Thursday, June 26, 2014

මට කිරි පෙවූ, ඔබයි අම්මේ මගේ කිරිඅම්මා................



මා උපන් දා ඉඳන් ළඟ සිට
ඉරක් වූ මට හඳක් වූ
කිරි හිනා කට පීදෙනා තුරු
දහස් වරකිය වෙහෙස වූ
මට මවක් වූ
ඔබයි අම්මේ මගෙ මව්ගෙ අම්මා..............

මුහුණ අත්පා හැඩය නොවුණම
ඇයයි හැදුවේ කිරි තියා
කුසේ ගින්දර දැනී හැඩුවම
වැහැරි තන පුඩු මුව තියා
මට කිරි පෙවූ
ඔබයි අම්මේ මගේ කිරිඅම්මා................

අපට කන්නට දෙයක් නැති තැන
නුඹේ කුස පිරුණේ නැති
කොතෙක් දඟකම් කළත් අප වෙත
සිනාවක් ඇගෙ මුව ඇති
මාව නැලවූ
ඔබයි පින්කඳ මගේ අත්තම්මා..................

දෑත් වැහැරී මුහුණ මැලැවී
ඇතත් දහිරිය හිත රැඳී
මගෙත් දරුවෙක් බලා මිස ඈ
නොයන්නට සැරසී හිඳී
මාවම පැතූ
ඔබයි අම්මේ මට මගෙම අම්මා................


තුෂාර විතාරණ


.

51 comments:

  1. තවම ඇයගේ සෙනෙහස ලබන්න තරම් මාත් වාසනාවන්තයි ගී පවුරේ.. නෙතට එන කඳුලු වලින් බොඳවෙලා පේනවා මට අතීතයේ අමාරුම දවස් වල ඇය පිහිට වෙච්ච හැටි.

    ඇත්ත, මගේ අම්මට තරම්ම මං ඇයටත් ආදරෙයි. නිතර නොදකින මේ මවු සෙනෙහස ගැන සටහන් තැබුවට ගී පවුරට මේ ආචාරය...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝෂ් දිරිගැන්වූ කමෙන්ටුවට...

      ඇත්තට ම අත්තම්මා නැත්තම් කිරිඅම්මා කියන්නේ අපි ඉපදුන දවසේ ඉදලා අපි වෙනුවෙන් දහසක් දුක් විදලා කිසිම ගෞරවයක් නොලබන කෙනෙක්. අම්මාට දරුවන් හදන විදිහ කියලා දෙමින් ඇය මාව හදපු විදිහ අම්මා තාම කියනවා. අත්තම්මා ගැන අපිට තියෙන ආදරය හරිම සංවේදී එකක්. අපි ඇයට හරිම ආදරෙයි. ඇය අපිට හරිම ලෙංගතුයි. අම්මා තරම් වත් අපිට බනින්නේ නෑ...........

      ඒ වයසට යන්න යන්න ඇය ලැබූ පරිණත බවයි.

      Delete
    2. සහතික ඇත්ත. ඔය දේ මටත් ඔය විදියටම ගොඩක් අවස්ථාවල දැනිලා තියෙනවා. ගමේ අලිගැට පේර, රඹුටන් වගේ ජාති හැදෙන කාලෙට ඇය තාමත් ඒවා පොදි බැඳගෙන අරන් එනවා අපිට කි.මී. 150ක් විතර දුර ගෙවාගෙන. ඒක ඇයට සතුටක්.

      Delete
    3. ඒක ඇත්ත මනෝෂ්..........

      අත්තම්මලාගේ හැටි තමයි මොනවා හරි දෙයක් ලැබුණොත් ඒකෙන් කෑල්ලක් හරි ඒකම හරි අපිට තියලා තියන එක. ඒක අපි කනවා බලන එක තමයි ඇයට ඇති සතුට. ඇයට සල්ලි නෑ. අපිට රෙදි අරන් දෙන්න බෑ. ඒ නිසා ඇයට ලැබෙන කෑමක් හරි වත්තේ තියෙන දෙයක් හරි අපිට තියාගෙන ඉන්නවා. සමහර විට ඒ පළතුරු නරක් වෙලා. දොදොල් හරි ආසාවෙන් හංගන් ඉන්නවා අපේ අත්තම්මා අපිට දෙන්න. අපි යද්දි ඒවා පුස් කාලා.. පුස් රහ එනවා හොදට. ඒත් හිත රිදෙන හිංදා රස කර කර කනවා.... අනේ මන්දා ඇය ගැන කොහොම කියලා ඉවර කරන්නද කියලා මනෝෂ්..........

