මා නුවන් තරු කැට සේ යැයි කියලා
අහස ඉකිබිදින බව මා නුවන් ඉල්ලා
ඔබ ලියූ පෙම් කවි මා සම      කරලා
මගෙ සෙනෙහස නුඹ වෙතම ළංකලා
කාලය ගෙවී ඔබ මා රන් හුයෙන් බැදිලා
මා නුවන් තරු කැට නැතිද අද     පායලා
                                      පෙර ඔබ දුන් ප්‍රේමය අද ඔබෙන් සැගවිලා
                                      ඔබ ලියූ පෙම් කවි කෝ මා සම    කරලා
මට හිමි පෙම නුඹ වෙනකු හට  දීලා
එනමුත් ඉන්නම් දූ සුරතල් පානු බලා
ඔබ දුවනිගෙ කිරි සිනා නො දැකාලා
හිදිනු හැකි වේ ද ඔබෙ සිත සනසාලා.....හසිත හර්ෂණ

නැහැ වෛයිරයේ හැඟුමක් සිත් කොනකවත්
ReplyDeleteතනිවම විඳවනා හැඩයි දුක් කඳුලු ඇගේ දෙනෙත්
ඉන්නා බවද හැබෑවකි මෙවන් ළඳුන්, බෝසත්
ඒ ගුණ කවි කෙරූ නුබේ සිතත් අසිරිමත්
බොහොම ස්තූතියි සදරු! ඔයාගේ අදහස් අපිව දිරිගන්වනවා....ඔබත් හරි කවි කාරියක් වගේ........
ReplyDelete