්කොටම රෙඩි පිට තමයි..

      Delete
    5. කැමා................

      උඹ ජීවතුන් අතරද????????? 

      Delete
    6. කැමා දැන් ස්වීප් ටිකට් ලෑල්ලක වැඩ.ඒකයි වැඩිය පෙන්න නැත්තේ.මටත් එදා අහම්බෙන් මුන ගැහුනේ.

      Delete
    7. අනේ නෑ බං. කැමා පොත් ගන්න ගිහිං. කඩේදිම පොත කියවලා. ටික දවසක් ගියා තමා ඉතිං.

      Delete
    8. නෑ නෑ......... කඩේදි හොරෙන් පොත් කියවලා අහුවෙලා පොත් බයින්ඩ් කරන්න දාලා.....

      අර සයිවර් කඩවලින් හොරාට කාලා අහුවුණාම පිගන් හෝදන්න දානවා වගේ........ හැක්

      Delete
    9. නොදකින් තොපි නම්...

      Delete
    10. නෑ ඉතින් අපි මේ..................... අපි මේ........

      Delete
  4. සියලුම අයුතු ජන රාශීන් සිදුවන ස්ථානවල බෝතල් දෙකක් ස්ටෑන්ඩ්බයි තැබිය යුතුය.

    මීට තමංගෙ ආරක්ෂාව තමං සලසාගතයුතුය සංවිධානය.

    ReplyDelete
    Replies
    1. ඇයි ප්‍රසන්න අයියා අනුංගේ කෙහෙම්මල් අස්සේ අතදාන්න යන්නේ..??




      http://nihandasiththaraawi.blogspot.com/2016/01

      Delete
    2. ප්‍රසාගේ මුහුනත් තහඩුව දැක්ක ගමන් මම හිතුවේ මූ වැරදිලාවත් පෝස්ට් එකක් දාලා කියලා..බැලින්නම් මූ නෙමෙයි නේ..

      Delete
    3. ඒක සුපිරි සිද්ධියක් බං...... මං ඒතනත් මේක කිව්වා... හැබැයි ඒ පෝස්ටුව අැදලා ගියා ප්‍රසාගේ මූණ නිසා.....

      හෙණ මාකට් ඒකක් තියෙන මූණක්නේ......

      Delete
    4. හැක්.. බලහං අපේ මූන දාපුවහම තියෙන පබ්ලිසිටි එක.
      ඒ උනාට ඕකට අදාල වෙච්ච දේ මම එතන කියල ආව.

      Delete
    5. මොනවා වුණත් මූණ දිලිසි දිලිසි සින්ඩි වල ගියාම කට්ටිය පොරකාගෙන යන්නේ........ ප්‍රසා අයියා අත දාපු තැන් බලන්න...

      Delete
    6. මුගෙ මූණ හෙණම මාකට්..මම කලින් දවසක කිව්වෙ ඕකගෙ මූණ කාගෙ වගේද කියල...හෙහ්,හෙහ්,

      Delete
    7. රවී..............

      මොනවා වුණත් හොද මිනිහා ප්‍රසා අයියා........

      Delete
  5. අපුරු කවි ටික.

    අපේ රටේ ප්‍රශ්නය මිනිසුන්ට ඉක්මනින් අමතක වීමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ලංකික................

      හැබැයි මෙහෙම දේකුත් තියෙනවා... මේ වෙන දේවල් වල හැටියට මේවා මතක තියාගන්න ගියානං ඔලු කීපයක් ම ඔ්නේ වෙනවා.... ඉතින් අමතක කරන ඒක හොදයි කියලා මිනිස්සුන්ට හිතෙනවා අැති....

      Delete
  6. කරුමෙට ඔය සිද්ධිය වෙච්ච තැන CCT කැමරා කට්ටක් තිබිල නැහැනේ...
    එහෙම තිබ්බනම් අර මාධ්‍ය ප්‍රකාශකගේ රෙදි කැලේ...

    ReplyDelete
    Replies
    1. තිබ්බත් ඒවා ලංකාවේ බලන්න බැහැ කියලා රට යවනවානේ බං.......

      Delete
  7. දේශපාලුවකුගේ *ක හෝදලා කාකි ඇඳුමක් දාගෙන හිටියෙ නැත්නම් ඔය කට්ටිය හොඳට ගුටි කනවා.

    ReplyDelete
    Replies
    1. මේක යකාගේ රටක් බං......

      Delete
  8. කවියේ මතු කරන ගැටලු පිලිබදව මෙලෙසද කිව හැකිය.

    1. මගුල් ගෙවල්වල අහල පහලට කරදර වන පරිදි රූ 10, 12 වනතුරු නටමින් සින්දු කියනවිට එවා අනෙත් මිනිසුන්ගේ නිදහස වෙනුවෙන් නැවැත්වීමට හැකි ක්‍රමවේදයක් තිබිය යුතුය. මෙයට හොදම ක්‍රමය ස්වයං හික්මීමය. තමන්ගේ ආතල් කාටවත් කරදරයක් නොවන ලෙස ගැනීම මිනිසුන්ගේ වගකීමය.

    2. මිනිසුන් පාරවල් වල තමන්ම හදාගෙන තියෙන නීතී පද්දතිය උල්ලංගනය කරන විට ඒ සදහා දඩ අය කිරීමේ ක්‍රමයක් ඇත. පොලිසියට මුදල් ගෙවිමෙන් තොරව ඕනෑම කෙනෙකුට දඩ කොලය ලබා ගෙන යා හැකිය. තමන් කල වරදට දඩ කොලය ලබා ගන්නේ නැතුව ඩීල් දමන්නට යන්නේ ජනතාවය

    3. ඉතිරි කරුණද පොලිසියේ පමණක්ම වරද නොවන්නේය.

    4. දියවන්නාවට මිනිසුන්ව අප වෙනුවෙන් නීතී හදන්නට යවා තිබෙන්නේ ලංකාවේම බහුතරයක් ජනතාවය. එතන ඉන්නේ කුඩුකාරයින්, බඩුකාරයින්, මැරයින් කියා කියුවද වෙන කෙනෙක්ට එතනට යන්නට දෙන්නේ නැත්තේද මේ රටේ ජනතාවය. ඒ ඔවුන්ගේ කැමැත්තය. පොලිසියට නිලධාරීන් බදවාගෙන ඇත්තේද මේ රටේම ජනතාවගෙන් සුදුසුකම් පරික්ෂා කරලාය.

    5. පොලිසිය කොහොමත් නරකය, පොලිසිය තියෙන්නේ මොකටද කියල හොදට හොයල බැලුවානම් ප්‍රශ්නයට උත්තරයද තියෙනවාය. පොලිසියක අවශ්‍යතාවය නැතිවෙනතුරු මිනිසුස්ට මේ ගැන කවි ලියන්නට පුලුවන්ය.

    මේ කවිය පිලිබද විචාරයක් නොවේය.

    ReplyDelete
    Replies
    1. අනේ මචං ප්‍රදීප් මංගල..............

      දැන් උඹ කියන විදිහට

      1. අපේ හෙඩරට ගෙඩි පිටිං උස්සලා භාවිතා කරන අර බුකි සෙට් ඒක නිවැරදිය.

      2. අැඹිලිපිටියේ කොටහළු ගෙවල් වලට පැන කොල්ලෝ මරා දමන පොලීසිය ද නිවැරදයි.

      අනේ මන්දා බං..............

      Delete
    2. මම දෙකම නිවරදියි කියල නෙමෙයි තියෙන්නේ. ඔයා කියවන්නේ භාගයයි ඒකයි ප්‍රශ්නය.

      බැලු බැල්මට පෙන්නේ පොලිසිය වැරදියි කියල. මිනිස්සු කෙලින්ම ඇගිල්ල දික් කරන්නේ පොලිසිය දිහාවට. හැබැයි ඒ ලියන කිසිම කෙනෙක් අනිත් පැත්තේ තියෙන අඩුපාඩු ලියන්නේ නැහැ. ඒක ඕන කමින්ම මග හරිනව. මිනිස්සුන්ගේ පැත්ත හදන්නේ නැතුව ආයතන පද්දතිය විතරක් ගොඩ නගන්න බැහැ.

      පොලිසිය ලංකාවේ තියෙන ඔක්කොම මගුල් ගෙවල් වලට ගිහිල් බොන්න බෝතල් ඉල්ලන්නේ නැහැ, මිනිස්සුන්ට ගහන්නෙත් නැහැ. (බොන්න බෝතල් ඉල්ලුව කියන්නේ ගිටිකාපු කට්ටිය. පොලිසිය කියන්නේ පොලිසියට මුලින්ම ගැහුව කියල, මොකද වුනේ කියල විමර්ශනය කරන්නේ පොලිසිය)

      පොලිසියට ගැහුවහම (පොලිසියේ වැරැද්ද වුනත් නැතත්) පොලිසියත් නිකන් ඉන්නේ නැහැ පොලිසිය අඩුම තරමේ අණ්ඩක්වත් කඩල දානව. පොලිසිය පිලිබදව බියක් ජනතාවතුල ඇති කරනවාය. එහෙම නොවුනොත් පොලිසියට පාරේදි මිනිස්සුන්ගෙන් ගුටි කන්නට වෙනවාය. පොලිසිය එය නඩත්තු කල යුතුයි මේ ක්‍රමය පවත්ව ගෙන යන්න. (මෙය හරි නොවේ සිදුවන්නේ මෙයය).

      මිනිස්සු අනිත් මිනිස්සුන්ගේ නිදහස පිලිබදවත් තමන්ගේ සීමාව පිලිබදවත් නොදැන සිටිම මෙම ප්‍රශ්න වලට එක් හේතුවක්ය.

      ලංකාවේ සාමාන්‍යයෙන් අඩුමගානේ දවසට එක්කෙනෙක්වත් මිනිස්සු ගහල, වෙඩිතියල මරල දානව, (හරියටම ප්‍රමාණය දන්නේ නැත).

      කවුරුවත් ඒ මරණ වලට විරුද්ධව මේ තරමට උද්ගොෂණය කරන්නේ නැහැ. කවි ලියන්නේ නැහැ. අඩුම තරමේ සමහර මිනිමැරුම් සම්බන්ධයෙන් මිනිස්සු සාක්ෂි දෙන්න උසාවියකටවත් යන්නේ නැහැ. තමන්ගේ ප්‍රශ්නයේදි විතරයි රෙදි උස්සගෙන එන්නේ.


      පොලිසිය හොද කරන්න ලස්සන කරන්න පරමාදර්ශි කරන්න ගියාට උත්තර හම්බ වෙන්නේ නැහැ. ආපහු හෙට පොලිසිය තව කාටහරි ගහනව, හදන්න ඕන මිනිස්සුන්ව, මිනිස්සුන්ගේ ආකල්ප, මිනිස්සු පවත්වා ගෙන යන මේ ක්‍රමය. මිනිස්සුන්ට පෙන්වන්න ඕන තමන්ගේ තියෙන වැරැද්ද, සමාජයේ තියෙන වැරැද්ද, පොලිසිය වැරදියි කියල පෙන්නපු ගමන් මිනිස්සු ප්‍රශ්නේ පොලිසියට දාල පැත්තකට වෙනව. විසදුමක් හම්බ වෙන්නේ නැහැ.



      (ඔයාගේ හෙඩරය උස්සපු බුකි සෙට් එක නිවරදි කියා මා කියුවේ නැත. නැවත කියවන්න. මම කියුවේ ඔයගොල්ලොත් වැරදි කරනව කියල)

      Delete
    3. ප්‍රදීප්.................

      ඔබ සාධාරණ සංවාදයකට ඒනවා කියලා හිතෙන නිසා ඔබ සමග සාකච්ඡා කිරීමට කැමතියි... හැබැයි අපි හිතනවා මේක සාර්ථක සාකච්ඡාවක් වෙයි කියලා... තරහා පිරිමහන හෝ වෙලාව කන දෙයක් නොවේවි කියලත් හිතනවා...

