Monday, May 22, 2017

ඒ මගේ ඇස්......



මගෙ දියණියේ
දකිමි ඔය දෙනෙත්
දිලිහෙමින් කැරකෙනා
විනිවිද දකිමි මා
මගේ ජීවිතය
ඒ ඇස් වලින්

පුංචි බිළිඳියක ලෙසින්
හුරතල්ව දඟලමින්
ළපටි අත් පා ගසා
හිඳී මගෙ තුරුළෙ අද

කියා දෙන්නද පාඩමක්...

ජීවිතය දුර ගමනකි
ඒ මග යා යුතුය
මා මෙන්ම ඔබත්
කම්කටොළු බොහෝ වෙයි
ඉදිරි මාවත අරා
මගෙ දිවියටත් වඩා
නුඹට බාධක වැඩියි

ඉතින් මගෙ දියණියේ
දිලිහෙනා ඇස් ඇරන්
නැණ නුවණ මෙහෙයවා
යනු මැනවි ඉදිරියට

කවදාක හෝ දිනක - මගේ අත් ගිලිහුණත්
මේ තාත්තාගෙ හිත - නුඹ ළඟම රැඳෙනු ඇත

 

අසංක ගයාන් අබේසිංහ

-පසුගිය මාසයේ මෙලොව එළිය දුටු මාගේ පුංචි දියණිය වෙනුවෙන් තබන ලද සටහනකි-

20 comments:

  1. සුභ පැතුම් අසංක.

    මේ ලෝකේ අපි උපාධානය කරගන්න දේවලින් ගැලවෙන්න අමාරුම දේ තමයි දරුවන්. ඒ අයට යුතුකම් කරන ගමන් ඒ අයත අපිත් එක්ක තනියෙන් සංසාරේ යන අය බව අමතක කරන්න එපා. මේ අවස්ථාවට නොගැලපුණත් ඒ ගැනත් හිතන්න.

    ReplyDelete
    Replies
    1. ඔය කතාව සහතික ඇත්ත ඉයන්...කොහෙදෝ මන්ද මම දැක්ක කියමනක් තියනවා දරුවන්ගේ වාසනාව ඒගොල්ලොම හොයාගන්න ඕන කියලත්...ඒ කියන්නෙ ඒගොල්ලන්ට තනියම වගකියාගන්න වෙනවා ජීවිතේ...දෙමව්පියන්ට කරන්න දෙයක් නෑ ඒ ගැන...

      කොහොම කිව්වත් අපි ගිහි ජීවිතෙ ඉන්නවනම් දරුවන්ට තියෙන ආදරේ අමතක කරන්නම බැරි දෙයක්...

      Delete
  2. පිය සෙනෙහසක් දළුලා නිති රැඳේවා
    පිය කු ලබන සතුටත් තව වැඩේවා
    සිය ජීවිතේ ඉදිරිය ඇගෙ ජයවේවා
    දිය ණිය ඇතුළු ඔබ දෙපලට සෙත්වේවා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹේ අවංක පැතුම වෙනුවෙන් බොහොම ස්තුතියි දුමියෝ...

      Delete
  3. පුංචි දුවෙක් ඉන්න ගේදර හරිම ලස්සනයි.
    සුබ පැතුම් අසංක...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං...

      Delete
  4. ගෙදරකට දුවෙක් කියන්නේ වාසනාවක් අසංක. මටත් ඉන්නවා හුරතල් මල්ලක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තම ඇත්ත බං...ඒක ගැන කියාගන්න තේරෙන්නෙ නෑ...

      Delete
  5. Replies
    1. බොහොම ස්තුතියි ඉන්දරේ...

      Delete
  6. සුභ පැතුම් කොල්ලා...

    ජ ය ෙව් වා !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචෝ...කෙල්ලට ටිකක් දැනමුතුකම් තියන කාලෙක මම කියා දෙනවා බ්ලොග් ලෝකය සහ විදානෙ සීයා ගැන එහෙම...

      Delete
    2. මතක ඇතුව විදානේ සහ තාප්ප අතර ඇති සම්බන්ධයත් කියල දියං. හැක්..

      Delete
  7. සුබ පැතුම් අසංක... දෝණිට පැහැබර අනාගතයක් පතමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලියා...

      Delete
  8. සුබ පැතුම් !!

    දියණියට පැහැබර අනාගතයක් පතමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රසා අයියේ...

      Delete
  9. උණුසුම් සුභ පැතුම් ....

    ReplyDelete
  10. තාත්තා කෙනක් එහනම් ..
    හිතට දැන්නෙන්නේ අමුතුම සිතුවිලි ...ලෝකෙටම ආදරය කරන්න හිතෙනවා ...ලෝකය හොද තැනක කරන්න හිතෙනවා....පිලිගන්නවා තාත්තලාගේ සංගමයට

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...