Wednesday, June 28, 2017

එනු මැනවි මා වෙත......





පිනැති කුමරියක් හෝ කුමරෙක් - ඉන්නවනම් භවේ
එන්න මගේ කුසට අනේ - මාද මවක වන්නේ
හෙලන කඳුළු ලොවට හොරෙන් - දන්නවනම් මගේ
එන්න මගේ රත්තරනේ - පමා නොවී මෙසේ

ලොවේ සියළු කුණු ඕජස් - කතා නිතර ඇසේ
නිවස තුළත් රැවුම් ගෙරුම් - අව සැලකිලි දැනේ
කුමක් කරන්නද පිං මදි - වීද මගේ කුසේ
ඉන්න ඇවිත් පැලපදියම් - නුඹට මගේ පුතේ

එනවානම් මගේ ලොවේ - රජුන් ඔබයි පුතේ
එනවානම් මගේ ලොවේ - රැජින නුඹයි දුවේ
මේ කිසිවක් නැතිවු කලට - මගෙ ජීවන මගේ
කුමන අරුත වෙයිද නුදුරු - අඳුරු ගමන් පෙතේ

නෙත් විවරයි නෙතේ කඳුළු - දැන් වියළී ගිහින්
හිත විවරයි හිතේ පැතුම් - දැන් ගිලිහී ගිහින්
හද විවරයි හදේ හැඟුම් - දැන් වියැකී ගිහින්
මං විතරයි මගේ සිතුම් - දැන් බොල්වී ගිහින්...

අසංක ගයාන් අබේසිංහ

16 comments:

  1. දරුවන් ඉල්ලා
    හඬා වැටෙනා
    මව්වරුන්
    ඉන්නා ලොවක
    වැරදිලා ලබා
    මව් පදවිය
    මඟ අතහැර යති
    ඔටුනු නොපලන් කිරි හිනා...

    හරිම සංවේදී ඔබේ නිර්මාණය

    ReplyDelete
    Replies
    1. එහෙම පව්කාර අම්මලා ඉන්න ලෝකෙම තමයි දරුවන් නැතිව දුක් විඳින අම්මලත් ඉන්නේ...

      බොහොම ස්තුතියි එරන්දි...

      Delete
  2. නෙතක කඳුලු තව දුරටත් එපා හඬන්න
    හදක සුසුම සැහැල්ලුවෙන් පිට කරලන්න
    ගතක දුකට නැවතීමේ තිතක් තියන්න
    දිනෙක පැතුම් ඉටුවෙයි නුඹෙ බියක් නොවන්න......

    ලස්සන කවි ටිකක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ලස්සන කවියක් දුමියෝ...දැන් දැන් උඹල කීප දෙනෙක් විතරයි කොමෙන්ට් කරන්නවත් ඉන්නේ...අපිට බ්ලොග් ලියන්න කම්මැලි වෙද්දි ඒවට කමෙන්ට් කරන්නත් හිටපු එවුන් හැලිල ගිහිල්ල වගේ...ආයෙම සෙට් එක එකතු කරගන්න ඕන කොහොම හරි...

      Delete
  3. ඔහොම ගෙවල්වලින් ප්‍රශ්න එනකොට තමයි දේවාල ගානෙ ගිහිල්ල කපුවංගෙන් දේව දරුවො ලැබෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත තමයි බං...ඒත් අපිට නොහිතෙන සංවේදී පැත්තක් මේවගේ ප්‍රශ්න වලට තියනවා...

      Delete
  4. මේ කරණාව ඇතුලේ තියෙන සංවේදීකම හරිම වේදනාත්මකයි.සමහර වෙලාවට මේක ලොකුම ප්‍රශ්නයක් කරගන්නේ ඒ යුවලට වඩා වටපිටාවේ ඉන්න උන්.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත මචං...මේ වගේ වේදනාවක් විඳින කෙනෙක්ගෙන්ම ඇහුවාම තේරෙනවා ඒකෙ බරපතළකම...ඒත් වටේ ඉන්න එවුන් මේවයින් ගන්නෙ කාලකණ්නි සතුටක්...

      Delete
  5. හරිම ලස්සන කවි ටිකක්. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කටකාරි...

      Delete
  6. Replies
    1. ගොඩක් අයට අමතක වෙන්නෙත් ඒකම තමයි බං...

      Delete
  7. අනේ හරි දුකයි

    ReplyDelete
  8. නුඹ දුවෙකු වුනත් මට පුතෙකු උනත් රජ පැටියෙක් මට කියලා........... නිරෝෂා විරාජිනී ගයනවා. අද බැලුවොත් අලුතින විවාහ පත්වන යුවල වලට තියන ප්‍රධාන ගැටලුවක්. නමුත් මේ සමහ්ජයේ සිදුවන නීති විරෝධී ගබ්සා ප්‍රමාණයේද අඩුවක් නෑ. කිරි සිහිනය සෑම ගැහැණියකගේම ප්‍රාර්ථනාවක්. එම නිසා මෙම ගීය අතිශය සංවේදියි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. හිතාගන්නවත් බැරි සතුටක් දැනුණා මේ පෝස්ට් එක දැකලා...විචාරක නැවත පණ ලැබුවා වගේ...ඔබට ගොඩක් ස්තුතියි තාත්තාගේ මෙහෙවර ඉදිරියට කරගෙන යන එකට...

      ජය වේවා...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...