      මචං.... ලංකාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක්... ඒ කියන්නේ ජනතා පරමාධිපත්‍යය තියෙන රටක්.... ජනතාවට තමා සියලු තීන්දු තීරණ ගැනීමේ අයිතිය තියෙන්නේ.... ඔවුන් කෙටි කාලයට තම ඡන්ද අයිතිය භාවිතා කරලා තමන්ට තියෙන පාලන බලතල වසර කිහිපයකට නියෝජිතයින් ටිකකට දීලා පාර්ලිමේන්තු යවලා තියෙනවා.... ඔවුන් හදන නීති වලින් කිසිසේත් ම ජනතාවගේ නිදහසට බාධාවක් වෙන්නත් බැහැ... ඔවුන්ගේ ඒදිනෙදා ජීවිතයට කිසිම බාධාවක් වෙන්නත් බැහැ... මොකද පාර්ලිමේන්තුවේ ඉන්නේ ජනතාව යවපු තමන්ගේ නියෝජිතයා මිසක් අපි හිතාගෙන ඉන්න මහා ලොකු මන්ත්‍රීලා හෝ අැමතිලා නෙමෙයි....

      මචං පොලීසිය කියන්නේ මේ පාර්ලිමේන්තුව විසින් හදපු නීතිය (ප්‍රධාන නීතිය වෙන අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඊට අනුකූල වෙනත් නීති) අාරක්ෂා කරන්න ඉන්න රජයේ සේවකයින් පිරිසක් විතරයි..... නීතිය හදන්නේ ව්‍යවස්ථාදායකය... ඒක කවුරු හරි කඩනවානං නීතිය ඉදිරියට ඔවුන් ගෙනැල්ලා නීතිය පසිදලන්නේ අධිකරණයයි..... පොලීසිය කියන්නේ මුලින් ම මේ නීතිය යම් තැනක ප්‍රායෝගික ගැටලුවකට ලක්වෙනවා නං ඊට වගකිව යුත්තන් අධිකරණයට ඉදිරිපත් කිරීමට රජය සතුව අැති අායතන පද්ධතියක්....

      දෙවැනුව පොලීසිය කියන්නේ රජයේ සේවකයින් පිරිසක්.... ඒ කියන්න් ඔවුන් පඩි ගන්නේ රටේ ජනතාවගේ බදු මුදලින් රජයට ලැබෙන මුදලින් ..... ඔවුන් ජනතාවගෙන් වැටුප් ගන්නවා කියන්නේ ජනතා සේවකයින්......

      මචං මං හිතන්නේ දැනට ම පැහැදිලියි පොලීසිය කියන්නේ කවුද කියලයි අැඹිලිපිටියේ පාටි දාපු හෝ රටපුරා ඉන්න අනික් ජනතාව කවුද කියන ඒකයි.....

      //පොලිසිය ලංකාවේ තියෙන ඔක්කොම මගුල් ගෙවල් වලට ගිහිල් බොන්න බෝතල් ඉල්ලන්නේ නැහැ, මිනිස්සුන්ට ගහන්නෙත් නැහැ.//
      මචං වෙන කොටහළු ගෙවල් වලට නොගියාට මේකට විතරයි ගියේ කියලා සුද්ද කරන්න බැහැ.... ජනතාවගේ සේවකයින් රටේ ඒකම ඒක පුරවැසියෙකුටවත් කරදරයක් කරන්න බැහැ.... යකෝ මේ ජනතාවගේ අයිතීන් ඔවුන් ඉදිරියේ ම කඩා දැමීමක්........

      // පොලිසිය පිලිබදව බියක් ජනතාවතුල ඇති කරනවාය. එහෙම නොවුනොත් පොලිසියට පාරේදි මිනිස්සුන්ගෙන් ගුටි කන්නට වෙනවාය. පොලිසිය එය නඩත්තු කල යුතුයි මේ ක්‍රමය පවත්ව ගෙන යන්න.//

      මචං පොලීසි තියෙන්නේ ජනතාව බය කරලා තියාගන්න නෙමෙයි.... පොලීසිය තියෙන්නේ ජනතාවගේ අාරක්ෂාවට... ජනතාවට කරදරයක් වෙන විදිහට මිනිහෙක් පිහියක් අරන් මරන්න ඒනවානං ඒකෙන් ජනතාව අාරක්ෂා කරගත යුත්තේ පොලීසිය... නැතුව පාටි අස්සට ගිහිල්ලා මිනී මරන්න ඒයාලට බැහැ.....

      //ලංකාවේ සාමාන්‍යයෙන් අඩුමගානේ දවසට එක්කෙනෙක්වත් මිනිස්සු ගහල, වෙඩිතියල මරල දානව,//

      මචං මේවා සිවිල් ජනතාව අතර අැති වල ගැටුම්.... ඒවාට රජයේ කිසිදු අායතනයක් සම්බන්ධ නැහැ.... ඒ කියන්නේ විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් නෙමෙයි ජනතාවට පහර දීලා තියෙන්නේ..... නමුත් පොලීසිය කියන්නේ විධායක හෝ පරිපාලන ක්‍රියාවට අදාල වන අායතනයක්...ඒකයි ඔවුන්ගේ හිරිහැරයක් මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙන්නේ....(මූලික අයිතිවාසිකම් කඩවීමක් වුණාම රටේ තියෙන උත්තරීතරම අධිකරණය වෙන ශේෂ්ඨාධිකරණයට යෑමේ අයිතිය ජනතාවට තියෙනවා..... මොකද රටක ජනතාව ඡන්ද බලය භාවිතා කරලා තමන්ට හිමි පාලන බලතල සීමිත කාලයට නියෝජිතයින්ට භාර දුන්නාට තමන්ගේ මූලික අයිතිවාසිකම් කාටවත් පවරන්නේ නැත.....)

      මේ සාකච්ඡාවට අපි අාවේ ඔබේ සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවයට බව සලකන්න....

      Delete
    4. පැරණි තරහ මරහ මක්කටෙයි දැන්. ඔන්න ඔහොම ඉන්න එපායැ..

      Delete
    5. ප්‍රදීප් අපි හිතුවා ඔබ දිගට ම සාකච්ඡාවට ඒවි කියලා... ඒකයි නිවැරදි සංවාදයකට සම්බන්ධ වුණේ..... තාමත් අපි බලාගෙන ඉන්නවා ඔබ ඔබේ මතවාදයේ ඉදලා සාධාරණ සංවාදයකට ඒනතුරු.............

      Delete
    6. ඔබ ඉදිරිපත් කර ඇති කරුණු සමග බොහෝ දුරට එකගවෙමි. එහෙත් සමහර කරුණු සම්බන්ධව මට පැහැදිලි කිරිමක් ඇත.

      උදාහරණයක් විදිහට ගමු කිසියම් ස්ථානයක පාටියක් තියෙනව. පාටියේ ඉන්න මිනිස්සු රූ 10 පහුවෙල සින්දු කියනව, කෑ ගහනව. (ඔවුන් රජයේ නිලධාරින් නෙමෙයි සාමාන්‍ය ජනතාව) ඒ ක්‍රියාවෙන් අහල පහල මිනිස්සුන්ට කරදරයි. අහල පහල මිනිස්සු මේ පිලිබදව පොලිසියට කියනව. පොලිසියට ඒ මිනිස්සු එක කියන්නේ මේ මිනිස්සු එතනට ගිහිල් එම ඉල්ලීම කලොත් තමන් සමග අමනාප වෙයි. මම කියන දේ අහන්නේ නැතිවෙයි. මට ගහල එලවයි වගේ කියල හිතන නිසා

      පොලිසිය ඇවිත් කියනව රූ 10න් පස්සේ සද්දේ දාන්න බැහැ ඒ නිසා මේක නවත්වන්න කියල. පොලිසිය ඇවිත් කියුවහම නවත්වන්නේ නිතීයට තියෙන බය නිසා (පොලිසියට තියෙන බය නිසා) . පොලිසිය කියුවහම නවත්වන්නේ නැත්නම් මොකද කරන්නේ? නැත්නම් පොලිසිය කියුවහම පොලිසියට බනිනව හෝ ගහනව (පාටියේ මිනිස්සු බීල ඉන්නේ) එතකොට මොකද කරන්නේ?

      පොලිසියට එක්කො අකුලගෙන මේ මිනිස්සු තමන්ට කැමති වෙලාවක නවත්තයිනේ කියල යන්න ඕන, නැත්නම් අනිත් මිනිස්සුන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් පාටිය නැවැත්වීමට තමන්ට තියෙන බලය පාවිච්චි කරන්න ඕනේ. පොලිසිය අකුලගෙන යනවනම් මිනිස්සු එකතුවෙලා වැටුපක් ගෙවල පොලිස් නිලධාරීන් පත්කරගෙන ඉන්න එකේ තේරුමක් නැහැ.

      මිනිස්සු තමන්ගේ ගෙදර පාටිය රූ 10ට ඉවර කරනවනම්, මිනිස්සු තමන්ගේ සීමාව ආරක්ෂා කරනවනම් පොලිසියට මැදිහත් වෙන්න අවශ්‍යතාවයක් නැතුව යනව.

      අපි පොලිසිය කරන ලද වැරැද්ද පිලිබදව කතා කරන තරමටම, සාමාන්‍ය මිනිස්සු කරන වැරැද්දත් පෙන්වන්න ඕන. පොලිසියේ වැරැද්ද විතරක් පෙන්නුවහම සාමාන්‍ය මිනිස්සු හොදයි වගේ අදහසක් එනව.

      එනිසා, පොලිසියේ පහරදීම පිලිබදව ස්වාධින පරික්ෂණයක් කරන ලෙසත් මෙවැනි ගැටුම් ඇතිවීම වැලැක්වීම සදහා සාමාන්‍ය ජනතාවද තමන්ගේ දෛනික කටයුතු අනෙත් පුද්ගලයින්ගේ නිදහසට බාධාවක් නොවන පරිදි පවත්වන ලෙසත් බලපෑම් කල යුතුයි.

      Delete
    7. ඔබගේ 2,3,4 ජේදවල සදහන් කරුණු යම් තරමකට වෙනස් විය යුතුයි කියල අමතර වශයෙන් මම හිතනව, ඒක මගේ ප්‍රධාන කරුණු දැක්වීම හා සම්බන්ධ නැතිනිසා වෙනම සටහනක් යොදන්නම්

      ජේද අංක 2 - ජනතාවට තින්දු තිරණ ගැනීමේ අයිතියක් නැහැ, තියෙන්නේ ඒ සදහා නියෝජිතයින් පත් කිරීමේ අයිතිය විතරයි. ඒ වගේම නියෝජිතයින් පනවන නිතී වෙනස් කිරීමේ අධිකාරියක් සාමාන්‍ය ජනතාවට නැහැ.

      ජේද අංක 3 - පොලිසියට තියෙන්නේ රජය වෙනුවෙන් නීතී විරෝධි කටයුතු සම්බන්ධව විමර්ශනයන් සිදුකිරීම සහ මහජනතාව අතර සාමය පවත්වා ගෙන යාම සදහා තියෙන ආයතනයක්. (ඔබගේ මුලික තර්කයද එයම වන බව හැගේ)

      ජේද අංක 4 - පොලිසිය කියන්නේ සාමය පවත්වා ගෙන යාමටත්, නීතීයට විරුද්ධව කටයුතු කරන පුද්ගලයින් පිලිබදව විමර්ශනයන් සිදුකර අධිකරණයට වාර්ථා ඉදිරිපත් කිරීමත් ආදි රාජකාරී ඉටුකිරීම වෙනුවෙන් සාමාන්‍ය ජනතාව ගෙවන බදු මුදල් වලින් වැටුප් ගන්න නිලධාරින් සමුහයක්.

      ජේද අංක 6 - පොලිසියට පමණක් නෙමෙයි සාමාන්‍ය ජනතාවටත් අනෙත් පුද්ගලයින්ගේ නිදහසට බාධාවක් වන පරිදි හැසිරෙන්න බැහැ.

      ජේද අංක 7 - පොලිසිය තියෙන්නේ ජනතාවගේ ආරක්ෂාවට නෙමෙයි. පොලිසිය සිදුකරන කාර්යයන් වලින් (ජේද අංක 4) ජනතාවට ආරක්ෂාවක් ලැබෙනව.
      පොලිසිය තමන්ගේ කාර්යයන් කරන්නේ සාමාන්‍ය ජනතාව බියට පත් කරල, පොලිසියේ සොක්කගේ ඉදල ලොක්කො ඔක්කොම දන්නව මිනිස්සුන්ට පරුෂ වචනයෙන් බනින එක, ගහන එක වැරදි කියල. හැබැයි සාමාන්‍ය අත්දැකිම තමයි වැරද්දක් කරපු ගමන් චුදිතයට පොලිසිය ගහනව, බනිනව සහ අපහාසයට ලක් කරනව. ඒ බය නිසා තමයි මිනිස්සු පොලිසියට විරුද්ධව යන්නේ නැත්තේ. පොලිසිය යම් දෙයක් කියුවට පස්සේ ඒ අනුව කටයුතු කරන්නේ.