      Delete
  2. A rare poem.....

    We cannot see these kind of feeling even in a songs in Sri Lanka..... In other countries.. Ooops.. No use of talk about it.

    This is very valuable poem........ Good Luck Thushara....

    From........

    White Man

    ReplyDelete
    Replies
    1. Thank you White man....

      yes it's correct. We haven't much writings about that topic. But I feel she is a special person who think about us.

      So thank you very much for your comment.

      Delete
  3. මා විශේෂයෙන් දැක තිබෙනවා රජරට ප්‍රදේශයේ කිරිඅම්මාට තිබෙන මහා වගකීම් සහ කාර්ය භාරය ඉතා අධික බව. ඇය බොහෝවිට දෙවැනි හෝ තුන්වැනි පරම්පරාවේ දරුවන්ට පවා මවක වෙනවා පමණක් නෙවෙයි ඔවුන්ගේ ජීවිතය පිලිබඳ වැදගත් තීරණ ගැනීමේදීද මැදිහත් වෙනවා. එපමණටම ඇය ප්‍රබලයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචාරක අදහසට,

      ඇත්තට ම කිරිඅම්මා කියන්නේ පවුලක වැදගත් ම චරිතයක්. ඇය විසින් ඉටු කරන්නා වූ කාර්යය අති විශාලයි. ඇය දරුවන් හැදීම, ඉවීම, ලෙඩ රෝග, ආගමික කටයුතු, ආදී වූ සියල්ල ගැන දැනුමැත් පරිණත චරිතයක් ලෙස පවුලක් තුළ සැලකෙනවා. ගම්බදට වන්නට වැඩිහිටි කාන්තාවන් පිළිබද ව සියලුම ගැමියන් තුළ ඇති ගෞරවය ද වැඩි බව පෙනෙනවා. හැම පොදු වැඩකදිම ඔවුන් පෙරමුණ ගන්නවා....

      මේ ප්‍රදේශයේ ඇති කිරිඅම්මා දානයන් ද ඒ අතරින් වැදගත්. ඒවායේ සමස්ථ කාර්යය ම සිදු වන්නේ මේ මෑණිවරුන් අතින්.... ඔවුන් එහිදී පූජනීයයි. මං හිතන්නේ අපේ SUGV ට මතක් කළොත් මේ ගැන වටිනා ලිපියක් ලියයි විචාරක

      Delete
  4. කිරි අම්මා එහෙමත් නැත්නම් අත්තම්මා සෙවණේ හැදුණු නැති දරුවෙකුගේ ජීවිතය අසම්පුර්ණයි වගේ. කිරි අම්මා කියා දුන් කතන්දර තාමත් අපේ හිත්වල තියේ. බොහොම ලගන්නා සුළු කාව්‍යක් මචෝ..

    ReplyDelete
    Replies
    1. ඇත්තට ම අත්තම්මා............. නැත්තම් ආච්චිඅම්මා හෙවනේ හැදුනාම අපි තුළත් ඒ අව්‍යාජ ගති ඇති වෙනවා නලියා... ඇය අම්මා තරම්ම අපිට ආදරේ කරන නමුත් ගීත නොලියැවෙන... විචාර නොලියැවෙන අවාසනාවන්ත චරිතයක්. ඒ නිසයි අපි අත්තම්මා ගැන ලියන්න ඕනේ....

      ස්තූතියි නලියා අගය කිරීමට............... ඔබ අපිට ශක්තියක්

      Delete
  5. ඒ අම්මගෙ මූණෙ ලියලා තියන දේ කියවන්න පුලුවන් උනානම් මොනවා නොකියයිද?මගේ අත්තම්මට මං හංදා කිරිත් එරුණලු...ඒ තරමටම ආදරයක් උන්දැගේ හිතේ අපි වෙනුවෙන් තිබිලා තියනවා.මං සෑහෙන්න අතීතෙකට ගියා ගී පවුර කියවලා..........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්....

