Thursday, September 22, 2016

කුරුටු ගෑ පැල් කවි



පෑයු ඉර සමුදුර සැඟවුණා                               දෝ
නිලඹර සඳ රාහුට හසුවුණා                            දෝ
පන්හිඳ කුරුටු ගෑ හොරු ගෙන ගියා                දෝ
කුරුටු ගී පවුරට සෙනසුරු ලබා                      දෝ

සමුදුර සැඟවුණත් හිරු යළි                     පෙනීයන්
රාහුගෙන් මිදී යළි සඳ                             නැගීයන්
හොරු ගෙන ගියත් පන්හිඳ පණ               පෙවීයන්
කුරුටු ගී පවුර නැවතත්                             පිපීයන්

                   
                                                      ඩබ්.ටී වීරසිංහ

Monday, September 19, 2016

පිටුපා ගියේ ඇයි......



නෙතු සන් කළේ ඔබ
කිම මියුලැසි
පිටුපා ගියත් මට
අමතකව නෑ දැන්
ගිනිගන්න නෙතු අග
කඳුලක්ව නිතරම
හමුවේද... නොමවේද...
ඔබ යළි තවත්...

නෑ උරුම මේ ලොව
සැනසුම් පවන්
සුවඳ රොන් බිඟු රස කෝ
නිදි නැති යමේ
ආදරේ වේදනා
විරහ ගී සරසලා
දියවෙලා යයි මගේ
තුණු යම ඉතින්...

රෑ අහසෙ තරු පමණයි
තනියට මගේ
තරුපතිද නිති හිනැහෙයි
ඔච්චමට වගේ
ආදරේ වේදනා
සඳ කිරණෙ දියවෙලා
ගලා යයි ජීවිතේ
හුස්මට උඩින්...



 

අසංක ගයාන් අබේසිංහ

Thursday, September 8, 2016



මිදි කයි ද ? නරි


  
නොතිත් ආශාවෙන්
රැස් කරයි ධනය
නරයා
මිදි ඇඹුලය කියා
අත් හැරීමේ සුව විඳී
නරියා
ඉස්පිල්ලක වෙනස
පහදයි ගැඹුරු දහමක්..


ඩබ්.ටී වීරසිංහ

Sunday, August 21, 2016

මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා..............

 

 

                එක රැයින් තරු බවට පත්වන ලාංකීය ගීත සාහිත්‍යයේ අදටත් උත්කෘෂ්ට පරිකල්පනයෙන් හෙබි ගීත නිර්මාණ බිහි නොවේ යයි කිව නොහැක. නමුත් එවන් ගීත අද බිහිවන්නේ අතළොස්සකි. එවන් ගී පද රචනාවන් නූතන පරම්පරාව රුචි නොකරන තත්වයක් උදා වී තිබේ. මා අද තෝරාගත්තේ දැනට වසර දෙක තුනකට පෙර ලාංකීය ගීත සාහිත්‍ය වංශකතාවේ තවත් එක් සළකුණක් තැබූ ගීතයක් පිළිබ සරළ ඉතා සියුම් කියවීමක් කිරීමටය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියතොත් මෙය උත්කෘෂ්ට ගීත නිර්මාණයකි. මේ සහා වසරේ හොම ගී පද රචනය, තනු නිර්මාණය, පමණක් නොව හොම ගායනය සහා ද සම්මාන හිමිකර ගැනීමට සමත් වේ. තවත් අටුවා ටීකා කීමට අවැසි නැත. එම ගී පද රචනය නම් රජී වසන්ත වෙල්ගමයන් විසින් ලාංකීය ගීත සාහිත්‍යයට දායාද කළ මේ තරම් සියුමැලිද කළුගල් සිතන්නටවත් බැරි නිසා  යන ගේය පද රචනාවයි. මෙකී ගීතයට තනු නිර්මාණය කරන්නේ නූතනයේ සංගීත විශාරදයකු වන දර්ශන රුවන් දිසානායකයන්ය. එම තනුව මධුරතර හඬින් ගයමින් අප ඉදිරියට ගෙන එන්නේ මධුර මනෝහර හ පෞරුෂයක් හිමි සුනිල් එදිරිසිංහයන්ය. ගීතය තරමක් පැරණි වුවද අදටත් මෙහි රස නොනැසී පවතී. එනිසා අදටත් රසිකයන් අතර ජනප‍්‍රිය තත්වයේ පවතී යයි කිවහොත් එය සාවද්‍ය නොවේ.