      Delete
    8. හරි ප්‍රදීප් ඔබ හොද ප්‍රවේශයක් ගන්නවා වැඩේ ගැන කතා කරන්න....

      මෙහෙමයි අපි හිතමු මේක වුණේ අැඹිලිපිටියේ නෙමෙයි. පොලීසියෙන් ගිහිල්ලා වැඩේට සහය දෙන්න ගල් බෝතල් දෙකක් ඉල්ලුවේ නැහැ. මොනම විදිහකින් හරි (පළවෙනිට මිනිස්සු බැනලා-ගහලා හරි) ඒතැන ගැටුමක් අැති වෙලා සිවිල් අැදුමෙන් පොලීසියත් ගෙනැල්ලා පාටියේ හිටපු මිනිස්සුන්ට පොලීසිය පහර දීලා නැහැ. උඩ තට්ටුවක සිට මිනිහෙක් තල්ලු කරලා ඔහු තුවාල ලබල මැරුණේ නැහැ.

      හරි මේ විදිහ තත්වයක් ගැන විතරක් අපි කතා කරමුකෝ..... ඒතැනදී අපේ දෙපාර්ශවයම සමාන කරගත හැකියි. දැන් ඔබේ ප්‍රවේශය නොහොත් මිනිස්සුන්ගේ පැත්තෙන් විතරක් වැරදි වෙන තත්වයක් ගැන හිතමු......

      ළගපාත ගෙදරක රෑ 10 පහුවෙලත් ශබ්ද දාගෙන පාටියක් දානවා. අපි 119 කතා කරලා කියනවා. පොලීසිය ඒනවා. අැවිත් සාධාරණ විදිහට මේ පිරිසට දන්වනවා මේක නීති විරෝධියි කියලා. ඒත් මේ පිරිස පාලනය වීමක් නැහැ. පොලීසියට අවනත වෙන්නේ නැහැ. දැන් පොලීසිය කියන්නේ ඔබ කියන විදිහට ම රටේ ජනතාව පඩි ගෙවලා රජයේ සේවයේ යොදවලා තියෙන සිවිල් ගැටලු වලදී නීතිය අාරක්ෂා කිරීමට ඉන්නා අායතනය තමා.....

      සාමාන්‍ය ජනතාව යම් වෙලාවක පොලීසියේ රාජකාරියට බාධා කරනවානං ඔවුන්ව අත්අඩංගුවට ගන්නට පුළුවන් අවම බලය භාවිතා කරලා..... හොදට මතක තියාගන්න මේ අවම බලය කියන්නේ ටොක්කක් අැනීමේ සිට මරණය දක්වා හේතුවන අාකාරයේ කිසිම පහර දීමක් නෙමෙයි..... නමුත් මෙතැනදිත් ඒ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට බාධා කරනවානං පොලීසියට තව දුරටත් ඒතැන කළ හැකි දෙයක් නැහැ.... ගැටුමකට නොයා ඔවුන්ට ඉවත්වී පසු දිනම මහේස්ත්‍රාත් උසාවියට බී වාර්තාවක් (මට මතක විදිහට) මගින් සිද්ධිය සහ අත්අඩංගුවට ගැනීමේ දී පලාගිය පුද්ගලයා ගැන වාර්තා කර වරෙන්තු ගත හැකියි. ඒ බව අදාල ග්‍රාම නිලධාරීට සහ නිවසට සිතාසි යවා දැනුවත් කරනවා.

      අදාළ කාලය තුළ ඒත් උසාවියට ඉදිරිපත් වුණේනැත්තං උසාවිය මගහැර සිටීම සහ අනෙකුත් වැරදි විදිහට විවෘත වරෙන්තුවක් ගන්න හැකියි.......

      ප්‍රදීප් මේක තමා නීතිය... මේ නීතිය හදලා තියෙන්නෙත් අපේ නියෝජිතයෝම තමා..... ඒක යම් තැනක ගැටලුවකට ලක් වෙනවානං ඒකට අදාල විසදුමුත් ඒ නීතිය තුළ ම තියෙනවා..... අපි ලංකාව ගත්තාම අපිට හොද නීති පද්ධිතියක් තියෙනවා.... ඒත් මේ නීතිය ක්‍රියාත්මක වීමේ යම් යම් ගැටලු තියෙනවා.. ඒකට මිනිස්සුන්ගේ තියෙන නොදැනුවත් කමත් ප්‍රධාන හේතුවක්.... ඔබ ගේන විදිහට පොලීසියට බය හෝ පාලනය අනිවාර්‍යයෙන් ම තිබිය යුතුයි කියලා තර්කයක් නැහැ..... ඒක කරන්න හැකි නීත්‍යානුකූලව විතරයි..... මිනිස්සු නීතියට පිටුපෑවොත් ඒකට නීතිය පසිදලන්න උසාවිය තියෙනවා.... මිනිස්සු පාලනය වෙන්න අවශ්‍ය නීතියට මිසක් පොලීසියට හෝ ඔවුන්ගේ අැදුමට නෙමෙයි......

      මං හිතන්නේ ඔබේ තර්ක වලට උත්තර ලැබුණා...... අපි මොනවා කරත් අමතක කරන්න බැරි දේ තමා වැරැද්දක් කරන මිනිහෙක්ට වුණත් සාධාරණ නීතිය පසිදලීමකට අයිතියක් තියෙනවා කියන දේ............ ඔහු මේ රටේ පුරවැසියෙක්..... ඒක අපි හැමෝට ම තියෙන අාරක්ෂාවක්....

      අපි මේ කතා කරේ ඉහතදී කිව්ව වගේ පොලීසිය අතිශය නිවැරදියි කියන තැන ඉදලා.. ඒත් අැඹිලිපිටිය පොලීසිය වැරදියි කියලා පැහැදිලියිද??????? ඒහෙනං මෙතැනදී පොලීසිය කරපු ප්‍රායෝගික වැරදිත් ඒක්ක ගත්තා ම ඔවුන්ගේ පැත්ත ගැනීමට කිසිම හේතුවක් නැහැ කියලා දැන් තේරෙනවා අැති...........

      මොනවා වුණත් ඔබේ සාධාරණ සාකච්ඡාවට අපි තාමත් ලැහැස්තියි.......

      Delete
    9. මම මුල සිටම පොලිසිය වෙනුවෙන් පෙනි සිටියේ හෝ පොලිසිය පැත්තේ හිටගත්තේ නැත. පොලිසිය ක්‍රියාත්මකවු ආකාරය හෝ ඔබගේ කවියේ තියෙන පොලිසියේ වැරදි පිලිබදව කතා කිරිමේදි සාමාන්‍ය මිනිස්සුන්ගේ වැරදි තමයි මම කියුවේ. ඒවා පිලිබදවද අවධානයට යොමුවිය යුතුයි යන්නයි මාගේ අදහස. නැවත කිව යුත්තේ පොලිසිය නිවරදි බව මම කියන්නේ නැහැ.

      ඔබ කියන කරුණු නිවරදියි සහ තාර්කිකයි, හැබැයි ප්‍රායෝගික තත්වයේදි එයම සිදුවෙන්නේ නැහැ සහ සියලුම ස්ථාන වලදි ඔය විදිහටම කටයුතු කරන්න බැහැ සහ දැනටනම් කොහොමටත් ඒ විදිහට කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. ඉදිරියේදි හෝ ඔවැනි (පොලිසිය සාමාන්‍යය ජනතාවට ගරු කරන) තත්වයක් ඇති කිරිමට මිනිස්සු එකතුවිය යුතුයි සහ බලපෑම් කල යුතුයි.


      මම කියන තර්කය තමයි සාමාන්‍ය මිනිස්සු අනෙක් මිනිස්සුන්ගේ නිදහසට සහ අයිතින් වලට ගරු කල යුතුයි. වැරදි කරනවිට පොලිසියට දක්වන විරෝධයම සාමාන්‍ය ජනතාවටද දැක්විය යුතුයි. පොලිසිය පමණක් විරෝධය දැක්විමෙන් හෝ පොලිසිය කරන ලද වැරැද්ද හෝ පොලිස් ප්‍රකාශකගේ ප්‍රකාශයන් ජොක් කිරිමෙන්ම පමණක් විසදුමක් ලැබෙන්නේ නැහැ.

      මිනිස්සුන් තුල අනෙත් මිනිස්සුන්ගේ අයිතින් වලට ගරු කලයුතුය යන ආකල්පය ඇතිකල විට පොලිසියටද එය මගහැර යාමට නොහැකි වනු ඇත.

      Delete
    10. ප්‍රදීප්..................

      ඔබේ පළවෙනි ම කමෙන්ටුවේ මෙහෙම තියෙනවා..

      //පොලිසිය කොහොමත් නරකය, පොලිසිය තියෙන්නේ මොකටද කියල හොදට හොයල බැලුවානම් ප්‍රශ්නයට උත්තරයද තියෙනවාය. පොලිසියක අවශ්‍යතාවය නැතිවෙනතුරු මිනිසුස්ට මේ ගැන කවි ලියන්නට පුලුවන්ය. //

      අැත්තට ම මං හිතනවා දැන් ඔබ මේ ප්‍රකාශයේ අැති වැරදි තේරුම් ගෙන අැතිය කියා......

      ඔබ අද දින 11.33 ට කරපු කමෙන්ටුව අැත්තට ම මම ඔබේ ඉහත කමෙන්ටුවට උත්තර දීමත් ඒක්ක පැටලිලා... ඒහිදී පෙන්නලා තියන කරුණු ගැනත් ගැටලු කීපයක් ම තියෙනවා....

      //ජේද අංක 2 - ජනතාවට තින්දු තිරණ ගැනීමේ අයිතියක් නැහැ, තියෙන්නේ ඒ සදහා නියෝජිතයින් පත් කිරීමේ අයිතිය විතරයි. ඒ වගේම නියෝජිතයින් පනවන නිතී වෙනස් කිරීමේ අධිකාරියක් සාමාන්‍ය ජනතාවට නැහැ. //

      මේ ප්‍රකාශය සම්පූර්ණයෙන් ම වැරදියි...... රටක් පාලන බලතල තියෙන්නේ ජනතාවට.... රටක් ගැන තීන්දු තීරණ ගැනීමේ පරම අයිතිය තියෙන්නේ ජනතාවට..... නමුත් රෝමයේ ග්‍රීසියේ තිබ්බා වගේ රටේ ඡන්දහිමි ජනතාවට ඒක තැනකට ඒකතු වෙලා සාකච්ඡා කිරීමට හෝ කැමැත්ත ප්‍රකාශ කොට ඡන්දය දීමට හෝ නොහැකි නිසා දැන් ලෝකයේ තියෙන්නේ වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය නොහොත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන දේ.... වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය තිබුණා කියලා අර ජනතාව සතු තීන්දු තීරණ ගැනීමේ අයිතිය කිසිසේත්ම වෙනසක් වෙලා නැහැ..... ඒ නිසා අපි වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගැනීමට අපි නියෝජිතයෙක් යවනවා මිසක් ජනතාවගේ අයිතීන් ඔවුන්ට බූදලයක් විදිහට දෙන්නේ නැහැ...... දැනට ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන ගැටලුව තමා මෙහෙම යවන නියෝජිතයින් යම් වැරැද්දක් කරාම ජනතාවට ඒක ප්‍රශ්ණ කිරීමට හෝ තම නියෝජිතයා නැවත කැදවීමේ හැකියාවක් නොමැති වීම.... මේක ගැනනං සාකච්ඡාවක් ගොඩනැගීම වැදගත්...