      ඇත්තට ම අත්තම්මලාට අපි ඉපදුනා ම කිරි එරෙනවා ඇති මල්.. ඒ තරම් එයාලා මුණුපුරු මිණිපිරියන්ට ආදරෙයි. එයාලගේ ජීවිතේ එක අරමුණක් තමයි අපිව බලන එක. අපේ තාත්තගේ අම්මා දරු පරම්පරා හතරක් බැලුවා. ඒ කියන්නේ මුණුපුරන්ගෙත් මුනුපුරෝ බැලුවා.... මං හිතන්නේ අවුරුදු 100 ක් විතර හිටියා....

      අනික මල් අපිට අත්තම්මලා 4 ක් ඉන්නවානේ.. අම්මාගේ අම්මා... තාත්තාගේ අම්මා.. බිරිදගේ අම්මාගේ සහ තාත්තාගේ අම්මලා...

      මටනම් වයසක අම්මා කෙනෙක් දැක්ක ගමන් අත්තම්මා මතක් වෙනවා. ඉතින් බස් එකේ දී එහෙම නැගිට්ටවෙන්නේ ඉබේටම මිසක් හිතලා කරන දෙයක් නෙමෙයි. මගේ අත්තම්මා හිටියානම් කොහොමද හිටගෙන යන්නේ කියලා හිතෙනවා..............///

      Delete
  6. අමිම කෙනෙක් දරැවො හදන්නෙ දරැවන්ගේ දියුණුව බලාපොරොත්තුව මිස තම දියුණුව තකා නොවෙි. ඒ නිසා කුරැටු ගෑ ගී පවුර බිහිකල පළමු දරැවා දැන් දියුණු වෙනව. උක්ත කවිය ඇති කළ මවගේ ගුණ ඒ දරුවා ගොඩක්ම විශ්වාස කරනව. ඒ නිසා දරුවගේ දියුණුව බලන්නට අමිමට ආරාධනා කරන්නේ සෙනෙහසින් . දරුවගේ නම පරිවාස සමිමුති

    ReplyDelete
    Replies
    1. අම්මෝ................. රුවන්..........

      හිතට දැනෙන සතුට කියන්න වචන නෑ මට...... අපේ අතීතය... ජීවිතේ සුන්දර ම කාලපරිච්ඡේයක්...... දැන් ඈතට වුණත් අපේ මිත්‍රකම් තව තවත් ළං කරන්න බ්ලොග් කෙරුවාව උපරිම උදව් වෙනවා කියලා මට දිවුරලා කියන්න පුළුවන් මචං.................

      එහෙනම් පටන් ගනිමු... මුලින් ම හද පතුලෙන් ම සුභ පැතුම්.. බ්ලොග් ලෝකයට සාදරයෙන් පිළිගන්නවා විතරක් නෙමෙයි අපේ මිතුරෝ හැමෝට ම මං හදුන්වලා දෙන්නම්. ඔවුන් ඔබ සමග ඉදිවි.... ඒ තරම් මනුස්සකමක් මේ අය අතර තියෙනවා රුවන්.................

      හරි එහෙනම් යමුකෝ බ්ලොගය පැත්තට........

      ආ හැමෝට ම ආරාධනා කරනවා මගේ පරණ මිතුරාගේ අලුත් බ්ලොගයට එන්න කියලා...

      http://pariwasasammuthi.blogspot.com/

      හරි දැන් පටන් ගනිමු... පාර කිව්වා වගේ ම මේ ලෝකේ නැගිටින්නත් අත දෙන්න එපැයි... ඒක තමයි මනුස්සකම. එච්චරයි. නැගිටලා කරණම් ගහන දවසට අපි බලලා සතුටු වෙනවා ඇත්තමයි........

