Thursday, June 19, 2014

අකුරු කළ පන්තියට ගිනිබෝල පිටවුණා ............



ගිනි ගහන වැලි කතර, හිරු රැසින් නැහැවෙනා
දෙපා පිච්චෙන තරම් රළුව දෙයි වේදනා
අකුරු කළ පන්තියට ගිනි බෝල පිටවුණා
පොතත් පෑනත් අතින් ගිලිහුණා ගිලිහුණා ...............

උඹ නමින් ලියවුනත් අනාගත පැතුම් මල්
යක්ෂයින් ඩැහැගනී තුවක්කුව තියෙන කල්
කඩා සුනු විසුනු කර ආදරය පිරි ගෙවල්
පන්නලා නුඹලාව මහමගට වැටෙන කල් ...............

අතට ටින් කටුව දී ගතට වැරහැල්ල දී
උන් බලා සැනසේවි හිඟාකන විටකදී
යුද ටැංකි යට කරන් අනාගත දිනකදී
හැකිවුණොත් ජයගන්න හිනැහිලා නම් මදී ................

ඉරුණු පොත් කැබැල්ලේ අකුරු ටික ගලපලා
පැදුරු කඩමාල්ලේ ඉඳන් හිත සනසලා
ඔය පෙනෙන ලෝකයට එපිටහින් බලාලා
යුද ටැංකි ගිනි පිඹින්නැති හෙටක් හොයාලා ...............

පුත නුඹට හැකිවේවි යුද්ධයක නොපැටලුණ
සුන්දරත්වයෙන් පිරි සමනල්ලු හිනාවෙන
ජාති ආගම් භේද නැති ලොවක් පෙන්නන්න
දිරි ගන්න ඔය හිතට හරි දුරයි එහෙ යන්න ...............


තුෂාර විතාරණ




පසු සටහන - යුද්ධය විසින් ඉරාකය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල් වල පාසල් දහස් ගණනක් ගිනිබත් කොට ඇති අතර දරුවන්ට අධ්‍යාපනය ලබන්නට ඇති පහසුකම් අතිශය සීමාකාරී තත්වයකට පත්කොට ඇත. වත්මන් ඇෆ්ගනිස්ථානයේ පාසල් අධ්‍යාපනයේ ඇති පහසුකම් ගැටළුව පිළිබඳ ව කරුණු දක්වන "මහාචාර්ය ඩැජෙස්ටර්" මෙලෙස කියා සිටියි. "තමන්ගේ අභ්‍යාස පොත් වල තිබෙන ප්‍රශ්ණ වලට පිළිතුරු සොයන ශිෂ්‍යයන් අතිශය වාසනාවන්තයි. මන් ද ඔවුන් මේසයක් අසල පුටුවක හිඳ, කළු ලෑල්ලක් ඉදිරිපස සිටින ගුරුවරයෙකු සහිත පන්තිකාමරයක සිට අධ්‍යාපනය ලබන නිසාය. නමුත් ඇෆ්ගන් දරුවන් දහස් ගණනක් අභ්‍යාස පොත් වල ප්‍රශ්ණ වලට පිළිතුරු සොයනවා වෙනුවට හිඳගැනීමට පුටුවක්, ලිවීමට මේසයක් පන්ති කාමරයට ගොඩනැගිල්ලක් ගැන සිහින දකිමින් සිටිති". 

යුද්ධයක් ඇරඹීම ඉතා පහසු සහ සරළ කාරණයක් වුව ද එහි ප්‍රතිඵල අතිශය ඛේදනීය සහ කාලාන්තරයක් යන තුරු ඉන් මිදීමට අවස්ථාව නොසලසනු ලබන්නේ ය.