      //පොලිසිය තමන්ගේ කාර්යයන් කරන්නේ සාමාන්‍ය ජනතාව බියට පත් කරල, පොලිසියේ සොක්කගේ ඉදල ලොක්කො ඔක්කොම දන්නව මිනිස්සුන්ට පරුෂ වචනයෙන් බනින එක, ගහන එක වැරදි කියල. හැබැයි සාමාන්‍ය අත්දැකිම තමයි වැරද්දක් කරපු ගමන් චුදිතයට පොලිසිය ගහනව, බනිනව සහ අපහාසයට ලක් කරනව. ඒ බය නිසා තමයි මිනිස්සු පොලිසියට විරුද්ධව යන්නේ නැත්තේ. පොලිසිය යම් දෙයක් කියුවට පස්සේ ඒ අනුව කටයුතු කරන්නේ.//

      පොලීසියට වැරදිකරුවන් හෝ සැකකරුවන් පාලනය කිරීමට තමන් සතුව තබා ගත යුත්තේ මිනිසුන්ට ගහලා බැනලා බය කර ගැනීමක් නෙමෙයි.... අැත්තට ම නං මිනිස්සු බය වෙන්නේ ඔ්නේ පොලීසියට නෙමෙයි ප්‍රදීප්... රටේ නිතියට.... පොලීසිය රටේ නීතිය හා සාමය රකින අායතනය විතරයි..... ඔවුන්ට ජනතාවට කිසිම අාකාරයක පහර දීමක් කරන්න බැහැ.... අඩුම ගානේ ටොක්කක්වත්..... ඒ විතරක් නෙමෙයි බනින්න හෝ ඉගියෙන්වත් ජනතාවට බලපෑමක් කරන්න බැහැ....... ඒක තමා රටේ නීතිය...... මං දිගින් දිගට ම කියනවා වගේ ඒ දේවල් වලින් මුක්තවීමේ අයිතියක් (මූලික අයිතිවාසිකමක්) ජනතාවට තියෙනවා..... ඉතින් ඔබ තව දුරටත් ඉන්නා මේ වැරදි පදනමින් ඉවත් වෙලා අැඹිලිපිටියේ සිද්ධිය දිහා බැලුවොත් වැඩේ තව දුරටත් පැහැදිලි වේවි........

      පොලීසිය ඉස්සරහා මේ තරම් වැරදි ගොඩක් තියෙද්දි සහ ඔබ විසින් පොලීසිය පැත්ත ගැන කතා කරද්දි දරන්නා වූ මේ වැරදි පදනම් මුලින් ම ඉවත් විය යුතුයි.....

      ඊට පස්සේ අපිට මිනිස්සුන්ගේ පැත්ත කතා කරන්න හැකියි මචං.....

      Delete
    11. ප්‍රදීප්ට යමක් කියන්න හිතුන නිසා අනවසරයෙන් මැදට පැන්නට සමාවෙන්න.. මේ සංවාදයේදී ඔයා එක තැනක කියනව පොලිසිය විතරක් නෙවෙයි මහජනතාවත් වැරදියි කියන එක. මම යෝජනා කරනවා මහජනතාව නෙවෙයි වැරදි පොලීසිය කියල. එහෙම කියන්න හේතුව තමයි පොලිසිය ඉන්නේ නීතිය කඩ කරන මහජනතාව නීතිය ඉදිරියට පමුනවලා සිවිල් නීතිය සහ මහජනතාව ආරක්ෂා කරන්න. එත් වර්තමානය වෙද්දී වෙන්නේ මහජනතාවට පොලිසියෙන් ආරක්ශාවෙන්න සිද්දවෙලා තියන එක.

      අහල පහල මිනිස්සුන්ට භාධාවක් වෙන්න උත්සව සමරන එක සාධාරණයි කියල මම කියන්නේ නැහැ. ඒත් පොලිසිය ඉන්නේ එතනට ඇවිත් යකා නටල තුන් හතර දෙනෙකුට තඩිබාල එකෙක් දෙන්නෙක් මරල නීතිය ඉෂ්ටකරන්න නෙවෙයි. පොලිසියේ සහ නීතියේ ප්‍රධාන පරමාර්ථය වැරදි කරන්නාවූ උදවිය යහමගට ගැනීම විය යුතුයි. මේ උත්සවය පැවතුනේ මහපාරක නෙවෙයි නිසා පොලිසියට ඕනෑතරම් නීතියේ ප්‍රතිපාදන තියනවා නිවෙස් හිමියාව උසාවියට ඉදිරිපත් කරන්න. පොලිසිය අරක්කු ඉල්ලුවේ නැහැ කියල අපි උපකල්පනය කරමු . ඒත් එක් අයකු මිය යන්න තරම් ප්‍රශ්නය දුරදිග යන්න හේතුව පිලිසිය ලයිසන් චන්ඩි බවට පත්වීම නෙවෙයිද???

      අල්ලස් ගැනීමේදී මිනිස්සු පොලිසිය එක්ක ඩීල් දාල පොලිසිය එතනට පත්කරගන්නවා කියන කාරනාවක් මේ සංවාදයේදී මතුවෙලා තිබුන දැක්ක නිසා මේ ටිකත් ලියන්න හිතුන. අල්ලස් දීමට උත්සහ කිරීම වරදක් කියන දේ දන දැනම, අල්ලස් දීමට උත්සහ කරන පුද්ගලයාව නීතිය ඉදිරියට පමුණුවන්න ඕනෑතරම් නීතියේ ප්‍රතිපාදන තියෙද්දිත් පොලිසිය යම් අත යට ඩීල් එකකට එකඟ වෙනවා කියන්නේ එතන ජනතාව අතේ එක් වරදක් සහ පොලිසිය අතේ වැරදි දෙකක් තියනවා කියන එක නේද. ජනතාව නිරන්තරයෙන් වරදට පෙළඹෙන පිරිසක් වෙච්චි නිසා තමයි පොලිසිය කියන ආයතනය ගොඩනගලා තියෙන්නේ. එත් ඒ ජනතාව නීතියේ පිහිටුවන්න පොලිසිය ක්‍රියාකරන්නේ නීති පොතට පිටින් නම් එතන චෝදනාව එකෙන්ම එල්ලවෙන්නේ පොලිසියට මිසක් ජනතාවට නෙවෙයි.

      නීතිය රකින්න පොලිසිය සාධාරණව ඉදිරිපත් වෙනවානම් නීතිය නොලකා හරින්න මිනිස්සු ඉදිරිපත් වෙන්නේ නැහැ. පොලිසිය හරියට නීතිය රකින්නේ නැති නිසා තමයි මිනිස්සු වැරදි කරන්න දෙවක් හිතන්නේ නැත්තේ. නීතිය සැමට එකසේ ඉටුවුනානම් ඔය කොටහළු සංගීතෙ නවතින්නේ රෑ 9.59 ට.

      Delete
    12. මම හිතන්නේ ඔයගොල්ලො මුල පටලවා ගන්නව කියල. මම කියන්නේ අනෙත් මිනිසුන්ගේ නිදහසට සහ අයිතින්ට ගරු කරන මිනිසුන් (සමාජයක්) හදන්නේ නැතුව පොලිසිය හදන්න බැහැ කියන එක. ඔයාල කියන කරුණු තාර්කිකයි, නීතීයේ සහ පොතේ සදහන් වෙන්නේ එහෙම තමයි. හැබැයි අද පවතින ප්‍රායෝගික සහ පවතින තත්වය ඕක නෙමෙයි. ඒක වෙනස් විය යුතුයි ඒ අනුව නීතීයට ගරු කරන පොලිසියක් සකස්විය යුතුයි කියල කියනවනම් ඒක පාර්ශවියයි මම හිතන්නේ සහ ඒ මාර්ගයේ ගිහින් ඔය ප්‍රශ්නවලට උත්තරයක් නැහැ.එකයි මගේ අදහස,

      ඇඔිලිපිටිය සිදුවිම පිලිබදව ඔය ගොල්ලො බලන්නේ ඒක පාර්ශියවයි. එතන සිදුවි ඇති සිද්ධිය පිලිබදව මම හරියටම දන්නේ නැහැ හැබැයි මතයන් දෙකක් තියෙන, කුමන සිදුවීමද සිදුවුනේ යන්න විමර්ශනයක් මත තිරණය කල යුතුයි කියල මම තවමත් හිතනව

      සිදුවි ඇති ආකාරය 1 - උත්සවය පැවති ස්ථානයට පොලිස් නිලධාරින් දෙදෙනෙකු පැමිණ බෝතල් 2ක් දෙනලෙස පැවසීම, ඉන්පසු ගෙදර මිනිස්සු බොතල් නැහැ කියල කියුවහම පොලිසිය උත්සවය නවත්වන ලෙස පැවසීම සහ ඒ පිලිබදව වාදයක් ඇතිවී දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් ඇතිවීම. එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයකු උඩුමහලින් වැටි හෝ තල්ලුකර මියයාම

      සිදුවි ඇති ආකාරය 2 - උත්සවය පැවති ස්ථානයට පොලිස් නිලධාරින් දෙදෙනෙකු පැමිණ උත්සවය නවත්වන ලෙස පැවසීම (සාමාන්‍ය යෙන් අනේ මහත්තයො නවත්තන්කො අනිත් මිනිස්සුන්ට කරදරයි කියල පොලිසිය කියන්නේ නැත) සහ ඒ පිලිබදව වාදයක් ඇතිවී දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් ඇතිවීම. එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයකු උඩුමහලින් වැටි හෝ තල්ලුකර මියයාම

      (බොතල් ඉල්ලුවද, නැද්ද කියන එක සහ වැටිලද, තල්ලුකරලද මැරුනේ යන්න පිලිබදව මාහට නිගමනයකට එළඔිමට නොහැක, ඉතිරි සිදුවීම සිදුවී ඇත)

      නීතීය කඩවන අවස්ථාවකදි පොලිසිය මැදිහත්විය යුතු වුවද අවස්ථා දෙක අනුවම පොලිසිය තමන්ගේ සීමාව ඉක්මවා ගොස් ඇත. සහ පවතින තත්වය අනුව සුදුසුම ක්‍රියාමාර්ග ගෙන නොමැත. පොලිසියට මේවැනි අවස්ථාවකදි ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග ඇත. පොලිසිය විසින් නීතී කඩ කිරිම සාමාන්‍ය පුද්ගලයකු නීතීයක් කඩ කිරීමට වඩා වැරදිය. ඒ අනුව නිතී විරෝධි කටයුත්තක් කරන පොලිස් නිලධාරියකු ඒ බව ඔප්පු වුවහොත් රාජ්‍ය සේවයෙන් ඉවත් කරනු ලැබේ.

      අවස්ථා දෙකම අනුව උත්සවය පැවැත්වු නිවසේ පුද්ගලයින්ද වැරදිය ඔවුන් ශබ්ධ විකාශන භාවිතා කිරීම සදහා අවසර ලබාගෙන නැත. (මෙය ජනතාවගේ අවශ්‍යතාවය අනුව සකස්කරන ලද නිතී මගින් සකස් කරන ලද නිතීයකි). පොලිසිය විසින් ලබාදුන් නියෝගය පැහැර හැර ඇත. ( පොලිසිය නියෝගය ලබා දෙන්නේ කුමන නීතී යටතේද යන්න විචාරිය හැකිය).

      උත්සවය පවත්වනලද නිවසේ පුද්ගලයින් ශබ්ධ විකාශන යන්ත්‍ර සදහා අවසර නොගත්තේ වුවද රාත්‍රී 10ට පෙර උත්සවයේ කටයුතු අවසන් කලේනම් (සාමාන්‍ය නිතීයට ගරු කරමින්)මෙවැනි ගැටලුවක් ඇතිවන්නේ නැත.

