Sunday, September 29, 2013

බර්ටි මැරැණා ද ..............?



ඇමති කෙනෙකු විය - කැබිනට්
සැප සම්පත් විය - කුල්මත්
ගරු බුහුමන් නැගි - දසතින්
සැරදුනි මැතිණිගේ - බලයෙන්

ඇමති බර්ටි මැරැණෙ එදා
උතුරු පළාතට ගිය දා
ඒත් මැඩම් හිතා බලා
බර්ටි මහඇමති උපදා

නැතත් කැබිනට් ඇමතිකම්
පක්ෂෙ වෙනුවෙන් කැපකම්
එදා බර්ටි නොකළානම්
උතුරු මැද නෑ පක්ෂෙ බලකම්

මහා ඇමති කෙනෙකු විය
පක්ෂයේ බලය නොසෙල්විය
හැකි හැම දහිරිය
දමා රැක‍්කේ ය පක්ෂය

ආවා අලුත් ඡන්ද කාලේ
සහෝදරයින් ඇමති රාළේ
මනාපය ඉල්ලා එවේලේ
දමයි දහිරිය පපා ආලේ

එකට සිටි මහ පුටු දැරූවන්
මූණ නොබලා අහක බැලුවන්
මහා පුටුවට කෙළ හැලූවන්
බර්ටි හළලා සතුටු වූවන්

ගසා ගැට විජ්ජුම්බර
බර්ටි දැරු පට්ටන්තර
උදුර ගෙන පෑ මන්තර
බර්ටි ගැන කීවා කතන්දර

මැරුවා බර්ටි මහ ඇමති
උපද්දා බර්ටි මන්ත්‍රී
දෙවැනි වරටත් මැරුණ බර්ටි
පස්සේ පුටුවට දැම්මා පණනැති

හිටපු ඇමති කෙනෙකු විය.
හිටපු මහ ඇමතිත් විය.
හිටපු මන්ත්‍රි වනවා දිස්විය.
බර්ටි නික්මිය ............... මරණයක් විය.

තුෂාර විතාරණ

.

10 comments:

  1. doctor, major, egolloth mala neva.

    ReplyDelete
    Replies
    1. මොකක් ද ඒ කියන්නේ???????????

      පැහැදිලි නැහැනේ සහෝදරයා.......................

      Delete
  2. ඕක තමයි ඉතින් ජිවන චක්කරේ කියන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තමයි. ඒත් ඉතින් ලොක්කෝ රෙදි ඇදගෙන මළගෙදර යන්නේ කොහොමද කියන එකයි පොඩි ප්‍රශ්ණයකට තියෙන්නේ නේ ද ???

      Delete
  3. මිනිස්සු මැරුනම සතුටු වෙන්න හොඳ නෑ.. දිට්ටධම්ම වේදනීය කර්ම කියන්නේ ඕවා තමයි.. මට දුක මැරෙනතුරා මහ ඇමතිට.. එහෙම ඉන්න නොලැබුන එක..

    ReplyDelete
    Replies
    1. උපරිම එකගයි මාතලන්,

      බර්ටිගේ දේශපාලනය ගැන විවේචන තිබුණට මනුස්සයෙක් හැටියට ඔහුට කරපු දේට මම විරුද්ධයි. ඔහු කැපකිරීම් කරපු දේශපාලනඥයෙක්. අද ආණ්ඩුවේ හැමෝටම වෙලා තියෙන්නේ මේ දේ තමයි. දුක් විදලා ආණ්ඩුවක් පත් කරගත්තා. ඒ වෙනුවෙන් අවුරුදු ගණන් කැපකිරීම් කළා. ඒත් අන්තිමට ඒ ආණ්ඩුවේ පොරවල් වෙලා ඉන්නේ ඡන්දෙ වෙලාවේ පක්ෂයට විරුද්ධය ඉදලා පස්සේ පැනපු අය. ශ්‍රී ලංකා කාරයෝ හැමෝම පාර්ලිමේන්තුවේ ඉදලා ගෙදරට යද්දි යූඑන්පී කාරයෝ ගෙදර ඉදලා රජ ගෙදරට යනවා.

      පක්ෂය බලයට ආවට පක්ෂයේ මිනිස්සු කුණු කූඩෙට වැටුණ මේ වගේ යුගයක් ඉතිහාසයේ කවදාවත් තිබිලා නෑ. විපක්ෂයක් නෑ කියලා කෑ ගැහුවට ඇත්තට ම වෙලා තියෙන්නේ ආණ්ඩු පක්ෂයක් නැති එකයි. ඇත්තට ම විපක්ෂය අද ආණ්ඩු කරනවා. අන්තිමට වුණේ රාජපක්ෂ පවුල විපක්ෂයට ගිහින් විපක්ෂය දිනෙව්වා වගේ වැඩක්. කොහොමත් රනිල් ආණ්ඩුවට ආවොත් කොහොමත් යූඑන්පී ආණ්ඩුවක් හැදුවා වගේ තමයි.

      Delete
    2. දෙන්නටම +++++++++++++++++++++++++++

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. උතුරු මැද මහින්දසෝමගේ මිනීමරු දේශපාලනයට බර්ටි මුහුණ දුන්නා. බර්ටිලාගේ මැරකම්වලට ජානක පෙරේරලා මුහුණ දුන්නා. කවුද දිණුම්?

    ReplyDelete
  6. ඒ කියන්නේ ජානක පෙරේරා දිනුවානම් එයාලාගේ මැරකමුත් බලන්න තිබුණා නේද අරූ...................

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...