Tuesday, July 4, 2017

පිංවතියේ......



හිතට පෑයූ සඳක් වී
ලොවම සරසා සිනා වී
තුරුළෙ හිඳ ඔබ ගැයූ ගී
එදා මටනම් නෑසුණී

ඇය මගේ ලොව රජවෙලා
මදු සඳක් සේ පායලා
එවන් දැහැනේ තනිවෙලා
දෑලෙ මායා පෙම් කළා

ස්වප්නයෙන් එළි වූ දිනේ
මීදුමක් පාවී ගියේ
ඇගේ මායා විල් තෙරේ
මුළා වුණු බව වැටහුණේ

අන් ලොවක් වෙත පායලා
ඇගේ පුන්සඳ හිනැහුණා
අව සඳක් මට පෙන්වලා
සැණින් ඉවතට ඉගිලුණා

ඔබට මා දුන් දුක් සුසුම්
පාව යාවිද යළි ඉතින්
කමන්නට ආ මුත් සොවින්
සොමි සඳක් වැනි වත දකිම්

කෙලෙස් සයුරින් අත් මිදී
යන මගට ඔබ නොම සැලී
එකතු වන්නට හිත හැදී
මේ ලොවේ මට පිං මදී...

 

අසංක ගයාන් අබේසිංහ

20 comments:

  1. අපූරුයි අසංග.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමියෝ...

      Delete
  2. සෑහෙන කාලෙකින් හොඳ නිසඳැසක් එළි බැහැල

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත් අයියේ...

      Delete
  3. ආපෝ... ඔහේනං මහන වෙන්න එපා. හැක්..

    නියමයි.

    ReplyDelete
    Replies
    1. නෑ බං මමනම් මහන කෙනෙක් වෙනවමයි...(ටේලර් කෙනෙක්)..හැහ්...

      ස්තුතියි ප්‍රසා...

      Delete
    2. හොද හිටි ඉදි කට්ට අනුනානම්

      Delete
  4. ලස්සනයි පහන් හැගීමක් එන්නෙ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරු...

      Delete
  5. කාලෙකින්.. අපූරුයි...

    ReplyDelete
    Replies
    1. ඔයත් කාලෙකින්...අපූරුයි...

      බොහොම ස්තුතියි තුශානි...

      Delete
  6. කාලෙකින් මෙහෙට ආවේ අය්යෙ .. අපූරු පද ගැලපුමක්

    ReplyDelete
    Replies
    1. මාත් ආවෙ කාලෙකින් නංගි...බොහොම ස්තුතියි...

      Delete
  7. සැබෑ අත්දැකීමක් කියලනම් කියන්නෙපා...

    සමාවෙලා හදාගන්න මට මගේ හිත
    එකම වරක් ඔබේ දෙපා වඳින්න දෙන්න
    කිළුටක් නෑ මගේ හදවතේ සත්තයි ඔන්න
    එපා ඉතින් මගේ දෑස මඟහැර යන්න

    ඔබේ සිතට පිටුපාලා මං ගිය ඈත
    කඳුළු වලින් නෙත තෙමුණා මට නොදැනීම
    ආදරයක් නොලැබුණ දා සොයා ඔබේ සිත
    මං ආවත් එරෙහි වුණා කසාවත මට

    කසාවතින් ඔබ යන විට මඟ සන්සුන්ව
    ආදරයක හැඟුමෙන් නෑ හදවත කොණක
    ගෙවාගන්න මා කළ පව් සමාවී මට
    එකම වරක් ඔබේ දෙපා වඳින්න දෙන්න


    චාමර වීරසිංහ

    ReplyDelete
    Replies
    1. අඩේ මනෝෂා...උඹ කොහෙද බං හිටියේ...උඹල වගේ එවුං නැතුව කවියක්වත් ලියන්න හිතෙන්නෙ නැතුව හිටියේ...ඒකයි අපිත් ගොඩක් මේක අතඇරල දැම්මෙත්...ආයෙත් ගොඩ එන්න බලනවා අපිත්...

      Delete
    2. ආන්න හරි... මාත් මේ ආපහි ගොඩ එන්න ට්‍රයි එකක් දෙන ගමන්.. ඉස්සර තරම් ගැම්මක් නෑ බං දැන් මේවගේ... මතකද ඒ සොඳුරු අතීතේ...

      Delete
  8. ලස්සනයි ඔබට පුදුම හැකියාවක් නෙ තියෙන්නෙ කව් ලියන්න

    ReplyDelete
  9. දැං මහන කෙනෙක් වෙලා හිටිය ඇති. මේක ලියහං.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...