Tuesday, June 27, 2017

ලොකුම අවුල......??? (කවියක් නොවේ)

                        




 " කරුණාකර ලොව අනෙකුත් රටවල පවතින ආහාර හිඟතාව සඳහා වන විසඳුම් පිළිබඳව ඔබගේ අවංක අදහස පවසන්න "
 

ලෝක සමුළුවකදී ඉහත ප්‍රශ්නය සඳහා ලැබෙන පිළිතුරු පිළිබඳ සමීක්ෂණයක් සිදු කරන ලදී.

එහිදී සමීක්ෂණ කණ්ඩායම මහත් අසීරුතාවකට පත්වූයේ පහත හේතු නිසාය...

1. අප්‍රිකාව - 'ආහාර' යනු මොනවාදැයි නොදනී.

2. නැ. යුරෝපය - 'අවංක' කම ගැන හැඟීමක් නොමැත.

3. බ. යුරෝපය - 'හිඟතාව' පිළිබඳ අවබෝධයක් නොමැත.

4. චීනය - 'අදහස' යනු කුමක්දැයි නොදනී.

5. මැද පෙරදිග - 'විසඳුම' යනු කිසිදා අදාළ නොමැති වචනයකි.

6. දකුණු ඇමරිකාව - 'කරුණාකර' යන වදනෙහි තේරුම නොදනී.

7. ඇමරිකා එක්සත් ජනපදය - 'ලොව අනෙකුත් රටවල්' යනු මොනවාදැයි නොදනී.


 
අන්තර්ජාලය ඇසුරිනි.

 

අසංක ගයාන් අබේසිංහ

7 comments:

  1. ලංකාව "ඔබගේ" නොදනී ද?

    ReplyDelete
    Replies
    1. සහතිකෙන්ම ඇත්ත...අර කියන්නත් වගේ ලංකාවේ අය ඔබ ගැන නෙවෙයි මම ගැනමනේ කල්පනාව...

      Delete
  2. රටින් රටට ඇතිවෙන වෙනස.
    කුරුටු පවුලේ ලිපි ලියවෙන්නේ අඩුවෙන් නේද දැන්?
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් දුමියෝ...දැන් ඉස්සර ජීවිත රටාවට එන්න බොහොම අමාරුයි...කවි වලට තිබිච්ච හිත වෙන අය අරන්...කවි වලට තිබුණු වෙලාවත් ඒ අයම අරන්...ජය වේවා මචන්...

      Delete
  3. ලංකාවේ එකෙක් හිටියනම් ජනාධිපති කොමිසමක් දාලා උත්තර හොයන්න තිබුනා.

    අඩෝ.... අලුත් පෝස්ට් එකට සුබ පැතුම් . පෝස්ට් එක දැක්කට කමෙන්ට් කරන්න වෙලාවක් තිබ්බේ නෑ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචෝ...දැන් අපි හැමෝටම වෙලාව තමයි බං ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...