 

                රජී වසන්ත වෙල්ගමයන් යනු නූතනයේ බිහිවූ අපූර්ව පරිකල්පනයෙන් හෙබි නිර්මාණකරුවෙකි. අපට එදිනෙදා දෘෂ්ඨි පථයට හසුවන දේ පවා ඔහු ගේ දෙනතින් දැක හදවතින් සිතන්නේ අපූර්ව ආකාරයකිනි. මෙය දක්ෂ නිර්මාණකරුවකු සතු ලක්ෂණයකි. ඔහුගේ තෙළිතුඩින් මෙලොව දුටු මෙම ගී පද රචනය තුළින් අප එක්වරම අපේ පැරණි මුතුන් මිත්තන්ගේ හෙළ රාජධානි වන අනුරපුර, පොළොන්නරු යුගය දක්වා එක් වරම ගෙනයයි. එපමණක් නොව ඔහු අප එම යුගය දක්වා ගෙනගොස් එහි මොහොතකකට අප නතර කර අප දුටු අතීත කලා නිර්මාණයන්ම අමුතු ආකාරයකට පෙන්වන්නේ දක්ෂ මග පෙන්වන්නෙකු ලෙසිනි. ඒ ඔහුගේ අපූර්ව පරිකල්පන ශක්තිය නිසා නොවේද ? සාමාන්‍ය ලෝකයේ අප දැක තිබෙන දේ දෙස ඔහු අපූර්වත්වයකින් නැතිනම් අමුතුම අයුරකින් දකින්නට සමත් වී තිබේ. එපමණක් නොව එම යුගය දක්වා අප මනසින් ගෙනයාමටද ඔහුගේ නිර්මාණය සමත් වේ. 

 

මේ තරම් සියුමැලිද කළුගල්

සිතන්නට වත් බැරි නිසා

මම ගියා අවුකන බුදුන්ටත්

දෑස් දුන් මිනිසා සොයා

 

වෙල්ගමයන් අප කිසිදා නොසිතූ දෙයක් ගැන අපගේ අවධානය යොමු කිරීමට උත්සාහ ගනී. එනම් අප බුදු පිළිමයක් දුටු සැණින් ඒ දෙස බලා නමස්කාර කර මල් පුදා එතනින් නික්ම යයි. නමුත් වෙල්ගමයන් එතකින් නතර නොවේ. ඔහු කලා නිර්මාණයේ අපූර්වත්වය විිමින් මොහොතක් ඒ ගැන සිතමින් අතීතයට යයි. එනම් ඔහු නමස්කාර කිරීමෙන් පමණක්ම නතර නොවේ. මන්ද එම උත්කෘෂ්ට කලා නිර්මාණය ලොවට දායාද කරමින් අවුකන පිළිම වහන්සේ සිරිලකට දායාද කරමින් දෙනෝදාහක් ජනතාවට වන්දනා කිරීමට උන්වහන්සෙට  නේත‍්‍රා දුන් කලාකරුවා සොයා යාමටද අමතක නොකරයි. අවුකන බුද්ධ ප‍්‍රතිමාව යනු අපගේ 2500 ක් තරම් පෞඪ ඉතිහාසය අපට කියා දෙන එක් උතුම් කලා නිර්මාණයකි. මෙය අපේ පැරණි ඉතිහාසය අපට කියදෙන එක් උත්කෘෂ්ට නිර්මාණයකි. 