      Delete
    2. කුරුට්ටන්ගෙ පාර පෙන්වීමෙන් අපිත් ඒ පැත්තෙ ගිහින් ආවෙ දරුවාගෙ දියුණුව බලන්න. සුබ පැතුම් රුවන්.…

      Delete
    3. බොහොම ස්තූතියි ප්‍රියා....

      අපි දන්නවා ඔබලා නවකයෙක් ට උපරිම සහය දෙනවා කියලා. ඔහුට අපි අතදෙමු. එය සමාජ මෙහෙවරක් වනවා නොඅනුමානයි. මා දන්නා පරිදි මේ අඩවිය ළමා රක්ෂණය පිළිබද අනාගත සංවාදයන් බිහිකරනු ඇති අතර ම නිර්මාණකරනය ද නොඅඩුව සිදු කරනු ඇත. කොහොම වුණත් ඒ පැත්තට ගියාට ස්තූතියි ප්‍රියා.................

      Delete
    4. අපිත් තාම නවකයො නිසා අපි හැමෝම එකතුවෙලා අපිට ඉදිරියෙන් ඉන්න ජේෂ්ඨයොන්ගෙ අත්දැකීමුත් එකතු කරන් ගමනක් යමු………

      //ළමා රක්ෂණය පිළිබද අනාගත සංවාදයන් බිහිකරනු ඇති// මෙය නම් ඉතාමත් වැදගත් කාර්‍යයක්.

      Delete
    5. අනිවාර්යෙන් ම ප්‍රියා......

      අපිට තව දුර ගමනක් යන්න තියෙනවා කියන එක අපි නිතරම විශ්වාස කරන දෙයක් ප්‍රියා.. ඇත්තට ම අපි එකතු වෙලා ඒ ගමන යනවානම් අපේ ගමන ගොඩක් දුර යයි..............

      Delete
  7. කිරිඅම්මල හුගක් තැන් වලදි හරිම ප්‍රභලයි.. හරියට ජනමාධ්‍ය වගේ...

    ReplyDelete
    Replies
    1. දේශකයා කියන්නේ කිරිඅම්මලාගේ සන්නිවේදන හැකියාව ගැන වෙන්ටෑ මයෙ හිතේ.... ඇත්තට ම ඔවුන්ගේ භාෂා විලාසය නම් හරිම හිත්ගන්නා සුළුයි................

      මතකද මයේ පුතේ............... මයේ දෙයියෝ............ මගේ අප්පා.......... කිරි පුතේ............... කියලා තමයි ඕනෙම දෙයක් කියන්න පටන් ගන්නේ. දේශකයා ඒ කතාව නම් හරිම සමීපයි.. වචන හරිම අව්‍යාජයි...

      Delete
  8. විශිෂ්ඨ නිර්මාණයක් ...! අම්මා , තාත්තා පිළිබඳවත් අඩුවෙන් කථා කෙරෙන ලෝකෙක, ඔබ ‍තෝරගෙන තියෙන ප්‍රස්තූතය නම් විශිෂ්ඨයි. පොදුවේ අත්තම්මාගේ, ස්භාවයන් , හැඟිම් , බලාපොරොත්තු හැමදෙයක්ම නිර්මාණය ඇතුලේ ගොනුවෙලා තියෙනවා.

    ඒ නොනිමි සෙනෙහස වෙනුවෙන් ඉඩ වෙන්කල " කුරු‍ටු ගෑ ගී පවුරට " මගේ ප්‍රණාමය ...!!

    අපව කුසේ තියාගෙන ඉඳලා, මේ ලෝකෙට අපිව බිහිකලේ අපේ මව උනත්, අපව දැඩි කරේ " කිරිඅම්මා. " අපව හදා වඩා ගන්න ඇය විශාල ශක්තියක් උනු බව අදටත් අපේ අම්මා සිහිපත් කරන්නේ මහත් ගෞරවයෙන්. ඇය පුංචි කාලයේ අපට කියා දුන්නු කතාන්දර අපේ ජීවිත හැඩ කරේ අපටත් නොදැනිමයි. මුණුපුරන්ව විතරක් නෙමෙයි, මී මුණුපුරන්ව පවා දැඩි කරන්න ඇය දීපු සහාය අප්‍රමාණයි.

