Saturday, September 7, 2013

මැරෙන්න බය නැති මිනිසා .......................



මට ගෙදරක් නැත.
ගෙයක් දොරක් කුමට ද
මට කාත්කවුරුවත් නැත.
ඒ නිසා ම මං මොනවත් ම
පොදි ගසා නැත.
ඉතින් මට රකින්නට දෙයක් තිබුණේ ද නැත.
තිබුණත් ඒ වෙනුවෙන් යුද වදින්නට
දරුවන් ද නැත.
දරුවන් කොයින් ද
මම කසාද බැන්දේ ද නැත............................

මම මැරෙන්න බය නැත.
මන්ද මගේ මිනිය ප්‍රදර්ශනයට
දවස් ගණං තියාගන්නේ නැත.
තියාගන්නේ කොහේ ද
මට ඉන්න හිටින්න තැනක් නැත.
තියාගත්තත් මොකට ද
මං වෙනුවෙන් දුක්වෙන්න, අඩන්න කවුරුත් නැත.
අඩන්න තියා දවසක් දෙකක්
නිදිමරන්නවත් එකෙක් නැත..........................

ඒ නිසා මම මැරෙන්න විතරක් නෙමෙයි 
ආයෙම ඉපදෙන්න වුණත් බය නැත.....................................

තුෂාර විතාරණ

.

2 comments:

  1. Ayeth ipadenna nam bayai kiyala thibunanam shok.....

    ReplyDelete
  2. ඉපදුනා කියලා ඒ මනුස්සයට අපිට වගේ කරදරයක් නැනේ. ජොබ් කරන්න. ඉගෙනගන්න. කසාද බදින්න. ළමයි ඉස්කෝලේ දාන්න. ඒ මොනවත් නෑනේ. ඉතින් මොකට බය වෙනවද නේද??

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...