      පොලිසිය ලයිසන් චන්ඩින් බවට පත්ව ඇත්තේ සාමාන්‍ය මිනිස්සුද එවැනි ආකාරයේම නිසාය. මමද මාගේ දරුවන් සම්බන්ධයෙන් එක් ආකාරයක චන්ඩියෙක්ය. එය කරන්නේ මට අනුව දරුවන් හොදට හදන්නටය. මම පාරේ යනවිට කිසියම් හෝ අතපසුවිමකට කවුරුන්හෝ මාගෙන් ගේම ඉල්ලා මට පහර දුන්නොත් මා සතුව පහරදීමට තරම් බලයක් තිබෙන්නේනම් මමද පහර දෙනු ඇත.(මෙය නීතී විරෝධිය) මට පහරදීමට තරම් බලයක් තිබේනම් මම පහර කාගෙන පොලිසියට ගොස් පැමිණිල්ලක් දමන්නේ නැත. යථාර්තය මෙයයි නිතිය පැමිණෙන්නේ සිදුවිමට පසුවය

      දැනට පවතින ක්‍රමයතුල ජනතාවට තිරණ ගැනීමේ අයිතියක් ඇත. - මම කියන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතාවට පරමාධිපත්‍ය බලයක් තියෙනව කියල සදහන් වුනට ජනතාවට තමන්ගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන්න පුලුවන් සර්වජන චන්ද බලය හරහා පමණයි. දැනට පවතින තත්වය අනුව පාර්ලිමේන්තුවෙන් යම් නිතීයක් හැදුවට පස්සේ ආපහු ඒක වෙනස් කරන්න ඕන ඒම පාර්ලිමේන්තුවමයි. (ජනතාවට උද්ගෝෂණ, විරෝධතා හරහා බලපෑම් කල හැකියි) ජනතාවට කියන්න බැහැ ඒක ඔහොම නෙමෙයි මෙහෙමයි හැදෙන්න ඕන කියල. ඒ වගේම අපි පත්කරන නියෝජිතයින් එම නියෝජිතයින්ව පත් කරපු ජනතාවගෙන් තමන් ගත යුතු මතය පිලිබදව අදහස් විමසන්නේ නැහැ. අප පත්කරපු නියෝජිතය වැරදි තින්දුවක් ගත්විට අපිට කරන්න දෙයකුත් නැහැ.

      (ග්‍රාම සංවර්ධන කමිටු, එම කමිටුවල නියෝජිතයින්ගෙන් සකස්වෙන ප්‍රාදේශිය කමිටු හා දිස්ත්‍රික් කමිටු හරහා පාර්ලිමේන්තු නියෝජිතයින්ට බලපෑම් කල හැකි නිතීමය ව්‍යුහයක් සකස්විය යුතුයි කියල මම හිතනව)

      Delete
    13. මචං මේ සාකච්ඡාව හරිම රසවත්, බුද්ධිමත් සහ සංවාදාත්මකයි.... දිගට ම මේ සාකච්ඡාව කරමු... දැනට අපි වෙන පෝස්ටුවක් දැම්මා.... ඒක මේකට බාධාවක් නොකර ගනිමු...... ඉක්මනට ම අදහස් දක්වන්නම්.....

      Delete
    14. ප්‍රදීප් ඔබ මෙහෙම කියනවා....

      //මම හිතන්නේ ඔයගොල්ලො මුල පටලවා ගන්නව කියල. මම කියන්නේ අනෙත් මිනිසුන්ගේ නිදහසට සහ අයිතින්ට ගරු කරන මිනිසුන් (සමාජයක්) හදන්නේ නැතුව පොලිසිය හදන්න බැහැ කියන එක.//

      මේ කතාව වැරදියි කියන්න අපිටත් බැහැ...... මේ දේ ගැන කතා කරද්දි අපිට අමතක කරන්න බැරි දේ තමා අපි ලෝකේ ඉතිහාසය දිහා බැලුවාම අපිට හමුවෙන අාගමික සංකල්පය... හැම අාගමකම පාහේ පදනම මේකයි...... ඒහිදී කතා කරන්නේ සමාජය නිවැරදි කිරීමක් ගැනයි. (බුද්ධ දේශනාවෙත් මේ දේ පදනම් වෙලා තිබුණාට බුද්ධ ශාසනය තුළ නීති-රීති හරි තදට ක්‍රියාත්මක වෙනවා. සංඝ සමාජයට අදාල නීති බැලුවොත් මේක තවත් පැහැදිලි වේවි)

      අාගම් තුළ කතා කරන්නේ යුතුකම් පදනම් වූ ප්‍රවේශයක් ගැන.... බුද්ධ දර්ශනයේ ඒන සදිසා වන්දනාව වගේ තැන්වලත් මේක කතා වෙනවා..... මම කියන පුද්ගලයා විසින් අනික් පාර්ශවයන්ට ඉටුකළ යුතු යුතුකම් පිළිබද මෙහිදී සමාජය දැනුවත් කිරීමකුත් ඒ සදහා සමාජය යොමු කිරීමකුත්... ඒසේ නොකර සිටීම නැවැත්වීමට පිංපව් වැනි සංකල්පීය පාලනයකුත් අැති කරන්න උත්සහ කරනවා.

      නමුත් පසු කාලීන ව ලෝකේ හැදෙන්නේ මේ යුතුකම් පදනම් වූ ක්‍රමය වෙනුවට අයිතිවාසිකම් පදනම් වූ ක්‍රමයක්..... ඔබ කියන විදිහට ප්‍රායෝගික ක්‍රමය යුතුකම් ක්‍රමය කියලා ඔප්පු කරන්න උත්සහා කරාට අැත්තට ම නං ප්‍රායෝගික ක්‍රමය වුණේ අයිතිවාසිකම් පදනම් වූ ක්‍රමයයි....... යුතුකම් පදනම් වූ ක්‍රමය පිංපව් වගේ සංකල්පයකින් පාලනය කරන්න උත්සහ කරාට ඒක සමාජය දියුණු වීමත් සමග ප්‍රශ්ණ කිරීමට ලක් වුණා.... ඒ නිසා මේ අයිතිවාසිකම් පදනම් වූ ක්‍රමය සහ නීතිය විසින් දඩුවම් දීම හරහා අැති කළ පාලනය ප්‍රායෝගික ව සාර්ථක වුණා...... අපේ මේ සාකච්ඡාව මේ සංකල්පීය පදනම් දෙක ගැනත් අවබෝධයක් අැතුව යනවා නං හොදයි කියලා හිතුණ නිසයි මේක මෙතැනදී කිව්වේ.....

      මොනවා වුණත් ප්‍රදීප් මේ සාකච්ඡාව සාර්ථක ව ගෙනයෑම ගැන අපි ඉතා සතුටු වෙනවා..... අපේ බ්ලොගයේ මෑත කාලීන ව අැති වූ සාර්ථක ම සහ හරවත් ම සංවාදයත් විදිහටත් අපි මේක හදුන්වන්න කැමතියි.......

      අදහස් දක්වන්න හැකි අනික් අයටත් අපි මේකට අාරාධනා කරනවා......

      Delete
    15. සමාජය පවතින්නේ අයිතිවාසිකම්, යුතුකම් සහ වගකිම් කියන තුනම එකිනකට බැදිල. එහි එක් එක් අංගයේ සමතුලිතභාවය නැතිවෙනවනම් එම සමජය තුල අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේ නැහැ. මෙහි එක් එක් අංගය සදහා පොදු සම්මුතින් හා පොදු සීමාවන් ලකුණු කරල තිබුනට ඒවා ඒ අයුරින්ම ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා තමයි නිති පද්දතිය හා ඒ සම්බන්ධ සමාජ ආයතනයන් බිහිවෙන්නේ. මම හිතන්නේ ලෝකයේ කොහේවත් අයිතිවාසිකම් මත පදනම් වු ක්‍රමයක් හැදිල නැහැ.

      උදාහරණයක් විදිහට ඇඹිලිපිටිය සිදුවීම ගනිමු.

      1. ඒ නිවැසියන්ට සහ හිතමිතුරන්ට අයිතියක් තියෙනව තමන්ගේ නිවසේ සාමකාමිව රැස්වෙලා උත්සවයක් පැවැත්වීමට. එම උත්සවය අවසන් කල යුතු වෙලාවක් නැහැ. තමන්ට අවශ්‍යනම් පසුදාවනතුරු හෝ පැවැත්වීමට පුලුවන්. ඒ සදහා පොලිසියෙන් අවසර ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. මේක අයිතිවාසිකමක්

      2. එම නිවසේ පුද්ගලයින්ට වගකීමක් තියෙනව ඔවුන් පවත්වන සාදයෙන් අසල්වාසින්ට හෝ අනිකුත් මිනිසුන්ට බාධාවක් නොකර සිටිමට සහ රාත්‍රියේදි අධික ශබ්ධය භාවිතා නොකර සිටිමට සහ එම ස්ථානයේ සාමය පවත්වා ගෙන යෑමට- මේක වගකීමක්

      3. මෙයට සහභාගිවන පුද්ගලයින්ට යුතුකමක් තියෙනව රාත්‍රියේදි ශබ්ධය වැඩියි අසැල්වාසින්ට කරදරවිය හැකියි ඒනිසා මෙම සාදය නැවැත්වීමට හෝ ශබ්ධය නැවැත්වීමට යෝජනා කිරීමට සහ නිවෙස් හිමියා එලෙස කරන්නේ නැත්නම් එම ස්ථානයෙන් ඉවත්වීමට - මම හිතන්නේ මේක යුතුකමක් සමහර විට වගකීමක් වීමටත් පුලුවන්

      (පොලිසියට තියෙන්නේ ආයතනයක් විදිහට මෙම අවස්ථාවේදි පුද්ගලයින් තමන්ගේ වගකීම කඩ කරන්නේනම් එම ස්ථානයේ සාමය පවත්වාගෙන යාමට. එහිදි මෙම ස්ථානයේ සාමය කඩ නොවන හැසිරීමක් තියෙන නිසා පොලිසියට ගැටුමක් ඇති කර ගන්නේ නැතුව සිටිමට තිබුනා, එලෙස නොකර ගැටුමක් ඇතිකර ගැනීම මගින් පොලිසිය තමන්ගේ වගකීම පැහැර හැර තියෙනවා)

      මෙයට අමතරව අපගේ සාමාන්‍ය වෙනත් කාර්යයක් ගත්තත් මේ ආකාරයටම තමයි තියෙන්නේ

      අපිට පාරේ ගමන් කිරීම සදහා අයිතියක් තියෙනව, හැබැයි පාර අයිනින් ගමන් කිරීම, දෙපස බලා පාර පැනිම අපේ වගකීමක්. ඒ වගේම පාරේ වලක්, අබලන්වු ස්ථානයක් තියෙනවානම් ඒ පිලිබදව අදාල ආයතන, පාරේ ගමන් කරන අනෙක් පුද්ගලයින් දැනුවත් කිරීමේ යුතුකමක් අපිට තියෙනව. මේ එක් හෝ කටයුත්තක් අප විසින් නොකර හැරියහොත් හෝ ඒ සදහා බාධාවක් ඇතිකලෙත් යම් ගැටලුවක් ඇතිවීමේ අවදානමක් තියෙනව. ඒක තමයි සමාජයක් පවතින තත්වය. මේ අතර අසමතුලිතතාවයන් ඇතිවීම තමයි ගැටුම් සහ ගැටලු විදිහට මම දකින්නේ.

      සමාජය තුල ජිවත්වන මිනිසුන් තමන්ගේ අයිතින් , වගකීම් සහ යුතුකම් පිලිබදව හැගිමකින් යුතුව ජිවත් වෙනවානම්, තමන් යම් වගකීමක්, යුතුකමක් පැහැර හරිනවිට තමන්ගේ අයිතිවාසිකම් වලට බලපෑමක් වනබව එම පුද්ගලයාට ස්වායක්තව දැනෙනවානම්, වෙනත් කෙනෙකු එලෙස කරනවිට සාමුහිකව එයට විරුද්ධ වෙනවානම් මම හිතනව සමාජය යහපත් වෙවි කියල. එවැනි සමාජ තත්වයක් අප සියලු දෙනාටම එකතුවී නිර්මාණය කරන්නට පුලුවන්නම් පොලිසිය, අධිකරණය, බන්ධනාගාරය වැනි නීතී පද්දතිය කඩ කරන පුද්ගලයින් හික්මවන ආයතන අවශ්‍ය වන්නේ නැහැ. නැත්නම් අවම කල හැකියි.

      ඒ නිසා මම හිතන්නේ මෙවැනි ගැටලු ඇතිවන තැන්වලදි අපි සියලුම පුද්ගලයින්ට අපගේ වගකීම හා යුතුකම පිලිබදවත් කියා දිය යුතුයි. අප අගතියට පත් පාර්ශවය දෙස සානුකම්පිතව බලා යම් විවේචනයක් කලොත් එමගින් අපි පාර්ශවිය වෙනව. අපි අපේ අයිතිවාසිකම් පිලිබදව සිදුකරන බලපෑම ත්‍රීව කල යුත්තේ අප විසින් යුතුකම් හා වගකිම් ඉටුකරන අනුපාතයට කියලයි මම හිතන්නේ.

