Tuesday, March 28, 2017

ජීවිතේ පාට - පස්වැනි හයිකුව



අදුරු බිම ඇහැරවන හිරු කිරණ
තණපත් මතට වැටී යළි යළිත් සිහි කරදෙයි
වන රොදට අයිති කොළ පාට............................


තුෂාර විතාරණ



සටහන - අපි හැමෝට ම ජීවිතේ ඒකාකාරී වෙලා, අපි ඒකට ම පුරුදු වෙලා. වෙලාවකට අපේ ජීවිත වල පාට අපිට ම අමතක වෙනවා. ඒත් අලුත් එළියක් වැටුණාම ජීවිතේ ආයෙම අලුත් වෙනවා විතරක් නෙමෙයි අපිට අපේ ජීවිත වල පාට මතක් වෙනවා. ඒ වෙලාවට අපිට ජීවත් වෙනවා කියලා දැනෙනවා. අපි හිතනවා අපි ගොඩක් දෙනෙක් අගේට ජීවත් වෙනවා කියලා. ඒත් ඇත්තට ම බැලුවොත් අපි අතර ඉන්න බොහොමයක් දෙනා මැරිච්ච මිනිස්සු........


.

17 comments:

  1. Replies
    1. ස්තූතියි වාසිත මචං..............

      Delete
  2. හයිකු ගතිය තියෙනවා. කෙටියි. අර්ථවත්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හෙන්රි අයියේ............. හයිකු ගැන පොඩි අධ්‍යයනයක් කරා. බ්ලොග් කෙරුවාව නිසා ම ඒ ගැන හොයලා බලන්න අවස්ථාව ලැබුණා.....

      Delete
  3. හරි ලස්සනයි තුෂාර අයියේ....!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රොහාන් මචං.... කොම්පියුටරේ එහෙම වැඩද දැන්...... හැක්

      Delete
  4. Replies
    1. ස්තූතියි ඉන්දරේ.............

      Delete
  5. වන රොදට අයිති කොළ පාට විතරමද ?

    ReplyDelete
    Replies
    1. කොළ පාටත් අමතක වෙලා කොට අනික් පාටවල් ගැන මොන කතාද මනෝජ්.........

      Delete
  6. ඇයි මිනිස්සු පණ පිටින් මැරෙන්නේ හැබෑට....

    ReplyDelete
  7. අඳුරු හිස
    අඳුරෙන් මුදන
    කවි කුසුම්.. :))

    ReplyDelete
  8. // අපි අතර ඉන්න බොහොමයක් දෙනා මැරිච්ච මිනිස්සු........ //

    හිත් මැරුණු ගත නොමැරුණු මිනිස්සු .. කාටවත් නොපෙන්නා හිනා වෙන අපූරුව..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒක ඇත්ත.... හැමෝම හිනාවෙනවා

      Delete
  9. සෑහෙන කාලෙකින්. අදුරු ද අඳුරු ද? අර්ථය නම් පැහැදිලියි. හොඳයි

    ReplyDelete
  10. ගිම්හානයේ දූලි
    තැවරි ගස මුල පතිත
    වියළි තුරු පතක ඇත
    බිඳුණු සුසුමක පැහැය

    හරිම ලස්සන හයිකුවක්. හිතට ආපු පද ටිකක් මාත් ඔහේ කෙටුවා .

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...