Friday, February 17, 2017

විහාර මහ දේවියේ..........




විහාර මහ දේවි
සුනාමියට බිය නොවී
රට බේරා දුන්
වීර මහා දේවියේ
වඩිනු මැනවි තුසිතයෙන්
දේශපාලන සුනාමියෙන්
සිරිලක් මෑණිගෙ දරුවෝ
දුකට පත් වෙලා
උන්ගේ දුක් ගිනි නිවන්න
මෙත් සිත් පා ඉන් චුත වී
වඩිනු මැනවි තුසිතයෙන්
විහාර මහ දේවියේ..........


ඩබ්.ටී වීරසිංහ

21 comments:

  1. මං හිතන්නෑ විහාර මහා දේවිට එච්චර හයියක් ඇතියි කියල. හැක්..

    ReplyDelete
    Replies
    1. හයිය හිතේ තිබ්බම ඇති අයියා..

      Delete
    2. වැඩ වරද්දගත්තද මන්ද පොටෝව බලලා... අදහස් කළේ පාලන තන්ත්‍රය මිසක් පුද්ගලයන් නොවේ යාලුවනේ.... දැන් බලමු පොටෝව..

      Delete
  2. ඔහොම කියනකොට බයහිතෙනවා. ඒ කාලේ චන්ද්‍රිකා ආපු අලුත ඒ ඇත්තිට කිවුවෙත් විහාරමහා දේවිය කියලා, ගොට්ටෝ ටික.මේක බලලා ඒ ඇත්තීට කරපු ආරාධනාවක් කියලා ආපහු ආවොත් ..... මොකෙන් දන් වළදන්නද කියලා හිතාගන්න බැරිවෙයි

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න කටුසු පොටෝව නිසයි අවුල් වුනේ.. විද්දෙ හාවට වැදුනෙ පදුරටලු කියන්නේ මේ වෙලාවට වෙන්නැති නේ ද? අෑට ඒහෙම කියූ බව නිච්චි නැති වුණානේ මායි පොට වරද්දගත්තේ අැය ඉන්නා පෙටෝවක් දාලා...

      Delete
  3. යටින් අමුණලා තියෙන මහා දෙන්නගේ ෆොටෝ දෙක දැක්කම නම් මහා කුජීත හැඟීමක් එන්නේ..

    ReplyDelete
    Replies
    1. හැක් හැක් දැන් දාමු නැවත පොටෝව බලලා කොමෙන්ටුවක්...මධ්‍යස්තව

      Delete
  4. ඒකත් පුදුම සුනාමියක් තමයි

    ReplyDelete
    Replies
    1. දේශපාලන සුනාමිය..මාරයි නේ බං? ස්තුතියි අදහස් දැක්වීමට

      Delete
  5. විහාර මහ දේවි කිව්වේ චන්ද්‍රිකාට නෙමෙයි නේද ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. ඒයාට කිව්වා නෙවේ...

      Delete
  6. විහාර මහා දේවි නෙමේ ගැමුණු ආවත් වැඩක් නැහැ.උනුත් මේ යන ක්‍රමයටම හැඩ ගැහිලා ජනතාවට කොකා පෙන්වාවි.

    ReplyDelete
    Replies
    1. ඒක අැත්ත.... ස්තුතියි ඔබට මනෝ.

      Delete
  7. ඇයි වීරසිංහ මහත්තයෝ විහාරමහා දේවී....විහාරමහා දේවීට දණ්ඩ නමස්කාරය කරපු පවිත්‍රාදේවී වඩම්මමු.

    ReplyDelete
  8. යකෝ පිස්සු කෙලින්න එපා. විහාර මහාදේවී අවොත් මුහුදට පැනලා සියදිවි හානිකරගනී මේ රටේ වෙන දේවල් දැකලා.

    ReplyDelete
  9. ඩබ්.ටී වීරසිංහ????
    මේ කුරුට්ටා දන්නේ නැහැනේ ...
    කවිය ලස්සනයි

    ReplyDelete
    Replies
    1. කුරුටු අංකල්.. ලිස්ට් එකේ උඩම ඉන්නේ :)

      Delete
  10. දියසේන කුමාරය ඉවරයිද දැන් එතකොට

    ReplyDelete
  11. බඩ වෙනුවෙන් රට කරන උදවිය ඉන්නතාක් ගොඩ ඒමක් නෑ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...