A NEWS FROM AFGHAN WAR


You are seen on the ground after a suicide attack in Khost province, east of Kabul, Afghanistan, Sunday, Dec. 28, 2008. A suicide bomber tried to attack a meeting of tribal elders and blew himself up near an Afghan primary school on Sunday, killing 14 children and wounding 58 people, the U.S. military said.
From - http://www.cleveland.com

43 comments:

  1. Replies
    1. මටත් ඒ සිංදුව තමා මතක් උනේ.

      Delete
    2. මටත් මතක් උනේ ඒකමයි.මං පහල කමෙන්ට් එක ටයිප් කරලා රිෆ්‍රෙෂ් වෙද්දි තමයි ඔබතුමාගේ අදහස දැක්කෙ.මේක කියවන හැමෝටම ඒ සිංදුව මතක් වෙයි...

      Delete
    3. මට මතක් වෙලා ඒ සිංදුව දාල කමෙන්ට් කරල ඉවරවෙනකොට උඹල ඇවිත් කමෙන්ට් කරල ගිහිල්ලත් ඉවරයි..

      Delete
    4. @ ඉවාන්,

      ඇත්ත ඒ ගීතය නම් පැහැදිලි ව ම මීට අදාලයි. මං දන්න විදිහට ඒ ගීතයට විදේශ සම්මානත් ලැබුණා. ඉතින් ඉවාන් බොහොම ස්තූතියි අපේ කවියට තවත් අර්ථයක් එකතු කරාට.....

      Delete
    5. @ ප්‍රියා....

      ඒ ගීතය අපේ හැමෝටම වගේ මතක් වෙලා. ලියද්දි නම් ඒක විශේෂයෙන් මට මතක් වුණේ නෑ. ඒත් දැන්නම් ඒක ගොඩක් දුරට අදාලයි කියලා හිතෙනවා තමයි....

      Delete
    6. @ මල් සහ මනෝෂ්.......

      මේ දැන් දැන් රටේ ඇතිවෙන තත්වය අනුමත කළ හැකි දෙයක් නෙමෙයි. ඒ ගැන ලියන්න හිතුණත් හැමෝම ඒ ගැන ළුණු ඇඹුල් ඇතිව ලියනවා දැක්කා. ඉතින් අපිටත් ලියන්න දෙයක් නෑ කියලා හිතෙන තරම් බ්ලොග් ලිපි ලියවිලා තිබුණා. හිතේ දුක යනකල් ඒවට ගිහින් කමෙන්ටු දාපු නිසා අමුතුවෙන් කියන්න දෙයක් තිබුණෙත් නෑ. ඒත් ඇත්තට ම යුද්ධයකට රට ගෙන ගියොත් වෙන දේ ගැන ටිකක් වෙනස් කෝණයකින් ලියන්න හිතුණ නිසයි මේක ලියුවේ......

      ස්තූතියි අදහස් දැක්වීමට...........

      Delete
    7. මටත් මා තොටින් එන සිංදුව මතක් උනා බං.

      Delete
    8. බුදු අම්මෝ පත්තරයා ඇවිල්ලෝ.................

      මෙහෙම විපැත්තියක් කවදාවත් නොසිදු වේවා යැයි පතමින් සිටියෙමි. නමුත් (අ)වාසනාවක මහත. පත්තරයාට අපේ බ්ලොගය පෙනිලාය.....

      දේශකයා.... මාතලන්.... ප්‍රියා...... මනෝෂ්......... කෙන්ජි...... විදානේ ඇතුළු මෙකී නොකී අපේ සහෘදයිනේ වරෙල්ලා.... අපිට සුනාමි වෝර්නින් දියල්ලා.. සහන සේවා වලට කියපල්ලා... අනේ අපොයි....

      මොනවා වුණත් පත්තරේ වෙල්කම්.....

      Delete
    9. අඩෝ එහෙම කියන්න එපා බොල.. මට ලැජ්ජයි ලැජ්ජයි :D

      Delete
  2. අර පොඩි එකාගේ බැල්ම මාරම සංවේදී.මට එක පාරටම වහල නැති ඉස්කෝලයක් එක්ක වෙඩි සද්දෙට බයේ තැතිගැන්වෙන පුංචි ඇස් දෙකක් මතක් උනා...

