මහාමේරු පර්වතයේ
ඉස්මත්තට ම නැගැ
දෑස් පියාගෙන
දෑත් විහිදාගෙන
උනා සළු පිළි
මෙතෙක් නොලද නිදහසකින්
පැන්නෙමි.......................................
දාරානිපාත ලෙස
වත ගැටෙන සිසිල
තව තවත් දෑස් තද කර
විදගැනීමට සැලැස්වීයැ
නිදහස ..............................(බලාපොරොත්තුව)
නිමේෂයකින් පසු වැ
කිසිත් සිදු නොවන කල
හෙමින් දෑස් හැර
බැලූවෙමි වට පිටැ
දෑත් ගැලැවී
දෑස් ඉගිලී
දෙපා සුනුවී
හිස පැලී ....................
බඩවැල් විසිරී
මොළය පිටට විත්
සොටු සෙම් ගලා
වසුරු පැනැ
ලේ විලක් මැද
සිටියෙමි මළකුණක් වී
නමුත්
එළියෙට පැනැ සිටි
දෑස් හෙමින් හෙමින් හැරී
නැවතත් බලයි
මහාමේරුව දෙස
පුංචිම පුංචි බලාපොරොත්තුවකින්.........................................
තුෂාර විතාරණ
.
No comments:
Post a Comment