 

කළුගල් යනු මොලොක් මෘදු දෙයක් නම් නොවේ. අවුකන බුදු පිළිම වහන්සේ දුටු සැනින් අප ගේය පද රචකයා ගේ සිතට නැගෙන් මෙවන් නිර්මාණයක් කිරීමට තරම් කළුගල් මෙතරම්ම සියුමැලි දෙයක්ද කියාය. මා ඉහත කී ලෙසින් අප තාක්ෂණයෙන් දිනෙන් දින ඉදිරියට ගියද මෙවන් උත්කෘෂ්ට නිර්මාණයක් කිරීමට තවමත් අපට නොහැකි වී තිබේ. මන්ද හෙළ රජ දරුවන් සමයේ සිටි දක්ෂ කලාකරුවන් විසින් මෙය එක් දිනකින්, සතියකින්, මාසයකින් කරන ලද නිර්මාණයක් නම් නොවේ. ඉතා දිගු කලක් තිස්සේ සිය ඩහදිය මහන්සිය නොතකා සිදුකරන ලද උත්කෘෂ්ට නිමවුමකි. ඉතා දෘඪ කළු ගලකට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය මුසු කිරීම අප සැම දෙනාමටම පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. එසේ කිරීමට නම් ඔහු දක්ෂ නිර්මාණ ශිල්පියකුම විය යුතුය. එමෙන්ම ඔහු මනා සංයමයකින් හා අසීමිත ඉවසීමකින්ද යුතු විය යුතුමය. මන්ද අතීතයේ අද මෙන් තාක්ෂණයෙන් ඉහළ යන්ත‍්‍ර සූත‍්‍ර නොතිබුණි. අදටත් අපේ පැරණි ඉතිහාසය යයි අප මහත් උජාරුවෙන් වර්ණනා කරන හෙළ කලාකරුවන්ගේ ස්වකීය නිර්මාණයන් සියල්ලක්ම සිදුකළේ කටුව සහ මිටිය පමණක් ආධාරයෙන් යයි කීම සාවද්‍ය නොවන්නකි. කටුවක් සහ මිටියක් මගින් මෙවන් උත්කෘෂ්ට නිමවුවමක් කිරීමට නම් නිර්මාණකරුවා කෙතරම් දක්ෂයකු යුතුද දැඩි අව් රස්මියට ඔහුගේ සිරුර කෙතරම් වේදනා විින්නට ඇත්ද ඔහුගේ දෙනෙත් කීවරක් නිලංකාර වන්නට ඇති ද? ඔහුගේ නළලට නැගුණු දාදිය බිඳු මෙතකැයි කිව හැකිද? එමෙන්ම ඔහු මෙම කලා නිර්මාණය කිරීමට කොපමණ වාරයක් මිටියෙන් කටුවට පහර දෙන්නට ඇතිද ? ඒපමණක් නොව මිටියෙන් කටුවට පහර දෙන විට  කොපමණ වරක් ඔහුගේ ඇගිලි කළු පාට ලේ පැල්ලම් මතුවන සේ මිටියට තැලෙන්නට ඇති ද? අප කලා නිර්මාණ අසල සිටගෙන ඡායාරූප ගත්තා මිස මේ පිළිබමීට පෙර මොහොතක් හෝ සිතුවාද නිර්මාණය කළ කලාකරුවාගේ වෙහෙස මහන්සිය පිළිබ සිතුවා ද? පැරණි කලා නිර්මාන අසල සිටගෙන එක් එක් ඉරියව්වෙන් ඡායාරූප ගන්නවට වඩා වැඩි යමක් අප මේ පිළිබ සිතිය යුතු නොවේද ? අප ගේය පද රචකයා අප අතීතය දෙස ගෙනයමින් උත්සාහ කරන්නේ අපගේ සිත මේ පිළිබ මොහොතක් හෝ සිතන්නට හුරු කරවීමටය. ඒ දක්ෂ නිර්මාණකරුවකුගේ එකම අභිප‍්‍රායයි. 

