Wednesday, March 22, 2017

කවුද ඇත්ත කියන්නේ.....................????




රනිල්ලා රාජිතලා මෛත්‍රීලා රෝසිලා
වටේට ඉදගෙන බොහෝ දේ කියවන
අවුරුදු තුනක ආණ්ඩුකරණයේ ප්‍රතිඵල
හරි දැන් කවුද මෙතැනදි ඇත්ත කියන්නේ..........????

මහින්දලා බැසිල්ලා ගෝඨලා නාමල්ලා
ටීවි එක ඉස්සරහා දත්මිටිකාගෙන
ඇමතිකමක් නැති විපක්ෂයේ දුක පෙරාගෙන
හරි දැන් කවුද එතැනදි ඇත්ත කියන්නේ ...........????

දිනේෂ්ලා විමල්ලා වාසුලා ඩලස්ලා
රෑ නමය හමාර වෙද්දි ලේ රත්කරගෙන
කොළේ වහමින් සිල්ලරට කඩේ යන අස්සෙ
හරි දැන් කවුද ඒ ගැන ඇත්ත කියන්නේ............????

බාහුලා අනුරලා විජිතලා ටිල්වින්ලා
තිරයට නොයා තිරය පිටුපස හිඳ
කන්දක් නොදැක්කාසේ කෙන්දට බැණ
හරි දැන් කවුද ඒ ගැන ඇත්ත කියන්නේ...........????

අරයලා මෙයාලා එයාලා ඔයාලා
නමය හමාරට එහෙම වුණාවත් නොදැන
අද උදෙත් අහිසංක විදිහට පෝස්ටුවක් කොටන
හරි දැන් කවුද මේ ගැන ඇත්ත කියන්නේ............????



කුරුට්ටෝ


.


32 comments:

  1. ආණ්ඩුව බැරියාව වහගත්තේ සයිටං ටීටර් එක පෙන්නල

    ReplyDelete
    Replies
    1. කවුද ඇත්ත කියන්නේ............???????

      Delete
  2. අපිනං ඇත්ත කියන්නෑ ඕං.

    ReplyDelete
    Replies
    1. ආ............ ප්‍රසන්න අයියා.......

      කවුරු ඇත්ත කිව්වත් නැතත් ඔය උඩින් කියලා තියෙන එක තමා ඇත්තම ඇත්ත. මේ වෙලාවේ බ්ලොග් ලෝකය ගැන තියෙන ඇත්ත තමා ඕක......... හා නැද්ද හොදයි....

      Delete
  3. අපි හිතන/කියන ඇත්,ඇත්ත වෙන්නත් පුළුවන්.නොවෙන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මනෝජ්..............

      ඒක නම් ඇත්තම ඇත්ත...... අපි හැමෝම හිතාගෙන ඉන්න ඇත්ත ඇත්තම ද කියලා අපි කවුරුත් නොදැන ඉන්න එකයි දුක.........

      Delete
  4. Cow විතරයි ඇත්ත කිව්වේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නය - කවුද ඇත්ත කියන්නේ???????
      පිළිතුර - ඔව්........

      පට්ට උත්තරේ ඇනෝ......

      Delete
  5. ඒක තමයි .......
    ආයි මක්කයි ඇත්ත කියන්නේ......

    ReplyDelete
    Replies
    1. අම්මා සබරේ දැක්ක කල්....... ආ අපිනේ පහුගිය ටිකේ අතුරුදහන් වුනේ නේද?????? බැලුවාද කවුද ඇත්ත කියන්නේ......

      Delete
  6. නාලක ලා රාධා ලා.. අජියා සහ අජියලා..
    බ්ලොග් ගැනයි නෙලුන් ගැනයි..
    හරියට ඩිසල් සහ ගොන් කරත්ත වගේ.. :)
    කවුද ඇත්ත කියන්නේ..

    ReplyDelete
    Replies
    1. ඕක නිවේදකයා ඇහුවානේ....... එතන තව සිද්ධ වුණ ලස්සන කතා ගොඩක් තියෙනවා.... ඔය හැම එකම මෙහෙම ඇදබාන එක හරි නැහැනේ නේද බං......

      නිවේදකයා අහනවා මෙහෙම. දැන් කාට හරි ඕන නං බ්ලොග් හරහා දේශපාලනය කරන්න බැරිද ??? තමන්ට තමන් ව පුම්බා ගන්න බැරිද ????
      අජිත් අයියා ඇඹරෙනවා උත්තර දෙන්න.... ඇයි හත්තිලව්වේ ගත්ත කටටම කිව්වා නං ඉවරයිනේ ඕක තමා ඕයි එහෙ වෙන තරමක් වෙන්නේ කියලා..... හා නැද්ද හොදයි...... හහ් හහ් හා...

      Delete
    2. අම්මප.. වැරදිලා හරි මම එහෙම ඔතන හිටියනම් ඒ අයි.ටි.එන්. එකෙන් මාව ගෙන්නන අවසාන වැඩසටහන.. හිහ්. ඔය ඩිසල්/ ගොන් කරත්ත උත්තරෙත් මම ඒ ප්‍රශ්නෙට එවලේ දෙන්න හිතපු උත්තරය.. :)

      Delete
    3. කමියා අපේ අවශ්‍යතාවය මොකක් ද කියලා ඇත්තට ම කිව්වොත් බ්ලොග්කෙරුවාව දියුණු වෙන ඕන දෙයක් වෙනවානං ඕකේ..... හැබැයි ඒකෙන් ඇගිලි ලෙවකන කෙනෙක් වෙතොත් අපිට ඒක අවුලක් නැහැ. ඒත් මෙතැන වෙන්නේ යමක් කරන කෙනා දිහා බලබල ඒකෙන් අපිට වෙන හොද නොදැක කෙන්දක් විතර වැරැද්දක් හොයලා දේශපාලනික විවේචන කරන එකයි... පස්සේ ඒවා පුද්ගලික විවේචන දක්වා දුරදිග යනවා.