      Delete
    16. මෙතැනදී ඔබ කියන දේ තාර්කිකයි............. මේ සංවාදයට අාගමික සංකල්ප හරහා ලෝකයට දායාද කළ යුතුකම් ප්‍රවේශය අපි සම්බන්ධ කළේ මේ නිසයි..... අැත්තට ම ඔබේ ප්‍රවේශය මුල ඉදලා ම තිබුණේ මේ පැත්තට බරවයි.....

      නමුත් මෙතැනදී අපිට යුතුකම් සහ වගකීම් කියන කාරණා ද්විත්වය නිසි අාකාරව වෙන් කොට හදුනා ගැනීමේ අපහසුවක් අැති බව පේනවා..... යුතුකම් කියන්නේ බොහෝ විට මිනිසුන් අතර අැති සම්බන්ධතාවයන් හේතුවෙන් අනික් පාර්ශවයන් වෙත අප විසින් ඉටු කිරීමට සදාචාර බැදීමක් අැති දේයි..... මේවා කිසිවෙකුගෙන් බලෙන් ඉටු කරවා ගැනීමක් සිදු නොවේ...... මිනිසා තමා තුළ අැති (ෆ්‍රොයිඩ් කියපු විදිහට නං සුපර් ඊගෝ - මනසේ සංයුතිය කොටස් තුනකට කඩා විග්‍රහ කළ ෆ්‍රොයිඩ් ඒක ඉඩ්, ඊගෝ, සුපර් ඊගෝ යැයි කොටස් තුනකට වෙන් කර පෙන්වූවා) සදාචාරසම්පන්න බව මෙමගින් පෙන්නුම් කරනවා. නමුත් වගකීම් කියන්නේ අපවෙත පවතින්නා වූ යම් බලයක් සමගින් ම අපට පැවරෙන, අනෙක් පාර්ශවය වෙත ඉටු කිරීමට යම් බැදීමක් පවතින්නා වූ දෙයකි. මෙය (ෆ්‍රොයිඩ් අනුව ඊගෝ යැයි කිවහැකි) ඉටු කිරීමට අප සමාජමය වශයෙන් යම් බැදීමක් තියෙන අතර ඒය ඉටු නොකිරීම ප්‍රශ්ණ කිරීමට ද අනෙක් පාර්ශවයන්ට හැකියාවක් නැත්තේම නොවේ......

      ඒ අනුව ඔබ ඉහත දක්වන අවස්ථාවන් ත්‍රිත්වය තුළ (පොලීසිය සම්පූර්ණයෙන් ම මෙම සිද්ධියෙන් ගලවා පැත්තක තැබුව හොත්) යම් යම් දේ මේ අාකාරය සකස් වුවහොත් හරි යැයි සිතනවා...

      1. කොටහළු ගේ අැති අයට සාදයක් පැවැත්වීමේ අයිතියක් අැත. ඒය ඒළිවන තුරු අැති තරම් ශබ්දයෙන් පැවැත්වීමට අයිතියක් ද අැත.

      2. නමුත් ළගින් නිවාස පිහිටා අැති නිසා ඒ නිවැසියන්ට ද තමන්ගේ ඒදිනෙදා ජීවිතය කිසිදු බාධාවකින් තොරව උපරිම නිදහසේ පවත්වා ගැනීමට අයිතියක් අැත. ඒ අනුව තමන්ට අවශ්‍ය වෙලාවක නිදා ගැනීමට ද, ගෙදර සිටීමේ දී අනවශ්‍ය ශබ්ද වලින් මුක්ත වී ජීවත් වීමේ අයිතියක් ද අැත.

      3. මේකට ම සම්බන්ධ කර ගත යුතු වෙනවා මේ අවස්ථාව වෙන විට රටේ පවතින නීතිය - රාත්‍රී දහයෙන් පසු අධික ශබ්ද නගා ජනතාවට බාධා වන අයුරින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම නීතියෙන් තහනම්.

      4. හරි දැන් අපි අායෙම පළමු කොටහළු ගෙදර අයගේ අයිතීන් දිහා බැලුවොත් මෙහෙම තත්වයක් දකින්න පුළුවනි. තමන්ට සාදයක් පැවැත්වීමට අයිතියක් අැත. ඒත් රාත්‍රී දහයෙන් පසු අහළ පහළ අයට බාධාවන අාකරයට ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතා කරමින් සාදයක් කිරීමට හැකියාවක් නැත.

      මෙන්න මේ විදිහට නීතියෙන් මිනිස්සුන්ගේ අයිතීන් සීමා කිරීමකට ලක් කරලා තියෙනවා කියන දේ අැත්ත...... මේක හැදෙන්නෙත් අර අපි කලින් කතා කරපු යුතුකම් හෝ වගකීම් හරි අාකාරව ඉටු නොවන තත්වයක් තුළ පොදු මහජනතාවගේ අාරක්ෂාව සහ පැවැත්ම සදහා තමා මේ නීතීන් දියුණු වෙලා තියෙන්නේ........

      හැබැයි මෙහෙම දේකුත් තියෙනවා ප්‍රදීප්... ඔන්න මේ ගෙදර අය යනවා පොලීසියට රාත්‍රී දහයෙන් පස්සේ ශබ්දවාහිනී යන්ත්‍ර දාලා සාදය කරන්න අවසර ගන්න... දැන් මොකද වෙන්නේ......

      1. ගල් බෝතල් දෙක ඒතැනදී ඉල්ලනවා. (බොහෝ විට)
      2. නැත්තං හෝ ඒ සමග තවත් කීයක් හරි අතට දෙන්න වෙනවා.
      3. ඉහත දෙක හෝ ඒකක් හරි අාකාරව වුණාම අවසරත් දීලා මල්ලිලා බය නැතුව ඒළි වෙනකල් ගම දෙක වෙන්න අාතල් ගන්න කියලා ෆිට් ඒකකුත් දානවා....... 119 ගැහුවත් අපිට ඒන්නේ අපි බලාගන්නං ඒවා කියනවා.....

      දැන් අපිට ගැටලුවක් තියෙනවා... පොලීසියට ගිහින් අවසර ගත්ත ගමන් කොහොමද අර අහළ පහළ මිනිස්සුන්ගේ අයිතීන් කඩා ගෙන මේ කොටහළු ගෙදර සාද තියන්නේ කියලා....අහළ පහළ අයගේ අයිතීන් සීමා කරන්න සහ කොටහළු ගෙදර අයගේ අයිතීන් අනවශ්‍ය විදිහට ඉහළින් තියන්න පොලීසිය කොහොමද තීරණයක් ගන්නේ..... (බොහෝ විට ඒවා තීරණය වෙන්නේ ගල්බෝතල් සහ මුදල් මත වීම මීටත් වඩා හාස්‍යයකට කරුණකි.)

      ප්‍රදීප් අපේ මුලින් තිබුණු සාකච්ඡාව තුළ පොලීසියට ජනතාවගේ අයිතීන් වලට කිසිම බාධාවක් කරන්න බැහැ කියලත් අපි පැහැදිලි ව කිව්වා..... ඒත් දැන් තවත් ගැටලුවක් තියෙනවා.... ඒක් ජන කොටසකට අයිතීන් බුක්ති විදින්න (නීතියෙන් කරපු සීමා කිරීම් අබිභවා) අනික් ජනකොටසේ අයිතීන් පොලීසිය විසින් සීමා කරන්නේ කොහොමද????????

      මේවත් ගැටලු නේද??????????????

      Delete
    17. මම හිතන්නෙ මෙවැනි අවස්තවලදි තිරනය ගත යුත්තෙ එකිනෙකා අතර අවබෝධයෙන්, පොලිසිය මගින් සාදයක් පැවැත්විම සදහා අවසර ගැනීමේ අවශ‍ය්‍යතවයක් නැහැ සහ පොලිසියට එලෙස අවසර දිමට හැකියවකුත් නැහැ. සාමනය්‍යෙන් පොලිසිය එලෙස කරනුයේ නීතිය ඉක්මවායාමින් කියල මම හිතන්නෙ.

      මේවැනි අවස්තවකදි තමන් නීතිය කඩකර හෝ තමන්ගේ සීමාව ඉක්මවගොස් තියෙනවානම් ඉක්මනින්ම තමන්ගේ වරද නිවරදි කරගත යුතුයි. එලෙස නොකර පොලිසිය සමග ඩීල් දමා ගැනීම හෝ ගැටුම් ඇතිකර ගැනිම ප්‍රශ්න ඇති කරනවා

      මාගේ මෙම ගැටලුව සම්බන්දයේන් මුලික ප්‍රවේශය තිබුනෙ මෙවෙනි ගැටලු සම්බන්දයෙන් ආයතන පද්දතියට පමනක් වැරුදි නොකිය යුතු බවයි සහ අපි පාර්ශවියවෙලා මතයන් ඇතිකිරිම තවත් ගැටලු ඇතිකරනව කියන එකයි. මම මේ සම්බන්දයෙන්වන මාධය බාවිතයෙදි සහ අනෙක් පුද්ගලයන්ගේ කරුනු දැක්විම් වලදි පෙනුනේ මෙවෙනි තත්වයන් අවම කරගැනිම සම්බන්දයෙන්වන ප්‍රවෙශයක් කාගේවත් තිබුනෙ නැති බවයි.

      පොලිසිය තියෙන්නෙ මොකටද? සාමානය්‍ය විශ්වාසය අනුව පොලිසිය සකස්කරල තියෙන්නෙ නීතිය කඩවන අවශ්තවකදි එ පිලිබදව විමර්ශනය කිරීමට සහ ජනතව අතර සාමය පවත්වාගේන යාමට. අද පවතින තත්වයන් සමග පොලිසියට හොද පුහුනුවක් සහ තක්ශනයක් ලබාදිල නැහැ එම ක්‍රීයාකරකම් පවත්වාගේන යාමට.

      පොලිසියට අපරාධකරුවකු ලෙස චොදනා ලබපු කෙනෙකු පොලිසිය රුගේන ආවට පස්සේ පොලිසිය ඔහුගෙන් උත්තර ගන්න වෙන්නේ පහරදිල සහ බය කරල. පොලිසියට එලෙස නොකර විමර්ශනයන් කිරීම පිලිබදව හොද පුහුනුවක් නැහැ.ප්‍රශන කිරිම් තුල ලබදෙන උත්තර සමග ඉලග ප්‍රශ්නය ඇසිය යුත්තෙ කෙලෙසද කියල දන්න බොහොම සිමිත පිරිසයි පොලිසිය තුල ඉන්නේ. ඒ වගෙම ගැටුම් සමත කරනය කිරිම පිලිබදව, ඇතිවිතිබෙන තත්වයක් පාලනය කරගතයුතු ආකාරය පිලිබන්දව පොලිසියේ තියෙන පුහුනුව ප්‍රමනවත් මදි. ඔවුන්ට ඒ සම්බනඩ පලපුරුද්ද තියෙන්නෙ පුද්ගලයන් බිය කිරිමෙන් එම කටයුතු කිරිමට. එලෙස රාජකාරි කටයුතු සිදුකිරිමෙදි සැම දිනයකම ඔවෙනි ගැටලු ඇතිවෙනව.

      පොලිස් නිලධරින්ට හෝ පොලිසියට පමනක් මේ පිලිබදව දොස් පැවසිම සහ ඔවුන් තමන්ගේ රජකාරියත් සමග අනෙකුන්ට පිඩා කිරිමේ මානසිකත්වයන් ඇතිවිම අපි පුද්ගල දෝශයක් ලෙස සැලකිම වැරදියි. එය පවතින ආයතන වය්‍යුහයෙම තිබෙන ගැටලුවක්. ඒනිසා අපි ඇතිවි තිබෙන තත්වය වෙනුවට එය ඇතිවිමට තිබෙන හෙතුන් විවෙචනය කල යුතුයි.

      එමෙන්ම මම සදහන් කරන්නේ මිනිසුන් තමන්ගේ අයිතිවාසිකම් භුකතිවිදිමෙදී ඒ හා සම්බන්දවන වගකීම් සහ යුතුකම් ඉටුකල යුතුයි යන්න පිලිබද හැගීමක් මිනිසුන් තුල ඇතිකල යුතුයි. ඒ වගේම අපගේ ආයතන පද්දතියද වඩා යහපත් ලෙස සකස්කරගැනීම සම්බන්ධවන නිවරදි දිශානතියක් සහිතවන බලපැමක්ද අප විසින් ඇතිකල යුතුයි. ඒය හුදු පාර්ශවිය ලෙස අඩුපාඩු පෙන්විමක් නොවිය යුතුයි.