    කරපු දඟ වැඩකට අම්මාගෙන් , තාත්තගෙන් දඬුවම් ලැබෙනකොට අපිව බේරගත්තෙත් අත්තම්මා මැදිහත් වෙලා තමා.

    ඇත්තටම ඇය අපිට " දෙවැනි මව " උනා කිව්වොත් තමා නිවැරදි.

    ReplyDelete
    Replies
    1. ++++++ ඕක තවත් වැඩියෙන් දැනෙනවා අපේ දරුවන්ට අපේ අම්මලා ආදරේ කරන තරම දකිත්දි.

      Delete
    2. @ චතුරංග,
      ඔබේ අදහස් සමඟ 100 % එකඟයි. ( අත්දැකීම නැතත් , ඇස ගැටෙන දෙයක්නෙ. )

      Delete
    3. @ සඳරු.........

      ස්තූතියි සඳරු කවිය අගය කිරීමට සහ ඒ ගැන සංවාදයක් ගොඩ නැගීමට. කතාව ඇත්ත. ඇය විසින් අපේ ජීවිත වලට දුන්නු දේ බොහෝයි. තවම මතක් වෙනවා ඇගේ ආදරය. අපිට කවදාවත් ම සැර කරලා නැති තරම්. අපි කරන දේවල් දිහා බලලා සතුටු වුණා විතරයි. අපි වැඩිපුර ආදරේ හෙව්වා ඇගෙන්........

      Delete
    4. @ චතුරංග.......

      ඔව්. ඒ අපේ කිරිඅම්මා නෙමෙයි. අපේ දරුවන්ගේ පරම්පරාවේ කිරිඅම්මා... ඇත්තට ම අම්මා අපිට වැඩිය අපේ දරුවන්ට කරුණාවයි. අපිට තවත් සැර කරාට දරුවන්ට එහෙම නැති තරම්..... අපේ අත්තම්මත් එහෙම වෙන්නැති...........

      Delete
    5. මීට කලින් කවියේ කමෙන්ටු අස්සේ ඇති අපි සඳරුගෙන් ඔය ප්‍රශ්ණය ම අහපු කමෙන්ටුවක්... පුළුවන් වුණොත් ඒක බලන්න ප්‍රියා...

      සඳරු ලියන්නේ කවි අරණ කියලා බ්ලොගයක්. ඒක නවත්තපු කතාවක් තමයි කියන්නේ. නමුත් සාර්ථක කවි බ්ලොගයක්. අපි සඳරුව උනන්දු කරවමු ආයෙම ඒක ලියන්න ප්‍රියා....................

      අපි බලමු සඳරුගෙත් අදහස් මේ ගැන ප්‍රියා...

      Delete
  9. මට හදවතටම දැනුනා තුෂාර අද පද ටික.

    මගේ කිරිඅම්මා (අපි එයාට කිව්වෙ 'අම්මම්මා' කියලා.…) නැතිවෙලා ලබන දොලොස් වෙනිදාට අවුරුද්දක්. :(

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රියා.......

      අපි ලියන කවියකින් කියවන කෙනෙක්ට සිතට සහනයක් දැනුනා නම් සහ ඒක අපිට යන්තම් හරි සටහන් කරලා යනවානම් ඇත්තට ම ප්‍රියා ඒක තමයි අපිට තියෙන එකම සතුට. වෙන මොන සතුටක් ද බ්ලොග් එකක් කුරුටු ගෑවා කියලා... ඔබත් ඒක ඕනවාට දන්නවා ඇති නේද??

      ඉතින් මේ කවිය ප්‍රියාගේ අත්තම්මාට උපහාරයක් වේවා කියලා අපි ප්‍රියාගේ අම්මම්මාට පුදමු.............

      Delete
  10. අහේතුවකට වගේ මම නම් ඒ ආදරේ ලබන්න තරම් පිං කරලා නෑ..

    ReplyDelete
    Replies
    1. ඒක ගැන දුක් වෙන්න එපා දිනේෂ්.........