    වෙඩි හඩට පොඩි අකුරු ඇදවෙයි...
    මක් කරන්නද පැංචියේ........
    ගුරුතුමී මා සිසුවියයි ඔබ....
    සරෝජා මගේ දෝණියේ....

    යුද්ධයක්නම් කවදාවත් ඇති නොවේවා............

    ReplyDelete
    Replies
    1. ඇෆ්ගන් වල ඉරාකේ යුද්ධය වෙලාවේ තත්වය ඕක තමයි. අපේ රටේ වුණත් උතුරේ එදා තත්වය ඕකම තමයි. මුලින් ම විනාශ වෙන දේවල් අතර පාසල් ඉදිරියෙන් ම තියෙනවා. මේකේ පාඩුව තමයි මල්, යුද්ධය ඉවර වුණත් ආයෙම දරුවන්ට ඉගෙන ගන්න මේවා හැදෙන්නෑ ලේසියකින්. ඒකෙන් වෙන්නේ රටේ බුද්ධිමතුන් ඇති වීම පරක්කු කරනවා. ඉතින් යුද්ධය ඉවර වෙලා රටක් දියුණු වෙනකල් අපි කොච්චර බලන් හිටියත් මේවා ඒක පරක්කු කරනවා.

      ස්තූතියි අදහස් දැක්වීමට

      Delete
  3. අර අහිංසක ඇස් පොඩි දිහා බලන් කොහොමද දෙයියනේ යුද්දයක් ගැන හීන මවන්නෙ??

    ආයෙත් යුද්ධයක් නම් එපා…!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රියා, ආයෙත් ඒ අතීතෙ මතක් වෙනකොටත් ඇඟ හිරිවැටෙනවා.

      Delete
    2. ඇත්ත ප්‍රියා......

      අපි යුද්ධයක් එපා එපා කිව්වට අපේ රටේ මිනිස්සුන්ට තේරෙන්නෑ. ඒත් යුද්ධයකින් වුණ මේ වගේ විපත් ආයෙම දැක්කොතින්වත් ටිකක් හිත් වෙනස් වෙයි නේ.....

      Delete
    3. @ මනෝෂ්......

      ආයෙම යුද්ධයක් ඇති නොවේවා කියලා අපි හැමෝම පතමු. ඒත් මේ ආයෙම අර අදින්නේ එදා වුණ දේම කරගන්න තමයි..... කලින් යුද්ධයේ මුලත් මේකම තමයි...

      Delete
  4. පද ටිකත් අපූරුයි තුෂාර. මම කැමතිම මේ කොටසට.

    //ජාති ආගම් භේද නැති ලොවක් පෙන්නන්න
    දිරි ගන්න ඔය හිතට හරි දුරයි එහෙ යන්න ...............//

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රියා........

      ඔබ අපිට ශක්තියක්.. මේ අදහස් අපිව තව තවත් දිරිගන්වනවා ප්‍රියා............

      Delete
  5. මා තොටින් එන උතුරු සුළගේ ගිනි සිඹින මඩු පල්ලියේ
    දෑස් අග මුතු කදුළු හංගන සරෝජා මගේ දෝණියේ
    වෙඩි හඬට පොඩි අකුරු ඇද වෙයි මක් කරන්නද පැංචියේ
    ගුරුතුමී මා සිසුවියයි නුඹ් එත් අපි එක පන්තියේ

    කරවටේ අත දමා හිනැහුණු කෝ නුඹේ පොඩි යාළුවන්
    දයාවක් නැති ලෝකයක් දැක උන් ගිහින් පැන මායිමෙන්

    තාත්තා හීනෙන් ඇවිත් අත වනන තුරු කඳවුරු දොරින්
    කාටවත් නැති දුවේ කවුරුන් නුඹ රකීවිද සෙනහසින්
    .
    ගී පද - මහින්ද චන්ද්‍රසේකර
    සංගීතය - රෝහණ වීරසිංහ 

    කාලය, දීපය, දේශය, නාමය, ජාතිය, වෙනස් වුවත් කුමක් වුවත් මේත් ලොවේ කොතැනක හෝ පීඩාවෙන් දිවි ගෙවන මනුස්ස පැටවු ටිකක් නේද. ඇත්තමයි, යුද්ධය කෙතරම් නම් බියකරුද. ඒත් ඒ බියකරු බව ඇතිකරන්නෙත් අපේම මනුෂ්‍ය ජාතිය කියල හිතෙනකොට?