      Delete
    18. මේ ගැටලුව තුළ තියෙන ප්‍රායෝගික තත්වය ඔබ විසින් මතු කරනවා..... ඒක සම්බන්ධයෙන් අපිටත් ඒකග විය හැකියි... පොලීසියට ප්‍රමාණවත් පුහුණුවක් සහ දැනුමක් නැහැ සැකකරුවෙකු ව ප්‍රශ්ණ කිරීමට සහ සැබෑ සිදුවීම් නිරාවරණය කර ගැනීමට... ඒ වගේ ම පොලීසියට ප්‍රමාණවත් තාක්ෂණය ලබා දී නැහැ හෝ තාක්ෂණික උපකරණයන් සැකකරුවන්ගෙන් ප්‍රශ්ණ කිරීමේ දී සහ අපරාධයන් පිළිබද කරන්නා වූ විමර්ශණයන්ගේදී භාවිතාවට ගැනීම ගැන පොලීසියට දැනුමක් නැහැ....

      මේ තත්වය ලංකාවේ පොලීසිය සම්බන්ධයෙන් සලකා බැලීමේ දී ඉතා යතාර්තවාදී තත්වයන් තමා..... අපි උදාහරණයක් විදිහට 24 hrs ඉංග්‍රීසි කතා මාලාව ගතහොත් ඔවුන් සතුව යමෙකු ප්‍රශ්ණ කරන විට ඔහුගේ හෝ අැයගේ නාඩි, හැසිරීම, අැහිපිය සැලීම වැනි කාරණාවන් සලකා බලා සැකකරුගේ ප්‍රකාශයන්හී සත්‍යතාවය පරීක්ෂා කිරීමේ තාක්ෂණික ක්‍රමවේදයන් තිබේ.... ඒසේ ම ගුවන් ඡායාරූප මගින් නිතර ප්‍රදේශය පරීක්ෂා කිරීම් කළ හැකි අතර සිදුවීමක් වූ පසු ව ඒ ප්‍රදේශයේ සිටි පිරිස සහ සිද්ධිය ගුවන් දර්ශන මගින් (චන්ද්‍රිකා තාක්ෂණයෙන්) බලා යම් යම් පැහැදිලි කර ගැනීම් කර ගැනීමේ තාක්ෂණයක් තිබේ...

      නමුත් මේ තාක්ෂණය ලංකාව සතුව නොමැති විට ඒ පවතින අඩුව පිරිමැහීමට යොදා ගන්නා ක්‍රමය කුමක්දැයි දැන් අපි බලමු...... මුලින් ම සැකකරු අත්අඩංගුවට ගැනීමේ දී පොලීසිය නීත්‍යානුකූල ක්‍රමවේදයන් අනුගමනය කරන්නේ ඉතා අල්ප වශයෙනි.... ඉහළ පැලැන්තියේ අයෙකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවක හැර අන් සෑම විටක ම සිදු වන්නේ මගදී හෝ නිවස වෙත ගොස් ඔහු හෝ අැය ජීප් රථයට නංවා ගෙන යෑමක් පමණි... ඒය ඒක් අතකින් පැහැර ගැනීමකට සමාන තත්වයකි.... අත්අඩංගුවට ගැනීමක දී සැකකරු වෙත පැවසිය යුතු දේවල් කිහිපයක් නීතියෙන් ම පවසා අැත.... නමුත් ඒ කිසිවක් භාවිතාවේදී පොලීසිය නොකරයි.....

      සැකකරුවන්ගෙන් ප්‍රශ්ණ කරන විට ද තත්වය මෙයම බවයි පෙනී යන්නේ...... සාධාරණ ප්‍රශ්ණ කිරීමකට කිසිදු ඉඩක් නොතබන පොලීසිය සැකකරු බිය ගන්වා, පහර දීම්, ඒල්ලා තැබීම්, වෙනත් වදහිංසා පැමිණවීම් මගින් තොරතුරු ලබා ගැනීම පුරුද්දක් කරගෙන තිබේ....... සමහර විට මෙලෙස ගෙනයන පුද්ගලයා සිද්ධියට අදාල අයෙකු විය හැකි අතර බොහෝ විට ඒසේ නොවීමට ද ඉඩ අැත...... වරදකරුම සැකකරු ලෙස පොලීසියට ගෙන යෑමට තරම් ලංකාවේ පොලීසිය කිසිසේත්ම සමත්කමක් දක්වන්නේ නැති බව පසුගිය කොණ්ඩයාගේ සිද්ධිය හෝ ඊට පෙර බොහෝ අවස්ථාවලදී මනාව පැහැදිලි කර අැති තත්වයක් තුළ මෙවැනි ප්‍රවේශයකින් සිදුවන ප්‍රශ්ණ කිරීම් ගැන අප මීට වැඩිය බැරෑරුම් ව සලකා බැලිය යුතු බවයි අපගේ අදහස.....

      තාක්ෂණය අඩුයි, දැනුම අඩුයි කියන හේතූන් රටේ ජනතාවගේ අයිතීන් සීමා කිරීමට හෝ සාමය පවත්වා ගැනීම අඩුවෙන් කිරීමට හෝ වරදකට සම්බන්ධයක් නැති අයට පීඩා පැමිණවීමට හෝ සාධාරණ හේතුවක් නොවන්නේ ය....... රජයේ අායතනයක් වන පොලීසියට අදාළ තාක්ෂණය දැනුම සහ පුහුණුව දීම ජනතාව විසින් පත්කර යවා අැති අාණ්ඩුවේ වගකීමකි.... ඒයින් ගැලවීමට මහජන නියෝජිතයන්ට හැකියාවක් නැත්තේය.......

      ඔබ ඔය කියන ජනතාව පැත්තෙන් සිදුවිය යුතු වෙනස් වීම් සිදුවිය යුතු අතර ම ජනතාව විසින් පත්කර යැවූ නියෝජිතයන්ට අැති වගකීම අංක ඒකේ ලා සැලකිය යුතු බව අපගේ ස්ථාවරය බව නැවතත් කිවයුතුමයි.........

      Delete
    19. ජනතාවගේ පැත්තෙන් සිදුවිය යුතු වෙනස් වීම් සිදුවිය යුතු අතරම තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීම සදහා නිවරදි දැක්මක් සහිතව මිනිසුන් මැදිහත් විය යුතුයි. එය හුදු සිද්ධිමය විවේචනයන් නොවිය යුතුමයි.

      එබැවින් සමාජයතුල මෙවැනි සිදුවීම් සිදුවන අවස්ථාවලදි එය පොලිසියේ දුර්වලකමක්, වරදක් හෝ වෙනත් ආයතනයක වරදක් ලෙස පමණක් දකින්නේ නැතුව මේ සම්බන්ධ පුද්ගලයින්ගේ අඩුපාඩු, ආයතනවල අඩුපාඩු සහ නීතීයේ පවතින දුර්වලතාවයන්ද, මෙවැනි තත්වයන් අවම කරගැනීම සදහා ගතයුතු ක්‍රියාමාර්ගයන්ද පිලිබදව කරුණු සහිතව විවේචනයින් සිදුකිරීම වඩා යහපත්වනු ඇත.

      මෙහිදි ඒ සම්බන්ධවන ලොකු වගකීමක් මහජන නියෝජිතයින්ට ඇත. එමෙන්ම එය මහජනතාවට භාරකොට සාමාන්‍ය ජනතාවට අත්පිසදාගැනීමටද නොහැකිය. මන්ද වරදේ කොටසක් මෙන්ම වගකීම් වලද කොටසක් අප සියල්ලන් සතුව ඇත.

      Delete
    20. //එමෙන්ම එය මහජනතාවට භාරකොට සාමාන්‍ය ජනතාවට අත්පිසදාගැනීමටද නොහැකිය. // මෙතැන මහජනතාව නොව මහජන නියෝජිතයින් ලෙසයි ඔබ කියන්න උත්සහ ගන්න අැත්තේ......

      ප්‍රදීප් අපි ම අායතන පද්ධිතියක් හදාගෙන, අපිම නියෝජිතයින් පත්කරගෙන, තිබුණාට ඒවා ගැන විශ්වාසයක් නැත්තං අපි කරපු වැඩෙන් වැඩක් නැහැනේ..... අපි නියෝජිතයෝ පත් කරලා යවලා උන් පිස්සු නටද්දි කියනවා ඒ අයටත් පිස්සු නටන්න හැකිය ඒ නිසා ඒවා වැඩිය ගණන් නොගෙන අපි පිස්සු නටන්නැතුව සිටිය යුතුය කියලා.... නෑ ඒක වැරදියි.. අපි කළ යුත්තේ මේ පිස්සන් ඒලවා දමා නිවැරදිම පිරිසක් පමණක් යැවීමයි.... පොලීසියට දශමයකින්වත් පිස්සු නැටීමට බැරිය.... මොකද අපි පත්කරගත්තු, අපි පඩි ගෙවන පිරිසක් ඒ.... ඔවුන්ටත් වරදින් හැකියිනේ කියලා අපි හැදෙන්න ඔ්නේ කිව්වාට හරියන්නෑ..... පොලීසිය පහුගිය ටිකේ කෙළපු පිස්සු වල හැටියට පොලීසිය හරි කියලා අපි ඊට අනුව හැදුනානං යසට හිටී..........

      Delete
    21. මහජනතාව යන්න මහජන නියෝජිතයින් විය යුතුයි.

      මම මුල සිටම මතු කරන තර්කනම් අපි මේ තිබෙන ආයතන වලට වෙනත් මිනිසුන් පත්කල පමණින් කිසිවක් සකස් නොවන බවයි. පොලිසියට ගන්නා නිලධාරින්ගේ හෝ මහජන නියෝජිතයින්ගේ හෝ රජයේ නිලධාරින්ගේ පුද්ගලික ප්‍රශ්නයක් ලෙස හෝ එම ආයතනවල දුර්වල කමක් ලෙස මෙය සලකා මෙතැනට අවංක පුද්ගලයින් පත්කල විට සියල්ල යහපත් වේයැයි සිතිම නිවරදි දැක්මක් නොවේය.

      සාමාන්‍ය මිනිසුන් සිතන ආකාරය, එදිනදා කටයුතු කරන ආකාරය සහ ඔවුන්ගේ ආකල්පයන් වෙනස් කිරීමකින් තොරව පුද්ගලයින් මාරු කිරීමෙන් කිසිවක් හෝ සිදුවන බව විශ්වාස කරන්නේනම් එය වැරදි අවබෝධයක්ය.

      පොලිසිය පිස්සු කෙලිම, රාජ්‍ය සේවය කාර්යක්ෂම නොවිම, මහජන නියෝජිතයින් පිස්සන් හා වංචනිකයින් වීම සදහා සෘජුවම බලපාන්නේ සාමාන්‍ය ජනතාවගේ ආකල්පයන් සහ ප්‍රයෝගික ක්‍රියාකාරිත්වයයි. එය වෙනස් කිරීමකින් තොරව ඔබ කියනා පරිදි නිවරදි පිරිසක් නියෝජිතයින් ලෙස පත්කිරීමට නොහැකිය. මේ එක් එක් කරුණ එකිනකට බැදී ඇති දේවල්ය. අපට විවිධාකාරයේ බලපෑම් කිරීම මගින් සමාජය මෙන්ම ආයතන ව්‍යහයද සකස්කල හැකිය. මේ කොටස් දෙක අනුරූපිව වෙනස් කිරීමකින් තොරව සමාජයක්, ආයතන පද්දතියක් වෙනස් වන්නේ නැත.

      මාගේ සංවාදය තුල කිසිදු තැනකදි මම මෙම ආයතන හෝ ඒවායේ සිටින පුද්ගලයින් නිවරදියැයි කියන්නේ නැත. මම යෝජනා කරන්නේ එවා සියල්ල වෙනස්කල හැක්කේ අපි සියල්ලන්ගේ (බහුතරයකගේ)ආකල්ප හා ක්‍රියාකාරිත්වය වෙනස් කිරිමත් සමග බව පමණක්මය.

