ඈ
මා සිත් රූ හා
සමයි.
නෑ ඒත්
ඇගෙ නෙත් ඒ ලෙස
නොවේ.
දිගැසියකි මා සිත
ඇදුණු ඈ.
මැය නම් සමයි
ඇස්‚ කතාව‚ යන ගමන
නෑ..අපොයි
ඈ
පටු නළලැත්තියකි.
මෑ වේ මා
සිත හා සම ඈ.
දිග ඇස්‚ කතා බහ‚ ගමන‚ දිග් කෙහෙ
ඇති ඈ කේශාවියකි.
නෑ ඇගේ මුහුණ
සිත් නොගනි
දිගැටි මුහුණකි.
මැ නම් ඇයමයි
ඇය ඇයම වී ඇති බවකි.
ලස්සන දිග ඇස්‚ කතා බහ‚ යන ගමන‚ දිග කෙහෙ‚ වටකුරු මුහුණ
ඔව් ඒ ඈමයි
ඈම තමයි
මා කියමි ඈට
මගෙ සිත
ඔව් දැන්ම
මේ දැන්ම
නෑ............!
වෙන්න බෑ..
ඈ අන්ධයි
නෑ!.නෑ!..නෑ!......නෑ!හසිත හර්ෂණ
ලස්සන සිතුවිල්ලක් හසිත.....අන්ධයි කියන වචනෙට සමාණ කාව්‍යමය යෙදුමක් නැද්ද? සමාවෙන්න. මම කවියෙක් නොවේ.
ReplyDeleteස්තූතියි අරෑ,
ReplyDeleteඇත්තට ම මටත් වචනයක් හම්බුණේ නෑ. තව ටිකක් හිතලා බලන්න...................