    ගොඩක් සතුටුයි ගී පවුරේ.. ලංකාවට විතරක් නෙවෙයි, දැන් ජාත්‍යන්තරය දෙසත් ඔබේ කවි සිත යොමුවෙලා. තමන් උපන් බිමේ විතරක් නෙවෙයි, මේ ලෝකෙ කොතනක උනත් ඉන්න පීඩිත මිනිස්සුන්ගෙ දුක දකින්න කවියාට පුලුවන්. ඔහුගේ කවි සිතට දේශසීම නෑ. ජාති ආගම් කුල බේද නෑ. මේ ඒකට හොඳ උදාහරණයක්.

    "බ්ලොග් ලෝකයේ කවි ළකුණ" කුරුටු ගෑ ගී පවුර, ඔබට අපගේ උත්තමාචාරය!

    ජයෙන් ජයම වේවා!!

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි මේ බොරුවක් හෙම නෙවෙයි. මං මේක කියවන වෙලාවෙ එක කමෙන්ට් එකක් වත් තිබුනෙ නෑ. පළමු කමෙන්ටුව දාන්නෙ මං කියල හිතාගෙන ටිකක් ආඩම්බරෙන් දැම්මෙත්. මාතොටින් එන උතුරු හුළඟේ ගීතය හැමෝටම මතක් වෙලා. ඒ ගීතය මේ කවිපෙලේ ලංකාවෙ වර්ෂන් එක වගේ තමයි.

      Delete
    2. ස්තූතියි මනෝෂ්......

      හැමදාම වගේ ඔබේ කමෙන්ටුව අපේ කවියට තව තවත් අගයක් එකතු කරලා. හැමදාම අපේ කවියට ඔබ පොඩි විචාරයකුත් එකතු කරනවානේ. ඒක නැත්තම් මොකක්දෝ වගේ. ඉතින් මේ අදහස් දැක්වීම ස්තූතියි........

      ගණන් ගන්න එපා.. මමත් ටිකක් පුදුම වුණා. ඉවාන්, ප්‍රියා, මල් එහෙම ඇවිත් හිතන්නත් කලින්..........

      Delete
  6. ඇත්තටම සංවේදි පින්තුරෙත් !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිහින මදාරා...................

      ඔබේ සහය අපිට ශක්තියක්.

      Delete
  7. යුද්ධය තියෙන්නෙත් අපේ හිතේ. සාමය තියෙන්නෙත් අපේ හිතේ. හිත පාලනය තමයි අමාරුම දේ.

    සාමයට වැඩියෙන්ම කැමති, යුද්ධයට ඉතාම අකමැති කවුද? ...........................................සොල්දාදුවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත විචාරක,

      ඒ ගැන ඉතින් ඔබ හොදින් ම දන්නවා නේ. ඉතා කුඩා දේකින් පටන්ගන්න ගැටුමක අවසානය දහස් ගණනක් ජීවිත බිලීගැනීමක් වෙනවා. ඉතින් විචාරක මිනිස්සු තුළ මේ තත්වය තේරුම් ගැනීමේ හැකියාව ඇති කිරීම තමයි රටක ආණ්ඩුවක වගකීම. යුද්ධයක් ඉවර කරන්නට සොල්දාදුවාට පුළුවන් වුණාට නැවත සමාජය යුද්ධයකට නොයන තැනට ගෙනියන්න වගකීම තියෙන්නේ ආණ්ඩුවට... ඒ අත්‍යවශ්‍ය මොහොතේ නිවැරදි ක්‍රියාමාර්ග නොගැනීමේ ප්‍රතිවිපාක හරිම දරුණුයි විචාරක.......