 

කලාවැව ළ ඉලුක් හෙවනක

මැටි පිලක පැදුරක් එලා

රිදුම් පිරිමදිමින් බලයි ඔහු

මැරෙන ඉපදෙන රළ දිහා

 

කලාකරුවා යනු අපූර්ව නිර්මාණකරුවෙකි. ඔහුතරම් සොබා දහමේ නෙත ගැටෙන දේවල් අපූර්වත්වයකින් හා පරිකල්පනයෙන් යුතුව දකින්නට මිහිපිට තවෙකකු නැත. පරිසරයේ නෙත ගැටෙන හහ කොළට  පවා ඔහු ආදරය කරන්නෙකි. වෙල්ගමයන් ගීතය තුළින් රසිකයා කිසියම් ගැඹුරු චින්තනයක් කරා රැගෙන යාමට උත්සාහ ගන්නා බවක් විශද වේ. ඒ අනෙකක් නොව බුදුදහමේ ඉගැන්වෙන ගැඹුරු චින්තනයක් වන ඉපදීම, කර්මය සහ  පුනරුත්පත්තියයි. මේ ලෝකයේ උපන් කෙනෙක් වේ නම් ඔහුට මරණයෙන් ගැලවිය නොහැක. උපන් කෙනෙක් වේ නම් ඔහුට මරණය සදාතනිකය. ඒ ලෝ දහමයි. ඉපදීම දුකකි. බුදුරජාණන් වහන්සේ සංසාරය නැමති ගෙය හදන වඩුවා හමුවී සසර ගමන කෙළවර කළ සේක. එහෙත් එකී යථාර්ථය තේරුම් ගැනීමට නොහැකව සසර ගමනට ලොල් වඩමින් අප තවමත් සසර ගමන් කරති.

 

ඉසුරුමුණියේ නුඹ තැනූ

පෙම්බරිය කොතනද කියා

මා ඇසූ කළ හිනැහුනා ඔහු

තවම තනිකඩ යැයි කියා

 

උක්ත ගී පද සංකල්පනාව දෙස නෙත් යොමා බලන කළ ගේය පද රචකයා හෙළ රජ දරුවන්ගේ උපදෙස් මත හෙළයේ කලාකරුවන් විසින් නිර්මාණය කරන ලද අපේ හෙළ සංස්කෘතිය ලොවට හගා කියාපාන නිර්මාණයන් සිහි ගන්වමින් අප අතීතය වෙත ගෙන යාමට උත්සාහ ගනී. අද වනවිටත් ලොව ඉතිරි වී ඇති ගල් කැටයම් අතරින් අද්විතීය එමෙන්ම පැහැදිලි කැටයමක් ලෙස ඉසුරුමුණි පෙම් යුවල ලොව පතල නිර්මාණයකි. මෙය තනි කළු ගලින් කළ නිර්මාණයකි. එමෙන්ම ඒ දෙස ඉතා සංයමයෙන් නෙත් යොමා බලන කළ අපට පෙනී යන්නේ හෙල කලාකරුවා කෙතරම් දක්ෂ වීද යන්නයි. ඒ අනෙකක් නිසා නොව ඒ තුළ අපූර්ව නිර්මාණ කෟෂල්‍යයක් පමණක් නොව පෙම්වතිය හා පෙම්වතා තුළින් පවා සැබෑ මිනිස් ගති ගුණයන් විදහා පාන අයුරින් නිර්මාණය කිරීමට සමත්ව ඇති හෙයිනි. එහි පෙම්වතිය වෙතින් සැහැල්ලූ බව පමණක් නොව ළද , බොළද, සුකොමළ බව මොනවට කියා පායි. එමෙන්ම පෙම්වතා තුළින් සැබෑ පෙම්වතකු තුළ දක්නට ලැබෙන ගති ලක්ෂණයන් මෙන්ම එඩිතර බව, පෙරුෂය වැනි පිරිමි ගති ලක්ෂණයන් ඉතා පැහැදිලි ලෙස විද්‍යමාන වේ. මෙවන් කළු ගලක් තුළට පෙම් යුවලකගේ මානුෂීය ගති ලක්ෂණයන් කැටි කරමින් සැබෑ මනුෂ්‍ය සොබාවය ලෝකයාට පෙන්වීමට තරම් හෙළ කළා කරුවා කෙතරම් දක්ෂ කැටයම් ශිල්පියකු වී ඇත්ද යන්න අප තව වරක් සිතා බැලිය යුතු කරුණකි. මෙකී හෙළ කලා නිර්මාණයන් වෙත රැගෙන යන ගේය පද රචකයා පවසන්නේ එය නිර්මාණය කළ කලාකරුවා හමුවීමට තමන් ගිය බවයි. මෙය යථාර්ථයක් නොනුනද ඒ තුළින් කුළුගැන්වීමට උත්සාහ කරන අර්ථ රසය අපූර්වත්වයෙන් යුත්තය. ඉසුරුමුණියේ නුඹ තැනූ පෙම්බරිය කොතනද කියා............ මෙම ගේය පද තුළින් වාච්‍යාර්ථය ඉක්මවන ව්‍යංග්‍යාර්ථයක් මතු කරයි. එනම් මෙතරම් ලස්සන මනබනා පෙම්වතියක් මේ ලොව කොහේනම් සිටිත්ද ඇය ඔහුගේ පෙම්වතිය නම් ඇය සිටින්නේ කොහිද යන ප‍්‍රශ්න තුළින් මතු කිරීමට උත්සාහ කරන්නේ මෙතරම් සුන්දර යුවතියක් මෙලොව තමන් කොහේහෝ දැක නොමැති බවයි. එසේ නම් ඇය සිටින්නේ කොහිද යනුවෙන් නිර්මාණකරුවා අසන්නට පසුබට නොවන්නේ එනිසාය. නමුත් ඉසුරුමුණි නිර්මාණකරුවාගේ පිළිතුරෙන් අපගේ සිත් සතන් තුළට එක්වරම සියුම් වේදනාවක් මතු කරන සෙයක් විද්‍යමාන වේ. එනම් ඔහු එදා ඉදිකළ පෙම්වතිය පෙර දින තමා පෙම්කළ යුවතිය විය හැකි නමුත් තමන් තවමත් තනිකඩයකු බව ඔහු නොපැකිළිව පවසන හෙයිනි. මෙය ඇසූ සැණින් අපගේ සිත් තුළට කිසියම් දුකක් සංකාවක් නැීම නොවැළැක්විය හැකිය. මේ දක්ෂ කළා නිර්මාණකරුවකුගේ අපූර්ව පරිකල්පන ශක්තිය නොවේද විශිෂ්ට නිර්මාණයකින්  සමාජයට විය යුත්තේ මෙය නොවේද නූතනයේ බිහිවන ගීත දෙස බලමින් මෙවන් විශිෂ්ට නිර්මාණයන් දෙස අප නැවත වරක් මොහොතක් නැවතී සිතිය යුතු කාලය නොවේද මන්ද මේ තුළින් සහෘදයාගේ ගතට නොව හදවතට ආමන්ත‍්‍රණය කිරීමට සමත්  වන නිසාය.