      Delete
  9. හී හී හී..... කසුප් අයියා අන්න කොටදෙන්යාව පොලීසිය ඔයාව හොයනවෝ...

    සබරේ

    ReplyDelete
    Replies
    1. හත්තිලව්වේ............. අපි නං ඔ්වාට නැතෝ..... කලු ඩිෆෙන්ඩරයකුත් හීනෙන් දැක්කා....

      Delete
  10. අන්න වම්බොට්ටලා.. රත්නවීරලා හිටිය නම් ඔව්ව සුම්මා..
    ගස්ලබ්බ විභාග ලියන්න ඉගෙන ගන්න කාලෙ බැච් එකේ එවුන් එක්ක පැදුරක් ඕගනයිස් කරා.සවුන්ඩ් දාන නිසා ලියුමක් අරන් පොලිසියට ගියා කෝකටත්. සාජන් කාරයෙක් ටෝක් කරනවා... 'මල්ලි බෝතලයක් දෙකකුයි,මඤ්ඤොක්කා ටිකකුයි සෙට් කරලා තියන්න.මොබයිල් එක කලින් එවන්නම් ඒකට දෙන්න.119 ගැහුවත් එන්නෙ අපි.ඒ නිසා බොරුවට සර් එනකන් ඉන්න ඕන නෑ වැඩේ කොරමු' කියලා.. වාසනාවන් ඒ මාමලා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මචං මේවා අනන්තවත් අහන්න දකින්න ලැබෙනවා..... ඒත් නීතිය හා සාමය රකින්න කියලා වෙන් කරලා තියෙන උන් ම මේක කනවා...... අනවශ්‍ය වගකීමක් වගේ ම බලයක් අනවශ්‍ය මිනිස්සුන්ගේ අතට දීලා...... මතකනේ කොල්ලෙක් ව බයිසිකලෙන් නවත්තලා වෙඩි තියලා මැරුවා...... තව ඔ්න තරම්...

      Delete
    2. අනවශ්‍ය වගකීම, අනවශ්‍ය බලය, අනවශ්‍ය පුද්ගලයින් කියන්නේ මොනවද? කවුද?

      මේ අනවශ්‍ය බලය, වගකීම් අනවශ්‍ය පුද්ගලයින්ට දිලා තියෙන්නේ කවුද?

      මේ බලය, වගකීම දෙන්න ඕන කාටද?

      Delete
    3. සියලු විස්තර සහිතව ඔබේ කමෙන්ටු පෝලිමේම අදහස් දක්වා අැත.... ඒතැනට ඒන්න.............

      Delete
  11. එළ කවී සෙට් එක.පොලිසියේ උන්ට නීතිය රකින්න වගේම කඩන්නත් අයිතියක් තියෙන බව තමයි උන් කියන්නේ.

    ReplyDelete
    Replies
    1. පොලීසිය ඉන්නේ රටේ නීතිය සහ සාමය රකින්න මිසක් ඒ දෙකම නැති කරන්න නෙමෙයි..... අනික් කාරණය තමයි අපේ රටේ ගොඩක් දෙනෙක් වරද්දාගත්තු තැනක් තියෙනවා... නීතිය පසිදලන්නේ පොලීසිය නෙමෙයි...... රටේ තියෙන ප්‍රධාන නීතිය අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව... ඒ යටතේ තව නීති සම්පාදනය වෙලා තියෙනවා.... ඒ නීති හදන්නේ අපි පත්කරලා යවපු ව්‍යවස්ථාදායකය.(පාර්ලිමේන්තු මන්ත්‍රීලා ටික) දැනට අපි විධායකය පැත්තකින් තියමුකෝ..... තව අංශයක් තියෙනවා.... ඒකට කියන්නේ අධිකරණය කියලා... යමෙක් නීතියට පටහැනිව වැඩ කරනවානං නීතිය පසිදලීමේ අයිතිය තියෙන්නේ මේ අායතනයටයි...... ඒකටයි රටක නඩු අහන්නේ...... නීතිය සියල්ලට ඉහළින් තිබිය යුතුයි කියන්නේ ඒකයි.....

      දැන් බලමු මොකක්ද පොලීසියේ කාර්යය කියලා.... අැත්තට ම පොලීසිය ඉන්නේ රටේ පොතේ තියෙන නීතිය ප්‍රායෝගිකව වෙන්නේ නැති අවස්ථාවලදී ඒම සිවිල් සමාජයට සම්බන්ධ වෙලා අදාල සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීටයි... මේක තමා ඔවුන්ගේ මූලික ම කාර්යය... ඒය තවත් පහසු කරනු වස් රටේ සාමය පවත්වා ගැනීමට ඔවුන්ට යම් යම් බලතල ටිකක් දීලා තියෙනවා... ඒත් ඒක නීතිය පසිදලීමක් නෙමෙයි.....

      දැන් පැහැදිලි අපිට මොකක් ද අැඹිලිපිටියේ වෙලා තියෙන්නේ කියලා.... ඔය කියන විදිහට පොලීසිය නීතිය තමන්ගේ අතට අරන් තියන ඒකයි වැරද..........

      Delete
  12. මාධ්‍ය ප්‍රකාශක හෙවත් අංගම්මන සුමන- අංගම්මන සුමන !! ඕ යේස්

    ReplyDelete
    Replies
    1. අංගම්මන සුමන අංගම්මන සුමන
      %$^$ &^%$& &^%$& &^%$*%@

      Delete
  13. අමෝරාගෙන අවි,
    බලං කුරුට්ටෝ
    පෙරට එන සැටි..
    Niyamai.

    ReplyDelete
    Replies
    1. තැන්කූ ලලිත්...........

      මේවා ලෝකේ කොහේ වුණත් වැරදියි.....

      Delete
  14. සුපිරි මචන්...
    පොලීසියේ එවුන් a to z නිරුවත පෙන්නන ජාතියක්...
    ඔයින් එකෙක් මගෙ යාළුවෙකුට බැනල තිබුණා බල්ලා කියලා හේතුව ඌට සර් කිවුවෙ නෑ කියලා..

    ReplyDelete
    Replies
    1. අනේ උගේ සර්.............

      ඔන්න ඔතන තමා අපිට වැරදුනේ.... යකෝ උන් නෙමෙයි සර්ලා.... ජනතාවයි සර්ලා..... පඩි දෙන අය තමන් ගෙවන පඩියට වැඩ කරන අයට සර් කියන්නෑ බං....... අපි වරද්දා ගත්තු තැන ඔතනයි.....

      Delete
  15. ඇත්ත...ඔය හිඟන්නො කවුරුවත් බ්ලොග් ලියන අය අතර නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඉන්නවාද දන්නෑ............. ඒත් ටිකක් සැකයි.........

      Delete
    2. හිටියොත් විනාශයි.

      Delete
    3. හිටියොත් අර අතලොස්සෙන් ඒකෙක් වෙන්ටෑ..........

      Delete
  16. මල්ලි සුදු වෑන් එකක් එවන්නද ?

    ReplyDelete
    Replies
    1. දැන් අපි බය සුදු පාටට නෙමෙයි කලුපාටට මනෝ........

      Delete
  17. මේ වගේ තැන් වල වැරැද්ද ඇත්තටම මම නම් පවරන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට. අපේ අයට අමතක වෙලා තියන්නේ ඔය මිනිස්සු ( රජයේ සේවකයෝ) කියන්නේ අපිට සේවය කරන්න ඉන්න පිරිසක් මිසක් ලොක්කෝ පිරිසක් නෙවේ කියල. එයාල යැපෙන්නේ අපෙන්. එයාලට පුදන්න ගිහිල්ලා, දැන් අර වත්ත බද්දට දීලා ඇස්සට දත නියවනවා වගේ වැඩක් වෙලා තියන්නේ..

    ReplyDelete
    Replies
    1. උඹ පොඩි ඒකක් නෙමෙයි බොල මේ රටේ ඉන්න ලොකුම උන්ගෙන් ඒකෙක්...... හැක්

      Delete
  18. පොලීසියෙන් පැමිණ අරක්කු ඉල්ලුවොත් නෑ කියන්න.
    - ජයරත්න මල් සාලාවේ පණිවිඩයකි -

    ඇඹිලිපිටිය පොලීසියට දෙවනි නොවෙමු.
    - කොටදෙනියාව පොලීසිය

    ReplyDelete
    Replies
    1. අන්න ප්‍රකාශයන්................... උඹට බැරිද අර ප්‍රකාශක කම ගන්න....

      Delete
  19. මේ වෙන දේවලින් වෙන්නෙ රාජකාරිය හරියට කරන පොලිසියෙ අයවත් එකම වැරදි කුලකයකට වැටිලා මිනිස්සුන්ට එපාවෙන තතවෙට පත්වෙන එක ...

    ReplyDelete
    Replies
    1. අැත්ත හංසි.............

      මේ තුලින් හැමෝම අපකීර්තියට පත් වෙනවා..... හොද මිනිස්සුත් අතලොස්සක් හරි නෑ කියන්නේ නැහැ...

      Delete
  20. මගේ හිතේ ඇඹිලිපිටිය පොලිසිය ගිය පාර කොටදෙනියාව පොලීසිය ගත්ත කීර්තිය අර ගන්න අවුරුද්ද මුලම වැඩ පටන් අරන්ද කොගේද.

    ReplyDelete
    Replies
    1. මේ වසරේ සම්මානනීය පොලීසිය.............

      Delete
  21. බෝතල් දෙකක්
    පොලිසියක්
    සහ මළ මිනිසෙක්

    ReplyDelete
    Replies
    1. කාෙටහළු ගෙයක්
      පොලීසියක්
      ගල් බොතල් දෙකක්
      සහ
      මළ මිනියක්..........

      Delete
  22. මේ සිදුවීම නම් හරිම අවාසනාවන්ත සිදුවීමක් , නමුත් ඔබේ කවි පෙළ නම් අගෙයි.
    කෙසේ වෙතත් මෙවන් සිදුවීමකට පස්සේ ජනමාධ්‍ය , පොලිස් මාධ්‍ය වගේ මාධ්‍ය නිසා “අච්චාරුවක් “ බවට පත්වෙන බව නම් දැනෙනවා.

    “ලංකාවේ පොළීසිය “ කිව්වොත් පොදු ජනතාව තුල ඇති වන්නේ මේ කියන , ලියන හැඟිම් තමා . එය නැවත නිවැරදි මාවතට ගෙන , “පොලිස් කාරයන් “ , “පොලිසියේ මහත්වරුන්“ බවට පත් කරන්නට කාළය ඇවිත් , ඒ සඳහා අවශ්‍ය වෘත්තීමය පුහුණූ , ආර්ථීකමය සාධක වගේම පෞරුෂය ලබා දීම රටේ ප්‍රතිපත්ති සකසන්නන්ගෙ වගකීමක් . ස්තුතියි ඔබේ නිර්මාණය වෙනුවෙන් !

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස ඉතා වටිනවා..... මේ වගේ නිර්මාණයක් හරහා අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ සාකච්ඡාව අැති කරන්නයි... ඔබේ ධනාත්මක අදහස් දැක්වීම ඉතා අගෙයි......

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. Pradeepge commenttuth kurutuge replyth post eka wadhagath saakachchawakata genagiya bawai
    mata hithenne.

    Polisiya waradi nokala yuthui kiyana thanai man enneth,

    A ai kiyala Kasup Anuradhage replies thula saralawa pahadili welaa thiyanawa.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙනරත් සහෝ............

      අපි හරිම සතුටුයි මේ සාකච්ඡාව ඉතා හරවත් විදිහට ගෙනියන්න හැකි වුණාට.... අපි වෙන පෝස්ටුවක් දැම්මා වුණත් ඒ සාකච්ඡාව දිගට ම ගෙනියන්න උත්සහ කරනවා........

      Delete
  25. ඉඳලා හිටලා දුන්නත් අතටම සිතාසිය
    පෙන්නැන්ද්ද පාරේ කට්ට කන විලාසය
    උඩින් යටින් දෙපැත්තෙන්ම තැලෙන උදවිය
    දුකට සැපට ඔබට ඉන්න ඔබේ පොලීසිය

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි තමා............... කොස්තාපල් පුඤ්ඤේ අයියා........

      Delete

Related Posts Plugin for WordPress, Blogger...