      Delete
    2. ඒ කතාවනම් ඇත්තම ඇත්ත විචාරකතුමා

      Delete
    3. ඔය විචාරක කියන කතාව සීයට සීයක් ඇත්ත මල්...

      මොක ද යුද්ධයේ තියෙන දරුණුකම දකින විතරක් නෙමෙයි අත්විදින පිරිස තමයි සෙබලා. තම ජීවිත පවා අන්තිම අවිනිශ්චිත තැනක තියෙන නිසා ඔවුන් යුද්ධයට වෛර කරනවා ඇත්තමයි..

      Delete
  8. කවි පන්තියනම් පුදුම ලස්සනයි.. කියවන්න ආසයි..
    ඒ දවස් වල අපේ රටේ තිබ්බ තත්වෙත් මේකමයි..දෙයියන්ගේ පිහිටෙන් දැන් මේ කවිය අපිට අදාල කරගන්න ඕන නෑ.එහෙම වෙන්නත් එපා කවිය කියවලා ඔබට සුබ පතන ගමන් මන් ප්‍රාර්තනා කරන්නෙ ඒකයි..... :)

    ReplyDelete
    Replies
    1. ඇත්තට ඔව් සුසී.............

      අපි කියන්නෙත් යුද්ධය මේ තරම් දරුණුයි කියලා ආයෙම මතක් කරලා දීමක් ගැන තමයි... ඇත්තට ම අපිට යුද්ධයකින් බැටකාපු විදිහ මෙච්චර ඉක්මනට අමතක වෙයි කියලා කවදාවත් හිතන්නට බෑ නේද සුසී. නැත්තම් කවදාවත් මෙහෙම හැසිරෙයි ද? මේක මිනිස්සුන්ගේ නූගත්කමද? පරිණත නැති කමද? නැත්තම් මෝඩ කමද? එහෙමත් නැත්තම් වෙන මොකක් හරි අමාරුවක් ද කියලා හිතෙනවා.....

      Delete
    2. ඇත්තටම..
      අනේ මන්දා වැරැද්ද තියෙන්නේ මිනිස්සුන්ගේ..හැමදේම ඉක්මනට අමතක කරලා දාන එක.. මිනිස්සු හදවතින්ම තම තමන්ගේ රට ගැන ජාතිය ගැන හිතන්න පටන් ගන්නකන් මේ දේවල් මෙහෙම්මම වෙයි...එතකන් මේ දේවල් මෙහෙම්මම සිද්ද වෙයි.ශෝකාන්තයක් උනත් ඒක යතාර්තය..

      Delete
    3. අපි සම්පූර්ණයෙන් ම එකඟයි ඔබේ කතාවට සුසී....

      ඒ වගේ ම රට ජාතියට ආදරය කරනවාය කිය කිය අනික් ජාතීන් සහ ආගම් පාගන්න හදන එකත් හරි දෙයක් නෙමෙයි. ඒකෙන් වෙන්නේ රටට ආදරය කිරීමක් නෙමෙයි රටට වෛර කිරීමක්.. අනවශ්‍ය තරම් දේශප්‍රේමී වීම කියන්නෙත් භයානක තත්වයක් නේ.... බෞද්ධයා කියන තත්වයෙන් ඔබ්බට යන කෙනා බෞද්ධ ආගමටත් බරක් වෙනවා කියන්නේ මේවාට තමයි සුසී....................

      Delete
  9. මහ එවුන්ගේ ඕන එපාකම් වලට පටන් ගන්න දේවල් වල අවසාන් ප්‍රතිඵල අන්තිමට විදින්නේ කෝමත් දරුවෝ..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ්.............

      මේවා දරුවෝ කෙරෙහි බලපානවා කියන්නේ රටක අනාගතය අවුරුදු ගානකට අගාධයකට යනවා කියන එකනේ දිනේෂ්. පාසල් අධ්‍යාපනය කඩා වැටුණ ම යුද්ධයෙන් ඇතිවෙනවා වගේ සිය ගුණයකින් රටකට බලපානවා කියන එක තේරුම් ගන්න තරම් මේ පාලකයන්ට තේරුමක් නැති හැටි.............