      දිනේෂ්ට ඒ සෙනෙහස වෙන කෙනෙක් වෙතින් දැකලා හරි අත්විදින්න පුළුවන් වෙයි. ඇත්තට ම දිනේෂ් ඔය වයසක අත්තම්මලා හැම කෙනෙක් ම වගේ දරුවන්ට හරිම ආදරෙයි. ඔවුන්ගේ කතා විලාසයත් හරිම ලෙංගතුයි. බස් එකේදි හම්බෙන අත්තම්මා කෙනෙක් එක්ක ටිකක් කතාවට වැටිලා බලන්නකෝ ඔය අත්දැකීම නියමෙට විදින්න පුළුවන්.............

      ස්තූතියි දිනේෂ් අදහස් දැක්වීමට...........

      Delete
  11. ම්ම්..... ගොඩක් දෙනෙක් ගෙ හදවත්වල රැදිල තිබෙන ආදරණිය චරිතයක් .....රසවත් සිතිවිල්ලක් අකුරු කරල ....
    මමත් අත්තම්මල දෙන්න ගෙන්ම උණුසුම ලැබුව......
    ගොඩක් අය නොදකින පැති ඔබ/ඔබලා සිතිවිලි වලට පෙරලීම හරි අපුරුයි.....

    ReplyDelete
    Replies
    1. අම්බෝ කෙන්ජි සුකුමාර කෙල්ලෙක් වගේනේ ලියල තියෙන්නේ.. හැක්..

      Delete
    2. ස්තූතියි කෙන්ජි...................

      අත්තම්මා එක්ක ගෙව්ව දවසක් ආයෙම මතක් කරන්න තරම් මේ කවියට හැකියාවක් ලැබුණානම් ඒ ඇති.......අපේ අවශ්‍යතාවය එච්චරයි කෙන්ජි.....

      ස්තූතියි අත්දැකීම් බෙදාගත්තාට.................

      Delete
    3. @ දේශකයා...............

      ප්‍රශ්ණයට කෙන්ජියත් උත්තර දෙයි...............

      ඒත් මෙහෙමනේ දේශකයා. පන්සලකට ගිහාම කෙන්ජිලා වගේ පුද්ගලයන් වුණත් නිවෙනවානේ... මේකත් එහෙම තමයි. දේශකයා මෙහෙම දැක්කමයි නේද?????........ හැක්

      Delete
    4. @ දේශා බොකුස් ... ++++++++
      උඹ/උඹල ඉතන් ඉන්න කෙන්ජිය වෙනස්.... බං ....
      මුල වැරදුන නිසා .... ඔහොම යං කියනව ......
      සිත මගේ...... :)

      Delete
    5. @ ආ............. දේශකයා

      දැන් කියමුකෝ බලන්න කෙන්ජියා කියන එකට උත්තරේ................... හැක්....

      Delete
  12. අත්තම්මාලා මොන වගේද කියලා වෙලාවකට හිතා ගන්න බෑ

    ReplyDelete
    Replies
    1. ඒ ඇයි සහෝදර? අත්දැකීම බෙදාගනිමු........

      Delete
  13. තුෂාර.....ෆොටෝ එකේ තියෙන පින්තූරෙත් එක්ක ඔළුවටම වැදුනා. අපේ බබාච්චි (ආච්චිගේ අම්මා) මේ වගේමයි. මම ඇයගේ හුරතල් ලබන්නත් පින්කර තිබුනා. කතා සාගරයක්. එක එක සෙල්ලම්, තේරවිලි,කතා ලෝකයක්. පොත් කියවන්නත් දන්නවා. හෙණ බොරු කතාත් කියනවා. ඊයේ කතාව නවත්තපු තැනට වඩා වෙනස් අද කතාව පටන් ගන්න තැන. මීට අවුරුදු 35කට විතර කලින් මිය ගියා,

    ReplyDelete
    Replies
    1. හ්ම්.....................

      ස්තූතියි අරූ අත්දැකීම බෙදා ගත්තාට... වැදගත් වෙන්නේ අපේ කවිය නිසා අරූටත් සුන්දර අතීතයකට යන්න පුළුවන් වුණ එකයි. ඇත්තට ම සතුටුයි අරූ........

