අතීතයෙන් විත් නෙතේ ඇදෙනවා
එදා නුඹේ කෙලි කවට සිනා
ආයෙත් ආසයි යන්නට පාසල්
සැමරුම් මග බලා ඉදිනවා........
පියසි අග බිද බිදෙන් හැලෙනා
සීත වැහි බිදු අතරට සුරත පොවා
ඈත දුර සිහිනෙක උන්නා
බිත්තිය කොනකට වාරුවෙලා...
මිහිදුම් අතරින් මග බලන් ඉදිනවා
අතීතයෙන් විත් නෙතේ ඇදෙනවා....
ඔබේම අකුරින් ලියූ කවක්
තාමත් හිරිකඩට ගැහෙනවා
එදා සේම නා තුර මල් දා
අතීතයෙන් මට සුවද ගෙනෙනවා.......හසිත හර්ෂණ
හරිම ලස්සන හැගීමක් තියෙන කවියක්. ඔච්චර දවස් සද්ද නැතුව හිටියේ ඇයි කියලා මාත් බැලුවා.
ReplyDeleteතුෂාර විතාරණ