 

පද ගැලපුම - සුරංග එස්. විජේසූරිය

Tuesday, August 9, 2016

ඔබට සුභ ගමන්......!!!





මිනිසුන් හිනැස්සීම අමාරු වැඩකි...
මිනිසුන් හැඬවීම ලෙහෙසි වැඩකි...

ඔබේ ජීවිතය තිබෙන තුරා මිනිසුන් සිනහ ගැස්සවීය...
එලෙසම ඔබේ මරණයෙන් මිනිසුන් ගැඹුරින්ම හැඬවීය...

අති සාර්ථක නළුවාණෙනි... ඔබට සුභ ගමන්...!!!





-කුරුටු ගෑ ගී පවුර-

Thursday, July 21, 2016

ඈ කොහි අත ගියේදෝ......







හිතට දැනුණු සෙවිල්ලේ
නෙතු පියවා නිදැල්ලේ
වියෝව වූ ඇසිල්ලේ
මං හැඬුවා සඳැල්ලේ

ඈ කොහි අත ගියේදෝ
අන් සතු වී නොවේදෝ
මගේ වරද කියාදෝ
නිති විමසුම් වුණේදෝ

ඉතින් කුමක් දැන් කරම්
ඉවසූ හැටි මං දනිම්
තවත් මෙසේ බැරි තරම්
පුරමි මමත් මහණ දම්

වෙනත් ළඳක් හිතේයා
ගිනි අවුලා සිටීයා
මහණ හිතුම් කැලේයා
මට නියවා ගියෝයා

-අසංක ගයාන් අබේසිංහ-

Sunday, July 3, 2016

සිතින් පැන සෝ සුසුම් යයි පැරදී.............