      ස්තූතියි දිනේෂ් අදහස් දැක්වීමට..............

      Delete
  10. සංවේදී පිංතූරයක් වගේම අපූරු අදහසක්...
    අප්පල කරන පව්වලටදුකු විදින පුතාල...
    මට දැනෙන්නෙ අපේ රටෙත් ඉස්සරහට මොකක් හරි අවුලක් එයි කිල

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ් කවිය සහ සටහන අගය කිරීමට.....

      මේ පරම්පරාව ඇගේ හිරිඇරගන්න කරන දේවල් වල ඵලවිපාක අනාගත පරම්පරාව විඳවන්න වෙනවා. ඒ ගැන දැන් විකාර කරන පරම්පරාව කිසිඳු තැකීමක් නැ....

      ඔව් මහේෂ් මෙහෙම ගියොත් අනාගතය තවත් යුද්ධයකට ඇදලා දාවි. එ්ක මේ එක සිද්ධියක් එක්ක හෝ එක පාර ඇතිවෙන දෙයක් නෙමෙයි. මේ විදිහට අවුරුදු ගානක් උණුසුම් වෙවි නැති වෙවී තිබිලා 83 වගේ එක වෙලාවක මේක පුපුරලා යාවි. එදාට ඇතිවන යුද්ධයට අවුරුදු 30ක් වත් ජීවිත ලක්ෂ ගානක්වත් ඇතිවෙන එකක් නෑ... එදාට අපි මේ කියන දේවල් මොනවා ද කියලා යංතම් හරි තේරෙන කෙනෙක් හිටියොත් තේරුම් ගනියි මහේෂ්.....

      Delete
  11. සත්‍ය කථාවක, සංවේදී ඇත්ත ......

    ඇදුරු හඬ වෙනුවට වෙඩි හඬ සවනේ ‍රැව් දෙනවා
    අකුරු හැඩ වෙනුවට නපුරු රූප දෑසේ ඇ‍ඳෙනවා
    අකුරු කල පොත හිත්-පිත් නැති යකඩ පයට පෑගෙනවා
    සිනහා මැකී, පුංචි දෙනෙතෙහි කඳුළු මතුවෙනවා


    පසු සටහනේ තියෙන " යුද්ධයක ඇරඹීම ඉතා පහසු සහ ......................... " කියන කාරණාව 100% සත්‍ය. යුද්ධයේ ප්‍රබලම බලපෑම තමා ළමා මනස දූෂණය වීම. කැඩී බිඳී ගිය දේවල් නැවත පිළිසකර කරත්, බිඳුනු ළමා මනස නැවත ගොඩනගන එක පහසු සරළ කාර්යයක් නෙමෙයි.

    මනෝෂ් කියනවා වගේ, " නිර්මාණයකට, ජාති , ආගම් , කුල භෙද , දේශ සීමා වලංගු නැහැ. "
    පන්හිඳ කියන්නේ ප්‍රබල අවියක්. ඔබ සහ " කුරු‍ටු ගෑ ගී පවුරේ " සහෘද පිරිස ඒ අවිය නිවැරදිව මෙහෙයවනවා

    .........................................................................

    සිහිල් සුළං නැවතී, කලු දුමාරය යාවි ගුලි ගැහී
    පුංචි අකුරු පොඩි සී සී කඩ පාව යාවි එහි මුසු වී
    කතර තියේවි, ගලා ගිය රතු ලෙයින්ම නැහැවී
    එය සෝදා හරින්නට පුංචි දෙනෙතෙහි කඳුළු මදි වී

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සඳරු,

      අදහස් දැක්වීම නම් අපිව දිරිගැන්වීමක්. අපිත් උත්සහ කරන්නේ නිර්මාණකරනය ඔහේ සිද්ධකරනවා වෙනුවට අරමුණක් වෙනුවෙන් මෙහෙයවන්නට තමයි. එය නිර්මාණකරුවාගේ සමාජවගකීම කියලා අපි විශ්වාස කරනවා සඳරු.

