Wednesday, September 4, 2013

එකම එක පාරක් . . . . . . . .




කවුරුහරි ඔබට එක පාරක් බැන්නාද?
ඔහු ඔබත් එක්ක සිය පාරක් හොඳින් කතා කරලා තියෙනවා.

කවුරුහරි ඔබට එක පාරක් එරෙව්වාද?
ඔහු ඔබත් එක්ක දහස් පාරක් හිනාවෙලා තියෙනවා.

කවුරුහරි එක පාරක් ඔබ දිහා නොබලා ගියාද?
ඔහු අනේක වතාවක් ඔබ දිහා බලල තියෙනවා.

කවුරුහරි ඔබව එක පාරක් ප‍්‍රතික්ෂේප කරාද?
ඔහු කීප පාරක්ම ඔබත් එක්ක වැඩ කරලා තියෙනවා.

කවුරුහරි ඔබව එක පාරක් පහත් කොට කතා කළාද?
ඔහු බොහෝ වාරයක් ඔබව අගය කරලා තියෙනවා.

කවුරුහරි ඔබෙන් එක දෙයක් උදුරගත්තා ද?
ඔහු ඔබට බොහෝ දේවල් දීලා තියෙනවා.

කොහොම වුණත්,
ඒ එක වාරයටත් ඔබ බොහොම අකමැතියි තමයි.

ඒත් ඒ අකමැති එකම එක වාරය මතක තියාගෙන.
ඔබ කැමති වාර සිය දහස් ගණනක් අමතක කරනවා ද ?


 තුෂාර විතාරණ

.

No comments:

Post a Comment



Related Posts Plugin for WordPress, Blogger...