ලවන පහසින් සැනින් කුල්මත් වී
සවන අමදින සුගායන සන් වී
දුවන සිත මහ මේරුවට සම වී
පවන සිප නැවතී නිසොල්මන් වී

නයන ඉඳුවර කොමල රේඛාවේ
ගයන සුමියුරු ප්‍රේම ගී රාවේ
පියන නෙතු රැය පහන් කර යාවේ
කියන නොකියන රහස් ඇසුනාවේ

මදුර කෝමල වුවන සිප සැනසී
අමර සුව ගෙන ගත පුරා ගැවසී
මයුර ලීලා මඬලකට පිවිසී
පවර තුනු සිත කළණ ගුණ පැවසී

ගතින් වෑහෙන මදන මී සුවදී
යහන් සරහා අමා සුව ගෙනදී
ඉඳින් මල්සර දැහැනකට රැයදී
සිතින් පැන සෝ සුසුම් යයි පැරදී



ඉසූ


.

Sunday, June 26, 2016

යළි නොයෙන කාලයට හිත ඔහේ දුවනවා…....




රැළි වැටුණ දෑත් යුග
ළතැවුලක් මවනවා
ගෙවුණු කාලය කෙරේ
හිතින් ලොබ බඳිනවා……

කෙළි කවට කම් කෙරූ
බාල විය හැඟෙනවා
හැම අතින් ගත මහලු
වන බවක් දැනෙනවා……

ජීවිතේ ආ මගේ
මිතුරු හිත් තියෙනවා
ළඟ නැතත් බොඳ වෙවී
මතකයේ රැඳෙනවා….

නිශා යාමය කරා
ජීවිතේ ඇදෙනවා
යළි නොයෙන කාලයට

හිත ඔහේ දුවනවා


ඉසූ


.

Saturday, June 11, 2016

තුන්වෙනි හයිකුව.......................



හොරු ඇරං ගිය පිච්ච මල
රැකිය හැකි නං හැමදා ම එක වගේ
තරහක් නැහැ හොරාටවත්


තුෂාර විතාරණ


.

Wednesday, June 8, 2016

ඒ විතරක් යෑ මර්සි ආච්චි කෙනෙක්................. හැක්


මොනවා.............
ඇමරිකාවටත් ගෑණියෙක්.
ගෑණු විදිහට හිතන ගෑණු වැඩ කරන
දවසක් ඒවිද ඇමරිකාවට...............?
මේ  අර ඇමරිකාව නේද...?
ලංකාව, බංග්ලාදේශය, පකිස්තානය යෑ
අනික් අතට ජර්මනිය තියා එංගලන්තය යෑ............
ඇමරිකාව යකුනේ ඇමරිකාව........

ලෝකෙම පොලිස්කාරයා
ලෝකෙම සල්ලිකාරයා
ලෝකෙම හයිකාරයා
ලෝකෙට ම සද්දෙ දාන මර්සියා
කොහොම තියෙයි ද
පොලිස් නෝනා කෙනෙක්
සල්ලිකාර ඇන්ටි කෙනෙක්
හයිකාර මැඩම් කෙනෙක්
ඒ විතරක් යෑ මර්සි ආච්චි කෙනෙක්................. හැක්

ධවල මන්දිරයට භාර ගන්නා 
පළමුවැනි කාන්තාවලු......
මොන පිස්සු ද ?
මෙච්චරකල් පිරිමි පත්වුණාට
ධවලමන්දිරය භාරගත්තේ ගෑණු තමා.
ඒ විතරක් නං මදෑ 
රටම පාලනය කළෙත් ගෑණු තමා.

හැබැයි මේකත් එක විදිහක
රෙකෝඩ් එකක් නොකියත් බැහැ.
මොක ද තුන්වෙනි පාරටත් 
ඇමරිකාව භාරගන්නා එකම එක
ජනාධිපති(නිය) තමයි මේ....................... (ගොඩක් විට)



කසුප් අනුරාධ



.
Related Posts Plugin for WordPress, Blogger...