      අත්තම්මලා ගැන අත්දැකීම් කියනවා නම් කියන්න දේවල් අනන්තයි නේද අරූ. ඒ ලෙංගතුකම ගැන මතක් කරන්න කරන් ආසයි නේද?? ඒ ගැන අරූගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තාට ස්තූතියි....

      Delete
  14. ඔබේ දරුවන් බැලීමේ වසනවා ඇය සතු වේවා..!!
    ඇයට නිදුක් නිරෝගී සුව පතනවා.

    මගේ නම් ආච්චි තමයි මගේ අම්මා වුණේ.මම ඇය ගැන අකුරු කෙරුවා කාලෙකට කලියෙන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝජ්...........

      මගේ අරමුණත් එකම තමයි. ඇය ඊටත් වඩා කාලයක් ඉදියි කියලත් මට විශ්වාසයි.

      ඔබේ අත්දැකීම බෙදා ගත්තාට ස්තූතියි. ඔබ නම් හොද හැටි ආච්චි තුරුලේ හැදෙන්නට ඇති. ඇත්තට ම ආච්චි කියන චරිතය දරුවන් හදාගැනීමට සහය විය හැකි හොදම චරිතයක් මනෝජ්......

      ඉතින් කලින් ලියපු ලිපියේ ලින්කුවත් මෙතනට ම එකතු කරමුකෝ........ කට්ටියට පහසු වෙයි.

      Delete
    2. ඔන්න එහෙනම්,

      http://manogeloka.blogspot.com/2013/11/blog-post.html

      Delete
  15. හදට දැනෙන කවක්..
    ඒ කතන්දර, ඒ ලෙන්ගතුකම, ඒ උපදෙස් , ඒ ආදරය පුංචි දරුවෙකුගේ මුල් ළමාවිය සංවර්ධනයට අත්‍යවශ්‍ය දේවල්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත දුල්ෂාන්....................

      ඇයගේ ආදරය අපිට බොහෝ දේවල් ලබා දෙනවා. අපි මේ ලෝකයේ පය ගහලා ඉන්නට අවශ්‍ය බොහෝ දේ ඇගෙන් අපට උගත හැකියි. ඒ පාඩමුත් හරිම සුන්දර විිදිහට තමයි ඇය කියලා දෙන්නේ......

      කවිය ගැන අගය කරාට ස්තූතියි දුල්ෂාන්..........

      Delete
  16. සංවේදී කවියක් තුෂාර
    මට මගෙ කිරියම්ම මතක් වුණා...
    දැන් නහම් ඈමියගිහින් ඒත් මට තාම මතකයි ඒ මූන

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්..................

      ඇත්තට ම අපිට ආදරෙන් මතක් කරන්න පුළුවන් මූණක් තමයි ඒ. කණගාටුයි මහේෂ් කිරිඅම්මාගේ සෙනෙහස ඈත් වුණාට. නමුත් ඇය ගැන සංවේදී මතකයක් ඇති කරන්න පුළුවන් වුණාට සතුටුයි..

      බොහොම ස්තූතියි කිරිඅම්මා ගැන මතකය අපිත් එක්ක බෙදා ගත්තාට මහේෂ්...........

      Delete
  17. මගේ කිරි අම්මාත් මට සිහි කරදුන් මේ අගනා නිර්මාණයට බෙහෙවින්ම තුති පුදමි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගුණසිංහ මහතා ඔබගේ අගය කිරීමට....

      විශේෂයෙන් ම අලුත්නුවර ප්‍රදේශයේ ඉන්න අව්‍යාජ ගැමි ආතම්මලා දැක්කා ම මෙහෙම කවි නොලියා කොහොමද නේද????

      මං හිතන්නේ අල්මඩිත්ත ගැන කවියත් මෙතැනින් බලන්න පුළුවන් වෙයි...

      http://kurutugegeepawra.blogspot.com/2014/06/blog-post_14.html

      ස්තූතියි මේ පැත්තට ආවට සහ අපි ව දිරිගන්වලා කමෙන්ටුවක් දැම්මාට...............

      Delete

Related Posts Plugin for WordPress, Blogger...