      මේකෙන් වෙන මහා නරකක් තියෙනවා මචං.... ඒ තමයි මේ වෙලාවේ බ්ලොග්කෙරුවාව තුළ සිද්ධ වෙමින් පවතින දේ සාධාරණව විවේචනය කරන නොහොත් ධනාත්මක යෝජනා දෙන්න හිතන පිරිසක් මේ දේශපාලනික ගහමරාගැනීම නිසා නිහඩව සිටීම. ඒවා තමා ඇත්තම විවේචන... ඒත් ඒවා මතු වෙන්නේ නැහැ... ඒක මහා අපරාධයක්.... ඇත්තට ම අජිත් අයියලා උඹලා සහ අනෙකුත් පිරිස මේ වෙලාවේ ඔය විකාර විවේචන වලට උත්තර නොබැද ඉන්නවානං හොදයි...... ඒක සමහර විට අර වැදගත් විවේචන සදහා ඉඩ සැලසීමක් වෙයි.

      මේක අපේ අදහස..... ඕනෑම විවේචනයකට අපි විවෘතයි...... අපි ඔය කොහෙටවත් කත් අදින්නෑ...... ඒ නිසයි මධ්‍යස්ථව දකින්නේ......

      Delete
  7. බොරු කරුවෙක් තමුන් කියෙන්නේ බොරුවක් බව කියන්නේ ඇත්තටමද?
    -ශෙහාන් කරුණාතිලක-
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අඩේ මේ උඹේ ලබු නමද හිටං......

      ප්‍රශ්ණයනං ඇත්තම ඇත්ත... අනික මෙහෙම දේකුත් තියෙනවානේ මචං... කවුද ඇත්ත කියන්නේ කියන එකේ තේරුමම දෙපැත්තක් කතා කරන අය එතැන සිටිය යුතුයි කියන එකනේ... ඒත් මේ වැඩසටහනේ එහෙම දෙයක් වුණාද????? මේක අපිට ඉන්ට්‍රස්ටින් වුණාට මං ඇහුවා බ්ලොග් නොලියන එකෙක්ගෙන් මේ ගැන... ඌ 10 විතර වෙද්දි නිදාගත්තා කිව්වා.......

      Delete
    2. ඔය මගෙ නම නෙමෙයි බං.අර 'චයිනමන්' කියන පොත ලියපු ලේඛකයා පොතේ ආරම්බයේම ලියපු වැකියක් ඕක.කවරෙ ඇතුලෙ පවා පොත ප්‍රින්ට් කරපු බුවා ඔය වාක්‍යයට සම්පූර්ණ පිටුවක් වෙන් කරල තිබුනා.සුපිරිම වචන ටිකක්.අදට ගැලපෙනවා.

      Delete
    3. මං දැනගත්තා මේ උඹ නෙමෙයි කියලා..... කොහොමත් උඹට ඉතින් මේ තරං දෙයක් හිතාගන්න බැහැනේ....... හැක්........

      Delete
    4. මරු!....

      ඒත් ඇත්තටම කවුරුවත් ඇත්ත කියන්නේ නැහැ
      හැබැයි.. කවුරුවත් බොරු කියන්නෙත් නැහැ

      එහෙනං.....
      උන් හැමෝම කිව්වේ / කියන්නේ අර්ධ සත්‍යය...(භාගෙට ඇත්ත හෙවත් භාගෙට බොරු...)

      Delete
    5. නයනේ................ කතාව ඇත්ත.... එකගයි.....

      Delete
  8. කුණු හබ්බ

    ReplyDelete
    Replies
    1. ආ............. විදානේ............

      කුණු හබ්බ තමා බං..... අනවශ්‍ය කතානේ.......

      Delete
  9. Replies
    1. වාසිත.......... මෙච්චර ධනාත්මකද??????

      Delete
  10. සමහර බොරු දිගටම කියන කොට ඇත්ත වෙනවා කුරු‍ටු!

    ReplyDelete
    Replies
    1. අඩෝ රොහාන්............

      ඒක තමා ගොබෙල්ස් න්‍යාය කියන්නේ නේද??????? ඕනෑම බොරුවක් මිනිස්සුන්ට දිගින් දිගට ම ඇහෙන්න දුන්නාම ඒක ඇත්තක් වෙනවා.... ඕක අපි පහුගිය කාලේ දැක්කානේ...... ඒ ගතිය බ්ලොග්කාරයොන්ටත් ඇවිල්ලාවත්ද?????? කවුද මේ ගොබෙල්ස්....

      Delete
  11. කව්ද ඇත්ත කියන්නේ .....
    බොරු කියන්නේ ..
    අපි අහනවා ද
    බොරු ..

    ReplyDelete
    Replies
    1. අපි අහපු හරියක් අහලා තියෙන්නේ බොරු තමා මචං....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...