      ඔබ විසින් කුරුටු ගෑ කවිත් හරිම අගෙයි. එය අපි විසින් ලියූ කවියට අනුපූරකයක් වගෙයි... බොහොම ස්තූතියි.......අපිව අගය කරමින් දිරිමත් කිරීමට සහ නිර්මාණය තව තවත් අලංකාර කිරීමට.

      Delete
  12. මනුස්ස සංහතිය පවතින තාක් කල් තණ්හාව මනුස්සයාගෙ ක්‍රියාවල් පාලනය කරන තාක් කල් මමය මාගේය යන මාන්නය ඇති තාක් කල් යුද්ධ තිබේවි..

    ReplyDelete
    Replies
    1. අපි උපරිම එකඟයි ලංකා.

      ඒත් මිනිසා බුද්ධිමත් ව කල්පනා කරන තාක්, මිනිසා ගැටුමක් කළමනාකරණය කරගැනීමට හැකියාව දියුණු කරගන්නා තාක් එම ගැටුම් යුද්ධයන් වීමට පෙර වලක්වා ගැනීමට හැකියාව ලැබේවි. සමස්ථ ලෝකයම යුද්ධයන්ගෙන් හෝ ගැටුම් වලින් තොර වීම නම් ඔබ කියනවා වගේ කවදාවත් නොවෙන දෙයක් තමයි. ඒත් යුද්ධයන් නොවිය යුතු දේවල් නිවැරදිව කළමනාකරණය නොකිරීම මත අද යුද්ධ වෙලා තියෙනවා. ඒවා මිනිසාට පාලනය කළ හැකියි. ඇත්තට ම ඒවා යුද්ධ නොවිය යුතු දේවල්.......

      Delete
  13. අර උඩ දිනේෂ් කියලා තියෙනවා වගේ මහා එවුන්ගේ යුද්ධ වලින් හැමදාමත් තැලෙන්නේ අහිංසක මල් කැකුළු.ඇෆ්ගන්,ඉරක් වල වගේම අපෙත් මල් කැකුළු කාලයක් යුද්දේ නිසා පීඩා වින්දා දැනුත් තම දෙමාපියන්ගේ ආර්ථිකය සවිමත් නැති නිසා දුක් විඳිනවා.නමට විතරක් නිදහස් අධ්‍යාපනයක් තියෙන නිසා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මනෝජ්,

      රටක් යුද්ධ කරාට ඒකේ විපාක විදින්නේ ජනතාව. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන් ම දරුවන්. ඔවුන් මානසිකව යුද්ධයක් තේරුම් ගන්න පුළුවන් පිරිසක් නෙමෙයි. ඔවුන් මානසික ව දැඩි පීඩනයකට පත් වෙනවා. ඒක අනාගත ජීවිතයට ම බලපානවා. ඒක රටේ අනාගත ශ්‍රම බලකායට බලපෑමක්. ඒ සමග ම අධ්‍යාපනය කඩා වැටුණොත් ඒක දරුණු තත්වයක්. ඒ වගේ ම යුද්ධයක් ඉවර වුණ රටක අධ්‍යාපන ඇමති මේ විදිහට පිස්සු නැටීම ඊටත් වඩා භයානක දෙයක්. අධ්‍යාපනය පාලනය කළ යුත්තේ අධ්‍යාපනයක් ලැබූ කෙනෙක් ම පමණක් නෙමෙයි අධ්‍යාපනය ලබා දීමට කැමැත්තක් ඇති කෙනෙක් මිසක් මානසික රෝගියෙක් නෙමෙයි.

      අදහසට බොහොම ස්තූතියි මනෝජ්......

      Delete
  14. වෙන කියන්න දෙයක් නෑ. උපරිමයි...........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිතුම්...............

      Delete

Related Posts Plugin for WordPress, Blogger...