මගෙ දියණියේ
දකිමි ඔය දෙනෙත්
දිලිහෙමින් කැරකෙනා
විනිවිද දකිමි මා
මගේ ජීවිතය
ඒ ඇස් වලින්
පුංචි බිළිඳියක ලෙසින්
හුරතල්ව දඟලමින්
ළපටි අත් පා ගසා
හිඳී මගෙ තුරුළෙ අද
කියා දෙන්නද පාඩමක්...
ජීවිතය දුර ගමනකි
ඒ මග යා යුතුය
මා මෙන්ම ඔබත්
කම්කටොළු බොහෝ වෙයි
ඉදිරි මාවත අරා
මගෙ දිවියටත් වඩා
නුඹට බාධක වැඩියි
ඉතින් මගෙ දියණියේ
දිලිහෙනා ඇස් ඇරන්
නැණ නුවණ මෙහෙයවා
යනු මැනවි ඉදිරියට
කවදාක හෝ දිනක - මගේ අත් ගිලිහුණත්
මේ තාත්තාගෙ හිත - නුඹ ළඟම රැඳෙනු ඇත
අසංක ගයාන් අබේසිංහ
-පසුගිය මාසයේ මෙලොව එළිය දුටු මාගේ පුංචි දියණිය වෙනුවෙන් තබන ලද සටහනකි-
සුභ පැතුම් අසංක.
ReplyDeleteමේ ලෝකේ අපි උපාධානය කරගන්න දේවලින් ගැලවෙන්න අමාරුම දේ තමයි දරුවන්. ඒ අයට යුතුකම් කරන ගමන් ඒ අයත අපිත් එක්ක තනියෙන් සංසාරේ යන අය බව අමතක කරන්න එපා. මේ අවස්ථාවට නොගැලපුණත් ඒ ගැනත් හිතන්න.
ඔය කතාව සහතික ඇත්ත ඉයන්...කොහෙදෝ මන්ද මම දැක්ක කියමනක් තියනවා දරුවන්ගේ වාසනාව ඒගොල්ලොම හොයාගන්න ඕන කියලත්...ඒ කියන්නෙ ඒගොල්ලන්ට තනියම වගකියාගන්න වෙනවා ජීවිතේ...දෙමව්පියන්ට කරන්න දෙයක් නෑ ඒ ගැන...
Deleteකොහොම කිව්වත් අපි ගිහි ජීවිතෙ ඉන්නවනම් දරුවන්ට තියෙන ආදරේ අමතක කරන්නම බැරි දෙයක්...
පිය සෙනෙහසක් දළුලා නිති රැඳේවා
ReplyDeleteපිය කු ලබන සතුටත් තව වැඩේවා
සිය ජීවිතේ ඉදිරිය ඇගෙ ජයවේවා
දිය ණිය ඇතුළු ඔබ දෙපලට සෙත්වේවා....
ජයවේවා!!!
උඹේ අවංක පැතුම වෙනුවෙන් බොහොම ස්තුතියි දුමියෝ...
Deleteපුංචි දුවෙක් ඉන්න ගේදර හරිම ලස්සනයි.
ReplyDeleteසුබ පැතුම් අසංක...!
බොහොම ස්තුතියි මචං...
Deleteගෙදරකට දුවෙක් කියන්නේ වාසනාවක් අසංක. මටත් ඉන්නවා හුරතල් මල්ලක්.
ReplyDeleteඇත්තම ඇත්ත බං...ඒක ගැන කියාගන්න තේරෙන්නෙ නෑ...
Deleteසුභ පැතුම්...
ReplyDeleteබොහොම ස්තුතියි ඉන්දරේ...
Deleteසුභ පැතුම් කොල්ලා...
ReplyDeleteජ ය ෙව් වා !!
බොහොම ස්තුතියි මචෝ...කෙල්ලට ටිකක් දැනමුතුකම් තියන කාලෙක මම කියා දෙනවා බ්ලොග් ලෝකය සහ විදානෙ සීයා ගැන එහෙම...
Deleteමතක ඇතුව විදානේ සහ තාප්ප අතර ඇති සම්බන්ධයත් කියල දියං. හැක්..
Deleteසුබ පැතුම් අසංක... දෝණිට පැහැබර අනාගතයක් පතමි.
ReplyDeleteබොහොම ස්තුතියි නලියා...
Deleteසුබ පැතුම් !!
ReplyDeleteදියණියට පැහැබර අනාගතයක් පතමි.
බොහොම ස්තුතියි ප්‍රසා අයියේ...
Deleteඋණුසුම් සුභ පැතුම් ....
ReplyDeleteතාත්තා කෙනක් එහනම් ..
ReplyDeleteහිතට දැන්නෙන්නේ අමුතුම සිතුවිලි ...ලෝකෙටම ආදරය කරන්න හිතෙනවා ...ලෝකය හොද තැනක කරන්න හිතෙනවා....පිලිගන්නවා තාත්තලාගේ සංගමයට
සුබ පැතුම්...
ReplyDelete